Sex, Magic සහ අපි

Ozzman

Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Sex, Magic සහ අපි
    Rene%20Magritte%20-%20The%20Lovers.jpg
    පොඩි එකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම. “තාත්තේ මල්ලි ආවෙ කොහොමද?” තාත්ත කියනවා “ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ” කියලා. පුංචි එකා නවතින්නෙම නෑ”එතකොට නංගි?” තවත් ගැටලුවක්… ”නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා” තාත්තා කිව්වා. “එතකොට මම?”තාත්තාට බේරිල්ලක් නෑ. “ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්” පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා. එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා-”යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ” කියලා. මේක තමයි ඇත්ත තත්වේ. වැඩිහිටියෝ කො‍ළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ Magic එකක්. ඉස්කෝලේ විද්‍යා පාඩමට ප්‍රජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා. පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා. කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා. කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා, දැං ඔයා ලොකු ළමයෙක් කියලා. එතකොට කෙල්ලට මේක Magic එකක් වෙනවා. එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ Magic එක ගැන. ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ. කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා. ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ. Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි. හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ. ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා.

    Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ. අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    දැන් කොළඹ ආසන්නයේ Rape cases අඩුයි. ඇයි ඒ?අර ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි කහටගස්දිගිලියට, මනම්පිටියට, වනාතවිල්ලුවට සහ හම්බෙගමුවට ඔය පහසුකම නෑ. එතකොට අර මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rapeවෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි. ඇයි ඒ කියල හිතල බලන්න ටිකක්.

    සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත.

    අපි අද මහා ශිෂ්ට ජාතියක් විදිහට ලෝකෙන්ම උතුම් ජාතිය විදිහට පෙනී හිටියට අපේ අතීතය සම්පුර්ණයෙන්ම ලිංගිකත්වයෙන් පිරිලා. පටන් ගන්නෙම අසම්මත ලිංගික කටයුත්තකින්. සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදෙනවා. එතනින් උපදින සිංහබාහු කුමාරයා රාජ්‍යත්වය හින්දා තාත්තා මරනවා. ඊට පස්සේ තමන්ගෙම නංගි එක්ක සහවාසය කරනවා. එතනින් උපදින කුමාරයා විජය. විජය ලංකාවට එවන්නේ ආදරේට නෙවෙයි,ඉන්දියාවේ තියාගන්න බැරි නිසා මැර ක්‍රියා කරන නිසා. එහෙම ආපු විජය දැක්ක කුවේණිට ඉවසන්න බැරි වුනා. ඒ වෙනකොට ලංකාවේ හිටපු කළු කැත යක්කුන්ට වැඩිය විජය ලස්සනයි. ඒකයි අවුරුදු දහසයක පෙනුමක් මවාගෙන විජය අල්ලගන්නේ. එතන ඇතිවුනේ ලිංගික ආශාවක් නෙවෙයි පරම පිවිතුරු ප්‍රේමයක් කියලා කාටවත් කියන්න බෑ. කුවේණි විජයට ලංකාව පාවල දෙන්නේ sex නිසා. මහාවංශය කියන විදිහට තමුන්ගේ යක්ෂගෝත්‍රිකයෝ මරා දාන ක්‍රමය පවා කුවේණි විජයට කියන්නේ යහනෙදි.

    ඊට පස්සේ මොකද වෙන්නේ කුවේණියගේ දරු දෙන්නත් එකට ජීවත් වෙනවා. මේවා අද හැටියට හොදද? තව ඊට පස්සේ උන්මාද චිත්‍රා එක්ටැම් ගෙයක දාලත් තියාගන්න බැරිවුනා. එතනින් ගියාම අනුලා දේවිය, ප්‍රමිලා බිසව මේ සියලුම තැන්වල තියෙන්නේ sex. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ඉසුරුමුණි පෙම් යුවළ ඉන්නේ නන්දා මාලනී අර කියන රාගයෙන් තොර සද එළිය සේ පිවිතුරු ආදරෙන් ද? එතකොට සීගිරි ලලනාවෝ අද අග්‍රගන්‍ය කලා කෘතියක් කියලා කිව්වට ඒ කාලේ Blue films නොතිබුන නිසා කාශ්‍යප රජ්ජුරුවෝ තමන්ගේ ආතල් එකට අන්දවපු ඒවා කියල කාට හරි තර්ක කරන්න පුළුවන්.

    එතකොට ඉස්සර අපේ ඉතිහාසය තුළ එකගෙයි කෑම වගේ සංකල්ප තිබුනා. සුද්දෝ ලංකාවට එනකොටත් පැලක් හදාගෙන එක්තැන් වුනා මිසක් නීතියෙන් කඩදාසි වල අත්සන් කරලා අයිති කරගන්න සිරිතක් තිබුනේ නෑ. සුද්දෝ ආවට පස්සේ අපි සුද්දන්ට වැඩිය සුද්දෝ වුනා. අමුඩ සරම් ගලවලා කලිසම ඇදගත්තා,ඒත් සුද්දගේ භාෂාව අල්ල ගත්තේ නෑ. බොරු වික්ටෝරියානු සදාචාරේ හොරකම් කරගත්තා, ඒත් ආකල්පමය විදිහට ශිෂ්ට මිනිස්සු වෙන්න අදටත් බැරිවෙලා තියෙනවා. නැත්තං අදටත් බස්එකක කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්. ඉතින් මේකයි තත්වේ. අපි Trend එකට ශිෂ්ට වෙන්න හදන ජාතියක්. ඒ නිසා ලංකාව තුළ ජන සමාජයේ පැවැත්ම වන සංසර්ගිය ක්‍රියාව රහසින් සිදුකල යුතු ක්‍රියාවක් බවට පත්වෙලා තියෙනවා. මේක ඛේදවාචකයක් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්.

    *Painting By Rene Magritte [The Lovers]

    Courtesy : -BOONDI-
    Credit goes to Original Writer, අරවින්ද රත්නායක
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    100% true machan
    but meka piliganna ape ayata(wisheshayenma parana ayata) puluwan wei kiyala.simply cos egollo loku(BORU) abimanayakin inne ape sadacharathmaka( :rofl: ) sanskrutiya gana.api balana konayen newei godak aya meka diha balanne :(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    එක පැත්තකින් කතාව ඇත්ත ඒ උනාට මේ තියෙන ක්‍රමයට උඩුගං බලාගෙන පීනන්න බැ නේද?

    අර ඉස්සර ගැනුළමයෙක්ට උතුරේ ඉදං දකුණට නිදහසේ යන්න පුලුවං කියලා කතාවක් උනත් තියෙනවා නේ

    මෙතන වෙලා තියෙන්නෙ sex කියන්නේ තනිකටම taboo subject එකක් කරලා තියෙන එකයි
    ඒ topic එක එහෙම්පිටින්ම suppress කරලා තියෙන්නේ

    එහෙම වෙන්න අපිට කොහේද වැරදුනේ ???????

    කාමේසුමිච්චාචාරා වේරමණී සික්ඛාපදං කියන එක මහා කුණුහර්පයක් කියලා හිතන සමාජයකයි අපි තාම ඉන්නේ
    ඒ අතින් අපි තාම ගල් යුගේ

    අපි මේ දේවල් ගැන openly කතා කරනවා නං
    පොඩි උන්ට proper sex education එකක් දෙනවා නං
    sex කියන්නේ මහ දෙයක් නෙවේ කියලා තේරුම් කරන්න පුලුවං නං

    මේක මහා ලොකු issue එකක් වෙන්නේ නැ


    ඒ උනාට ඔය කොච්ච්චර කිව්වත් ඔච්චර sex ගැන අපි මේ කතාකරන vision එක තියෙනෙ western countries වල උනත් rape case නැත්තේ නැ

    අනික මේ boys schools / girls schools කියලා වෙන් කරලා තියෙන එකෙන් වෙන්නෙත් ඔය article එකෙන් කියන එකම තමා
    එකිනෙකා ගැන මහා ලොකු curiosity එකක් දෙනවා
    මෙව්වා මහ උන් කවුරුත් නොදන්නවා නෙවේ ඒ උනාට පවතින ක්‍රමය වෙනස් කරන්න බයයි

    ඇයි ඒ ????? අපේ සංස්කෲතිය සබ්‍යත්වය සදාචාරය අවුරුදු 2500+ ඉතිහාසය

    ඔව්වා ගැන කියකියා වංසේ කබල් ගාන්න තමා වෙන්නේ :P