එයා එල්ලිලා
”අම්මේ මගෙ අතින් වහලෙට හේත්තු කරලා තිබුණු ඉණිමඟ පෙරළුණා. ඉක්මනට ඇවිත් ඒක කෙළින් කරලා දෙනවද? තම කුඩා පුතු කෑ ගසා කියනවා චාන්දනීට ඇසුණි. ඈ සිටියේ දිවා ආහාරය පිළියෙල කරමිනි.
”මම කුස්සියෙ වැඩක් පුතා. තාත්තට කියන්නකො ඒක කෙළින් කරන්න කියල. චාන්දනී සිටි තැනම සිට උස් හඬින් කීවාය.”
”තාත්තට ඒක කරන්න බැහැ අම්මේ. එයා ඉන්නෙ වහලෙ එල්ලිලා.” පුතා පිළිතුරු දුන්නේය.
තව මාස 10 ක්
මැණිකේ විවාහ වුණේ පාසල් දිවියට ආයුබෝවන් කිව්වත් එක්කමයි. ඈ නිළියක් වුණෙත් විවාහයෙන් පස්සෙයි. ඒ වෙන කොට මැදිවියේ පසුවූ ඇයට ඇගේ තරමටම උස මහත රූමත් දියණියකුත් සිටියා.
දවසක් දා කලා පත්තරයක ලේඛකයකු මැණිකේ හා කතා බහ කොට පිටවී ගියායින් පස්සේ දියණිය මැණිකේට මෙන්න මෙහෙම කිව්වා.
”අම්මා, අම්මගෙ වයස කීයයි කියල කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණාකරලා එහෙම වයස කියන කොට මගෙ වයසට වඩා මාස 10 ක් වත් වැඩියෙන් කියන්න.”
දුර්වලම තැන
”ඕනෑම රෝගයක් ශරීරයේ දුර්වලම තැනටයි මුලින්ම හැදෙන්නෙ.” වෛද්‍ය ගුණසේකර එසේ පැවසුවේ තමන්ගෙන් ප්‍රතිකාර ගන්නට ආ කොළඹගේ පරීක්ෂා කරද්දීය.
”එහෙනං ඒක තමයි දොස්තර මහත්තයෝ අපේ පවුලට නිතරම ඔළුවේ කැක්කුමක් හැදෙන්නෙ නේද?” යනුවෙන් කොළඹගේ කීවේ කහට බැඳුණු දත් පෙන්වා සිනාසෙමිනි.
ඒ හින්දම තමයි
අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං” අරුණ, මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය. ”එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?”
”ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.” අරුණ කීවේ කෝපයෙනි.
දන්නෙ කොහොමද?
කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.
ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.
”කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?”
එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.
”මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?”
”නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල.”
සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.
ගනුදෙනු කාරයෝ කවුද?
දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්ෂණය කර තිබුණි.
දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.
”කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?”
”කස්ටර්මර්ස්ලා සර්” අනුලා තොදොල් වෙමින් තෙපළාය.
”ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද? ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
උපූටා ගැනීම -