සඳට තනි නැත පුන්චි තරුවක්
පායලා ඇත සඳ ලඟින්
නෙතට බර වැඩි කඳුලු බිඳුවක්
ගලයි මා දෙකොපුල් මතින්
හිතට හිත නැති පෙමක් මත්තේ
දවයි මා හිත ගින්දරින්
අපට අප නැති ලොවක් වේ නම්
සමු ගනිමි මා ඒ ලොවෙන්
පැතූ ඒ ලොව නොලැබෙනා සඳ
උමතු විය නොසිතූ ලෙසින්
සොහොන් කොත මත තබනු කුසුමක්
පෙමින් මියදුනු මා නමින්
REP ekak dunnata kamak ne

Last edited:



