ඔය ඉඩම් ලොකු ගණන්වලට අරගෙන, ගම් පිටින් අයිති කරගන්න සිස්ටම් එක නොදන්න බබාල සමහරවිට මෙතන ඇති. ශ්‍රී ලංකාවෙ, විශේෂයෙන් කොළඹ, නුවර වැනි නගර ආශ්‍රිතව, සිංහලයා කියන්නෙ දුප්පත්ම පුරවැසියෙක්. ව්‍යාපාරිකයන් වන අන්‍යජාතීන් තමයි පොහොසතුන්. ඒකට කමක් නෑ කියල අහක බලන් ඉන්න බැරි, ඔවුන් එ හරහා බලය අල්ලා ගැනීමේ වෑයමක නිරතව සිටින නිසා.
චන්දවලදි නගරවල චන්ද වැටෙන හැටි අධ්‍යයනය කළොත් ඕක තේරෙනවා.
බලය ඒ විදිහට අල්ල ගන්නවට අප විරුද්ධ ඇයි?
තමන්ගෙ සංස්කෘතිය තමුන්ට තියා ගත්තට කමක් නෑ, අනුන්ගෙ ඇඟේ බලෙන් ගහන්නෙ නැතුව. 'සමහර' ආගම්වලට ගිය රටවල, අන්‍ය ආගමිකයන්ටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මේ මානුෂීය අයිතිවාසිකම් යටපත් කරවන නීති යටතේ. ඔවුන්ගෙ ආගම අදහන්න වෙලා තියෙන්නෙ හොරෙන්.
පුරාවස්තු විනාශය ගැන කලින් කරුණු පැහැදිලි කරල ඇති.
සමහර ප්‍රදේශවල මහ පාරවල දාල තියෙනවා ඒ අයගෙ ආගමික උත්සවවලදි ගෙවල්වල මරපු සතුන්ගෙ කොටස්. මේ ගැන පත්තරවල පල වුණා. සමහර ප්‍රදෙශවල ආගමික ස්ථානවල එලුවන් 200ක් වගේ විශාල ගනනක් මරා දැමූ අවස්තා තිබුණා.
මහනුවර දළදා මාළිගයට අයත් භූමියක මොවුන්ගෙ පල්ලියක් හදන්න දීලා තියෙනවා- මහනායක හාමුදුරුවරුන්ගෙ අන්‍යාගමික සහනශීලීත්වය නිසා. කවද හරි ඔය පල්ලිය කඩන්න දෙයි කියල හිතනවද ඉඩම මාළිගාවෙ වුණාට?
මහනුවර නගරය- අපි හිතන් ඉන්නෙ බෞද්ධයන්ගෙ පූජනීය නගරයක් කියල. නගරය තුල තියෙන විවිධ ආගම්වල පල්ලි ගාන, කෝවිල් ගාන, දේවාල ගාන ගණන් කරල බලන්න.