Part 5 ගහේ ලී

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගහේ ලී


    ඉක්බිතිවැ රජ්ජුරුවෝ හා ඌරුවංශයා හා සමඟැ කුමන්ත්‍රණය කොටැ සාර මාසයක් ඉක්මගියේය.රජ්ජුරුවෝ සෙන්පෝකයාට පෙරදී මන්ත්‍රණය කළැ පරිද්දෙන් අතිපාලක තනතුර දෙවූහ.


    පෙරැ පරිද්දෙන් මහදිවුලින් ගම්වරයක් දෙන බව කී නමුත් ඔප්පුවැ ලියාපියා එය තුමූමැ හිණගසාගත්තාහුය.කිසිවිටෙකත් සෙන්පෝකයාට ‍නුදුන් විරීය.තවද සාර මාසය මුළුල්ලේමැ නුණුවණ රටවැසියාගේ දුක්ඛිතවැ උපයාගත් ධනස්කන්ධය නොඑකුත් බදු ආදියැ පණවමින් රාජ භාණ්ඩාගාරයටමැ අද්දාපීය.එතෙකුදු නොනැවැතී එම ධනස්කන්ධය යොදාපියා නොයෙක් අමන සැණැකෙළිද කෙළවූහයි දතයුතුය.


    මෙකල්හි නොඑකුත් වන්දි භට්ටයෝ රජ්ජුරුවෝමැ වණන්නාහ.ඒ වනාහි හුදෙක් ඌ කෙරෙහි අසළ කමකට නොවැ ඌගෙන් මසුරමක පමණැ වුව ධනයක් මම්ද වඤ්චාකොටැපියමියි යන වසළ චේතනාවැ පෙරැදැරිවය.


    මෙපරිද්දෙන් සාර මාසයක් මුළුල්ලේම රජ්ජුරුවො විසින් රටැවැසියා ගසාකාපීහ.උගේ වන්දිභට්ටයෝත් තම තමා හැකි පමණින් රටවැසියාමැ ගසාකාපීහ.මෙපරිද්දෙන් රටැවැසියා දින දිනමැ මන්ද පෝෂිත වන්නාහුය.මෙවිට රජ්ජුරුවෝ සංවේදීවැ සිතන්නාහු ඉදින් මාගේ ධනයෙන් මෙවිචරකටැ පමණ දෙවා මුන් ඇම සනසාපීම යහපතැයි සිතූහ.ඒ කෙසේ කළාහුද යත් සංගීතය වනාහි මනුෂ්‍යයාට අහරෙකැ,ඉදින් මනහරැ කොට ගයාපියන්නට ඇත්නම් මුන්ගේ සා ගින්න නිවාපියන්නට ඇක්ක,උතුරුකුරු දිවයිනෙන් ගඳඹුන් ගෙන්වා මාගේ රාජශ්‍රීය වැණෙනායුරින් කර්ණරසායන කොටැ මනහර ගී බඳවාපියා මුන් ඇම අස්වාපීම යහපතැයි සිතා,මනා කොටැ ගී බඳවා,නුවරැ මුළුල්ල ඒ ඒ තන්හි අටළොස් රියන් උසැ මාහැඟි චිත්‍රක පත්‍ර නංවාපියා ගහේ ලී නම් එක් වෛශ්‍යඞගනාවක් ලවා ගායනා කරවාපීහ.


    ඒසේ වුවද එම වන්දිභට්ටකම් කළාවූ වෙසඟනටැ අබැටක පමණ වුව පඬුරක් නොදුන් විරීය.
    ඉදින් උන්දෑ පඬුරක් ඉල්වාපියා වාසලැ පැමිණි දෑ නම් රජ්ජුරුවෝ උන් අමතා මෙසේ කියන්නාහුය.”තොපි වනාහි වෙසඟනකැ.ඉදින් තොපට පඬුරු ලෙස මා හා රමණය කිරීම යුක්තිසහගතයැ.රජ්ජුරුවන් හා සමඟැ රමණය කිරීමේ වාසනා ගුණය ඇමටම ලැබිය නොහැක්කයි.”අශීක්ශිතවැ බෙණෙන්නාහුය.


    Thanks a lot for original writer. :) :)



    Original :- http://palaamalla.wordpress.com/2010/02/17/ගහේ-ලී/


    Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

    Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

    Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

    Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

    Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

    Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

    Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

    Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)

    මෙහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ, මෙහි මුල් රචකයා වන, මෙම http://palaamalla.wordpress.com/ බ්ලොග් අඩවියේ, කතෘ හටය........!! :yes: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.lankaenews.com/Sinhala/news.php?id=15543

    ‘මහරජාණෙනි’ ගීතයට මහරජුගෙන් මාවතක් තෑගි


    (ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.05, ප.ව.2.30* ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ලියැවුණු ‘මහරජාණෙනි’ ගීතය ගැයූ ‘සහේලි ගමගේ’ ගායිකාව වෙනුවෙන් කොන්ක‍්‍රීට් අතුරන ලද මාර්ගයක් ‘සහේලි ගමගේ මාවත’ ලෙස නම් කරන්නට මහරගම නගර සභාව පියවර ගෙන තිබේ.


    2034Saheli_Mawatha_J.JPG



    මීට මාස කීපයකට පෙර විවෘත කරන ලද මාර්ග නාම පූවරුව අසල ඇති ඵලකයේ සඳහන් වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ඉසුර දේවප‍්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි පළාත් සභා ප‍්‍රතිපාදනවලින් කොන්ක‍්‍රීට් අතුරන ලද මාර්ගය බස්නාහිර පළාත් මහාමාර්ග ඇමැති නිමල් ලංසා මහතා විසින් විවෘත කරන ලද බවයි.


    ‘සහේලි ගමගේ මාවත’ ලෙස එම මාර්ගය නම් කරන ලෙස ප‍්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව තමන් ඒ පිළිබඳ යෝජනාව මහරගම නගර සභාවට ඉදිරිපත් කළ බව දේවප‍්‍රිය මහතා මාධ්‍යවලට පවසා ඇත.
    කෙසේ වෙතත් මෙම යෝජනාව මහරගම නගර සභාවේදී පරාජය වී ඇති නමුත් පළාත් සභාව විසින් මෙම මාර්ගය සංවර්ධනය කර නාම ඵලකය සවිකර තිබේ.