ඒක කිව්වේ කවුද?
’කිසිම සාධාරණ හේතුවක් නැතුව මාව රස්සාවෙන් අස් කරන්න තීරණය කළේ ඇයි කියල මම දන්නවා. මම නෝනට වඩා තරුණ හින්දා.. මම නෝනට වඩා ලස්සන හින්දා.. එහෙම කියන්නේ මම නෙමෙයි. මෙහෙ වෙන කෙනෙක් මට එහෙම කියලා තියෙනවා.’ තමා හදිසියේම බංගලාවේ මෙහෙකාර රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳව උරණ වූ ඇලිස් තම ස්වාමි දුව ඉදිරියේ දිගටම කියවාගෙන ගියාය.
’මොනවා... කවුද එහෙම කිව්වේ?’ ස්වාමිදුව කෝපයෙන් විමසුවාය.
’නෝනගෙ මහත්තය...’ ඇලිස් ආඩම්බරයෙන් තෙපළාය.
’එච්චරද උඹට කිව්වේ.’ ස්වාමිදුව ඇසුවේ සෝපහාසයෙනි.
’නෑ එච්චරත් නෙමෙයි. නෝනට වැඩිය හොඳට මම හාදු දෙන්නත් දන්නවලු.’ ඇලිස් කෝල ගතියක් මතු කරමින් පිළිතුරු දුන්නාය.
’මොනවා බොල මහත්තයා එහෙමත් කිව්වාද?’ ස්වාමිදුව ඇසුවේ කෝපයෙන් පිපිරෙමිනි.
’නෑ එහෙම කිව්වේ මහත්තයා නෙමෙයි, ඩ්රැයිවර්.’ ඇලිස් කීවාය.

එකම කතාව
’නෙත්ලා, අද මට එන කෝල්ස් මොකවත්ම මට දාන්ඩ එපා තේරුණාද? මට බොහොම හදිසි, වැදගත් වැඩක් ඉවර කරන්න තියෙනවා. ඉක්මනින් ම, කථා කරන අය කියයි, ‘හරි හදිසියි’, ‘හරි වැදගත්’ කියල. හැමෝම කියන්නෙ ඔය කතාව තමයි කියල ටෙලිෆෝන් එක තියන්න.’ එක් සමාගමක කළමනාකර අධ්යක්ෂ කොල්ලුරේ තම පෞද්ගලික ලේකම්වරිය කැඳවා උපදෙස් දුන්නේය.
ස්වල්ප වේලාවකින් දුරකථනය නාද වන්නට විය.
’මේ කථා කරන්නේ මිසිස් කොල්ලුරේ...’ එහා පැත්තෙන් කියනවා ඇසිණ.
’හැමෝම කියන්නෙ ඔහොම තමයි.’ කියූ නෙත්ලා රිසීවරය ආපසු තැබුවාය.

දෙපාරක්ම
මුහුණ නරක් කරගෙන තමා ඉදිරිපිට පුටුවේ වාඩිවුණු ග්රන්ථ කර්තෘවරයා දෙස පොත් ප්රකාශකයා බැලුවේ කුහුලිනි.
’ඇයි අපි එවපු චෙක් එක මිස්ටර් ලියනගේට ලැබුණේ නැද්ද?’
’හම්බවුණා. එකපාරක් නෙමෙයි දෙපාරක්ම.’
ලියනගේ පිළිතුරු දුන්නේ කෝපය මැඩ ගනිමිනි.
’මොනවා දෙපාරක්?’
’ඔව් එක පාරක් මෙහෙන්. දෙවැනි පාර බැංකුවෙන්.’
ලියනගේ පිළිතුරු දුන්නේය.

එකක් නෙමෙයි දෙකම
තම 10 වන විවාහ සංවත්සරය ආසන්න වෙද්දී හේමන්ත තම බිරිඳ චම්පාගෙන් මෙසේ ඇසුවේය.
’ඔයා වැඩියෙන් කැමැති සිංගප්පූරුවට සවාරියක් යන්නද, එහෙම නැත්තං සාරි කීපයක් මෙහෙන් ගන්නද?’
’අපි යමු සිංගප්පූරුවට. එහෙ සාරි හරි ලාබයිලු අනේ.’
චම්පා ඔහුට හාද්දක් දෙමින් පැවසුවාය.

උඹටත් පුදුමයි නේද?
පියසෝම සාලයට විත් එහි වාඩි වී පුවත්පතක් අතට ගත්තේ සිය බිරිඳගේ් කන්දොස්කිරියාවෙන් බේරෙන්නට බැරිම තැනය. සාලයේ කොනක සෙල්ලම් කරමින් සිටි කුඩා පුතු පියසෝම දෙස බලා මෙසේ ඇසීය.
’ඇයි තාත්තා, අම්මව කසාද බැන්දෙ?’
කුඩා දරුවා දෙස විශ්මයෙන් මද වේලාවක් බලා සිටි පියසෝම මෙසේ කීවේය.
’එහෙනං උඹටත් පුදුමයි ඒක ගැන නේද?’

කොයි කොනද?
දිනපාල සර් ගණිත පාඩමේදි මුලින්ම කළේ ඊට කලින් සතියේ කීප වාරයක් පැහැදිලි කර දුන් ගණිත ගැටලුව පිළිබඳව සිසුන්ගේ අවබෝධය පිරික්සීමයි.
ගුණපාලට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බැව් දුටු දිනපාල සර්ට ඇති වූයේ බලවත් කෝපයකි. හේ තම කෝපය මැඩ ගනිමින් අඩිරූල අතට ගෙන එය ගුණපාල වෙත දික් කරමින් මෙසේ කීය.
’ගුණපාල, උඹ දන්නවද, මේ අඩිරූල කොනේ ඉන්න එකා පල් මෝඩයෙක්.’
’කොයි කොනේ ඉන්න එක්කෙනාද සර්?’
ගුණපාල ඇසුවේ අඩිරූල දෙසත් ගුරුතුමා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

උපුටා ගැනීම : සිළුමිණ