Part 1 නූතන උම්මග්ග ජාතකය
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි පසල් දනව්වෙහි එක්තරා සෝලියක් ඇතිවිය.ඒ කෙසේදයත් පසල් දනව්වෙහි චෞර පිරිසක් ඒකරාශි කැරගත් කිරුබාහර නම් සොළී සොර දෙටුවෙක් ඒඒ තන්හි මිනිසුන් මරාපියන්නාහ.මේ රාජ්‍යෙයන් මාහට මෙතෙක් කොටැ දෙවාපියව,ඉදින් නුදුන්නේ වී නම් තවද වැසියන් මරවාපියමි යි සෝලි කෙරෙති.මේ විසඳාගත නොහී රජ්ජුරුවෝ නිදි වර්ජිත වන්නාහුය.ඉදින් කිරුබාහරයා පැමිණ මා ද මරාපියන්නට ඉඩ ඇත.එසේ වී නම් නපුරැ යි සිත සිතා තැවෙන්නාහුය.
මෙවිට අසූ කෙළක් ඇමති මණ්ඩලය එක්සිය සැට කෙළක් කණ් මන්ත්‍රණයක් කරන්නාහු,අප නරපතියා බියසුල්ලෙක,ඉදින් වැසියෝ මෙපවත් දනිත් නම් අප හැම අඹවාහරිනු නියතය,වහ වහා පිළිසරණක් සෙවීම යුක්ත වන්නේ යයි පරිච්ඡින්න කළාහුය.
උන් හැම මෙසේ සුසුම් ලමින් කල් හරිනා අතරැ එක් බුහුටි පුරුෂයෙක් පැමිණ,තොප හැම ශෝක වන්නට කාරණා කිමැ,සෙන්පෝක නම් මම්මය.කිරුබාහරයා කන බොන තැනත් දනිමි.පහරන තැනත් දනිමි.හැමනෙන අයුරුත් දනිමි.ඉදින් මෙවිට ඌ නැත.කල් නොයවා ඌ මරාපියමියි වාගාඩම්බර කීවේ ල.
අසූ කෙළක් ඇමති මණ්ඩලයේ එක් බඩපත ඇමැත්තෙක් මෙවිට සෙන්පෝකයා බණන්නාහු,තොපි හුදෙක් වහසිබස් නොදොඩව.අප රජ්ජුරුවෝ සේනාධිනායකයෝය.උන් අසමත් දෑ කරන්නට තෙපි කෙසේ නම් සමත් වන්නාහු දැයි විචාලහ.
කොළ බඩපත කෙළතොල්ල,මම තොප මෙන් රට වැසියාගේ රීරි මාංශයෙන් යැපෙමින් හැමනෙමින් නොසිටිමි.යුද්ධෝපායයන් දන්නේ නම් කිරුබාහරයා ජීවග්‍රහයෙන් වුව අල්ලාපියන්නෙම් වේදැයි සෙන්පෝකයා කීහ.
එසේ වීනම් කිරුබාහරයා කල් නොයවා මරාපීම යහපතැයි ඇමැත්තෝ පරිච්ඡින්න කළාහු,අටළොස් අක්ෂෞහිණියක් යුද සේනාව සෙන්පෝකයා නතු කරවූහ.
සෙන්පෝකයා වනාහි අවංක පුරුෂයෙක්ල.ඌ තුමූ අට මසක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියා රට සමනය කොටැපීය.මෙවිට චිත්ත ප්‍රීතියෙන් ඔද වැඩී ගියාවූ ඇමැත්තෝ දැන් ඉතින් අපගේ අර්ථසාධනය වී ඇත්තේය.කිරුබාහරයා සාධාපියන ලද්දේ අප මහ රජාණන් යැයි රට වැසියන් වඤ්චා කොටැ පිය යුත්තේය.එවිට උන් සැණකෙළි කෙළින්නාහ.එසේ වූ කළැ නුවණ නැති රටවැසියාගේ බඩට කෙළැවීම අත්‍යන්තයෙන්ම පහසු කර්තව්‍යයක් වන්නෙ යැයි මණ්ත්‍රණය කළාහුය.
(….මට නිදිමතයි ඉතුරු හරිය පස්සෙ ලියඤ්ඤං…..)
Thanks a lot for original writer.
Original :- http://palaamalla.wordpress.com/2010/02/13/නූතන-උම්මග්ග-ජාතකය-සෙන්ප/
Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862
Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864
Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865
Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869
Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870
Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873
Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875
Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
නූතන උම්මග්ග ජාතකය-සෙන්පෝක කථාවස්තුව කෙසේදයත්!

Last edited:

උඹ ඔය මට හොදක් කිව්වමයි ............!! 