Vista & MS Office සිංහල_ස්ථාපනය

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Vista & MS Office සිංහල_ස්ථාපනය

    පරිගණකයේ සිංහල ස්ථාපනයට උපදෙස්

    වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ
    ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම
    => බාගත කිරීම

    වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
    http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx

    මයික්රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
    http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

    වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රදාන ක්‍රර්මවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම.


    ඔබේ පරිගණකය තුල සිංහල භාෂාව ඇසුරින් වැඩකටයුතු කර ගැනීමේ හැකියාව සක්රිරය කිරීම සඳහා සංයුක්ත තැටිය (CD) පරිගණකයට ඇතුල් කර VistaOffice_IME_LIP_Setup.exe ගොනුව ( file) මත දෙවරක් ක්ලික් කර වැඩසටහන ක්රි(යාත්මක කරවන්න.

    (මෙහිදී විස්ටා පරිගණකයක දී “User Account Control” සංවාද කොටුවක් මගින් මෙම වැඩසටහන ක්රි(යාත්මක කරවීමට නැවත අවසර ඉල්ලීමක් කරනු ඇත. එහිදී “Allow” තෝරන්න.)

    විස්ටා මෙහෙයුම් පද්ධතිය මත ඔෆිස් 2007 මෘදුකාංග ද ස්ථාපනය කර ඇති පරිගණකයේ, සිංහල ස්ථාපනයේ මූලික කාර්යයන් අවසන් වූ විට පහත දැක්වෙන ආකාරයේ තිරයක් ඔබට දැක ගත හැකියි.


    installationguide1.jpg


    මෙහි පළමු තේරීම මගින් ඔබ අවසර දෙනු ලබන්නේ ඔබේ විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සිංහල බසින් දැක්වීමට අවශ්යම වැඩසටහන වන “වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම” පරිගණකයට ස්ථාපනය කිරීමටය. මෙම ස්ථාපනයේදී සිංහල භාෂාවට අදාල ගොණු පරිගණකයට ඇතුලුවීම සිදුවන නමුත් අවශ්යන විටකදී මුලින් පැවති ඉංග්රීදසි මාධ්යාය වෙත මාරුවීමටද ඔබට හැකි වනු ඇත. මෙසේ භාෂා මාරු කිරීමේ පියවර පහත දී දක්වා තිබේ .


    (මෙය ක්‍රියාත්මක වනුයේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සමඟ පමණක් වන අතර ඊට පෙර ගොඩනගා ඇති වින්ඩෝස් සංස්කරණයන් මෙම හැකියාවන් නොදක්වයි. )

    දෙවන තේරීම මගින් ඔබ අවසර දෙනු ලබන්නේ මයික්රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ (Word, Excel, PowerPoint, and Outlook සඳහා පමණි) වැඩසටහන් මුහුණත් සිංහල බසින් දැක්වීමට අවශ්‍යය වැඩසටහන වන “මයික්රොසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම” පරිගණකයට ස්ථාපනය කිරීමට ය. මෙහිදී ද සිංහල භාෂාවට අදාළ ගොනු පරිගණකයට ඇතුළු වීම සිදුවන නමුත් අවශ්ය විටකදී මුලින් පැවති ඉංග්රීණසි මාධ්යටය වෙත මාරුවීමටද ඔබට හැකි වනු ඇත.

    (මෙය ක්‍රියාත්මක වනුයේ මයික්රො සොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග සමඟ පමණක් වන අතර ඊට පෙර ගොඩනගා ඇති ඔෆිස් සංස්කරණයන් මෙම හැකියාවන් නොදක්වයි. )

    තෙවෙන තේරීම වන්නේ ඔබට සිංහල හෝ දෙමළ අකුරින් යතුරු ලියනය කිරීමට හැකියාව ලබා දීමයි. පළමු හෝ දෙවන තේරීම සිදු කරන ඔබට සිංහල බසින් යතුරුලියනය කිරීමේ හැකියාව අවශ්යය බවට ස්වයංක්රීණයව තෝරා දෙයි. ඔබට දෙමළ බසින් යතුරු ලියනය කිරීමට අවශ්යය නම් දෙමළ භාෂාවද මෙහිදී තෝරා ගත යුතුය.

    මෙම තේරීම් අවසානයේ “OK” බොත්තම මත ක්ලික් කරන්න. එවිට පහත තිරය වෙත ඔබව රැගෙන යනු ඇත.


    installationguide2.jpg



    එම තිරයේ පහලින්ම ඇති කොටුව මත ක්ලික් කිරීමෙන් අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළ කොට “ඊළඟ” බොත්තම මත ක්ලික් කරන්න. ඉන්පසු මෙම ස්ථාපනය කිරීම අවසන් වන තුරු මඳක් රැඳී සිටින්න. ස්ථාපනය සම්පූර්ණ වූ පසු පහත පරිදි දැනුම් දීම සිදුවේ.


    installationguide3.jpg



    දැන් “OK” මත ක්ලික් කරන්න.


    ඔබේ ස්ථාපනය අතරතුර දී, අදාළ භාෂාවන්ගෙන් යතුරු ලියන පහසුකම සැකසීම අවසන් වූ විට, පහත ආකාරයේ දැනුම් දීමක් ද ඔබ වෙත ලැබේ.


    installationguide4.jpg



    එහිදී ද OK මත ක්ලික් කර ඉදිරියට යන්න.


    ඔබ විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම ඇරඹූ පසු ( එය තෝරා ඇත් නම් ) පහත ආකාරයේ තිරයත් ඔබට දැක ගත හැකි වේවි.


    installationguide5.jpg



    ඉහත තිරයෙන් “Next” ක්ලික් කර පහත තිරයේ දැක්වෙන පරිදි බලපත්රස ගිවිසුමට එකඟතාව පළ කරන්න.


    installationguide6.jpg



    යලිත් “Next” ක්ලික් කර, මීළඟට “Install” මත ක්ලික් කරන්න. මොහොතකින් පහත තිරය දිස් වන්නේ අදාල ස්ථාපනය අවසන් බව පැවසීමටයි.


    installationguide7.jpg



    විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සඳහා භාවිත වන භාෂාව වෙනස් කිරීම සඳහා “Change my display language to:” මත ක්ලික් කරන්න. ඉන් පසු “Log Off” බොත්තම ඔබන්න. නැවත ඔබ මෙහෙයුම් පද්ධතියට පිවිසි විට සිංහල බසින් දැක්වෙන මුහුණත් දැක ගත හැකි වේ.


    මෙම ස්ථාපනය අවසන් වූ විට මයික්රොහසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග සිංහල මාධ්යaයෙන් දැක ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.


    ඔබේ පරිගණකයේ

    “අරඹන්න (Start) ->
    සියළු ක්ර ම ලේඛ (All Programmes) ->

    Microsoft office ->

    Microsoft office Tools ->

    Microsoft Office 2007 Language Settings ” මගින් පහත තිරයට පිවිසෙන්න.


    installationguide8.jpg



    එක විටම මෙහෙයුම් පද්ධතියේ සහ ඔෆිස් මෘදුකාංගයේ භාෂාව මාරු කිරීමට “Set the Microsoft Office display language to match the windows display language” තෝරා, ඊට පහළින් ඇති භාෂා ලැයිස්තුවෙන් “සිංහල” තෝරා ගන්න.


    දැන් තිරය පහත පරිදි ඔබට දිස් වේවි.


    installationguide9.jpg



    දැන් වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 මුහුනත්, මෙනු, උපදෙස් මෙන්ම විස්තරද ඔබේම සිංහල බසින් කියවා ගැනීමට ඔබට හැකිවී තිබිය යුතුයි.

     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සිංහලෙන් දෙමළෙන් යතුරු ලියනය කිරීම සක්රිසය කිරීම


    පාලක පුවරුව (or Control panel) වෙත ගොස් “කලාපීය සහ භාෂා අභිරුචි” (or Regional and Language Options) මත දෙවරක් ක්ලික් කරන්න.


    installationguide10.jpg
    installationguide11.jpg


    ලැබෙන සංවාද කොටුවෙන් “යතුරු පුවරු සහ භාෂා” (or keyboards and languages) තෝරා ගන්න. ඉන් පසු “යතුරු පුවරු වෙනස් කරන්න” (or Change keyboards) මත ක්ලික් කළ විට පහත ආකාරයේ සංවාද කොටුවක් දිස් වේ.


    installationguide12.jpg



    ඔබට අවශ්ය භාෂා සඳහා අදාළ යතුරු පුවරු සැකැස්ම ඇතුළත් කිරීමට “එකතු කරන්න” (or Add) වෙත යන්න. අවශ්යව භාෂාවන් ඇතුල් කළ පසු දෙවන ටැබය වෙත ගොස් පහත රූපයේ පරිදි අදාළ සැකසුම් වෙනස් කරන්න.


    installationguide13.jpg



    “OK” මත ක්ලික් කර ඉහත සංවාදයෙන් ඉවත් වූ විට “භාෂා තීරය”( language bar), කාර්ය තිරය (task bar) මත දිස් වන්නේ පහත අයුරිනි.


    installationguide14.jpg



    සිංහලෙන් යතුරු ලියනය කිරීමට නම්, අදාල මෘදුකාංගය (වර්ඩ්, එක්සෙල් වැනි ) විවෘත කර, පහත පරිදි ආදාන භාෂාව ලෙස සිංහල තෝරන්න.


    installationguide15.jpg



    ඔබගේ පෙර නිමි ආදාන භාෂාව (default input language) සිංහල නොවන විටකදී, අදාල වැඩසටහනෙන් වැඩසටහනට මාරු වන අවස්ථාවන් හිදී යලිත් සිංහල බස තේරීම අවශ්ය වනු ඇත. මෙම භාෂා අතර මාරු වීමට Left Alt + Shift යතුරු එකවර ඔබන්න.



    මුහුණත් මත දක්වන භාෂාව මාරු කිරීම

    පාලක පුවරුව (or Control panel) වෙත ගොස් “කලාපීය සහ භාෂා අභිරුචි” (or Regional and Language Options) මත දෙවරක් ක්ලික් කරන්න.



    installationguide16.jpg
    installationguide17.jpg


    ලැබෙන සංවාද කොටුවෙන් “යතුරු පුවරු සහ භාෂා” (or keyboards and languages) තෝරා ගන්න. ඉන් පසු “දැක්වුම් භාෂාවක් තෝරන්න” (or Choose a display language) මගින් ඔබට අවශ්යී භාෂාව තෝරා ගන්න.



    installationguide18.jpg



    මෙහිදී “OK” ක්ලික් කළ විට පරිගණකය වැරීමට (Log off) ඔබේ අවසර පතයි. එවිට “දැන් වරන්න” (or Log off now) ක්ලික් කරන්න.


    installationguide20.jpg



    ඔබ යලිත් පරිගණකයට පිවිසි විට අදාල භාෂාවෙන් පෙන්නුම් කෙරේ. මේ අයුරින් භාෂාවන් අතර මාරුවීම සිදුකළ හැක.


    වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්ර”දාන ක්ර්මවේද සංස්කාරකය (Input Method Editor- IME) අස්ථාපනය කරගැනීම.


    දැනුම්දීම් සරිය(system tray) තුල ඇති IME අයිකනය මත ක්ලික් කර එය අක්රිකය කර, IME වෙතින් පිටවී යන්න (Exit) .


    installationguide20.jpg



    ඔබ සිටින්නේ සිංහල මාධ්යා පිහිටුමේ නම් දැන් ඉංග්රී සි මාධ්ය වෙත මාරු වන්න. ඉන්පසු control panel වෙත. ගොස් පහත පෙන්වා ඇති ක්රාමලේඛ 2 අස්ථා‍පනය කරන්න.



    installationguide21.jpg



    මෙමගින් , ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) සමඟ සිංහල-දෙමළ ප්රcදාන ක්ර මවේද සංස්කාරකය (Input Method Editor- IME) පරිගණකයෙන් අස්ථාපනය වේ.


    විස්ටා භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) ඉවත් කිරීමට Control panel වෙත ගොස් Regional and Language Options මත දෙවරක් ක්ලික් කරන්න. දැන් “Install/uninstall languages…” මගින් පහත පරිදි තිරයක් ලැබේ.


    installationguide22.jpg



    “remove languages” තෝරා ගත් විට ලැබෙන පහත තිරයෙන් සිංහල භාෂාව තෝරා ඉදිරියට යන්න.

    මීළඟ තිරයේදී “remove” තෝරා ගත්විට විස්ටා - සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) ඉවත් කිරීම සම්පූර්ණ වේ.


    installationguide23.jpg



    වැඩි විස්තර සඳහා පහත වෙබ් ලිපිනයන්ට පිවිසෙන්න.


    මයික්රොසසොෆ්ට් ශ්‍රී ලංකා වෙබ් අඩවිය :

    http://www.microsoft.com/srilanka


    ~ Give a + Rep If You Like This Post ~
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල එල විස්ට අයට වඩගත් වෙන ඩෙයක්
    මැක්සා වැඩක්
    රෙප් ඩෙන්න බැ ලු
    ස්ප්‍රෙඩ් කරන්න ලු
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    meka nikanma download karaganna vtarak dan natuwa bavtha kirima ganath dapu1 godak hodai
    thnx mcn
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ කියල වැඩක් නෑ බ්‍රෝ Vista වලින් වැඩ කරන අය‍ට ගොඩාක් වටිනවා
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියමයි සහෝ
    මැක්සා වැඩක්..ගොඩක් වටිනවා:D

    රෙප් දෙන්න බෑලුනේ..හ්ම්ම්ම් :(:baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Thanks machan still I prefer English style since I'm used to it and sometimes some Sinhala words can confuse you if you don't know what it really is ;)
     

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    Thanks machan still I prefer English style since I'm used to it and sometimes some Sinhala words can confuse you if you don't know what it really is ;)

    hehe i also had the same prob machan.. passe aai English walata maru una :D
    control panel ekata ehema giyahama sanda mole wenawa :baffled:
    :lol:

    @ aragon > thx 4 sharing machan :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    hehe i also had the same prob machan.. passe aai English walata maru una :D
    control panel ekata ehema giyahama sanda mole wenawa :baffled:
    :lol:

    @ aragon > thx 4 sharing machan :D

    Ow bun. Sinhala unath therena sinhalen daanna oni:lol: Samahara wachana wala therum Doctorate ekak nathuwa theru ganna ba :lol: Anika Sinhala - Sinhala Dictionary thiyanawai :rofl: