Part 7 ජාතකපොත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජාතකපොත අස්සේ හසුන් පතක්


    උමංදාව කියවාගෙන යන කොට ඔන්න බොලං පිස්සාට පොත අස්සේ තිබී ලවු ලෙටරයක් හමුවිය.මෙය ලවු ලෙටරයක් කීවාට ඉලවු ලෙටරයක්ද වේ.මෙය කවරකු විසින් කුමන කරුණක් අරභයා කාට ලියන ලද්දක් දැයි මට තවමත් මීටර් වන්නේ නැත.එසේ වුවත් සීයා කීවේ මෙය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් සතර කෝරලය බාර හාමුදුරු ගොල්ලට යවාපු ලෙටරයක් කියාය.රජ්ජුරුවෝ අති ධාර්මිෂ්ට බව පිස්සා දැනටමත් දන්නා බැවින් ලෙටරයේ ආමන්ත්‍රණ කොටස සහ නැට්ට කොටස පිස්සා විසින් සම්පූර්ණ කොරන ලදී.


    ලෙටරය මෙසේය;


    සතර කෝරලය භාර මහතෙරුන්නාන්සේලා වෙත බුද්ධි ගෝචරවය,
    ජීවිතාලය ඇති තෙරුනි,


    තොපි වහන්සේලා වනාහි අනවශ්‍ය කර්තව්‍යයකට අතගසා ඇත්තාහු යයි බලු ගැත්තාට දැනගන්නට ලැබී ඇත.ඒ නම් නවම් මසැ සිවු ඌන විසි ලත් ගුරුදා මාගේ අභීත රාජ්‍ය පාලනයෙට කොණහනු පිණිසැ මහ සඟසමුළුවක් පවත්වන්නටැ යන බවයි.තොපි වහන්සේලා විසින් කොටැපියැයුතු අප්‍රමාණ කාරියන් තිබියැදී මාගේ අසුවල් ස්ථානයමැ අතගා බලාපියන්නට සැරැසීම නම් ඒකාන්තයෙන්ම හිතකර නොවන්නාහුය.මා විසින් රට තුළැ පාලනය කටයුතු සෝලි කොතෙකුත් ඇතත් තොපි වහන්සේලාගේ සෝලියට පොලු මුගුරු රැගත් වසලයන් කිහිපදෙනෙකු එවාපීම වැඩියක් නොවන්නේය.ඉදින් උන් ආපීනම් තොපි වහන්සේලාගේ මුඬුහිස් පළාපියා තූතූ කොටැ හැරපියනු ඇත.තවද ඩප්පියක් දෙකක් පුපුරවාපියා කිහිපනමක් ස්වර්ගස්ථ කොටැපීමද නොවියහැක්කැයි නොසිතමි.


    මා තුළ ඇති ශාසනාලය තොපි වහන්සේලා නොදන්නාහු ය.තෙරවරුන් නම් තොපි වහන්සේලා පමණක්ම නොවන බව ප්‍රඥාගෝචර කටපියැ යුතුය.එනයින් බලාපියන කලැ මට කම්කරන්නාවූ රතුඑළියේ අතනයා වුවද මහතෙරනමක් කොටැපියා ශාසනය වඩවන්නට මටැ බැරි නොවේ.සෙසු කෝරල තුනටැ සෙප්පඩවිජ්ජා චක්‍රවර්තී මේ දහවල එල්ලානන්දයාද,දඩුවේ උම්මාලෝකයාද,සුළුන්නාවේ කොමඞ්ගලයාද පත්කොටැපියමි.මෙපවත් තොපි වහන්සේලා වෙතැ හුදෙක් ඉතකමටමැ ලියා එවමි.කිරුබාහර සෝලිය සමයේ ඔරු බැඳි සියඹලාවැ භාරවැ සිට දැන් මාහට කම්කරන්නාවූ කරන්නාගොඩ අප්පුහාමි නම් පණ්ඩකයා අතැ මේ හසුන තොපි වහන්සේලා වෙත එවාපියමි.


    ඉදින් තොපි වහන්සේලා මා කියන්නක් නොඅදහන්නාහු නම් ස්වර්ගරාජ්‍යයට යවාපියන දින වකවානුද පරිච්ඡින්නකොටැ ඇතිබව ශාසනාලයෙන් දන්වමි.


    මේ වගට,
    බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වම්හ


    Thanks a lot for original writer. :) :)


    Original :- http://palaamalla.wordpress.com/2010/02/16/ජාතකපොත-අස්සේ-හසුන්-පතක්/


    Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

    Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

    Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

    Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

    Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

    Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

    Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

    Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
     
    Last edited:
    • Like
    Reactions: kingdewi and sw7x
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    :oo::oo: aii ban umbala mehema umbalage deeshapaalana wada valata buddhagama gaawa ganne???..thawa issarahata yaddi mokak hari jathaka kathaawak kiyala kiyai,,ekala wadi raju wanaahi mekala MRya,,anekuth hansayan wanaahi mekala JVP saamajikayanya,,nayaka hansaya SFwemi....oowath kiyai.....umbala mathaka thiyaaganin mey umbala umbalage deshapaalana aramunu sadaha paawichchi karanne ape budu haamuduruwongema sri mukayen deeshanaa karapu jaathaka kathaa kiyala.....eewa vihiluwakata ganna epa.....eewa promote karannath epa......umbala nikan indala paw puro gannawa.........

    (meekata mulinma reply ekak daapu athi uthum bauddhaya mona jaathiye minihekda kiyala mey EK eke inna okkoma dannawane.....uu oya wage thread hoyaagena enne reply karanna....)