GSP+ : Delegation leaves for key talks

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
EU_SL%281%29.jpg


A Sri Lankan delegation left for Brussels late last night in an attempt to renegotiate the GSP+ trade benefits and discussions are scheduled to be held on May 20, Foreign Ministry sources told Daily Mirror online.

The Sri Lankan delegation consists of Foreign Secretary Romesh Jayasingha, Treasury Secretary P.B. Jayasundara, Justice Ministry Secretary Suhada Gamlath and Attorney General Mohan Peiris.


The visit is the second to take place in months after the same delegation had visited Brussels in March this year to hold key discussions with the European Union in an attempt to regain the GSP+ which is facing suspension since August this year.


During their visit the Sri Lankan delegation met with European Commission Trade Commissioner Mr. Karel De Gucht which was followed by an in-depth and substantive discussion on GSP+ related concerns with the officials handling Trade and External Relations matters in the European Commission.


In further discussions, the Sri Lanka delegation and the EC officials also focused on identifying the specific areas that need to be addressed for Sri Lanka to obtain the trade concessions and the delegation further added that Sri Lanka envisages a methodology of work, that would best permit the issues to be addressed in a purposeful manner.

dailymirror
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
GSP+ ඉල්ලා ආණ්ඩුවේ ලොක්කෝ බ්‍රසල්ස් වන්දනාවේ යති

ලංකාවේ ඇඟළුම් සම්බන්ධයෙන් වූ සහනය වන GSP+ සහනය නැවතත් ලංකාවට ලබා දෙන ලෙස ඉල්ලා රජයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (18) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් ඇත. මෙම විශේෂ නියෝජිතයින් පිරිසට විදේශ අමාත්‍ය ලේකම් රොමේෂ් ජයසිංහ, නීතිපති මොහාන් පීරිස් හා මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දර යන මහත්වරුන් ඇතුළත්ය. මීට පෙර පසුගිය මාර්තු මාසයේදීද රජයේ නියෝජිත පිරිසක් බ්‍රසල්ස් නුවරට ගොස් GSP+ සහනය ඉල්ලා සිටියේය.


මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිස යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමඟ මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳවත්, යුධ ගැටුම් නිමාවීමත් සමඟ ඇති වූ ජාතික ඒකාබද්ධතාව ගොඩනැංවීම හා උතුරු නැගෙනහිර ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම ආදිය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් බර්ලින් නුවරදී පැවැත්වූ සමුළුවකදී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව පවසා ඇත. මෙහිදී වන්නි රැඳවුම් කඳවුරුවල සිටින ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කෙරෙන බවටත්, එහි සිටින කාන්තාවන්ට ලිංගික වධහිංසා සිදු කෙරෙන බවටත් චෝදනා එල්ල වී ඇත. මේ අතරම ලංකාවට දිගින් දිගටම එල්ල වන චෝදනාවන් අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම්, මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම් ආදී චෝදනා එල්ල වී තිබුණු අතර, එව චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් ලංකාවට සුභදායී පිළිතුරක් ලැබී නොමැත.

පසුගිය කාලයේදී ලංකාවට ලබාදී තිබූ GSP+ සහනය ඉවත් කිරීමට ද මෙම තතත්වය හේතු වූ අතර, මෙම තත්ත්වය නිරාකරණය කර ගත හොත් නැවත GSP+ සහනය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව යුරෝපා කොමිසම පවසා තිබිණි. පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසේ ප්‍රධානී බර්නාඩ් සැවේජ් මහතා පැවසුවේ ලංකාවට ලබා දෙනු ලබන GSP+ බදු සහනය සම්බන්ධ සිය සංගමයේතීරණය නිරන්තරව රඳා පවතිනුයේ ශ්‍රී ලංකවේ මානව හිමිකම් තත්ත්වය මත බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේමානව හිමිකම් තත්ත්වය වර්ධනය වූ විට GSP+ බදු සහනය සම්බන්ධයෙන් තම සංගමයට යළි සළකා බැලිය හැකිබවත් සැවේජ් මහතා පැවසීය.

කෙසේ වෙතත් පසුගිය මැතිවරණ සමයේදී ආණ්ඩුව විසින් ලංකාවේ ජනතාවට 'සිංහලෙන්' පැවසුවේ තමන් GSP+ වෙනුවෙන් කිසිවිටෙක දණින් නොවැටෙන බවත්, GSP+ නොමැති වුවද ලංකාවට ඉදිරියට ගමන් කිරීමට හැකි බවත්ය. තත්ත්වය එසේ තිබියදී මේ වන විට දෙවන වරටත් රජයේ නියෝජිතයින් පිරිසක් GSP+ සහනය ඉල්ලා මේ වන විට බ්‍රසල්ස් නුවර බලා ගොස් ඇත.

LT