Bittorent ප්‍රොටෝකෝලය

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Bittorent ප්‍රොටෝකෝලය

    352hqma.jpg


    චිත්‍රපට, සම්පූර්ණ මෘදුකාංග සහ රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බිට්ටොරන්ට්ය.එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති බවය. බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල්, අඩු වේග ඉන්ටනෙට් සබඳතාවක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද? එම තේරුම් ගැනීම පටන් ගත යුත්තේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම ගැන අවබෝධය ලබාගැනීමෙනි.


    සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ (client) ඇති වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය මගින් ඒ බව, එම වෙබ් පිටුව රඳවා ඇති සර්වර් පරිගණකයට දන්වයි. දන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක එවයි. එනම් ඩවුන්ලෝඩ් වෙයි. මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් තාක්ෂණයක් හෙවත් ප්‍රොටෝකෝලයකට අනුකූකවය. එය එක්කෝ FTP (File Transfer Protocol) ය. නැතහොත් HTTP (Hyper Text Transfer Protocol) ය

    මේ සාම්ප්‍රදායික ක්‍රමයට (client server download) ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු – වැඩි වීමට බලපාන කාරණා කීපයකි. ඉන් මුල සිටම එන්නේ සර්වරයේ කාර්යබහුල බව (server traffic) යි. සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි. එහි ජනප්‍රිය බව වැඩි වන විට, එය පරිගණක ගණනාවකින් ඉල්ලා සිටින විට, ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. පියර් – ටු – පියර් කියා හඳුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය (Peer – to – peer File sharing) කරළියට ආවේ මේ සාම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයේ අකාර්යක්ෂමකම්වලට පිළියම්ද රැගෙනය. පියර් – ටු – පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරිං නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්ධ වී එමගින් ලබා දෙන විශේෂ මෘදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. යූ ටොරන්ට් (utorrent), නුටෙල්ලා (Nutella), කාසා (Kazaa), ඊඩොංකි (eDonkey) යනාදී ජනප්‍රිය සේවා වලට අමතර වශයෙන් එම සේවා තවත් ගණනාවකි.

    ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑ කරන ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරිං මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටනෙට් සමග දැනටමත් සම්බන්ධ වී සිටින පියර් – ටු – පියර් මෘදුකාංගය සහිත වෙනත් පරිගණක වේදැයි, මෘදුකාංගය විසින් සොයා බැලෙයි. එවැනි පරිගණකයක් හමුවූ විට, එම පරිගණකයේ හාඩ් ඩිස්කයේ සිට, එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. මේ ඩවුන්ලොඅඩ් වීම අවසන් වූ පසු ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අපගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදු වේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද – එනිසා තවත් කෙනෙකුත් තමාගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආත්මාර්ථකාමී අය, එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හඳුන්වන්නේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ පදගතාර්ථයයි. ලීචිං කිරීම නිසා පියර් – ටු – පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී ක්‍රමලේඛ ශිල්පියෙකු ඇමෙරිකාවේ සිටියේය. හේ බ්‍රැම් කොහෙන් ය. ලීචිං කරන්නට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරිං කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට හේ වෙහෙසණි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජූලි 2 වැනිදා ඔහු අළුත් ෆයිල් ෂෙයාරිං ප්‍රොටෝකෝලයක් ලොවට හඳුන්වා දුනි. එයද විශේෂ පියර් – ටු – පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි.

    බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත යුතුය. ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් (torrent client) කියාය. බ්‍රැම් කොහෙන් මුලින්ම ලොවට හඳුන්වා දුන් ක්ලයන්ට් මෘදුකාංගය හැඳින්වෙන්නේද බිට්ටොරන්ට් ලෙසමය. මෙය ඕපන්සෝස් මෘදුකාංගයකි. එනිසා විවිධ අරමුණු වෙනුවෙන් එයවෙනස් කොට තැනූ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංග ගණනාවක් අළුතින් බිහිව තිබේ. දැනට ලොව පුරා කෝටි දහසයක් (මිලියන 160 ක්) සෙනග තමන්ගේ පරිගණක වල ඉන්ස්ටෝල් කරගෙන සිටින ජනප්‍රියම මෘදුකාංගය වන්නේ බිට්ටොරන්ට්ය. එය www.bittorrent.com වෙබ් අඩවියෙන් පහසුවෙන් නොමිලයේම ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන. ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එකක් සියා එයට ක්ලික් කළ විට, පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයා බැලීම අරඹනු ලබයි. ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරිං කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ධ වෙමිනි. ට්‍රැකර් (tracker) කියා හඳුන්වන්නේ මෙම සර්වරයයි.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මෙහිදී මුලින්ම සොයා ගනු ලබන්නේ ඉල්ලා සිටින ෆයිල් එක තිබෙන, දැනටමත් ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් ක්‍රියාත්මකව ඉන්ටනෙට් සමග සම්බන්ධ වී තිබෙන පරිගණක මොනවාද කියාය. එවිට මේ ඉල්ලා සිටින ෆයිල් එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වී තිබෙන පරිගණක එකක්වත් අඩුම තරමින් තිබිය යුතුය. කීපයක් තිබුණොත් වඩා හොඳය. සීඩ් (seed) කියා හඳුන්වන්නේ මේ පරිගණකයි. ඒ සමගම දැනටමත් මේ ෆයිල් එකම ඉල්ලා සිටි නමුත් තවමත් එය ඩවුන්ලෝඩ් වෙමින් පවතින පරිගණකද ලොව කොතැනකින් හෝ හමුවේ. ඒවායින් අප්ලෝඩ්වීම්ද සිදුවෙමින් තිබේ. ස්වාම් (swarm) කියා හඳුන්වන්නේ දහස් ගණනක් වන මේ පරිගණක රොත්තයි. ස්වාම් එකට අයත් පරිගණක වල තමන් ඉල්ලා සිටි ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වී තිබෙන්නේ විවිධ ප්‍රතිශත වලිනි. එහෙත් සෑම පරිගණකයක්ම අන්‍යෝන්‍ය වශයෙන් අනෙක් පරිගණක වෙතද තමන් ලඟ ඇති ෆයිල් කොටස් ලබා දෙයි. එනම් අප්ලෝඩ් කෙරේ.
    බිට්ටොරන්ට් ප්‍රොටෝකෝලයේ විශේෂත්වය මෙයයි. එනම් අපට අවශ්‍ය ගොනුවේ විවිධ කොටස් ඇති තැන් සොයා ඒ තැන් වලින් එම කොටස් ඩවුන්ලෝඩ් කොට සම්පූර්ණ ගොනුව තනා දීමයි. මෙහිදී ඕනෑම විශාල ගොනුවක් 64KB සිට 4MB දක්වා වන ප්‍රමාණයේ කොටස් වලට කඩා ඩවුන්ලෝඩ් කෙරේ. මුලින්ම ඩවුන්ලෝඩ් කෙරෙන්නේ ගොනුවේ විරල කොටස්ය. බහුල කොටස් අවසානයට තබාගනී. මෙනිසා සම්පූර්ණ ඩවුන්ලෝඩ් වීමක් සහතික කෙරේ. ස්වාම් එකෙන් මෙසේ අවශ්‍ය කොටස් සොයා ඒවා එකලස් කොට දීමේ කටයුතු මෙහෙයවන්නේ ට්‍රැකර් පරිගණකය විසිනි. ටොරන්ට් ප්‍රොටෝකෝලය ක්‍රියාත්මක වීමේදී ලීචිං කිරීමට කවුරුත් පෙළඹෙන්නේ නැති ගුණාංගයක්ද ප්‍රොටෝකෝලයට උපතින්ම හිමිව තිබේ. එනම් යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කොට අවසන් වූවත්, බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකෙන් ඉවත් නොවී තව දුරටත් එය ක්‍රියාත්මකව තැබුවහොත්, ඊළඟ ඩවුන්ලෝඩ් කිරීම වේගවත් වීමේ ගුණාංගයයි. මෙසේ ඩවුන්ලෝඩ් කිරීම අවසන්වූ ෆයිල්ස් සමග ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එක ක්‍රියාත්මකව තැබූ විට අපට කිසි අමතර වියදමක් යන්නේ නැත. එහෙත් ඒ වෙලාවට අපගේ පරිගණකය සීඩ් එකක් බවට පත් වී වෙනත් අයට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම් සපයයි. අප මෙසේ ත්‍යාගශීලීව සිටීම ඉබේම සටහන් වීමේ ගුණාංගය බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයාස් සතුය. ඒ ත්‍යාගශීලී කම අනුව අපගේ පරිගණකය (අයිපී ඇඩ්‍රස් එක ) ශ්‍රේණිගත (rank) කෙරේ. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව අප්ලෝඩ් කිරීම සහ ඩවුන්ලෝඩ් කිරීම අතර අනුපාතය (upload:download) 1:0 වූයේ නම් ඉතා හොඳය. එවිට ඊළඟ ඩවුන්ලෝඩ් වීම ඉතා වේගයෙන් ඉටු කර දෙයි. මන්ද අපගේ ත්‍යාගශීලීත්වය ඉහළ නිසාය. එනම් මෙහිදී ක්‍රියාත්මක දෙන තරමට ලැබෙන (tit-for-tat) සම්ප්‍රදායයි.

    bittorrent.gif


    සම්ප්‍රදායික ඩවුන්ලෝඩ් කිරීමේ ක්‍රමය නැවත සිහියට නගන්න. එහෙදී වඩාත් ජනප්‍රිය, වැඩි දෙනෙක් ඉල්ලා සිටින ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන්නේ සෙමින්ය. එහෙත් බිට්ටොරන්ට් ක්‍රමයේදී එය කණපිට ගැසී තිබේ. එනම් වඩා ජනප්‍රිය ෆයිල් එකක් වේනම් එය ඉක්මනින් ඩවුන්ලෝඩ් වේ. මන්ද එම ෆයිල් එක ජනප්‍රිය නිසා සීඩ්ස් මෙන්ම ස්වාම් ද වැඩිපුර තිබෙන බැවිනි. එසේම ට්‍රැකර් පරිගණකයද එම ෆයිල් එක දැනටමත් හොඳින් හසුරුවමින් සිටී. ඉඳින් ඉල්ලා සිටි තැනකට එය ඉක්මනින්ම දීම පහසුය. මේ සුගුණ නිසාම ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නෝ බිට්ටොරන්ට් වෙතම ඇදී එති. අද ඉන්ටනෙට් හි තිබෙන තදබදයෙන් (web traffic) සියයට හැටක්ම (60%) නිර්මාණය වී ඇත්තේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම් වලට යාම නිසාය.


    ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම් ගැන නිතර අසන ප්‍රශ්න කීපයක් ගැන මෙතැනදීම සලකා බැලීම හොඳය.



    ටොරන්ට් ෆයිල්ස් සමග වයිරස් පැතිරෙන්නට බැරිද යන්න වැඩි දෙනාට මතුවන ප්‍රශ්නයකි. යම් කෙනෙක් විසින් තනා ඉන්ටනෙට් වෙත එක්කළ ටොරන්ට් ෆයිල් එකක් හරහා ඩවුන්ලෝඩ් කරන අතරවාරයේ කිසි තැනකදී එයට අළුතින් වයිරස් එක් වෙන්නට කිසිම ඉඩක් නැත. එනම් ටොරන්ට් ෆයිල් යනු වයිරස් පැතිරෙන මාධ්‍යයක් නොවේ. එහෙත් ටොරන්ට් ෆයිල් එක බවට පත් කළ මුල් ෆයිල් එකෙහි වයිරස් තිබුණොත්, එය නම් දැන් ෆයිල් එක විවෘත කරන පරිගණකයේ පැළපදියම් වේ. මේ කරදරයෙන් මිදෙන්නටද පහසු මගක් තිබේ. ටොරන්ට් ෆයිල් එක විවෘත කරන්නට කලින් එය වයිරස්ගාඩ් මෘදුකාංගයකින් ස්කෑන් කිරීම ඒ උපක්‍රමයයි. එහි වයිරස් තිබුනේනම් එවිට හසුවේ. බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකක් ඇති විට ඕනෑම චිත්‍රපටයක්, ගීත ඇල්බමයක්, රූපවාහිනී වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතියක් වැනි සම්පූර්ණ මෘදුකාංගයක්ම හෝ ඩවුන්ලෝඩ් කරගත හැකිදැයි සමහරු කල්පනා කරයි. එයට දිය හැකි සරලම උත්තරයනම් හැම දෙයක්ම බැරිය යන්නයි. පුළුවන් වෙන්නේ දැනට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයකින් සපයන ටූල්ස් ඔස්සේ ටොරන්ට් ෆයිල්ස් බවට හරවා ඉන්ටනෙට් වෙත මුදාහැර ඇති ෆයිල්ස් පමණක් ඩවුන්ලෝඩ් කරගන්නටය. ඒවා මොනවාදැයි ටොරන්ට් සර්ච් එන්ජිමකින් සොයා බලන්නට පුළුවන. එහෙත් මෙතැනදී කිව යුතු විශේෂ දෙයක් තිබේ. එනම් තමන් සොයන ඕනෑම මාතෘකාවකට වාගේ ගැළපෙන ටොරන්ට් ෆයිල්ස් දැන් අන්තර්ජාලයේ තිබෙන බවය. ටොරන්ට් සර්ච් එන්ජිමකින් සෙවුමක් දමන්න. මේ කියමන සැබෑවක් බව පෙනේවි. ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම නීත්‍යානුකූලද කියා ප්‍රශ්න කරන අය සිටිති. කෙළින්ම කිව යුත්තේ බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා පාවිච්චි කිරීම නීතිවිරෝධී නැති බවයි. එහෙත් ඒ හරහා ඩවුන්ලෝඩ් කරන දේ නීතිවිරෝධීද නැද්ද යන්න තේරුම් – බේරුම් කරගත යුත්තේ ඩවුන්ලෝඩ් කරන්නා විසිනි.

    2vsrjv7.jpg

    ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන විට පරිගණකයේ අයිපී ඇඩ්‍රස් එක හරහා අප ලෝකයාට එළිදරව් වී සිටී. ලොව පුරා පරිගණක දස දහස් ගණනකට අප නිරාවරණය වී සිටී. ඉතින් මේ ඔස්සේ ආපස්සට සොයා බැලුවහොත් අප ඩවුන්ලෝඩ් කළේ මොනවාද කියා ඒ ගැන උනන්දු ඕනෑ කෙනෙකුට සොයාගන්නට පුළුවන. එනිසා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීම කාමරයක් තුලට වී කරන දෙයක් නොවේ. හරියට සෙනග පිරුණු වීදියක ඇවිද යන්නාක් වැනි වැඩකි. එනම් අප කරන්නේ ප්‍රසිද්ධ වැඩක් බව මතක තබාගත යුතුය.


    විජය පරිගණක – 2010 මැයි


    Say Thanks... :D Add a Comment...;)Dont Forget to Give Rep.. :rofl:
    ║Enjoy..!!! ║

     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niyama pehedili kireemak... torrent mathak wena kota mininova nethi aduwa hondata denenawa :D