Sri pada Travelogue (Hatton - Nallathanni Trail)

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    sripada.jpg

    ශ්‍රී ලංකික බෞද්දයන්ට ඉතාමත් පුජනිය වූ ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය.ශ්‍රී පාදස්ථානය සමනල කන්ද,ආදම්ගේ කන්ද(Adam "s peak )ලංකාවේ වැඩියෙන්ම තරණය කරන පුජනිය කන්ද / ස්ථානය විදිහට ශ්‍රී පාදස්ථානය සලකන්න පුළුවන්.අඩි 7,359 ක උසකින් යුතු මෙය පිහිටා තිබෙන්නේ මද්‍යම කඳුකරයේ දකුණු දිග තීරයට වෙන්න රත්නපුර දිස්තිර්ක්කයෙයි.
    හරියටම කිව්වොත් රත්නපුර ඉඳන් කිලෝමීටර් 40 ක් පමණ ඊසාන දිශාවෙන්(Google Earth ,6°48′41″N 80°29′59″E )
    5xjtk9.jpg


    ශ්‍රී පාදස්ථානය අවට ඇති වනාතර ප්‍රදේශය හැඳින්වීමට විවිධ නම් බාවිතා කරනවා.ශ්‍රී පද අඩවිය,සමනල අඩවිය,සමන්දෙව් අඩවිය ඒවායින් ටිකක්.ශ්‍රී පාදස්ථානයේ මුදුන හඳුන්වන්නේ මලුව නමින්.එහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ ලන්ජ්චනයක් පිහිටා තිබේ යයි බෞද්දයින් විශ්වාස කරයි.එනම් පුරාවුර්ත වලට අනුව බුදුන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩම කල අවස්ථාවේ සමන් දෙව්රජුන්ගේ ආරාධනය පරිදි මෙම ස්ථානයට වැඩම කොට සියලුම බෞද්යන්ට උන්වහන්ස්සේ සිහිවිමටත් වැඳපුදා ගැනීමටත් සිය වම් පාදය සමන් දෙව්රජුන් විසින් තබා තිබු නිල් මැණිකක් මත සටහන් කල බවයි.නමුත් අද වන විට අපිට ඒ නිල් මැණික සහිත නියම සිරි පතුල බැලීමට නොහැකි අතර එය උඩින් ගල්තබා සිමෙන්ති දමා සකස්කළ පසුව නිර්මාණිත ශ්‍රී පතුලක් දැකිය හැක.

    ශ්‍රී පාදස්ථානයේ වන්දනා සාමය අරඹ වන්නේ දෙසැම්බර් මාසයෙයි.අතීතයේ පටන් රත්නපුර ගල්පොත්තාවල පන්සල් භුමියේ තැන්පත් කර ඇති පෞරාණික සමන් දේව ප්‍රතිමාව දෙසැම්බර් මාසයේ උඳුවප් පෝයත් සමගින් ඇති උත්කර්ෂවත් පෙරහරක් මගින් ශ්‍රී පාදස්ථාන මළුවට වැඩවම්මවමින් ශ්‍රී පද වන්දනා සාමය අරඹ වේ.මෙහිදී සිදුවේ යැයි සැලකෙන එක හාස්කමක් නම් මෙම ප්‍රතිමාව රත්නපුර සිට නල්ලතනියට වඩම්මවන දිනයේදී එම ගමන් කරන මාර්ගයට වැසි ඇදවටිමියි .බොහෝ දෙන කියන්නේ එය සම්න්ද්වියන්ට වැඩීමට මාර්ගය පිරිසිදු වීමක් යනුව්වෙනුයි.
    මාස හතරක් තිස්සේ පවතින ශ්‍රී පද සාමය ඔක්තෝම්බර් මාසයේ පොහොයත් සමග අවසන් වේ.මෙහිදී සමන් දේව ප්‍රතිමාව ආපසු පන්සල් බුමියට වැඩම්මවයි.මේ කාල සිමාව තුල දහස් ගණනින් බැතිමතුන් ශ්‍රී පාදයට එන අතර ඔවුන් අතරට විදේශිකයන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එක්වෙයි.

    ශ්‍රී පාදස්ථානයට ගමන් කළහැකි මාර්ගයන් 6 ක් පවතී.ඒවා පිලිවෙලින්,හැටන් - නල්ලතන්නි මාර්ගය,රත්නපුර - පලාබද්දල මාර්ගය,කුරුවිට - එරත්න මාර්ගය
    මාලිබොඩ මාර්ගය හා එතරම් පරසිද්ධ නොවූ මුර්ර්යිවැට්ටේ හා මූකුවට්ටේ මාර්ගයි.මේවයින් වැඩිපුරම බාවිතා වෙන්නේ හැටන් - නල්ලතන්නි මාර්ගයයි.එය අන් මාර්ගවලට වඩා දැඩි බැවුම් සහිත වුවත් මාර්ගයේ කෙටි බවත් සපයා ඇති පහසුකම් නිසාත් බහුතරය එම මාර්ගය බාවිතා කරයි.

    හොඳයි දැන් මම ශ්‍රී පාදය ගැන කෙටි හැඳින් වීමක් කාලනේ,මම දැන් යන්නම් මේ ත්‍රෙඩ් එකේ වැදගත් කොටසට.ඒ කියන්නේ නියම travelogue එක.(මම මේ travelogue එක ලියල තිබ්නුනේ ගොඩ කාලෙකට කලින්,ඒකනිසා සමහර විස්තර වෙනස්වෙන්න පුළුවන්.කව්රුහරි එහෙම දෙයක් දකොත් මට PM කරන්න මම එක correct කරන්නම්.)

    අපි මේ ගමන ගියේ 2010 ජනවාරි මාසේ.අපේ කට්ටිය 5 ක් ගියා.අපි මේක යොදාගත්තේ දවස් දෙකක ට්‍රිප් එකක් විදිහටයි.(අපිට අවශ්‍ය උනා උදේ වෙනකොට මුදුනට ගිහින් ඉර නැගගෙන ඒම(ඉරසේවය) බලන්න.එක නිසා අපිට සිද්දවුන මුලුගමනට ගතවන කාලය කිරල මැනලා බලන්න.මුලින්ම සිද්ද උනේ යන වහනය තොර ගන්න,නමුත් අපිට කර එකක් ඩ්‍රයිව් කරලා අපහු බහලත් ඩ්‍රයිව් කරන එක අමාරුයි කියල තේරුණා නිසා අපි අපේ වාහනේ විදිහට කෝච්චිය යොදාගන්න තීරණය කලා.අපි මුලින්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකට ගිහින් දුම්රිය කාලසටහන බැලුව.අපිට යන්න ඕනේ නල්ලතනිය ධල්ල්හාවුසි කියන නගරයට.නමුත් අපි යනන ඕනේ ප්‍රදාන දුම්රිය මාර්ගය (main line එක)නල්ලතනිය හරහා යන්නේ නැහැ.ඉතින් අපි තීරණය කලා ඊට කලින් නගරයකින් බැහැල බස් එකේ ගිහින් යන්න.මෙතනදී අපි බලන්න ඕනේ අපේ ගමන් මහන්සිය ගැන.හැටන් නල්ලතන්නි ට්‍රේල් එක කිලෝමීටර 6 ක් පමණ දුරයි.එක නිසා එතනට යනකන් හොඳට සැප පහසුවට යන්න පුලුවන්නම් හොඳයි.එක නිසා අපි තීරණය කලා නවලපිටිය ස්ටෂන් එකෙන් බැහැල අපේ කණ්ඩායමේම යහළුවෙකුගේ ගෙදරකට ගිහින් නාල විවේකයක් අරන් යන්න.(මම මෙහෙම ගොඩක් විස්තර දන්නේ මේක කියවල මේ විදහට යන්න තීරණය කරන කාටහරි උදව්වක් හැටියට)
    ඉතින් අපි උදේම කොළඹ කොටුව ස්ටෂන් එකට ඇවිත් එතනින් උදේ 9.45 ට යන "පොඩි මැණිකේ" කොචියට නැග්ග.මෙතැනදී අනිවාර්යෙන් මතක තියාගන්න දෙවන පන්තියේ හෝ පලවන පන්තියේ ටිකට් ගන්න.තුන්වන පන්තිය හිතාගන්නවත් බැරි තරමට පිරෙනවා.අපි නවල පිටියට යනකොට දහවල් 2.30 ට පමණ වෙලා .එතනින් පස්සේ අපි අපහු ලෑස්තිවෙලා හවස 3.30 ට පමණ හැටන් යන බස් එකකට නැග්ග.(මේ බස් එක නවල පිටිය ටවුන් එකෙන් ගන්න පුළුවන්,ස්ටෂන් එකෙන් බැහැල පාරේ දකුණු ඇත පතෙන් ටිකක් ඉස්සරහට යනකොට බස් ගහන තැන තියනවා.නමුත් කව්රුහරි කෙලින්ම හැටන් දක්වා කෝච්චියේ යන්න හිතන් ඉන්නවනම් කෙලින්ම නල්ලතනි බස් එක ගහන තැන හම්බෙනවා.)
    බස් එක හැටන් වලට යනකොට හවස 6 පමණ වෙලා.බස් එකෙන් බැහැල ටික දුරක් ඉස්සරහට එනකොට පාරේ දකුණු ඇත පැත්තේ ෆුඩ්සිටි එකක් තියේ එතනින් ගමන යද්දී කන්න බොන්න ඕනේ දේවල් ගන්න පුළුවන්.(ඕනේ කරන දේවල් මෙතනින් අරගෙන බැක්පැක් එකේ දාගන්න,ට්‍රේල් එකේ තියන කඩ වල ගාන ගොඩක් වැඩි.ex - 1.5 මෙගා coke එකක් 600 ක් වෙනවා.අනික තියන කෑම කන්න අමාරුයි.)

    (tip -බැක්පැක්එක
    හයිකින් බැක්පැක් එකක් වෙනවනම් හොඳයි ,බඩු කොචර දැම්මත් බර ගානට center වෙනවා එතකොට කොන්දට පොඩ්ඩක් වත් අමාරු නැ.)

    ෆුඩ්සිටි එකෙන් බඩු ගත්තනම් ඊළඟට කෙලින්ම ඉස්සරහට ගියාම පාරේ වම් පැත්තෙන් හැටන් ස්ටෂන් එක පේනවා.එතනට යන්න පොඩි යකඩ පාලමකින් යන්න ඕනේ.එතනට ගියාම ස්ටෂන් එකට ඇතුල්වෙන තැනම තම නල්ලතන්නි,දල්හෞසි බස් එක නවත්තන්නේ.අපි එතනට එනකොට 6.15 ට විතර ඇති අපි ඇවිත් ටික වෙලාවකින් බස් එකක් අව,නමුත් මේ බස් එක ගොඩවේලාවක් පාර්ක් කරන ඉන්නවා .මතක් තියාගන්න බස් එක අවම නැගල ඉන්න,රැ උනාට බස් එක ඉකමනට පිරෙනවා.එතනින් එනකොට 7.15 ට විතර ඇති.අපි නල්ලතනියට එනකොට වෙලාව 9 ට පමණ වෙලා.බස් එකෙන් බැහැල එකපාරටම නගිනවට වඩා ටික වෙලාවක් ඉඳල නගිනවානම් තම හොඳ.එතකොට ඒ පරිසරයට චුට්ටක් හැඩගැහෙන්න පුළුවන්.

    මෙතැන් ඉඳල ඉතින් වැඩි විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ හැමෝටම හොඳට ට්‍රේල් එක පෙන්වා.ටිකදුරක් යනවිට හම්බෙනවා මකර තොරණ.එතනනින් තමා ශ්‍රී පද අඩවිය අරඹ වෙන්නේ.මෙතනදි කෝඩුකාරයන් බුදුන් වැඳීම හා සම්න්දෙවියන්ගෙන් අවසර ගැනීම සිදු කරනවා.ඉන්පසුව හමුවෙන්නේ සීත ගඟුල.මෙතනදී නැවතත් කෝඩුකාරයන් විසින් සමන් දෙවියන්ට පුජ පවත්වන්න ඕනේ.(මෙම පුජ බඩු දෙපැත්තේ තියන කඩ වලින් ගන්න පුළුවන්.).සීත ගඟුල ළඟ නාන්න සකස් කරපු පීලි තියනවා.නමුත් සීතල නම් දරන්න ටිකක් අමාරුයි.මෙතනින් පස්සේ නම් නගින එක ටිකක් අමරුයි.හිතලත් නගින්න නගින්න වැඩි වෙනවා.පාරත් ටිකක් අමාරුයි.මේ ටික පහුකරන් යනකොට ඊළඟට හම්බෙන ප්‍රදාන තැන තමා ඉඳිකටු පහන.මෙතනත් අයෙත් කෝඩුකාරයන් විසින් පුරන චාරිත්‍රයක් ඉටු කරන්න ඕනේ.තමන්ට හම්බෙන ඉන්දිකට්ටයි නුලයි අරගෙන එතැන් තියන වටේ දිගට ඇදගෙන යන්න ඕනේ.අනිත් පුජ භාණ්ඩත් පුජ කරන්න ඕනේ.මෙතනින් පස්සේ තැනින් තැන අල්ලගන්න යකඩ බාර් එකක් යනවා.හුළඟ සහ සීතල ගොඩක් තදින් දන්නෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ හම්බෙන ප්‍රදාන තැන තමා මහගිරිදඹේ (great rock climb ).මේක ටික amarui පඩිපෙලක් අපේ දනිස්සක් තරම් උසයි.එක නිසා පරිස්සමෙන් නගින්න ඕනේ.ඔන්න මෙටිකත් කොහොම හරි නැග්ගම තමා මළුවට එන්න පුළුවන් වෙන්නේ.මම අර මුලදී කිව්වා කාලය කලමනාකරණය හරියට කලේ නැත්නම් මෙතැනදී අපිට පොඩි අපහසුත්වයකට මුහුණ දෙන්න වෙනවා.එක තමයි ඉර නැගගෙන එනකන් අධික සීතලට හා හුළඟට මුහුණ දෙන්න වෙන එක.අපි යනකොට උදේ 3.30 විතර වෙලා තිබුන.එක නිසා අපිට පැය දෙකකට අසන්න කාලයක් හීතලේ ඉන්න උනා.හැමතැනම සලබයන් පියාඹන නිසා වධිවෙනවානම් හෝ අවිදිනවානම් හොඳට බලල ඇවිදින්න ඕනේ.උදේ ඉර උදාවත් එක්ක තමා මළුවේ පුජාව පවත්වන්නේ.පුජාවෙන් පසු සෙනග පොරකනවා ඉකමනට මලුව ඇතුලට යන්න.නමුත් එහෙම සෙනග ගොඩේ යනවට වඩා පය බාගයක් විතර ඉඳල යනවනම් තමා හොඳ.මොකද නැත්නම් අපිට හරියට වන්දින්නවත් වටපිටාව බලන්න වත් හම්බෙන්නැ.මේ වෙනකොට ඉර පයලා නිසා හිතලත් ටික ටික අඩුවෙනවා.වැඳලා ඉවර උනාම ඉතින් අපහු යන්න ඕනේ.මෙඅතැනදී නැවතී නැවතී බහිනවට වඩා ඉකමනට ඉක්මනට බහිනවානම් අමාරුව ගොඩක් අඩුකරගන්න පුළුවන්.කොහොමත් උදේ 7 ට විතර බහින්න ගතහොත් 12 ,1 වෙද්දී බහින්න පුළුවන්.අපි පහල එන විට 12.30 පමණ වෙලා තිබුන.එතනින් අපි අයෙත් හැටන් වලට ඇවිත් colombo බස් එකක් ගත්ත.මෙතනදි intercity එකක් ගනිමනම් අනිවාර්යයි .


    තව අමතර විස්තර හැටියට මහගිරිදඹේ හා ඉඳිකටු පහන අතර ශ්‍රී පාද පලනදිකාරිය විසින් පවත්ගෙන යන සනීපාරක්ෂක ස්ථානයක් තියන්වා.නමුත් මේවා එතරම් හොඳ මට්ටමින් පවත්වාගෙන යන්නේ නැහැ.
    බ්ලන්කෙට්,ජැකට් හෝ ස්විටර් එනිවර්යෙන් ඕනේ කරනව්.අතරමගදී බිමට වතුර බෝතල්.සහ කෑම අරන් යනවනම් ගොඩක් හොඳයි.
    හයිකින් ශුස් දෙකක් ගෙන යනවනම් කකුලට ගොඩක් පහසුයි.

    මම හිතනවා මේ travelogue එක එක්කෙනකුට හරි උදව්වක් වෙයි කියල.ඔයාලට තව මොනවා හරි ගන්මන ගාන දැනගන්න ඕනේ නම් මෙතනින් අහන්න.


    thanks

    greenthunder
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැටන් පැත්තෙන් කන්ද නැගල, රත්නපුරෙන් හරි, කුරුවිටින් හරි බැස්සනම් තමයි වඩාත් හොඳ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සෙල්ලම සාදරයෙන් පිලිගන්නවා එලකිරි.කොම් එකට... :):):)

    ගොඩාක් හොඳ විස්තරයක් මචං... හැමෝටම ගොඩාක් පහසු වෙන විදිහට විස්තර කරලා තියෙනවා.. නියමයි... rep+
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    හැටන් පැත්තෙන් කන්ද නැගල, රත්නපුරෙන් හරි, කුරුවිටින් හරි බැස්සනම් තමයි වඩාත් හොඳ.

    ඔව් එකත් හොඳයි එත් අපි ඒ trails වෙන වෙනම කරන්න තම හිතන් ඉන්නේ.specially උඩමාලිබොඩ trail එක.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ඉස්සෙල්ලම සාදරයෙන් පිලිගන්නවා එලකිරි.කොම් එකට... :):):)

    ගොඩාක් හොඳ විස්තරයක් මචං... හැමෝටම ගොඩාක් පහසු වෙන විදිහට විස්තර කරලා තියෙනවා.. නියමයි... rep+

    thanks machan
     
    Last edited: