කුඩා අංකුරය මම
මහා වෘක්ෂයකි අද..
අතුපුරා ගැවසිගත්
කොළ වගෙයි මෑණියන්
මා ළගම උන්නා
ලොවම එය දැක්කා..
මුළු ගසම දරා ගත්
මුල වගෙයි පියාණන්
සැගවිලා උන්නා
ලොවම නොම දැක්කා..
ජීවිතෙන් පැරදුනත්
අප රකින නියාවෙන්
කදුලෙ නුඹ ගිලුනා
නිබද අප රැක්කා..
තවම නොදනිමි මමත්
සෙනෙහසක් වෙද වෙනින්
පියෙකු හද රදනා
ලොවම නොම දන්නා..
මාගේ පියාණන්ට උපහාරයක්ම වේවා..!
~#ඨාකුර්Z#~ විසිනි.

