හඩු වසන්ත

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සන්තකටම ඇති ඩෙනිමත් පැච් දමලා
    ටී ෂර්ට් දෙකයි ඒකත් හොදටම දිරලා‍
    ගේ ළග ලොන්ඩරිය මුගෙ දෙවියන් කියලා
    ඌම කියනවා‍ තියෙනව මට ඇහිලා

    බස් හෝල්ටයක් නැත මූ ගැන නොම දන්නා
    තනිකඩ කෙල්ලො නැත මූගෙන් ගැලවෙන්නා
    ඒ හැම එකාටම මූ පෙම්පත් දුන්නා
    බජාර් එකේ 'හඩු වසන්ත' නම වන්නා

    ලොන්ඩරියේ රෙදි ගෙවෙනව මූ ඇදලා
    ඒවා ගන්නෙ ආයෙත් උන් වොෂ් කරලා
    පිච්චිය නැතත් මූ මුලු රට පටලවලා
    ජීවත්වෙන්නෙ නම් මේකා පොල්කඩලා

    ඩෙනිමේ පැචය උට නම් නිව් පැෂන් වුනී
    ටී ෂර්ටයේ කොළරය මූ ඉරා ගනී
    සීයට ගත්ත සන් ග්ලාසය ඇසට පනී
    හඩු වසන්ත දැන්නම් රජ පුතෙකු වැනී

    චණ්ඩි කමින් උදුරාගත් බයික් එක
    අස්සය පිටින් යනවා මෙන් කුයික් එක
    රාළහාමි කෙනෙකුට දුනි රේස් එක
    අම්මප දුකයි ඇහුවම ඒ කේස් එක

    රාළහාමි අතහැරියේ නෑ ගේම
    හඩ්ඩගෙ බයිකෙ තෙල් අහවර වුනි මේම
    චණ්ඩියා එදා නොන්ඩියා උනනේ ඒම
    කූරු ගනිනවා දැන් මූ හිර ගේම

    එකයි එකයි එක්කලාම දෙක වෙනවා
    එක ළග තැබුවොතින් එය එකොළහ වෙනවා
    චණ්ඩිය උනත් එක මොහොතක බලු වෙනවා
    හඩු වසන්ත මේ ලෙස අද දුක් වෙනවා














    පද ගැලපුම:

    ~#ඨාකුර්Z#~ විසිනි. :P
     
    • Like
    Reactions: akilar25

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umba nevei neda me wasantha :)

    ela machan. umbe godak kawi wala swabawika gathiyak thiyanawa hondata. nikan yaluwek ekka katha karanawa wage.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මට නම් ආරංචිය ආවේ උඹට තමයි ඒ පැත්තේ වසන්ත කියලා කියන්නේ කියලා... :rolleyes::rolleyes::rolleyes:

    පිස්සුද බං මම මේ ලියල තියෙන්නෙ ' බ්ලැක්ෆැට්හි හඩු වසන්ත' නොහොත් මල්ම මල් මල්කවි ගැන, ඒ කියන්නෙ උඹ ගැන:yes::P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද බං මම මේ ලියල තියෙන්නෙ ' බ්ලැක්ෆැට්හි හඩු වසන්ත' නොහොත් මල්ම මල් මල්කවි ගැන:yes::P:P

    ඒ වුනාට මට නම් ආරංචිය පේරලන්ද දෙනියේ ටක්.. ටක්.. ටාකුර් කියලා... :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒ වුනාට මට නම් ආරංචිය පේරලන්ද දෙනියේ ටක්.. ටක්.. ටාකුර් කියලා... :P:P

    හිකි හිකි
    ලියපු එකාම කියද්දි උඹ ගැන ලිව්වා කියල. තවත් කවර කතාද:P:P
     

    paalugama

    Well-known member
  • අපි මේක කියවලා හිනා වෙලා සතුටු වුනාට යාළුවා, ඇත්තටම මේ වාගේ හඩු වසන්තලා ඇයි එහෙම කරන්නේ කියල හිතුවොත් හුගක් දුක හිතෙන ජීවිත කතා ඒවා ඇතුලේ තියනවා.
    ඔයගොල්ල "මචං" ෆිල්ම් එක බලල තියනවද?
    කෝමවුනත් ලස්සන පද ටිකක්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    heh hee...nice one bro...:D
    ස්තූතියි මචං :)

    අපි මේක කියවලා හිනා වෙලා සතුටු වුනාට යාළුවා, ඇත්තටම මේ වාගේ හඩු වසන්තලා ඇයි එහෙම කරන්නේ කියල හිතුවොත් හුගක් දුක හිතෙන ජීවිත කතා ඒවා ඇතුලේ තියනවා.
    ඔයගොල්ල "මචං" ෆිල්ම් එක බලල තියනවද?
    කෝමවුනත් ලස්සන පද ටිකක්
    ඒක ඇත්ත. :yes: :)

    එලම තමයි බන්.....
    පට්ටයි..
    ස්තූතියි
    :)

    patta bro
    :)