EU ඇතුළු රටවල් 09 කින්, ශ්‍රී ලංකාවට රතු එළි
ජගත් ලේකම්වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකාව දක්වන විරෝධය මෙරටට අවාසිදායක ලෙස බලපානු ඇති බවට යුරෝපීය සංගමය ඇතුළු බටහිර රටවල් 09 ක් අනතුරු අඟවති.
ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, රෝමානියා සහ නෝර්වේ යන රටවල මෙන්ම යුරෝපීය සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වීමටද ඉඩ ඇති බවයි.
ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය පිළිබඳ අප දැඩි සේ ත්‍රාසයට පත්වූ බවත්, සාමාකාමී විරෝධතා පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ එක් අංගයක් බවද ඔවුහු පවසති.
එහෙත්, ජගත් සංවිධානයේ ප්‍රවේශයට බාධා කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාල සේවකයින් බිය ගැන්වීම, ඔවුන්ට හිරිහැර කිරීම ජාත්‍යන්තර රීතීන් උල්ලංඝනය කිරීමක් මෙන්ම එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක්වීමට තුඩු දෙන්නක් බවද එම නිවේදනයේ සඳහන්වේ.
එහෙයින් එමසේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ වන සෑම පියවරක්ම ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් එහි රාජ්‍ය දූත පිරිසක්, විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සඳුදා සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත වේ