AMAZON ගග සොයාගත් FRANCISCO DE ORELLANA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    AMAZON ගග සොයාගත් FRANCISCO DE ORELLANA

    ඇමේසන් ගග සොයාගත්

    ප‍්‍රැන්සිස්කෝ ද ඔරෙල්ලනා



    දකුණු ඇමෙරිකාව ගවේෂණය කිරීමේ ලා පූරෝගාමීත්වය ගෙන කටයුතු කළ වුන් අතරට ප‍්‍රැන්සිස්කෝ ද ඔරෙල්ලනාට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇමේසන් ගංගාව මුළුමනින්ම පාහේ ගවේෂණය කළ පළමුවැනියා ලෙසින් සැළකෙන්නේ ඔරෙල්ලනායි. ස්පාඤ්ඤ ජාතිකයකු වන හෙතෙම කි‍්‍ර. වර්ෂ 1500 දී පමණ ට්රුජිලෝ හිදී උපත ලැබුවා.ඔරෙල්ලනා, පිසාරෝ පවුලේ සමීපතම මිතුරකු ලෙසින් ද බොහෝ විට ඔවුන්ගේ ඥාතියකු ද විය හැකි බවයි ඇතැම් වාර්තා වල සඳහන් වී තිබෙන්නේ.

    Francisco_de_Orellana1.JPG


    Bronze head of Orellana in Trujillo, Spain

    1535 දී ෆ‍්‍රැන්සිස්කෝ පිසාරෝ සමග පීරු රටට පැමිණි ඔරෙල්ලනා සිවිල් යුද සමයේදී පිසාරෝට සහාය දැක්වූවා. ඔරෙල්ලනාහට ඉක්වදෝරයේ වෙරළ බඩ ප‍්‍රදේශය පාලනය කිරීම පැවැරුණු අතර ගුවාක්විල් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූයේද ඔහුයි. ක්විටෝ හි ආණ්ඩුකාර තනතුර දැරූ ගොන්සාලෝ පිසාරෝව දේශ ගවේෂණ ගමනකට පිටත් කර හරින්නට ප‍්‍රැන්සිස්කෝ පිසාරෝ තීරණය කළා. දකුණු ඇමෙරිකාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇතැයි සිතූ ‘කුරුඳු ද්වීපය’ සොයාගැනීමයි එම ගමනේ අරමුණ වී තිබුණේ. ක්විටෝ හි සිටි ගොන්සාලෝ, ස්පාඤ්ඤවරුන් 220 දෙනෙක් වද, ස්වදේශිකයන් 4000 ක් ද, මේ සඳහා සූදානම් කර ගත්තා. මෙම චාරිකා ගමනේ දෙවැනියා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව උදා වී තිබුණේ ඔරෙල්ලනාටයි. ඔහු ගුවාක්විල් ප‍්‍රදේශයෙන් අශ්වරෝහක හමුදාවක් සූදානම් කරගෙන ක්විටෝ වෙත පැමිණියා. එහෙත් ඒ වන විටත් ගොන්සාලෝ තම පිරිවරත් සමග ගමන ආරම්භ කර තිබුණා. ඔවුන් පසුපස ගමන ඇරඹූ ඔරෙල්ලනාහට, එම පිරිස මුණ ගැසීමට හැකියාව ලැබුණා.නැපෝ හි අතු ගංගාවක් වූ කොකා ගංගාව වෙත පැමිණි මේ පිරිස කුඹ දෙකේ රුවල් නැවක් ඉදි කළා.

    Pizarroshipbuilding.jpg


    මේ වනවිටත් ඔවුන’තරින් බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයෙන් පසුවුණු අතර ආහාර පාන ද මේ වනවිට අවසන් වී තිබුණා. ඔරෙල්ලනා සහ පනස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ගඟ දිගේ පහළට ගමන් කළේ ආහාර සොයා ගෙන ඒමේ අදහසිනි. නැපෝ හි ගම්මානයට පැමිණි ඔවුන් ආහාර පාන එක් රැස් කර ගත්ත ද නැවතත් අනෙකුත් පිරිස සිටි ස්ථානයට යා නොහැකි වුණා. කෙසේ හෝ තිදෙනෙකු අත ගොන්සාලෝ වෙතට පණිවුඩයක් යවා ගන්නට ඔරෙල්ලනා සමත් වුණා. එහෙත් මේ වන විටත් ගොන්සාලෝ නැවතත් ක්විටෝ වෙත ගොස් තිබුණු අතර ඒ වනවිට ජීවත්ව සිටියේ පිරිසෙන් අසූූ දෙනෙකු පමණි.

    foto_0WvMehva_gra.jpg


    නැපෝ ගම්මානයෙන් නැවතත් ගමන ආරම්භ කළ ඔරෙල්ලනා ඇමේසන් ගංගාව ඔස්සේ පහළට ගමන් කළා. මෙහිදී ස්වදේශිකයන් හා සටන් වදින්නට ඔහුට සිද්ධ වුණා. ස්වදේශිකයන් හා සටන් වදිමින් පහළට ගමන් කළ පිරිස ඇමේසන්වරුන්ගේ පාලන ප‍්‍රදේශයට පිවිසුණා. 1542 ජූනි 24 වැනි දින මෙම ස්පාඤ්ඤවරුන්ට ඉන්දියානු කාන්තාවන් හා සටන් කරන්නට සිද්ධ වුණා. ඔරෙල්ලනා මෙම රණ ශූරියන් හැඳින්වූයේ ඇමේසන් කාන්තාවන් නමිනි. ඇමේසන් ගංගාවට මෙම නම ලැබුණේ ද මේ ආකාරයෙනි.

    13702-004-8F3ED531.jpg


    මේ දීර්ඝ වූත් දුෂ්කර වූත් චාරිකාවේදී ඔරෙල්ලනා ඇතුළු පිරිස ගමන් ගත් රුවල් නෞකාව අබලන් වුණා. එය ප‍්‍රතිසංස්කරණය කිරීමට දින 18 ක කාලයක් ගත වුණු බවයි වාර්තා වෙන්නෙ. ගංගාව ඔස්සේ ගමන් කළ ඔවුන්ට මුහුදට ඇතුළු වීමට හැකි වූයේ 1542 අගෝස්තු 26 වැනිදායි. මෙහිදී ඔවුන් ගමන් ගත් නෞකා දෙක එකිනෙකින් වෙන් වුණා.ඔරෙල්ලනා ගමන්ගත් වික්ටෝරියා නෞකාව ටි‍්‍රනිඩෑඩ් වටා ගමන් කර පාරියා නම් මුහුදු බොක්කේ දින හතක් කොටූ වී සිටියා. අවසානයේදී ඔවුන්ට 1542 සැප්තැම්බර් 11 වැනිදා කියුබගුවා පෙදෙසට පැමිණෙන්නට හැකි වුණා. සැන් පේෙද්‍රී නෞකාව උතුරින් ගමන් කර ටි‍්‍රනිඩෑඩ් පසුකරමින් කියුබගුවා වෙතට සමීප වූයේ සැප්තැම්බර් 9 වනිදායි. තම මව් රට වන ස්පාඤ්ඤයට යෑමට තීරණය කළ ඔරෙල්ලනා කියුබගුවාවෙන් පිටත් වුණා. මෙහිදී ඔහු පළමුවෙන්ම පැමිණියේ පෘතුගාලයටයි. පෘතුගාල රජතුමා, ඔරෙල්ලාව සාදරයෙන් පිළිගත්තා. ටික දිනක් පෘතුගාලයේ ගත කළ හෙතෙම තම මව් රට බලා පැමිණියා. ස්පාඤ්ඤ රාජ සභාව ඉදිරියේ තම ගමනේ තොරතුරු පැවසූ ඔරෙල්ලනා, එම තොරතුරු වලින් රාජ සභාවේ සාමාජිකයන්ව කුල්මත් කළා.ඔරෙල්ලනා පැවසූ විස්තරයට සවන් දුන් රාජ සභාව මේ පිළිබඳව මාස නවයක් පුරා සැළකිල්ලට ගෙන එම ප‍්‍රදේශය යුද බලයෙන් අත්පත් කරගන්නට අවශ්‍යය බලය පවරා දුන්නා. මේ සඳහා කොන්දේසි මාලාවක් ද ඉදිරිපත් කළා. එම කොන්දේසි වලට අනුව එම ප‍්‍රදේශ තවදුරටත් ගවේෂණය කර, පදිංචි වීමට අවසර ලැබුණා.

    orellana.jpg


    ඇමේසන් ප‍්‍රදේශයට ගිය පසු එහි නගර දෙකක් ඉදිකරන්නට නියමිතව තිබුණු අතර ඉන් එක් නගරයක් ගඟ අද්දර ඉදි කළ යුතු බවයි රාජ සභාවේ නියෝගය වී තිබුණේ.මෙම කොන්දේසි වලට එකඟ වුණු හෙතෙම දේශ ගවේෂණ ගමනට සූදානම් වුණු අතර යම් යම් අර්බුද හට ගැනීම හේතුවෙන් ඒ ගමන දිනෙන් දින කල් ගියා. කෙසේ වුවද හැම බාධකයකටම මුහුණ දෙමින් තමන්ගේ ගමන ආරම්භ කරන්නට ඔරෙල්ලනා සමර්ථ වුණා.පළමුව ඔහු පැමිණියේ කැනරි දිවයින් වෙතටයි. එහිදී ඔහු නෞකා වලට ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්නට තෙමසක කාලයක් ගත කළා. ඉන් අනතුරුව ඔහු තවත් දෙමසක කාලයක් කේප් වර්ඩේ දිවයින් වල ගත කළා. මෙහිදී එක් නෞකාවක් අහිමි වුණු අතර නාවිකයන් 98 දෙනෙකු ලෙඩ රෝග වැළඳීමෙන් මියගියා. තවත් 50 දෙනෙකු ඔවුන’තරින් පැන ගියා. මෙවැනි කරදර බාධක මධ්‍යයේ ඔරෙල්ලනා 1545 දෙසැම්බරයේ නත්තලට පෙර බ‍්‍රසීලයට පැමිණියා. තමන්ට ඉතිරිව සිටි හමුදාව ඇමේසන් වෙතට පිටත් කර හැරියා. මෙහිදී ඔරෙල්ලනා ඇතුළු පිරිසට ඉන්දියානුවන්ගේ ප‍්‍රහාර වලට ලක් වෙන්නට සිද්ධ වුණා. විස කැවුණු ඊතල වැදීම නිසා 17 දෙනෙකු මරු මුවට පත් වුණා. දැඩි කණගාටුවට පත්ව සිටි ඔරෙල්ලනා ඒ නිසාම අසනීප වී 1546 නොවැම්බරයේදී අවසන් හුස්ම හෙළුෑ බවයි වාර්තා වෙන්නේ.



    Denuma ඇසුරින්

    image-0B4B_4C493876.jpg
    3546452454_e61c2951fa.jpg


    image-C11A_4C493876.jpg
    image-625B_4C493876.jpg


    image-951C_4C493876.jpg
    image-F29F_4C493876.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඈ බං උබ නිකම් කියන්නේ ඇමේසන් ගග නැතිවෙල තිබ්බ වාගේනේ.:rofl:
     
    • Like
    Reactions: hemalsilva
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ටැන්කිවු වේවා තොරතුරු වලට.

    ---
    හුටා.. ප්‍රැන්සිස්කෝ කාරයා ඇම්සන් හොයා ගන්න කලින් එහෙම ගගක් තිබ්බෙ නැද්ද:P
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඈ බං උබ නිකම් කියන්නේ ඇමේසන් ගග නැතිවෙල තිබ්බ වාගේනේ.:rofl:

    ටැන්කිවු වේවා තොරතුරු වලට.

    ---
    හුටා.. ප්‍රැන්සිස්කෝ කාරයා ඇම්සන් හොයා ගන්න කලින් එහෙම ගගක් තිබ්බෙ නැද්ද:P

    KALIN THIBILA THIYENAWA.ETH AMAZON LASSANA KELLO THAMAI IDALATHIYENNE :D:D:D

    EYALA HARI SERAILU :yes::yes:

    FRANSICO THAMAI MELLA KARAN THIYENNE.:P
     

    Similar threads