රසික මල්ලියා මට මේක කොහොම හරි මග හැරිලා..අද තමයි දැක්කේ..
හිරිමල් වියේ නාඹර ගැටයා කාලේ තිබුන ආදරයක්නේ..
ඒක දැන් සහමුලින්ම උඩු යටිකුරු වෙලා මොකද මල්ලියත් දැනුමෙන් මුහුකුරා ගොස් අද වෙන කොට පරිනත බවකින් යුක්ත ජීවිතයක් ලඟා කර ගෙන එම ගමන ඉස්සරහට ඇද ගෙන යන්න සුදුසුම අත්වැල ඔබ ලඟින් අද දවසේ සිටින නිසා..
මෙතැනදී කියවන්නාට කෙලින්ම වැදගත් නොවිය යුත්තේ හා පෙනිය නොයුත්තේ ඔබවයි..දැනිය යුත්තේ හා පෙනිය යුත්තේ නිර්මානයේ මුඛ්‍ය අර්ථය හා හරයයි...ඔබ එහි එක භූමිකාවක් පමනකි..
වසර ගනනක ඈත සිදුවීමක් නිසාත්..එය නොයිඳුල් බොලඳ පෙම නිසාත් වැඩි වශයෙන් ඒ පෙම තුල දෙන්නගෙම හිත්වල වැඩිපුර ඉල්ලන්න ඇත්තේ හැමදාම දකින්න...වෙලේ දුව පැන ඇවිදින්න..එකට ස්කෝලෙ යන්න...එයා කඩල දෙන පේර හිඹුටු සෙනෙහසින් පිලි ගන්න... දෙකට කඩල කෑලි මාරු කරගෙන කන්න..අසනීපයකදී ලඟින් නිකන් හරි හිටගෙන ඉන්න ඔන්න ඔය වගේ හරි පිවිතුරු සිතුවිලි සමුච්චයක්නේ...
ඔය ඉහත සඳහන් කල චමත්කාර සිදුවීම් ටික කොහොම කිව්වත් හරිම සුන්දරයිනේ.. ඔය අත්දැකීම විඳපු ඕනෙ කෙනෙක්ගේ හිත ඇතුලේ ඔය ටික තැන්පත් වෙන්නේ බුරුසුවකින් තියා මහා නවීන උපකරණයකින්වත් කඩල දාන්න බැරි ඝණ මලකඩ තට්ටුවක් වශයෙන්නේ...
අන්න ඒ කාරණාව නිසා තමයි හිතට බලෙන් දැනෙන්න ඇත්තේ නැවත "අය්යන්ඩී" කෙනෙක් වශයෙන් මේ ආත්මය තුලම දකින්න තියෙනවනම් කියල...
නිර්මානකරුවා ඉතා සාර්ථකව හරි ලගන්නා අයුරින් පදවැල් අමුණා තියෙනවා..මම නම් ගොඩක් දුර ඈත ගිහින් සිතින් මෙය වින්දා...
මේ වගේ නිර්මාන බොහෝ විට සිදු කරන්නේ ඔය අත්දැකීම තියෙන අර මං පෙර කියපු ජාතියේ බහුතරයක් පාඨකයින්ගේ සිත් යට තැන්පත් වූ මලකඩ තට්ටුව පිටතට ගෙනැවිත් පොඩි පිට ගැස්මක් ඇති කර නැවත තිබූ තැනම සැඟව යාමයි..
නිර්මානකරුවාගේ තවත් මං දුටු අපූරු නිර්මානයක්......
ඔබට ජය....