කුසලාන අපේක්ෂක, කපිතාන් සංජීවගෙන් තවදුරටත් ප්රශ්න නොකරන ලෙස අධිකරණය රහස් පොලිසියට දැනුම් දෙයි !
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්රික් අපේක්ෂක, විශ්රාමික කපිතාන් සංජීව කඳනආරච්චි මහතාගෙන් තවදුරටත් ප්රශ්න නොකරන ලෙස කොළඹ මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය. මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කළේ කපිතාන් සංජීව කදනආරච්චි මහතාගෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු තුන්වන වරටත් කැදවූ අවස්ථාවේදීය. මෙම ප්රකාශය ලබා ගැනීම මහේස්ත්රාත්වරයා හමුවේදී පැවැත්විණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව කඳනආරච්චි මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේ ඔහු ස්වේච්ඡාවෙන් ප්රකාශයක් ලබා දීම සඳහා පැමිණි බවයි.
එහිදී කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා ‘‘අද අධිකරණය හමුවේ පෙනී සිටින්නේ කුමන හේතුවක් මත දැයි කපිතාන් සංජීව කඳනආරච්චි මහතා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වන මා දන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව කිසිවක් අපට පවසන්නේත් නැහැ. සංජීව කඳනආරච්චි මහතා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්රික්කයේ අපේක්ෂකයෙක්. ඔහු නාම යෝජනා පත්රයට අත්සන් තැබූ පසුවයි, මේ සියල්ල සිද්ධ වන්නේ. දැනටමත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර තුනක් ලබාදී තිබෙනවා. අද දින අධිකරණයට ඔහු කැඳවීමේ කිසිදු පදනමක් නැහැ. මේ තුළ තිබෙන්නේ පටු දේශපාලන අරමුණක් පමණයි. මෙය කපිතාන් සංජීවට හිරිහැරයක්.’’ යැයි පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා කපිතාන් සංජීව කදනාරච්චි මහතාගෙන් තවදුරටත් ප්රශ්න නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුන්නේය.
LT
ranawiruwanta salakana widiya
anduweta kade yan ne nathi ayata karadara
good luck to Cpt. Sanjeewa