පියසීලි

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    පියසෝමට පියසීලි මුණ ගැසුණේ අගනුවරදීය.

    දැන හැඳින ටික දිනකින් පියසීලි විවාහ කර ගන්නට කැමැත්ත පළ කළ පියසෝම ඇය සමඟ තම මාමා ගේ නිවසට ගියේ, විවාහය පිළිබඳව ඔහුට දන්වා අනුමැතිය ලබා ගන්නා අදහසිනි.
    :nerd:

    පියසීලි දුටු පියසෝම ගේ මාමා ඇස් උඩ හිඳුවා, නළල රැළි ගන්වා පියසෝම දෙස බැලුවේ බලවත් විමතියකිනි. සීමාවක් නොමැති ඇගේ විරූපී බව දැක කෝපයට පත් හෙතෙම, පියසෝම පසෙකට කැඳවා රහසින් නමුත් කෝපයෙන් මෙසේ කියන්නට විය.
    :angry::angry::angry::angry:

    ’කොහෙන්ද ගොනෝ මේ දරහෑව උඹ හොයා ගත්තේ? දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගෙ එළියට පැනලා. ඇස් දෙක හොඳටෝම වපරයි. බොම්බාය දිහා බැලුවාම පේන්නෙ කල්කටාව. ඒ මදිවට බෙරි තොල යටින් රැවුල් ගස් ඇදිලා. මෙහෙම ගෑනියෙක් ගන්ඩ උඹට ඔල්මාදෙ ද හැබෑට?’
    :angry::angry::angry::angry::baffled:

    ’ඔච්චර හෙමිහිට, රහසේ කථා කරන්ඩ ඕනෙ නෑ මාමේ. පියසීලිගෙ කන් ඇහෙනවත් හොරයි.’ :rofl:පියසෝම බයාදු අයුරින් හිනාවී කීවේය.
    :D:D:D:D:D:D
     
    • Like
    Reactions: mcj1983

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    lol... but he didn't answer the question.. why did he chose to marry her? hehe

    You must spread some Reputation around before giving it to vidura99 again