සීගිරිය ගැන විස්තර ටිකක්

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සීගිරිය ගැන විස්තර ටිකක්

    සීගිරිය ගැන

    සීගිරි ඉතිහාසය

    පෞඩ ඉතිහාසයකට නෑකම් කියන සිoහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පෙය් ලොව අටෙවනි පූදූමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.අපේ වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ-ත්‍රිකුනාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලෙ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කදු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලෙය් ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත.මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටි. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වු මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවෙස් අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිදු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමෙයන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධෙයකු බව මොනවාට පිළිබිඹු කරමිණි.
    ප්‍රධාන අවධි


    • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)
    • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)
    • පසු කාශ්‍යප යුගය(ක්‍රි.ව.6-13 දක්වා)
    • අප්‍රකට යුගය(ක්‍රි.ව.13-17 දක්වා)
    • මහා නුවර යුගය(ක්‍රි.ව.17-19 දක්වා)
    • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

    තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත්ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.
    නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්
    දක්නට ලැබෙන ලක්ෂණ


    • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
    • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
    • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
    • සීගිරි කැටපත් පවුර
    සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්


    • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැළසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
    • ඉන්ජිනේරු විද්‍යාව
    • ජල තාක්ෂණය
    • ගෘහ නිර්මාණ ශිල්පය
    • කලා ශිල්ප හා සාහිත්‍ය


    සීගිරිය නැගි බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගෙඩාල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වු ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වුයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මිරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞශල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතෙය් ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතෙය් කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතිතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරිව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥෙයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.




    Sigiriya_4.jpg




     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉතිහාසය



    සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි,මකුළු මැටි,රණවරා ආදිය වේ.ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ.

    ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ.දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කරගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. ඉගටියෙන් ඉහළ නග්නව සිටින රන්වන් ලියන්,තනපටක් බැඳ සිටින නිල්වන් ලියන් කැටුව සිටින අයුරින් දර්ශනය වන ජෝඩු සහ තනි අය වශයෙන් සීගිරි සිතුවම් නිර්මාණය වී ඇත.එමෙන්ම සීගිරි සිතුවම් කලාත්මක සෞන්දර්යය කාර්යයන් උදෙසාම නිර්මාණය වූවකි.

    කාන්තා රූප වළාකුළුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත.මෙම වළාකුළු රන් පැහැතිය.හිරු බැස යන අවස්ථාවේ රතුපාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැතිව හිස් අහස පමණක් තිබීම විශේෂයකි.මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්‍ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති.පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්,නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත්ය. සන්ධ්‍යා භාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ.ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල් වට්ටිවලට එකතු කරති.පුබුදුවන ලද මල් බිමට දමන කාන්තාවෝ ද වෙති.තවත් කාන්තාවන් මල් දෙස බලාසිටී.මෙම රැඟුමට සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන තිබේ. ඒ බව කුරුටු ගී වල සඳහන් වේ.එනම්,වීණාවක් අතින් ගත් තැනැත්තියක් හා චිත්‍ර ලෙනේ දකුණුපස මහලු කාන්තාවක් තාලම්පට වැනි උපකරණයක් වයමින් සිටීමයි.

    මල්වල ඇති මෘදු මොළොක්බව,සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්‍ධතාවයත් සංගීත රාවයට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැඟුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිලි වේ.
    භාවිතා කර ඇති ශිල්පීය මූලධර්ම


    චිත්‍ර ශිල්පීය මූලධර්ම හයක් පැරණි යුගයේ භාවිතා විය. එනම්,ප්‍රමාණ,භාව,රූපභේද,ලාවන්‍යයෝජන,වර්ණකාංග හා සදෘශ්‍යකරණ යනුවෙනි.මෙම මූලධර්මයන්ට අනුකූලව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. සීගිරි කතුන්ගේ පුන් පියයුරු,සිහිනිඟ,නිලුපුල් ඇස්,දිගටි මුහුණු,තඹවන් තොල් ආදී අංගයන් වර්ණනා කර ඇති ආකාරය අනුව පෙනීයන්නේ මෙම ළඳුන් නව යෞවනියන් බවයි.සීගිරි චිත්‍ර නිර්මාණයේ දී කාන්තා ශරීරයේ ව්‍යවච්ජේද විද්‍යාත්මක වැදගත්කම ද සැලකිල්ලට ගෙන ඇත.සිරුර නැමෙන විට උදරයේ ඇතිවන රැළි ඉතා පැහැදිලිව දක්වා තිබේ.මෙවැනි රූප මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්‍ෂා කිරීමට ඉවහල් වී තිබේ.

    • ඉරියව්: දැනට ශේෂව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.

    • ප්‍රමාණ: සීගිරි සිතුවම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.

    • භාව: චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවීව පෙනේ.සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය.මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ.භාව ප්‍රකාශන අතින් ප්‍රධාන තැන මුහුණට ලැබෙයි.

    • ලාවන්‍යයෝජන: ලාවන්‍යයෝජන යනු,චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි.ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස අඟ පසඟ උචිත වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය තැනට ආලෝකය ද අඳුර අවශ්‍ය තැනට අඳුර ද තිබිය යුතුය.සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජන මැනවින් දැකිය හැකිය.එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී තිබේ.

    • වර්ණකාංග: එනම්,චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙලිතුඩ හැසිරවීමේ ක්‍රමයයි.සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ.එමෙන් ම නාරිදේහයේ ලාලිත්‍යයට අනුකූලව තෙලිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ.සීගිරි චිත්‍ර වියළි බදාම තලයක් මත නිර්මාණය කිරීම නිසා "ටෙම්පරා"ගණයට අයත් වේ.

    ඉතා මෑතක දී පුද්ගලයකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි.




    %E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA_13.jpg


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
    පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
    මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ
    ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ග
    මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.
    ගී
    මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.
    1.
    එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
    බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
    (බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී
    2. ස්වස්ති-
    පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
    බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
    මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.
    3.
    සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
    යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
    (දෙ‍කෙ)ස ලුනෙත්.
    4. ගීය
    නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
    විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
    අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.
    5. ගීය
    සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
    මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
    සෙන් බොදෙවල ලයු ගී.
    56. ගීය
    ස්වස්ති
    තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
    නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
    තොප සුර බව.
    64. ගීය
    ස්වස්ති
    අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
    නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.
    103. ගීය
    කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
    එ බොන්ද මියුර් යහ බැ සී
    එ කපල් දල වන් දිගැ සී
    මන ජල්(ව)යි (සිත්) නොමු සී
    106. ගීය
    ……….ල සමන ගී
    සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
    මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්
    190. ගීය
    යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
    ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
    සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
    අත්මය් වුයු
    334. ගීය
    ස්වස්නනනති අග්බොය්මි ලීමි
    නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
    සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්
    492. ලීය
    මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
    කවෙක් හින්දෙ ලී
    (මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
    දක්නා සෙ ගෙති
    86. ගීය
    නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
    නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස
    306. ගීය
    (‍ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
    කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
    නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්
    එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
    බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
    (බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී
     
    • Like
    Reactions: ela_eluwa120