වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    sitara2.jpg
    sitara1.jpg



    වෛද්‍ය ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමේ දී අනතුරට පත්වු වෛද්‍ය ශිෂ්‍යා සමිතා සමන්මලී රුපියල් මිලියන 500ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    එස්.ඩබ්.ආර්. ඩි. බණ්ඩාරනායක පදනමට එරෙහිව අදාළ නඩුව පැවරිණ.

    සැප්තැම්බර් 17සහ ඔක්තෝබර් 27 දිනවල අදාළ නඩුව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය දින නියම කළේය.

    පැමිණිල්ලේ සදහන් අන්දමට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගනුම ලබන 26 හැවිරිදි ශිෂ්‍යාවකි.

    වෛද විද්‍යාලය මගින් 2008 වසරේ සංවිධානය කරන ලද ප්‍රදර්ශනයකට සුදානම් වීමේදී බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ තිබු කූඩාරමක වහලයේ වු යකඩ ආධාරකයක් ගැලවී අදාළ ශිෂ්‍යාවගේ හිස මත කඩා වැටුණු බව පැමිණිල්ලේ සදහන්ය.

    එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ, අනතුරින් බරපතල තුවාල ලැබු ඇයගේ සුසුම්නාවට දැඩි ලෙස හානි වු බව සහ පපු කුහරයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් වු බවය.

    අනතුරින් පසු පැමිණිලිකාරිය ශල්‍යකර්ම ගණනාවකට භාජනය කීරීමට වු බවත් ඒ හේතුවෙන් පපු ප්‍රදේශයෙන් පහළ මුළුමනින්ම අප්‍රාණික තත්ත්වයට සහ සදාකාලික අබලතාවයට පත් වු බවය.
     
    • Like
    Reactions: thilangr8

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wahale hadapu contractorui eke wada balapu engineer waith sambanda kara ganna thiyenne negligence yatathe.