දැන් ඉතින් අපිට කෙලින්ම වැඩේට බහින්නයි තියෙන්නේ. මට කාගෙන්වත් feed backs මොකුත් නැති හන්ද, නිකම් 'පාලු ගෙයි වලන් බිඳිනවා' වගෙයි මේක කරන් යන්න වෙලා තියෙන්නේ. ඒත් මේ වැඩේට බැස්සට පස්සේ මම හොඳට දැනගත්ත මේ දැන් ඉන්න ගොඩාක් ධර්මය දන්න ලොකු ලොකු උදවිය ගොඩක් ඉන්නේ 'අනාගමි' ඵලය සාක්ෂාත් කරලා. ඉතින් කියවන්නෙම පිස්සු! තේරෙන්න ඇතිනේ, හුඟදෙනෙක් ආවේ මාව හදන්න, මට උපදෙස් දෙන්න! ඒ කියන්නේ එයාල 100% perfect. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ 100% කියන්නේ අරහත් ඵලය. ඒත් හුඟක් ධර්ම මාර්ගයේ ආපු අය 100% කියල හිතාගෙන, ගිහිල්ල ගිහිල්ල බැලුවම රහත් වෙලා නැහැ, වෙනමොකද්ද වෙලා! ඒකියන්නේ ගිහිල්ල තියෙන්නේ කැලේ!! ගාල්ලට යන්න ආපු මිනිහ යාපනේ දිහයින් මතුවෙන්න විදියක් නැහැනේ... අපේ හාමුදුරුවොත් ඕක ලස්සනට කියනවා, "ධර්මය ඉගෙනගන්නවා කියල ගිහින් ගිහින් වෙන වෙන බැදී වල, කැළෑ වල තමයි නවතින්නේ" කියල. හැබැයි ඕකට බැනල වැඩක් නැහැනේ. එහෙම වෙන්නේ දන්නේ නැතිකමටනේ. ඒත්, තමන් නොදන්නා බව වත් ඒ අය දන්නේ නැහැ. ඒහන්ද, දන්න එක්කෙනා කරන්න ඕනේ කොහොමහරි කියල දෙන්න try කරන එක තමයි. success rate එක තීරණය වෙන්නේ teacher ගේ tallent එක මත.
මේ වැඩේට හරියට හිතන්න පුළුවන් කම, 'යෝනිසෝමනසිකාරය' නම් අනිවාර්යයි! ඒත් මට පුළුවන් ඒකත් හදල ගන්න, guide කරන්න. හැබැයි මට feed backs ඕනේ! නන්දක රහතන් වහන්සේ මෙහෙණිවරුන්ට බණ කියන්න කලින් මුලින්ම කිව්වේ, "තේරුණා නම් තේරුණා කියන්න ඕනේ, තේරුණේ නැත්නම් තේරුණේ නැහැ කියන්නත් ඕනේ, ප්‍රශ්ණයක් තියෙනවා නම් මගෙන්ම අහන්න ඕනේ, වෙන වෙන අයත් එක්ක කුටු කුටු ගාන්න බෑ" කියලයි. ඒකම තමයි ක්‍රමේ. ඊළඟට ගොඩක් දන්නවා උනොත් 'ඇනෙනවා' එහෙම අයට මම self re-format වෙලා එන්න කිව්වේ ඒකයි. අපේ හාමුදුරුවොත් කියනවා, 'ලොකු දෙයක් කරන්න නම් සරලව හිතන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ, මහා ලොකුවට හිතාගෙන වැඩේට බැස්සොත් හරියන්නේ නැහැ!' අහල ඇතිනේ, පන්ඩිතයට ඒදන්ඩේ යන්න බැහැ. ඉතින් අපිට දෙයක් කරන්න තියෙනවා. මේක අමාරු වැඩක්! ඒත් වටිනාකම මනින්න බැහැ. තේරුණා නම් කෙනෙකුට, එයා කරන්නෙත් මේක තවඅයට කිය කියා යන එක. අපි විතරක් නෙවෙයි, ආලවක යක්ෂයත් කළේ ඒකමයි. එතකොට තමයි ධර්මය බබළන්නේ! "තතාගත්ප්පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති, නෝ පටිච්චන්නෝ" (මාගේ ධර්මය බබළන්නේ විවෘත වූ විටයි, සැඟවුන විට නොවේ) කියල බුදුරජාණන් වහන්සේ වදාලේ ඒකයි.
ඉතින් මම දැන් ඉස්සරහට "දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං" (දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි, ගඳක්/සුවඳක්/රසක්/පහසක් වින්ද නම් වින්ද විතරයි, යමක් හිතුවනම්/පතුවනම් ඒකත් එතැනින්ම ඉවරයි) [මේක මගේ model එකෙත් ලස්සනට පෙනේවි, ඇත්තටම, එහෙම හිටියම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ, record වෙනවා විතරයි] වශයෙන් බුදුන් වහන්සේ කියා දුන් කොටසයි, ඊළඟට
* ඉමස්මිං සති ඉධං හෝති, ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉධං නහෝති, ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජංති
* යදිදං අවිජ්ජාය පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සම්භවන්තී, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස සමුදයෝ හොන්ති.
* අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ, විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා විඥාණ නිරෝධෝ, විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සා නිරුජ්ජංති, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධෝ හොන්ති.
කියන කරුණු සේරම එකතුකරලා තමයි ඔයාලට ගහන්නේ... හරිද? බය උනාද??
මේ... මේවනෙ මේ අමාරුයි කියන්නේ... මටනම් මේවා තමයි හොඳටම දිරවල ගියේ! මම ඔයාලටත් 'නිවපු ඇල්වතුර' ගණනටම හදල දෙන්න බලන්නම්. මේ වචන දැක්කට ගණන් ගන්න වත් බයවෙන්න වත් එපා. තේරුම් ගත්තම ලේසියි!
ඇත්තටම මමත් බුදුහාමුදුරුවෝ කරපුවිදියට තමයි හුඟක්වැඩ කළේ. repair/studies හැමදේක දීම, හාරගෙන හාරගෙන core එකටම යනවා ලෙඩේ/වැඩේ අහුවෙනකන්ම, නැත්නම් නිකම් upset... upset... හරියට කෑවෙ නැහැ වගේ. මම ඔය ඕනේ, හදාගන්න බැරුව (අනාගෙන, වනකරගෙන, බැරිම තැන) මගේ ලඟට අරන් ආව amplifiers එහෙම (මට හොඳටම දිරවපු කෑම! මේ වැඩේටත් ගොඩක් උපකාර උනා) ගත්තු ගමන් කරන්නේ circuit trace කරලා (reverse engineering) හොඳට study කරලා, හිතෙන් operate කරලා සේරම ප්‍රශ්න point එකටම අල්ලාගෙන, one shot හදල දාන එක තමයි. නිකම් පැලැස්තර දැමිලි නැහැ. එතකොට ලෙඩේ නිට්ටාවටම සනීපයි. (හැබැයි business එක නම් පාඩුඋන. හදපුව ආයි කැඩුනේ නැහැ බර කාලෙකට!) මේ පුරුද්ද හන්ද වෙන්න ඇති බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය විස්තර කරනකොට මට සේරම පටපටගාල reveal වෙන්න ගත්ත. නොතේරුනොත් නේ එපා වෙන්නේ, මම එපා නොවෙන්න තිතටම අල්ලලා ගන්න උදව් කරන්නම්. එතකොට හුඟ දෙනෙක් බෑ බෑ කියපු එක කෙරිලා තියේවි දන්නෙම නැතුව. හැබැයි තේරුනාද/නොතේරුනද කියල දැනගන්න මට තාම දිවැස් නම් නැහැ! ඒවා develop කරන්න ගියෙත් නැහැ. උවමනාවකුත් නැහැ. ඒ නිසා විස්තර කියල PMs වත් එවනවා නම් මරු! පොඩි කරුණක් කියන්නද නිකම් 'හොල්මන්' වෙලා ඉන්න අයට පොඩි change එකකටත් එක්ක. දවසක් 'පොඩි kik එකක්' ඇවිල්ල, හීනියට ඒ ගැන concentrate කලා... body response එක මාරයි, exite වෙච්ච පාර එක එතැනින්ම අල්ලලා දැම්ම, ආයේ ඒ ගැන හිතුවේ වත් නැහැ! බුදුහාමුදුරුවොත් ඔය විකාර වැඩ තඹේකට මායිම් කලේ නැහැනේ! "කුල්ලුපමන් වෝ භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නිත්තරනත්ථාය නෝ ගහනත්ථාය" කිව්වනේ.