IF YOU HAVE A FISH TANK . . . !

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක

    goldfish-animated-lovely-pciture.gif


    විසිතුරු මසුන් පිළිබද සොයා බැලීමේ දී මොවුන් මිනිස් හදවතට ඉතා සමීප සත්වයකු බව පෙනී යයි. අප බොහෝ විට සුරතලයට බල්ලා, බළලා ඇති කරන අතර, එම සතුන් දෙදෙනා තරම් ම විසිතුරු මසුන් ද මිනිසාට දැන් සමීප වී ඇත. හදවත් රෝගයන් සඳහා මෙන්ම මානසික රෝගයන්ට හොඳ ප‍්‍රතිකාරයක් ලෙස විසිතුරු මත්ස්‍යයින් ඇති කිරීම වර්තමානයේ යොදා ගනී.ඔබත් සුරතල් මසුන් ඇතිකරන්නෙක් නම් මේ විස්තර ප්‍රයොජනයක් වේ යයි සිතමි.

    image-5714_4C4C7CA9.gif


    ජලයවිසිතුරු මසුන් ඇතිකිරීමේදී ජලය ප‍්‍රධාන තැනක් උසුලයි. මාළු වර්ග අනුව ජල තත්ත්වය වෙනස් කළ යුතු වේ. බිත්තර දමන මසුන් සඳහා ph අගය 6 - 7 අතරත් පැටවුන් දමන මසුන් සඳහා ph අගය 7.5 - 8.5 අතරත් තිබිය යුතුය. එසේම එම ජලය සඳහා උෂ්ණත්වයක් ලබාදෙන්නේ නම් 26.0c - 32.0c ක උෂ්ණත්වයක් සැපයිය යුතුය.කරදිය මත්ස්‍ය ටැංකියක් සෑදීමේදී එයට මුහුදු වැලි යෙදීම අවශ්‍යය. එහිදී කොරල්පර කොටස් , මුහුදු ජලජ පැළෑටි යෙදීම වැදගත් වේ. මන්ද පැටවුන් දමන මත්ස්‍යයින් එවන් පැළෑටි තුළ කූඩු සෑදීමට පුරුදු වී සිටින බැවිනි.

    image-E5F2_4C4C7CA9.gif


    ආලෝකයමත්ස්‍ය ටැංකියකට අවශ්‍ය තවත් සාධකයකි අලෝකය. මත්ස්‍යයින්ගේ කි‍්‍රයාකාරිත්වයට ආලෝකය නිතැතින්ම බලපායි. එසේම ජලජ පැළෑටි තම ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියට ආලෝකය උපයෝගී කර ගනී. ආලෝකය භාවිතා කිරීමේදී උපකාර කර ගත හැකි ක‍්‍රම 2 ක් වේ. ඉන් එක ක‍්‍රමයක් නම් ස්වභාවික ආලෝකයයි. අනෙක් ක‍්‍රමය කෘතීම ආලෝකයයි. එළිමහනේ ඇති මත්ස්‍ය ටැංකියක් සඳහා නිතැතින්ම ස්වාභාවික ආලෝකය ලබාදිය හැකිය. එහෙත් නිවසක් ඇතුළත ඇති මත්ස්‍ය ටැංකියකට කෘති‍්‍රම ආලෝකය ලබාදිය යුතුය. එහිදී මත්ස්‍ය ටැංකි සඳහා ම භාවිත කරන බල්බ යොදා ගත හැකිය. ආලෝකය වැඩියෙන් ලබාදෙන විට ජලජ ශාකවල වර්ධනය වැඩිවේ. එහෙත් ආලෝකය අඩු වූ විට ජලජ ශාකවල වර්ධනය අඩුවේ. මේ හේතුව නිසා කෘති‍්‍රම ආලෝකය සැපයීමේදී එය කල්පනාකාරීව සිදු කළ යුතුය. නැතහොත් එය මත්ස්‍යයින්ගේ පැවැත්මට බාධාවක් විය හැකිය.
    තාපයමත්ස්‍යයින්ට ජලය ආලෝකය මෙන්ම බලපාන සාධකයකි තාපය. විසිතුරු මත්ස්‍යයින් සඳහා තාපය ලබාදෙන විට ජලයේ උෂ්ණත්වය 28.0c - 30.0c අතර විය යුතුය. එසේ උෂ්ණත්වය ගණනය කිරීම සඳහා මත්ස්‍ය ටැංකියක් තුළ සරල උෂ්ණත්වමානයක් සවිකළ යුතු වේ.

    image-42E2_4C4C7CA9.gif


    මත්ස්‍යයින්ට වැළඳෙන රෝගමත්ස්‍යයින්ට ද අනෙකුත් සතුන්ට මෙන්ම රෝගාබාධ වැළඳේ. අප රෝගී වූ විට රෝගී ලක්‍ෂණ හඳුනාගෙන ප‍්‍රතිකාර කරන්නාක් මෙන් මත්ස්‍යයින්ට ද රෝග ලක්‍ෂණ අනුව ප‍්‍රතිකාර කළ හැකිය. එහෙත් ඊට පෙර එම රෝග හඳුනාගත යුතුය.මෙලෙස මත්ස්‍යයින්ට* වෛරස් රෝග* බැක්ටීරියා රෝග* දිලීර රෝග* පරපෝෂිත රෝගආදිය වැළඳිය හැකිය. මෙම රෝග වැළඳුන පසු මත්ස්‍යයින් ගේ චර්යා රටා වෙනස් වේ. එසේම සිරුරේ ඇති වර්ණයන් ද වෙනස් වේ. එම රෝග වැළඳුන මත්ස්‍යයින් සෙමින් පීනා යන අතර අකී‍්‍රයව කල් ගෙවයි. බොහෝ මත්ස්‍ය රෝග, මත්ස්‍යයින්ගේ බාහිර ලක්‍ෂණ මගින් සොයාගත හැකි අතර රෝගී මසුන් හා නිරෝගී මසුන් අධ්‍යයනය කිරීමෙන් ද මෙම තත්ත්වයන් හඳුනාගත හැකිය.මෙලෙස මත්ස්‍යයින්ට වැළඳෙන රෝග අතර* කොරපොතු ඉපිල්ලීම* මෞඛ පුළුන් රෝගය* වරල්, වලිග, දේහ කුණුවීමේ රෝගය* සුදු පුළුන් රෝගය* අක්‍ෂි රෝගය ආදිය පෙන්වා දිය හැකිය.

    image-BF92_4C4C7CA9.gif


    එමෙන්ම පරපෝෂිතයන් ආශි‍්‍රතව ඇතිවන රෝගයන් ලෙස ,* පැතැල්ලන්* මාළු උකුණන්* සුදු තිත් රෝගය* නැංගුරම් පණු රෝගය ආදිය පෙන්වා දිය හැකිය.
    විසිතුරු මසුන්ට හානි කරන විලෝපීයයන් ලෙස* වෙල් කක්කුට්ටා* දිය ගෝනුස්සා* දිය කූඩැල්ලා* දිය උකුණා* කුරුමිණි වර්ග* දිය නයා* දිය ගෙම්බා* කොක්කුආදීන් පෙන්වා දිය හැකිය. මත්ස්‍යයින් සිටින ස්ථාන අනුව මෙම විලෝපීයයන්ගෙන් සිදුවන හානි අවම වන අතර නිවසක සිටින විසිතුරු මසුන්ට නම් මෙවැනි හානි නොමැති ම තරම්ය. එහෙත් විසිතුරු මසුන් පිළිබඳ විමසීමේදී ඔවුන් ගොදුරු කර ගන්නා පරපෝෂිතයන් පිළිබඳව ද සොයා බැලීම වැදගත් වේ.බොහොවිට මෙවැනි විලොපීයයන් ගේ ගොදුරු බවට පත්වන්නේ පොකුණු තුළ සිටින සුරතල් මසුන්ය. එහිදී වෙල් කක්කුට්ටා, දියකූඩැල්ලා, දියගෝනුස්සා, දියනයා වැනි සතුන් ප‍්‍රධාන වේ.මත්ස්‍ය ටැංකියක ඇති කළ හැකි වෙනත් විසිතුරු සතුන් ද වේ. ඒ අතර ගොළුබෙලි වර්ග ද ඉස්සන් වර්ග ද වේ. ස්වභාවික ජලජ ශාකවල මෙන්ම ජලයේ ඇති ගල්පරවල යටි පැත්තේ මෙම සතුන් වාසය කරයි. එම නිසා එවන් සතුන් විසිතුරු මත්ස්‍යයන් ඇති ටැංකියකට යොදන විට ඔවුනට අවශ්‍ය පරිසරයක් ද සකසා ගත යුතුය. එහිදී දිරා ගිය ශාක කොටස්, බෙල්ලන් වර්ග, ජලජ පැළෑටි ද යොදා ගත හැකිය.



    image-12EE_4C4C7D7F.gif
    image-B537_4C4C7CA9.gif
    image-87C3_4C4C7D7F.gif

     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    විසිතුරු මත්ස්‍යයින් සඳහා තාපය ලබාදෙන විට ජලයේ උෂ්ණත්වය 280c - 300c අතර විය යුතුය. එසේ උෂ්ණත්වය ගණනය කිරීම සඳහා මත්ස්‍ය ටැංකියක් තුළ සරල උෂ්ණත්වමානයක් සවිකළ යුතු වේ.

    image-42E2_4C4C7CA9.gif



    මාලු තම්බන්නද හදන්නෙ :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::P:P:P:P