ඉංගිලිසි-සිංහල යුනිකේත ශබ්ද කෝෂය (Online)

මෙය Online එනම් වෙබ් අඩවියක් විදිහට ක්‍රියාත්මක වෙන ශබ්ද කෝෂයක්.. වචනමාලාවක් (Glossary) එකක් විදිහට තමයි සකස් කරල තියෙන්නෙ.. මේ නිසා වචන සෙවීමට වගේම A-Z බ්‍රවුස් කරන්නත් පුළුවන්.
සිංහල වචන තියෙන්නෙ යුනිකේත වලින්. ඒ අනුව මගේ මේ පෝස්ට් එක කියවන්න පුළුවන් හැම කෙනාටම අවුලක් නැතුව මේක භාවිත කළ හැකියි.. අළුතෙන් ෆෝන්ට්ස් අවශ්‍ය නැහැ.
දැනට මෙමගින් ඉංගිලිසි වචනයක සිංහල තේරුම බලා ගැනීමට තමයි පූර්ණ පහසුකම ලබාදීල තියෙන්නෙ.. ඒකෙ අනෙක් පැත්ත ඒ කියන්නෙ සිංහල වචනයක ඉංගිලිසි තේරුම සොයන්නත් පුළුවන් හැබැයි එය හැමවිටම 100% සාර්ථක නැහැ. ඒකට හේතුව තවම මෙහි වචන සිංහල-ඉංගිලිසි ලෙස පෙළගස්වා නොතිබීමයි.
වෙබ් අඩවියේ ලිපිනය: www.wachanakoshaya.co.cc
ඉදිරියේදී මෙයට තවත් වචනමාලාවන් එක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
වෙබ් බ්‍රවුසර් වල ඇඩ්‍රස් බොක්ස් එකේම වචන ටයිප් කරල තේරුම සෙවීමට කැමතිනම් ඒ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න,
Mozilla Firefox (v3.0.8) බ්‍රවුසරය සඳහා
1. Wachanakoshaya වෙබ් අඩවියට පිවිසෙන්න.
2. වෙබ් අඩවියේ සර්ච් බොක්ස් එක තුල කුමක් හෝ ඉංගිලිසි වචනයක් ටයිප් කර සර්ච් කරන්න.
3. ප්‍රතිඵලය ලෙස ලැබෙන වචනවලින් එකක් මත කොටන්න.
4. දැන් ලැබෙන පිටුවේ දකුණු පස ලැයිස්තුවෙන් Add to search මතද කොටන්න.
5. මෙවිට ඔබගේ අනුමැතිය විමසන මැසේජ් බොක්ස් එකක් මතුවේ. එහි Add බොත්තම මත කොටන්න.
6. Firefox බ්‍රවුසරයේ ඇඩ්‍රස් බොක්ස් එකට දකුණු පසින් තිබෙන Web Search බොක්ස් එක වෙත අවධානය යොමු කරන්න. එහි දැනට තිබෙන සර්ච් එන්ජිමේ ලෝගෝ එක මත කොටා මතුවෙන මෙනුවෙන් Manage Search Engines... තෝරන්න.
7. මෙවිට Manage Search Engine List නමින් ඩයලොග් බොක්ස් එකක් විවෘත වේ. එහි ලැයිස්තුවෙන් Wachanakoshaya තෝරා දකුණු පසින් ඇති Edit Keyword බොත්තම මත කොටන්න.
8. දැන් w අකුර (නැතහොත් වෙනත් දැනට භාවිතා කර නැති අකුරක්) Keyword එක ලෙස යොදා OK කරමින් ඩයලොග් බොක්ස් දෙකම වසා දමන්න.
9. අවසාන වශයෙන් මෙහි ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කිරීම සඳහා Firefox බ්‍රවුසරයේ අළුතෙන් ටැබ් එකක් විවෘත කරන්න. එහි ඇඩ්‍රස් බාර් එක තුළ Keyword එක, හිස්තැනක් සහ ඔබට තේරුම සෙවීමට අවශ්‍ය වචනය ටයිප් කර එන්ටර් කරන්න.
උදා. w Reputation
Opera (v10.10) බ්‍රවුසරය සඳහා

2. වෙබ් අඩවියේ සර්ච් බොක්ස් එක තුල Right Click කරන්න.
3. මතුවන මෙනුවෙන් Create Search... තෝරන්න.
4. දැන් විවෘත වන ඩයලොග් බොක්ස් එකේ w අකුර (නැතහොත් වෙනත් දැනට භාවිතා කර නැති අකුරක්) Keyword එක ලෙස යොදා OK කරන්න.
5. අවසාන වශයෙන් මෙහි ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කිරීම සඳහා Opera බ්‍රවුසරයේ අළුතෙන් ටැබ් එකක් විවෘත කරන්න. එහි ඇඩ්‍රස් බොක්ස් එක තුළ Keyword එක, හිස්තැනක් සහ ඔබට තේරුම සෙවීමට අවශ්‍ය වචනය ටයිප් කර එන්ටර් කරන්න.
උදා. w Reputation
Internet Explorer බ්‍රවුසරය භාවිතා කරන අය ගැන මගේ කිසිම උනන්දුවක් නැහැ. ඒ නිසා ඒ ගොල්ලන්ට ඕන නම් බිලී ගේට්ටු මාමගෙන් ගිහින් අහගන්න එකයි ඇත්තෙ.. බම්බුව..

Last edited: