මැරයන් ආරක්ෂාකර උද්ඝෝෂකයින් අත්අඩංගුවට &

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
මැරයන් ආරක්ෂාකර උද්ඝෝෂකයින් අත්අඩංගුවට &

0002049C.gif
00020490.gif
00020497.gif
00020490.gif
00020499.gif
00020490.gif
000204A1.gif
00020490.gif
0002049D.gif
00020494.gif
00020493.gif
00020490.gif
0002043D.gif


මැරයන් ආරක්ෂාකර උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගත් පොලීසිය අධිකරණය ඉදිරියේ පීචං වෙයි

000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif
000202F7.gif

අධිකරණය සංකීර්ණයක් මැද්දේ සිදුවූ සිද්ධිය ඇසින් දුටුවන් සිටියදී අධිකරණයට කරුණු විකෘති කර ඉදිරිපත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසීය.
නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරඟකළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහය අතරතුර මැර ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට අදාලව සැකකරුවන 8 දෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එලෙස පැවසුවාය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් පුද්ගලික සහ රාජ්‍ය දේපළවලට අලාභ කරන ලද බවට‍චෝදනා කරමින් මෙම සැකකරුවන් 8 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන් අතර නාටාමින් තිදෙනෙකුද සිටීම විශේෂත්වයකි.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට වැරදි තොරතුරුදී අධිකරණය නොමග යැවීමට උත්සාහ දරණ බව පැවසීය. ගුණරත්න මහතා අධිකරණය හමුවේ උද්ඝෝෂණය අවස්ථාවේ ගත් ජායාරූප කිහිපයක් පෙන්වමින් පොලීසිය මැරවරයින් ආරක්ෂා කළ ආකාරය පෙන්වා‍ දුන්නේය.

එමෙන්ම වාහන තුනක අංක අධිකරණයට ඉදිරිපත් කළ වන්නිනායක මහතා එම වාහන වලින් බෝතල්, කඩු, පොලි ආදිය එම ස්ථානයට ගෙනාවේ යැයිද, කෙසෙල්වත්ත බෝම්බ පාලගේ පුතාවන නාගරික මන්ත්‍රී අජන්ත ලියනගේ විසින් එය සිදු කළ බවත් පෙන්වාදුන්නේය. එමෙන්ම සත්‍යග්‍රහයට පැමිණි පිරිසට ජල ප්‍රහාර එල්ල කළ රථය මත සිට මැරවරයන් සත්‍යග්‍රහයට පැමිණි පිරිසට ගල් ප්‍රහාර එල්ල කරන ඡායාරූපයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

තවද එම ස්ථානයේ උදේ 7.30 සිට ආයුධ සන්නද්ධව රැදී සිටි මැරවරයින් අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලීසිය ඔවුන් ආරක්ෂා කළ බවත් අවසානයේ සත්‍යග්‍රහයට පැමිණි පිරිසගෙන් බේරීම සදහා මැරයින් දිවගියේත් කෙසෙල්වත්ත පොලීසියට බවත් වන්නිනායක මහතා පෙන්වාදුන්නේය. එමෙන්ම තමා ඉදිරිපත් කළ ඡායාරූපවල සිටින මැරයින් හැකිනම් අත්අඩංගුවට ගන්නා ලෙස ඒ මහතා පොලීසියට අභියෝග කළේය.

අනතුරුව පොලීසිය ඇමතු මහේස්ත්‍රාත්වරිය අධිකරණවල සේවය කරන විනිසුරුවන් මේ රටේ ජනතාවගෙන් කොටසක් බව නොදැන්නේ දැයි යනුවෙන් නැගූ ප්‍රශ්නයට පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නේය.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුවූ මේ සිද්ධිය ඇසින්දුට අය ඉන්නවා. එසේ තිබියදී මේ ආකාරයෙන් විකෘති කරුණු ඉදිරිපත් කිරීම අධිකරණයට තදබල ලෙස අපහාස කිරීමක් යැයි පැවසූ මහේස්ත්‍රාත්වරිය නීතිඥයින් ඉදිරිපත් කළ ඡායාරූප පෙන්වමින් ඒවායේ සිටිනා එක් අයෙක් හෝ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇත්දැයි පොලීසියෙන් විමසීය. එහිදී පොලීසිය ඊට "නැහැ" යනුවෙන් පිළිතුරු දුන්නේය.

නැවතත් අධිකරණය ඇමතූ මහේස්ත්‍රා‍ත්වරිය සිදුවූ සියලු දේ රටේම ජනතාව රූපවාහිනී හරහා දැක ගත් බවත් තනි තනි පුද්ගලයන්ට දේශපාලන මතිමතාන්තර තිබුණත් පොලීසියට හෝ උසාවියට දේශපාලනය නැතියි ප්‍රකාශ කළේය.

සැකකරුවන් ඇප මත මුදාහල මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල පරීක්ෂණවල ප්‍රගතිය ලබන 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළේය.

http://lankatruth.com/sin/index.php...-55-51&catid=34:2008-10-13-08-28-51&Itemid=27




0002049C.gif
00020490.gif
00020497.gif
00020490.gif
00020499.gif
00020490.gif
000204A1.gif
00020490.gif
0002049D.gif
00020494.gif
00020493.gif
00020490.gif
0002043D.gif
 
Last edited:

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
""අනතුරුව පොලීසිය ඇමතු මහේස්ත්‍රාත්වරිය අධිකරණවල සේවය කරන විනිසුරුවන් මේ රටේ ජනතාවගෙන් කොටසක් බව නොදැන්නේ දැයි යනුවෙන් නැගූ ප්‍රශ්නයට පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නේය.""

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුවූ මේ සිද්ධිය ඇසින්දුට අය ඉන්නවා. එසේ තිබියදී මේ ආකාරයෙන් විකෘති කරුණු ඉදිරිපත් කිරීම අධිකරණයට තදබල ලෙස අපහාස කිරීමක් යැයි පැවසූ මහේස්ත්‍රාත්වරිය නීතිඥයින් ඉදිරිපත් කළ ඡායාරූප පෙන්වමින් ඒවායේ සිටිනා එක් අයෙක් හෝ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇත්දැයි පොලීසියෙන් විමසීය. එහිදී පොලීසිය ඊට "නැහැ" යනුවෙන් පිළිතුරු දුන්නේය.


ado mewa marai ne banz..