කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    තණ මැනීම...​

    රජතුමාට අයිති ඉඩම්වල කරන ගොවිතැන වල අස්වැන්නෙන් කොටසක් රජතුමාට දිය යුතු බැවින් රජතුමාගේ කොටස බෙදා වෙන කීරිමට රජ මාලිගාවෙන් කෙනෙක් එවීම සිරිතකි....

    දිනක් රජතුමාට අයිති හේනක (තණ නම් ධාන්‍ය වර්ගයක්) කපා රජතුමාට අයිති කොටස බෙදීමට මාලිගාවෙන් කෙනෙකු එවන ලෙස ගොවියා ආරධනා කලේය..

    එහෙත් එම මොහොතේ රජ වාසලේ සිටියේ අන්දරේ පමණකි...
    රජතුමා අන්දරේට කතාකොට

    "අන්දරේ... උඹට තණ මනින්න පුලුවන්ද?"
    "ඒසේය දේවයන් වහන්ස... මට අයිති තන මනින්නෙත් මමම නිසා අනුන්ගේ තන මනින්න මොකද බැරි?"

    "එහෙනම් මේ ගොවියා එක්ක ගිහින් එතන තියෙන ඔක්කොම තන ටික මැනගෙන ඇවිත් මට කියපන්...."

    යහපති දේවයන් වහන්ස කියා ගොවියා සමග පිටත් වු අන්දරේ මග තිබූ පොල් අත්තකින් ඉරටු කඩනු දුටු ගොවියා

    "අන්දරේ මොකටද ඔය ඉරටු?"
    යනුවෙන් ඇසීය...

    "නැතුව කොහොමද ඔයි තන මනින්නේ?... තමුසේ දන්නේ නැති උනාට මම දන්නවා තන මනින හැටි"

    යනුවෙන් පවසා ඉරටු මිටියද රැගෙන ගොවියා සමග හේනට ගිය අන්දරේ මේ කවිය කියාගෙනම හේනට ඇතුලු විය...

    කොට දිග මහත රවුමට උල් වෙච්ච තන...
    ගැට වට අලුත් හා කල්ගිය පරන තන......
    මට මැන ගන්න මහ රජුගෙන් ලැබිනි අණ...
    පොට ඔසරිය මැත්කර පෙන්වන්න තන...

    රජ අණ ඇසු සියලුම ස්ත්‍රීන් ඔසරියේ පොට මෑත් කර තන පෙන්වූ අතර අන්දරේ අත තිබූ ඉරටු මිටියෙන් එක් එක් ස්ත්‍රියගේ පියවුරේ ප්‍රමාණයට ඉරටු කැබලි කඩා මිටියක් කොට ගෙන රජ මාලිගාවට ගෙන ගියේය...

    රජතුමා: "අන්දරේ.. තණ මැන්නාද?"
    අන්දරේ: "එසේය දෙවයන් වහන්ස.."
    රජතුමා: "එතන තිබුනු තණ් වල ප්‍රමාණය කොපමනද?"
    අන්දරේ: "අනේ දේවයන් වහන්ස... ප්‍රමාණයක්නම් කියන්න අමාරුයි...
    ඒ උනත් ඔබ වහන්සේගේ අණ නිසා යන්තම් තන ටික මැන
    ගත්තා... මෙන්න තියෙනවා එතන තිබුනු තන් වල ප්‍රමාණය
    කියමින් ඉරටු මිටිය රජතුමාට බාර දුන්නේය.."



    උපුටා ගැනීම "අන්දරේගේ විහිලු... පෙතියාගොඩ එච්. ඒ සයිමන් පෙරේරා.... 1964
    ;););););););););)