ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ද්වේශප්‍රිය ආදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරික පිරිස අනෙක් පස විය.
ඉන් වසරක් ගෙවී ගිය තැන තිස් වසරක යුද්ධය නිමා කර රටට සාමය දිනාදුන් දේශපාලන සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර දං ගෙඩියට දක්කාගෙන යාමට එක්සක් ජාතීන් යැයි හැදින්වෙන ඇමරිකානු බළල් අත පිඹුරු පත් සකසයි. මේ ලෝක මිනිමරුවා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දමා අපේ රටේ අතීතයේ සිදුවූ මානව අයිතීන් කඩවීම් සෙවීමට එයි. එසේ එන අතරමග ද අර දෙරටේ මිනිසුන් මරා දමයි. පලස්තීන ජනතාව එලිමහන් සිරගෙයක ලා සිටින ඊශ්‍රායලයට ආශීර්වාද කරයි. මේ කවර නාටකයක් ද? ගණිකාවක් කාන්තාවකගේ පතිවත සෙවීමක් නොවෙද?
අප වරදක් නොකළා නම් පර්යේෂණවලට බිය ඇයිදැයි ඇතැම්හු අපෙන් අසති. එහෙත් වරදක් නොකළ අප පරික්ෂා කිරීමට වැරදි කළ සහ තවමත් කරන අයෙකුට ඇත්තේ කවර අයිතියක් දැයි ඔවුහු නො අසති. එම ඊනියා පර්යේෂණ කමිටුව පිළිගැනීම ම අප වරදක් කළා යැයි පිළිගැනීමක් බව නොසිතති. මේ යෝජනාව මීට පෙර එක්සත් ජාතීන්ගේ බහුතර ඡන්දයෙන් දෙවරක් පරාජය වූ යෝජනාවක් නොසිතති. මෙවන් කමිටු පත් කිරීමට බෑන් කි මූන්ට කිසිදු බලයක් නැති බවනොසිතති. මේ කමිටුවේ අනීවාර්ය උපදේශය ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම පර්යේෂණ මණ්ඩලයක් පත් කරන්න යන නිර්දේශය බව මොවුන්ට නොපෙනේ.
කෙසේ වුව ද මෙදා ඊනියා කමිටුවට සුජාතභාවයක් දෙන්නට පෙළ ගැසී සිටින්නන් ද බොරු විරෝධතා පා ඊට ආශීර්වාද කරන්නන් ද යුද සමයේ ද ක්‍රියා කළේ මෙසේ ම බැව් කිව මනා නොවේ. එකල පවා විපක්ෂයේ සිටි සජිත් පේමදාස වැනි සැබෑ දේශප්‍රේමීහු අදත් රට වෙනුවෙන් පෙනී සිටිති. කොන්දක් ඇති එකෙකු හෝ මෙරට පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු.
බටහිර ආක්රමණිකයා ඉදිරියේ දණ නොනැමූ අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයෙන් උපන් අපි, ලොව දරුණුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගැසූ අපි, දැයේ අභිමාණය වෙනුවෙන් දිවිදුන් පුරන් අප්පු, මද්දුම බණ්ඩාර පරපුරෙන් පැවත එන අපි, හසලක වීර ගාමිණි වැනි වීරයින් විරුවන් උපන් බිමේ හුස්ම ගන්නා අපි, මේ ඊනියා ජාත්‍යන්තර කමිටුවලට ඉඩදිය යුතු නැත. ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු ය. අපට නිදහස දිනා දුන් අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අපේ ජාතියේ අභිමාණයට නිගා නොකළ යුතු ය. පරයින්ගේ වහලුන් ලෙස නිවටව පරගැතිව සිය වසක් ජීවත් වනවාට වඩා අදීන මිනිසෙක් ලෙස මිය යාම අභිමාණයකි. එහෙයිනි මව් බිමේ අභිමාණය, ප්‍රෞඩත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ.
අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත. අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි.