බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    හුඟාක් අය විද්‍යාව නේ සරණ ගිහින් තියෙන්නේ, නැත්නම් විද්‍යාත්මක උනොත් නේ පිළිගන්න කැමති නැද්ද? ඉතින් 'මනුස්සය' නැත්නම් 'සත්වය' කියන එකා ගේ මුළු operation එකම, ආයේ කවදාවත් කිසිකෙනෙකුට නොතේරුන කියන්න බැරිවෙන්න, කොහොම පටන්ගත්තද කියල එක එක කතන්දර නොඅහන්න, විද්‍යාවෙන්ම, අත්දැකලා තියෙන දේවල් වලින්ම පෙන්වල දෙන්නම්! ඒකෙන් ආයේ ඉපදෙන හැටි, වෙන කෙනෙකුගේ හිත කියවන හැටි, පෙර ආත්ම, ඊළඟට යන තැන දකින හැටි, නිරෝධ සමාපත්තිය, නිවන වගේ දේවල් සේරම පේනවා! ටික දවසක් ඕනේ, කරුණු ටික ගලපලා post කරන්න, දැනට තියෙන්නේ හිතේ!
    This is still processing in my mind. But all the aspects I thought so far, very well coincides with the Dhamma. Seems like this is The Absolute Truth!
    මේක මගේ කතාවක් නෙවෙයි. මේ තමයි මම ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත් දේ. මට සැකයි මේක ලොකු පෙරලියක් වෙයිද කියලත්... එහෙම උනත් හොඳ දෙයක් මිස නරකක් වෙන එකක් නැහැ කියල හිතනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    මේ කතන්දරේ ප්‍රචාරය කරන්නයි මට ඕනේ! මගේ නම, මගේ ගැන සැලකීමෙන් නම් කිසිම වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකලේ "ඇසි පිය හෙලන මොහොතකට වත් මම නම් සංසාරය වර්ණනා කරන්නේ නැහැ, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට" කියලයි. ඒක අපිට එක පාරටම තේරෙන්නේනැහැනේ! "මොකද්ද ඒ කෙහෙල්මල් කතාව" කියලනේ හිතෙන්නේ. ඇත්තටම මේක තේරෙන්න නම් ඒ ගැන ඉගෙනගන්න/හොයන්න ඕනේ,හොයන්න/ඉගෙනගන්න නම් ඒ ගැන තේරෙන්න ඕනේ! තව විදියකට කිව්වොත් කෙනෙක් හික්මෙන්න/නිහතමානි වෙන්න ජීවිතය අවබෝධ වෙන්න ඕනේ, ජීවිතය අවබෝධ කරන්න නම් හික්මෙන්න/නිහතමානි වෙන්න ඕනේ! නිකම් හරියට කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ කොනක්/පොටක් හොයාගන්න බැරි දෙයක්!

    ගොඩාක් වැදගත් දෙයක් තියනවා කරන්න. ඒක කෙරෙන තැනට කෙනෙක් යොමු වෙන්න නම් ඒ ගැන ඉස්සෙල්ල තේරෙන්න ඕනේ. හරියටම කියනවා නම් බණ අහන්න ඕනේ! අපි කාලයක් තිස්සේ අහපු බණකතා වගේ ඒවා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයම අහන්න ඕනේ! ආවට ගියාටත් නෙවෙයි,බොහොම උවමනාවෙන්ම අහන්න ඕනේ! ඔය කරුණ කෙරෙන්නේ නැහැ නේද ලේසියෙන්? බණ අහනවට වඩා වැදගත් වැඩ කොච්චරක් නම් තියෙනවද අපිට, නැද්ද? ඕවට කොහෙද වෙලාවක් තියෙනේ. හුඟක් අය හිතන්නේ බණට දහමට යොමුවෙන්න තියෙන්නේ වෙන මොකවත් කර කියාගන්න බැරි කාලේ ආවම කියල නේ. ඉතින් ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමට කාලය ඉවර වෙනවා, යමක් කරගන්න තිබුණු/ලැබුණු අවස්ථාවත් ගිලිහෙනවා.

    සාමාන්‍ය ක්‍රමයට ගිහිල්ල වැඩක් වෙන්න, කවද කොහොම හරි කෙළවරක් දකින්න යොමුවෙන්න නම්, එතකම් ආරක්ෂාවෙන්න පින්, කුසල් ගොඩක් ඕනෙවෙනවා. ඒක මේ ලෝකේ හැටි! ඒ ගැන දැනගන්නත් බුදුහාමුදුරුවෝ කියපු දේවල් අහන්න දැනගන්න ලැබෙන්න ඕනේ. එහෙම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න, අහල තේරුම් ගන්න ලැබෙන්න නම් එකටත් පින් තියෙන්න ඕනේ!! ආයිත් කිකිලිද බිත්තරේද වගේ එකක්! හරිනේ ඉතින්... මේක ලේසියෙන් කරන්න බැරි, හරිම දුෂ්කර, දුර්ලභ දෙයක්! සම්පූර්ණ ඇත්ත!! එත් කලින් ඔය කරන්න ඕනේ දේවල් ඔක්කොම කරලා ඉවරකරපු, තව හැකියාවලුත් ගොඩක් තියන කෙනෙකුට, මොනවා හරි වෙනසක් කරන්න බැරිවෙයි කියල හිතෙන්නේ නැද්ද? මට හිතෙනවා මොනවා හරි කරන්න පුළුවන්මයි! කියල. ප්‍රධානම දේ බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය, ධර්ම මාර්ගය සම්පූර්ණ කල කෙනෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.

    මම ටිකක් අමුතු කෙනෙක්! මුල් කාලේ නම් මම ගොඩක් වෙලාවට හිටියේ ලෙඩින්. මට ගෙදර එච්චර ඇල්ලුවෙත් නැහැ. මුලින්ම හිතුනේ අපායට ඇවිල්ල ඉන්නවා පව් ටික ගෙවල යන්න කියල වගේ හැඟීමක්. මට නිකම් කුඩම්මාගේ සැලකිලි වගේ කියලයි මට තේරුනේ. දැනටත් එහෙමයි, එත් මට දැන් සේරම පැහැදිලියි... කිසි upset එකක් නැහැ දැන්. මම හුඟක් වෙලාවට තනියෙන් අයිනක් අල්ලන් කල්පනා කර කර ඉන්න කෙනෙක්. forecast එකක් තිබුන incisive technical minded කෙනෙක්, පින්වත් කෙනෙක් කියල එහෙම නම්. එත් මුලදිනම් හරි මැට්ට! technical දේවල් වලටම තමයි interest එක තිබුනේ නම්. කෑම බීම, ඇඳුම් පැළඳුම් වගේ දේවල් ගැන neutral! පස්සේ electronics වලට ඇදිල ගියා. හිතාගන්න බැරි development එකක්! මට මුල අල්ලලා දීපු අයත් පස්සේ මගෙන් අහගන්න ගනනට ආව. අලුත් අලුත් designing වගේ දේවලුත් කලා. බැහැ කියල කියපු repairs වගේ ඒවත් කරලා තියනවා. තාත්ත බැනපු හැටිත් මතකයි "මුට මේ කෙහෙල්මල් අල්ල ගත්තම කන්න බොන්න ඕනෙත් නැහැ..." කියල එහෙම.

    ගොඩාක්ම (සමාජ සම්මත විදියට නම්) ඉහලටම යන්න ලැබෙන විදියට කරුණුත් යෙදුන. ඒපාරේ ගියානම් ලෝකේ leading engineer කෙනෙක් වෙලා සල්ලි/දේපල ඇතිපදමට, පරම්පරා ගණනකට ඇතිවෙන්න හම්බකරන්න තිබුන කියල දැන් හොඳට තේරෙනවා. එත් වෙලාවට ඒක miss උනා... නැත්නම් හරි අපරාදේ! පස්සේ computer field එකට set උනා. දැන් කරන්නෙත් ඒවම තමයි. කතාකරන්න දෙයක් නැහැ ඒගැනත්! ඊළඟට microprocessor based designs, robotics වගේ දේවලුත් ඉගෙනගත්ත. හරි interesting ඒත් වැඩිය එලෙව්වේ නැහැ සල්ලි ප්‍රශ්න හන්ද. කොහොම හරි අන්තිමට තමයි තේරුනේ මේ එහෙට මෙහෙට යැවුනේ, අවශ්‍ය knowledge එක build-up වෙන්න. අන්තිමට තමයි ඉගෙන ගන්න ලැබුනේ ඉගෙනගන්න ඕනේම දෙය! ඒ අපේ හමුදුරුවොන්ට, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ට පින්සිද්ධවෙන්න! දැන් වැඩකරන තැන තමයි ධර්මය ලබන්න internet පහසුකම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සේරම ලැබුණු තැන. දැන් ඉතින් නිවන් අවබෝධ කරලත් ඉවරයි! හුඟ දෙනෙක් පිළිගන්න එකකුත් නැහැ. ඒත් ඇත්ත ඒකයි.

    මම කැමතියි මේ මාතෘකාව ගැන කතාකරන්න. මේ ලෝකේ වෙන කිසිම වැදගත් දෙයක් තියනවා කියල මට පෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ, "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්නවට වඩා හදිස්සියක් තියෙන්න ඕනේ 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස්වෙන්න" කියලයි. ඒකත් බුදුහාමුදුරුවොන්ට ඇති පල ප්‍රයෝජනයක් හන්ද නෙවෙයි, මේ ඉන්න තරමක් දෙවි-මිනිසුන්ටම හිත සුව පිණිස! 'සක්ඛාය දිට්ඨිය' කියන්නේ කනදෙයක්ද කියලවත් දන්නේ නැති මිනිස්සු කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ. මේවා දැනගන්න කවුද බණ අහන්නේ? ඒත් මේ ජීවිත කාලෙදිත් මුණ ගැහිච්ච, ජීවිතේට ගොඩක් උපකාර වෙච්ච, ලොකු පිරිසකුත් ඉන්නවා හොඳ බුද්ධිමත්, හිතන්න පුළුවන් කම තියන. එයාල එක්කෝ වෙන වෙන 'තොවිල්' වලට අහුවෙලා ගොනාට ඇඳගෙන, හුඟදෙනෙක් මේදේවල් ගැන මොකුත්ම දන්නේ නැහැ! එයාල reaserch & development වගේ ලොකු ලොකු වැඩ karanawa අලුත් අලුත් දේවල් කරන්න/හොයන්න.

    හොයන්නේ දන්නේ නැති හන්දනේ! දන්නවා නම් අමුතුවෙන් හොය හොයා ඉන්න ඕනේ නැහැනේ! හුඟක් සාමාන්‍ය මිනිස්සු කවුරුවත් නොදන්නවා උනාට දන්න කෙනෙක් ඉන්නවා. එයා සේරම දන්නවා!! එක්කෙනෙක් නෙවෙයි මේ පහුගිය කල්ප 91 ඇතුලේ ඒ වගේ අය 7 දෙනෙක් මේ ලෝකයට කාලෙන් කාලෙට පහලවෙලා සේරම කියල දීලත් තියෙනවා. ඉස්සරහට තව එක්කෙනෙක් එන බවත් කියල තියනවා, හැබැයි තව කල්ප කීයකින්ද කියන්න දන්නේ නැහැ. අපි මේ වෙනකොටත් කල්ප කීයක් පරක්කුවෙලද?කල්පය කියන්නෙත් ප්‍රමාණයක් මෙච්චරයි කියල පෙන්වන්න බැරි තරම් ඉතා දීර්ඝ කාලයක්. බුදුහාමුදුරුවෝ උදාහරණ ගොඩක් පෙන්වල තියනවා ඒ ගැන. ඒත් අපි මේ මහා ලොකුවට කරන දේවල් වල වටිනාකම සාමාන්‍ය මනුස්සයෙකුට වැදගත් වෙන්නේ අවුරුදු 50-60 වගේ පොඩිකාලෙකට විතරයි. අවුරුදු 500-600 විතර යනකොට ගොඩක් ඒවා අභාවයටම ගිහිල්ල. අවුරුදු 5000-6000 යනකොට කතාකරන්න දෙයක් වත් නැහැ!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    ඒත් මේ 'සත්වය' කියන එක්කෙනාගේ පැවැත්ම, මැරි මැරී ඉපදි ඉපදී යන ගමන පටන්ගත්තු තැනක් පෙන්නේ නැහැ කියලයි බුදුන්වහන්සේ පෙන්වල දුන්නේ. කාලෙක රජවෙලා හිටිය කෙනත් තව කාලෙක හතර අපායේ වැටිලා දුක් විඳිනවා කියලයි උන් වහන්සේ කියාදුන්නේ. අද මරල මස්කරලා රසට කන්න ගන්නේ යම් දවසක තමන්ගේ අම්ම, තාත්ත, ලඟම ඥාතිය බව හුඟ දෙනෙක් දන්නේ නැහැ. අපේ උදවිය විශ්වය ගැන හොයනවා, ග්‍රහලෝක ගැන හොයනවා... බුදුහාමුදුරුවෝ ඒවාට වැඩම කරලා, ඉන්න අයට බණත් දේශනා කරලා තියනවා! අමරණීය වෙන්න, දීර්ඝායුෂ ලබන්න හෙව්වට මේ යන ගමන මනුස්සයාගේ ආයුෂ අවුරුදු 10 වෙනකන්ම අඩුවෙලා මිසක් නවතින්නේ නැතිබව කවුරුත් දන්නේ නැහැ. මේ මුළු ලෝකයමත් ගිනි අරන්, අළු දුවිලි වෙලා, ඉවරයක්ම වෙලා ගිහින් ආයෙමත් මුල ඉඳල build-up වෙන බවත්, ඒකත් නැවත නැවත සිදුවන ක්‍රියාවලියක් බවත්, හුඟ දෙනෙක් අහලවත් නැහැ. ඒත් සත්වයාට ගැලවීමක් නැහැ! නොදැන හිටියට අහල නොතිබුනාට කිසිම වෙනසක් නැහැ, හැමෝටම පොදුවේ මේ දේවල් වලට මුනදෙන්න වෙනවා.

    මේ තාවකාලික මනුස්ස ජීවිත ලබපු මේ හුඟදෙනෙක් කරන්නේ පිස්සුවක් නේද? මනුස්ස වර්ගයාගේ සුබසිද්ධිය, අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කරන හැමදේම හොඳයි. මේ දැන් මම කරන දේත් කරන්නේ නවීන විද්‍යාවේ දියුණුව හන්දමයි! මට ගැලවෙන්න ලැබුනෙත් ඒ තාක්‍ෂණයන් ගේ උපකාරයත් ලැබුණු හන්දාම තමයි. ඒත් අපි මේ ජීවිතය අවසාන වෙනකොට ආයෙත් මනුස්ස ජීවිතෙකට එනවා කියල දෙයක් කොහෙත්ම නැහැ. අහම්බෙන් එහෙම ඒවා අහන්නත් ලැබුනට, බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ඉපදිලා ඉන්න මනුස්සයින් ගෙන් නියසිලට ගත් පස් චුට්ටක් තරමේ පිරිසක් පමණයි ඊළඟ ආත්මය සුගතියක උපදින්නේ කියල. ඉතිරි මුළු මහපොලොවෙම පස් තරමේ පිරිසක් යන්නේ දුගතියට කියලයි කිව්වේ. ඒක පොඩි 'jokes' කෑල්ලක් එහෙම නෙවෙයි, සම්පූර්ණ ඇත්ත! අද අපි, අතීතයේ අපට මේවා මේවා කරලදුන්න, අපි වෙනුවෙන් මෙච්චර මෙච්චර දේවල් කළා කියල ආදරෙන්, ගෞරවයෙන් සිහිකරන අය සමහරවිට අපේ අඟේ වැහුවම අපි 'චටාස්' ගාල දෙනවත් ඇති, sure ද එහෙම නැහැ කියල? ඒහන්ද ඉතින් අපි හරිනම් කරන්න ඕනේ, මුලින් අපි සංසාරයෙන් ගැලවිලා, සංසාර ගමනකට හේතු උන සියලු හේතු නැතිකරගෙන, ඉන් පස්සේ තමන්ගේ මතු පරම්පරාවලට, රටට, ජාතියට පොදුවේ මුළු ලෝකයටම යහපත, අනාගත දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමයි. එහෙම උනොත් නම් ලෝකයත් මීටවඩා යහපත් තැනක් වෙයි.

    මේ සේරටම අවශ්‍ය අඩිතාලම වැටෙන්නේ පිරිසුදු බුද්ධ දේශනාම අහල, නුවනින් විමසල තේරුම් අරන් තමන් හැදුනොත් විතරයි. ඒත් ලෝකයේ පැලපදියම් වෙලා තියෙන ආගමික විශ්වාස කියන බොරු බෙදීම් හන්ද සුළු පිරිසයි බුද්ධ දේශනා අහන්නවත් කමතිවෙන්නේ. ඒ අහන අයත් හුඟක් වෙලාවට අවශ්‍ය දේ කරගන්න තරම් ශක්තිය තිබුණු කාලේ වෙන වෙන දේවලට කාලේ නාස්ති කරලා බැරි බැරි තත්වෙට ආපු අය. තව හුඟදෙනෙකුට කරන්න ඕනේ මොකද්ද, වෙන්න ඕනේ මොකද්ද කියලවත් තේරෙන්නේ නැහැ, වෙන වෙන විකාර දේවල්ම කරනවා, නිකම් ඔහේ යන්නම් වාලේ යනවා, අන්තිමේ එහෙම්මම එපා වෙලා යනවා. ලෝකයේ හැමදාම ශ්‍රී සද්ධර්මය බබළන්නේ නැහැ! එහෙම ධර්මය විවෘත කලෙක හැරෙන්න මේවගේ දේවල් ගැන හිතන්නත් බැහැ. ගැලවීමට වෙන විකල්පයකුත් නැති නිසා ආගම් බේධයක් නැතුව මේ පරම සත්‍ය හැමෝටම දකින්න පුළුවන් විදියක් තිබුනොත් හුඟදෙනෙක් ධර්ම මාර්ගයට එන්නට, ඇවිත් ප්‍රතිඵල ලබන්නට අවස්ථාවක් තියෙනවා. ආගමික පදනමකින් තොරව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළදේ වල සත්‍ය පෙන්වල උතුම් නිර්වාණයම සාක්ෂාත් කරන්න උපකාර කරන්න, උනන්දු කරවන්න, අසත්‍ය බොරු කතා බිඳින්න, ගෞතම බුද්ධ රාජ්‍යය බබළවන්න පුළුවන් යමක් කරන්න බලන්නයි මටත් උවමනාව!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    මේ... ඇයි අපිට අවධානයෙන් තොරව අහන් හිටපු, බලපු, කරපු, කියපු මොකවත් පස්සේ මතක නැත්තේ? ඔය ඉස්කෝලේ කලේ ඉගෙන ගන්න වෙලාවල පිස්සු කෙලල පස්සේ විභාගෙදි 'ඇන ගත්තේ' එහෙම. වෙලාවකට හොඳ ලස්සන සින්දුවක් එහෙම ඇහුණාම, නැත්නම් ආස හිතෙන, පුදුම හිතෙන මොකක් හරි දැක්කම එහෙම, ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද සේරම අමතක වෙලා යන්නේ අයි? ආයේ තව ඔය interesting film එකක් වගේ බලනවා කියමු, කවුරුහරි කතාකලත් ඇහෙන්නේ නැහැ, ඇඟට ගහල හොල්ලල ඉන්න ඕනේ ඒකෙන් ගලවන්න. තව ඔය මදුරුවෝ එහෙම එකසිය ගණනට කාල කියලත් දන්නේ පස්සේ film එක ඉවරවෙලා කසනවට බැලුවම. වෙලා නැද්ද ඔහොම ඒවා ඔයාලටත්. ආයේ ඔය ලොකු තුවාලයක් වගේ වෙච්ච වෙලාවට, love එක case වෙච්චහම වගේ ලොකු හිතේ upset එකකින් ඉන්න වෙලාවට මොකක් වත් කරන්න හිතෙන්නේ නැහැ, හිතේ කිසිම fit එකක් නැහැ, කන්න බොන්න වත් පිරියක් නැහැ... ඇයි ඒ?

    ඔයාල මේක බලන හැමෝම computers නේ පාවිච්චි කරන්නේ? ඇයි ඔය වෙලාවකට mouse එක හෙල්ලුවට, keys press කලාට, කිසිම response එකක් නැත්තේ? වෙලාවකට film එකක් බලන්න ගත්තත් කැඩි කැඩී යන්නේ, computer එක අල්ලලා පොලවේ ගහන්න හිතෙන්නේ ඒ වෙලාවට. ඇයි එහෙම slow response, නැත්නම් stuck වෙන්නේ? සමහර වෙලාවට ටිකකින් හරියනවා, සමහර වෙලාවට re-start කරන්නම ඕනේ. තවත් අවස්ථාවල් එනවා මොක කලත් හරියන්නේ නැහැ re-format කරලා මුල ඉඳල හදල ගන්න ඕනේ! ඇයි ඒ? ඔය video capturing, audio recording වගේ ඒවා කරන අය දැකල ඇතිනේ frame loss කියල annoying case එකක් සිද්ධ වෙනවා. දන්නවද ඕව වෙන්නේ කොහොමද? මොකද්ද හේතුව කියල එහෙම. 'මූ මේ මොනවද කියන්නේ, බණ කියන්න ඇවිල්ල මොනවද මේ කරන්නේ' කියලත් හිතෙයි... ගණන් ගන්න එපා. මේක follow කරන් ආවම දන්නෙම නැතුව කට්ටියක් මාර්ගඵල ලබලත් තියේවි, 'නිවිල'ත් තියේවි සමහර විට!

    මම කිව්වනේ මන් ටිකක් අමුතු කෙනෙක් කියල. මම සාමාන්‍යයෙන් කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ කියල, මම හරි එක විදියක්, මම කාටවත් නැවෙන්නේ නැහැ කියල සැහෙන චෝදනා තිබුන මට. දැන් කල්පනා කරන් යනකොට කතාව ඇත්ත. ඒත් හුඟක් වෙලාවට අවුලක් උන නම් උනේ මම නොදන්නා ඒවා දන්නවා වගේ කරන්න ගිහින් අනුනානම් විතරයි. ඒකත් මැට්ට කාලෙ කරපු දේවල් වලදී තමයි හුඟක් වෙලාවල. මම කෙනෙක් කිව්වට ඇහුවේ නැත්තේ, මට ඒක කියන එක්කෙනාට වඩා හොඳට, sure එකටම යමක් ගැන, යමක results ගැන, හරි 'picture' එකක් තිබුණු තැන් වලදී තමයි. බුදු හාමුදුරුවෝ කියපුව අකුරක් නෑර 'ගිල්ලේ' ආයේ වෙන මොකවත්ම හිතන්න, බලන්න ඕනේ නැතිබව 'දැක්ක' හන්දයි. බුදු හාමුදුරුවෝ ළඟටම වෙලා, උන්වහන්සේව අල්ලාගෙන ඉන්නවා වගේ පැහැදීමකින්, ගෞරවයකින් ඉන්න අපේ හාමුදුරුවොත් දෙයක් කිව්වොත්, මට එච්චරම තමයි! ඒත් ඉතින් electrical, electronics දේවල් වලදී මට තියන 'fit' එකත් කියල වැඩක් නැහැ.

    අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ධර්ම මාර්ගයට එන්න සිල්වත්ව, ගුණවත්ව, හෙමින් හෙමින්, පිළිවෙලකට එන්න ඕනේ කියල! කතාව සම්පූර්ණ ඇත්ත. ඒත් ඉතින් බුදුසසුනේ උපරිම ඵලය නෙලාගත් අය අතරේ නිකම්ම නිකම් එක එක ජාතිවල 'මාර බඩුත්' හිටිය. එයාල වැඩේ ඉවරවෙලා පස්සෙයි සිල්වත් උනේ. ඒත් upset එකක් නැහැනේ! අපිට 'වැඩක්' කරන්න තියනවා. ඒක කෙරෙනවා නම් හරිනේ. පස්සේ අනික්වා හරියාවි. මුලිකම දේ, මේ වැඩේ තියෙන්නේ metal, plastic ඒවා එක්ක නෙවෙයි මිනිස්සුත් එක්ක. මොකුත් නොදන්නා මිනිස්සු දැනගන්න කොට, ඉගෙන ගන්නකොට ඒ අනුව හැදෙනවා, හැඩගැහෙනවා, මාර්ගඵල ලබනවා! බණට ධර්මයට කිසිම interest එකක් නැති පිරිසක් උනත්, ඇත්ත දකිනකොට ඉබේම track එකට set වෙනවා. 'සත්වයෙක්' කියන ගණයට අයිති ඕනේ කෙනෙක් ගැන සේරම බුදුරජාණන් වහන්සේ දන්නවා, අපිට කියාදීලත් තියනවා. මාත් 'වැඩ' ඉවර කරලා නේ මෙහෙම එකකට ආවේ. ඉතින් මේ ක්‍රමෙත් හරි කියල පේනවා. දැන් ඔය computer පාවිච්චි කරන අය සේරමලා 'IT ගුරු' ල නෙවෙයි නේ. මේකටත් ගොඩක් දන්නා කෙනෙක් උනොත් upset. පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැහැ නේ!

    ආයේ මුළු ලෝකෙම තියන software ඔක්කොම දාපු computer එකක නම් වැඩක් කරන්න බැරුව යනවා නේ! ඇයි බර කරත්තයක් වගේ වැඩ කරන කොට අරන් දුවන්න නේ වෙන්නේ! පොඩ්ඩ බැරිවෙනකොට stuck වෙනවා. ඒවගේ, එක එක්කෙනා ගෙන් බණ අහල, එක එක්කෙනා ලියපු පොත් library ගණන් කියවල, ධර්ම මාර්ගය අනිල ඉන්න අය ඉන්නවා නම්, 'අනාගාමී' ඵලය වෙනුවට 'අනාගමි' ඵලය සාක්ෂාත් කර ගත්තු අය ඉන්නවා නම්, කලින් අහපු එක එක කතන්දර පැත්තකට දාල, එහෙමපිටින් අමතක කරලා, තමන්ම self re-format වෙලා, පටන්ගත්ත නම් කිසි අවුලක් වෙන එකක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රඥාව තියෙන්නේ ජීවිතාවබෝධයට අප්‍රමාදී වෙන්න කියල! අපේ අය ඒකෙන් කරන්නේ වෙන වෙන දේවල්, ජීවිතාවබෝධයක් ගැන මතක් වෙන්නේ වැඩේ 'නන්න' උනාම. එහෙම නෙවෙයි, ඉස්සෙල්ල මේක ඉවර කරලා ඉන්න! පස්සේ අනික් දේවල් ඕනේ එකක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නේ. මම ටික ටික ලියන්නම්.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    151
    0
    යාළුවා ඔය වගේ ය තමයි එල කිරි එකට එන්න ඕනි . ඔය වැඩේ දිගටම කරගෙන යමු . මේක තමයි ශ්‍රී සද්දර්මය කියන්නේ . ඔය ඔය කියපු කතා ගොඩක් මටත් අත්දැකීමෙන්ම තියනව ඔයාගේ කතාවේ සමහර තැන මගේ ජීවිතෙත් ඒ වගේම වෙලා තියනවා . පුංචි පුංචි දෙකතුනක් මමත් කියන්නම් . පොඩිකාලේ මම දහම්පාසල් යනකොට මට වසර කීපයක් යනකොට දහම් පාසැල එපා උනා . හේතුව මම දර්මය කියල හිතාගෙන හිටපු දේවල් නෙමෙයි මම එතැනදී දැක්කේ . මට අහන්න ලැබුනේ බුද්ධ චරිතයත් ජාතක කතාවලුත් හොද නරකත් විතරයි . ඒ වගේම තරග විබාග . වෙනත් පසල් සමග වැඩ විවාද ගෙදර බල කිරීමටම දහම් පාසල් ගියා අන්තිමේදී එක කොහොම හරි නවතුව . මොකද සංසර පුරුදටදෝ මන්ද මුල ඉඳලම මට මෙකනේමෙයි දර්මය කියල දැනිල තිබුන . ඔහොම කාලයක් යනකොට ඉස්කෝලේ වඩාත් එක්ක ඔය දේවල් ගැන අමතකම වෙලා ගියා . පස්සේ අයෙත් ඉස්කෝලෙන් පස්සේ COMPUTER වලට සෙට් උනා එතැනදී සමහරක් තැන වලදී අයෙමත් අර දහම් කරුණු කොහෙන්දෝ වගේ ඔලුවට අවා . මේකේ හොදම තැන උනේ 1 0 බාවිතා කරගෙන පළවෙනිම මුලික පරිගණක සංසිදී ගැන ඉගෙන ගන්නිදී . ඉතින් කොහොම කොහොම හරි පොත් පත් හොයාගෙන බන කතා CD වගේ දේවල් වලින් සැහෙන්න දර්මය ගැන දැනගත. නමුත් මොකක්දෝ අවිශ්වාසයක් පිළිගත් නොහැකි දෙයක් හිතේ කොනක තිබුන. මොකද මේ හැම තැනකදීම මම දැක්කේ දර්මය තව මොන හරි දෙකින් වැසිලා තියනවා කියල . දර්මය කියල දකින්නෙත් දර්මය නෙමෙයි කියල . මම දැකපු කියවපු බවන පොත්වල කමටහන් ගැන භාවනාවට යොමුවෙන හැටි වගේ දේවල් කියවනකොට මට මේක කරන්න අවස්ථාවක් නා නේද කියල දුකක් මට තිබුන . මොකද විදර්ශන වැඩන්නනම් කමටහන් ගන්න ඕනි වගේ අදහස් නිසා . ඔය අතරේදී බොහොම කලෙකට් අපස්සේ අහම්බෙන් වගේ මට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුන . මේක අහගෙන ඉන්නකොට මට මොකක්දෝ වෙනස් දෙයක් මේකේ තියනවා කියල තේරුණා . (මේක මට ඇහුනේ මගේ කලින් බොස් ලග තිබිල ) . පස්සේ මට පොඩි ආසාවක් ඇතිවෙලා කව්ද මේ හාමුදුරුවන් කියල හොයල බැලුව .( මගේ බොසා හාමුදුරුවන් ලගින්ම ඇසුරු කරන කෙනෙක් ) පස්සේ මට ගොඩක් CDs පොත් වගේ දේවල් අහන්න කියවන්න ලැබුන . මට එකපාරටම තේරුණා එක තැනකදී මේක තමන්මයි අවබෝදකරගන්න ඕනි කියල ( මේක තේරුනේ අවබෝදය තුලින් බුදුන් දකිමු / සත්වයා කියන දෙසනවා අහල ) මට තේරුණා අර කමටහන් වගේ දේවල් නිසා අපි නිවැරදි දහම පෙනී පෙනීත් එකෙන් අයින් වෙලා ඉන්නවා කියල . ඒ වගේම අපි මෙචර කාලයක් පිලි අරගෙන තිබුන මේක එහෙම නෙමෙයි කියල පිලිගනවත් කැමති නැති කරුණු එහෙම පිටින්ම උඩු යටිකිරු වෙලා යන හැටි . දැන් මම නිවැරදිම දහම මොකද කියල හොදටම දන්නවා. ඒ වගේම අයෙමත් අර ඊතල පහර වැදුන මිනිහා උපමා කරලා කියපු කතාව . මම මේක එල කිරි එකේම බොහොම තැන වලදී සදහන් කරලා තියනවා . මේක ගැන කතා කරන්න ගියොත් මට මගේ PC එක කැඩිලා යනකම්ම type කරත් එවර වෙනති තරම් දේවල් කියන්න තියනවා .

    අවසානයෙන් කියන තියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යමු . :yes::yes:
    ඔබට බොහොම පින් . තෙරුවන් සරණයි .
     
    • Like
    Reactions: ablla2007

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    පින් දැන් ඕනෙත් නැති ගානයි කොල්ලනේ, කෙල්ලනේ... සේරම කරලා ඉවරයි! මට ඔයාලගේ interest එක දැකල හරි fit! මේක කැලේ යන කතාවක් නෙවෙයි. කිසි කෙනෙක් upset වෙන්න එපා දැන් ආයේ ශ්‍රී සද්ධර්මය කාලෙකට වහන්න බෑ කාටවත්!!! මේ කතාවත් අනිවාර්යයෙන් නිවනටම යනවා. ඕනේ ප්‍රශ්නයක් තිබුනොත් අහන්න. දන්නා හැමෝමත් එක්කරන් එන්න...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    151
    0
    හරියට හරි . පේනවා නේද නියම දර්ම මාර්ගයට පිචිසුන කෙනා පොලෙන් ගැහුව්වා වගේ උත්තර දෙන හැටි , ඕක තමයි කියන්නේ නියම දර්මය කියල . කාටවත් පුලුවන්නම් තවත් කාටවත් පින් අනුමෝදන් කරවන්න (සමහර අවස්ථාවලදී හැර/ ඒ නිසා මේක වාදෙකට ගන්න එපා.) . ඒ දේ අපිට මුලින්ම කරලා දෙන්නේ බුදුන් වහන්සේ . එහෙනම් අපි ඔක්කොම මේ වෙනකොට නිවන් දැකල . මේක එහෙම කාටවත් මවල දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි . තමන්ම අවබෝද කරගන ඕනි දර්මයක්. මේක හරියට හිරු මඩල වගේ . විඋර්ත වෙන තරමට බබලනවා . හරියට සදුන් කොටයක් වගේ කැලි කපන්න කොපන්න කොටන කොටන තරමට සුවද පැතිරෙනවා .


    යාළුවා මේ නුල මෙට වැඩ හොදට ඉස්සරහට අරගෙන යන්න අපිට පුළුවන් . අපි දැන් දන්නා ඉගෙන්න ගන්න බොහොමයක් Technical දේවල් බුදු දහමේ සදහන් වෙනවා . අපි ඒ දේවල් එකින් එක අරගෙන මෙතන දාමු .

    ඔන්න මමම වැඩේ පටන් ගන්නම් .
    පරිගණක මෙන්ම ඉලෙච්ට්‍රොනික් විද්‍යාවත් සම්පුර්නයෙන්ම පදනම් වෙලා තියන්නේ 0 ත් 1 ත් . ඒ කියන්නේ ON / OFF කියන හේතු දෙක මත . මේක හරියටම බුදු දහමේ ඇතිවෙන නැතිවෙන (වෙනස්වෙන ) හැටි ගැන කරන පැහැදිලි කිරීමමයි .

    ඔයගොල්ලෝ හැමෝටම නිවන් සැප ලැබේවා !
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    mensoft2003 මලේ, මට ඔයාගේ තියන interest එක හොඳටම පැහැදිලියි. එත් මට දෙයක් කියන්න වෙනවා. අමනාප වෙන්න නම් එපා! මම මේක කරන්න ගත්තේ ඇත්තටම මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! ඒකාලේ කවුරුවත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක යෙදිල ඉන්න බවක්වත්. මටත් පුදුමයි මම ආව ගමන! මේක ඇත්තටම අඬබෙර ගහගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි. දැන් සේරම verified හනදයි මම බය නැතුව වැඩේට බැස්සේ. මම දන්නේ නැහැ ඔයා අත්කරගෙන ඉන්න තත්වය මොකද්ද කියල. අනික, හිත කියන්නේ බුදු හාමුදුරුවෝ පිලිගන්නම එපා!!! කියපු එක. ඉතින් කෙනෙක් ගැන එක පාරටම කියන්නත් බැහැ. මට ඔයාගැන දැනගන්නත් බැහැ. ඒහන්ද ඔයා මේකට involve නොවී ඉන්නවද මම පටන්ගත්තු එක කරලා ඉවරකරනකම්? මට හිතට හරිනැහැ මෙහෙම කියන්න. එත් මේක සෙල්ලම් වැඩක් නෙවෙයි කොල්ලෝ. ගොඩ පිරිසකට සෙතක්, ප්‍රයෝජනයක් වෙන්න යමක් කරන්න ගත්තේ මාස ගණනක් හිතල හිතල, සේරම notes දාගෙන, එන හැම හිතුවිල්ලක්ම එක එක විදියට පෙරලා පෙරලා validate කර කර බලලයි. මේක ආවට ගියාට කෙරෙන එකක් නෙවෙයි! corrupt උනොත් වැඩක් වෙන්නේ නැහැනේ. ඔයාට කියන්න තියෙන එකක් මට personally කියල එවන්න. අර ඔයා කියපු 1 & 0 කතාව digital electronics නේ, මම කියන්න යන දේ, real life එකේ කතාන්දරය, කීයටවත් digitally express කරන්න බැහැ! එතනයි මුලික upset එක. sorry හොඳේ! තරහ නැහැනේ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    මිනිස්සු හැමෝගෙම ශරීර කුඩු (body construction) එකම විදියකට, එකම සැලසුමකට (plan) එකකට නේද තියෙන්නේ. එක එක්කෙනාගේ උස, මහත, පැහැය, ආයුෂ, අවයව වල ක්‍රියාකාරිත්වය, නිරෝගිබව වගේ දේවල් වෙනස් උනාට, තියන දේවල් සේරම එකයි නේද? එතකොට ඔය සිරුරු (bodies) සේරම හැදිලා තියෙන්නේ මොනවයින්ද? සේරම පොළොවෙන් ගත්තු දේවල් වලින් කියල මතකයිද. ඇයි ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තේ නැද්ද ආහාර දාම කියල එකක්. පොළොවෙන් සාරය උරාගෙන ගස් කොලන්/පැලෑටි හැදෙනවා, ගස් කොලන්/පැලෑටි ආහාරයට අරන් ශාක භක්ෂක සත්තු හැදෙනවා, ශාකභක්ෂක සත්තු ගොදුරුකරන් මාංස භක්ෂක සත්තු හැදෙනවා, සර්ව භක්ෂක කියන ගොඩට අයිති සත්තු ශාක, මාංස දෙකම ආහාරයට ගන්නවා. (මනුස්ස අපි සේරම කාල, අනික් උන්වත් කාල අන්තිමට ලෝකෙත් කනවා නැද්ද?) ඉතින් කොහොම බැලුවත් පොළොවෙන් ගත්තු යමක් මිසක් වෙන මොකවත්ම මේකේ නැහැ නේද? ඉපදිච්ච ගමන් සත්ව/මනුස්ස පැටියෙකුට කිරිනොදී, කෑම නොදී තිබ්බොත් මැරෙනවා ඇරෙන්න හැදෙන්නේ, වැඩෙන්නේ නැහැනේ! මේසේරම අන්තිමට පොළවටම දෙන්න වෙනවා! රුපසුන්දරීල, body builders ල, සේරම පස් තමයි!

    මේ අපේ ඇඟවල්වල ඇට/කටු වගේ හයිය දේවල් තියනවා, පොළොවේ පස්/ගල් වගේ හයිය දේවල් තියනවා බුදුහාමුදුරුවෝ මේවා සේරම පොදුවේ 'පඨවී ධාතු' කියල හැඳින්වුව. ආයේ අපේ ලේ/දහඩිය , පොළොවේ ජලය වගේ දේවලට 'ආපෝ ධාතු' කියල කිව්වා. රස්නේ ගතිය/ගැහෙන ගතිය 'තේජෝ ධාතු' කියල, වායු/gas 'වායෝ ධාතු' කියල කිව්වා. දැන් මෙහෙම කියපු එක 'ආගමක්' ද, නැත්නම් හොඳ විද්‍යාත්මක ඉගැන්වීමක් ද? එහෙනම්, ආගමක් කියල හිතන් ඉන්නේ... පිස්සු නේද? ඊළඟට අර හැම මනුස්සයගෙම මුලික ලක්ෂණ වගේ එකම සැලසුමකට නැත්නම් නියමිත ආකාරයකට, පිළිවෙලකට සිද්ධ වෙන, සකස් වෙන දේවල් වලට බුදුරජාණන් වහන්සේ 'ධාතු ස්වභාවයන්' කියලත් අඳුන්වල දුන්න. තව මේ 4 ජාතියෙන්, 'සතර මහා ධාතූන් ගෙන්' හැදුනු දේවල් වලට බුදුරජාණන් වහන්සේ 'රූප' කියල ඇන්දින්වුව. ඇයි ඒවිදිය නමක් දැම්මේ කියලත් උන්වහන්සේ කියල දුන්න. "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපංති උච්චති" (මහණෙනි, සතරමහා ධාතුන්ගෙන් හැදුනු සියල්ල නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඒනිසයි 'රුප' කියන්නේ) කියල. [පාලි භාෂාවෙන් 'රුප්පති' යන වචනයේ තේරුම 'නැසී වැනසී යන සුළු' කියන එකයි] පොඩ්ඩක් හිතල බලන්න මේ ඕනෙම ස්වභාවිකව හැදිච්ච, ස්වභාවික දේවල් වලින් හැදිච්ච, ඕනෙම දෙයක් කාලෙකදී දිරල, පොලවට පස් වෙලා යනවනේ, අන්න ඒකයි. හැමදාටම එක විදියට ස්ථිරව තියෙන්නේ නැහැ. අනිත්‍යයි!

    අපි ඕනෙම කෙනෙක්ගේ ඇඟවල් ගත්තොත්, ආයේ ඔය ඕනෙම ජාතියක සත්ව ශරීරයක ස්වභාවය බැලුවොත් ඒ හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ සතරමහා ධතුත්, 'අවකාස ධාතු' කියල හඳුන්වන හිදැස් සහිත සහිත බවත්, 'විඥාණ ධාතු' නම් වූ ධාතුවේත් සංකලනයෙන් බව බුදුන්වහන්සේ අපට කියාදුන්නා. මෙහිදී විඥාණය යනු දැනගන්නවා යන අර්ථය බව බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. දැනීමක් ඇතිවන්නට නම් යම්කිසි සජීවී බවක් (aliveness), යම්කිසි ක්‍රියාකාරිත්වයක් තිබිය යුතු බව පැහැදිලියි නේද? එතකොට ක්‍රියාත්මකයි කියන්නේ වැඩ කරනවා කියන එකනේ. වැඩ කරනකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් fan එකක් බලමු... කැරකුනොත් තමයි හුලන් එන්නේ, television එකක් උනත් වැඩකරනකොට නේ පින්තුර පෙන්නේ. ඉතින් එහෙම නම් මේ ඇඟ ඇතුලෙත් මොකක් හරි වැඩක් සිද්ධවෙනවා, operation එකක් යනවා ඇතිනේද? ඉතින් හරි නේ... එහෙම එකක් තියනව නේ! බුදුහාමුදුරුවෝ ඒක හොයාගෙන කියා දුන්න. මොකද්ද දන්නවද ඒ? ඒ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන 5. අහල තියනවද? අහල ඇති හැබැයි මේ මම කියන්න හදන විදියට නම් මටවත් ඉගෙන ගන්න ලැබුනේ නැහැ. මේක මම කල්පනා කරලා කරලා ගොඩනගා ගත්තු එකක්. බැලුවම ඒක ලේසියෙන්ම තේරෙනවා. කෙනෙකුට මගෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් වෙන්නේ මේවයින් තමයි.

    ඉතින් ඔය කරුණු ටිකේ 'වේදනා' කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්, 'සංඥා' කියන්නේ හඳුනාගන්නවා කියන අර්ථයෙන්, 'චේතනා' කියන්නේ චේතනා පහලකරනවා (හිතල යමක් කියනවා, කරනවා) කියන අර්ථයෙන්, 'පස්ස' කියන්නේ ස්පර්ශය (මෙතන ස්පර්ශය අපි සාමාන්‍යයෙන් කතාකරන ස්පර්ශ, touch කරනවා කියන එක නෙවෙයි. මේක කරුණු 3 ක එකතුවක්, 6 ආකාරයක ස්පර්ශයක් ගැන අපිට ඉගෙනගන්න තියනව) කියන අර්ථයෙන් සහ 'මනසිකාර' කියන්නේ මෙනෙහිකරනවා කියන අර්ථයෙන් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිකර දී තිබෙනවා. අපි මෙම කරුණු පසුව බුද්ධ දේශනාවේ ආකාරයටම ඉගෙන ගමු. එතකොට 2 වෙනි වරටනේ... වඩාත් හොඳින් තේරේවි. මේ මුලික කරුණු මම ඉගෙනගත්තේ මට ඉතාමත් හොඳින් ගැලපී ගිය, 'දිරවපු', ධාතු විභංගය නම්වූ සුත්‍ර දේශනාවෙනුයි. බුදුරජාණන් වහන්සේ මෙම සුත්‍ර දේශනාව වදාලේ පුක්කුසාති නම් භික්ෂුවකට. ඒ භික්ෂුව ශ්‍රී සද්ධර්මය පිලිබඳ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ගුණ අසා ඇතිකරගත් දැඩි, ස්ථිර විශ්වාසයක් පමණයි උන්වහන්සේ සතුව තිබුනේ... ඒත් දේශනාව අවසන් වෙනවිට උන්වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කලා. ඉතින් මේ හුඟදෙනෙකුටත් ලොකු අවස්ථාවක් තියෙනවා...

    ඇත්තටම මට තිබෙන්නේ දේශනාවල් සැහෙන ප්‍රමාණයක් අහල, කරුණු ගොඩාක් එකතු කරන් ගොඩ නගා ගත්තු 'picture' එකක්! ඒහන්ද මට, මේ මම කියන්න යන පිළිවෙලට අවශ්‍යවෙන කරුණු, ඒවෙලාවට බුද්ධ දේශනාවලින් ගන්න පුළුවන්. අපිට දෙයක් කරන්න ගියාම අවශ්‍ය තැනට අවශ්‍ය දේ තිබුනම ලේසියෙන්, එපාවෙන්නේ නැතුව, ඉක්මනට වැඩේ කරන් කරන් යන්න පුළුවන් නේ. මුළු library එකක තරමේ පොත් කියවල, මාස ගණනක් දේශනා අහල මෙහෙම දේකට උත්සහ කරන්නේ කීයෙන් කීදෙනාද? ඒත් මම මේ target කරන පිරිසට වඩා ගොඩාක් දැනුම අඩු, කල්පනා කිරීමේ ශක්තිය අඩු අය නම්, පොඩ්ඩ පොඩ්ඩ හරි දැනුවත් වෙලා ධර්මයටම යොමුවෙන එකයි හොඳම දේ...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    151
    0
    mensoft2003 මලේ, මට ඔයාගේ තියන interest එක හොඳටම පැහැදිලියි. එත් මට දෙයක් කියන්න වෙනවා. අමනාප වෙන්න නම් එපා! මම මේක කරන්න ගත්තේ ඇත්තටම මම පරතෙරටම ගිහිල්ල ඉවරවෙලයි. නිවන් අවබෝධය ලබල, කෙලෙස් පරිනිර්වාණය අත්විඳලා දැන් අවුරුද්දකටත් වැඩියි! ඒකාලේ කවුරුවත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක යෙදිල ඉන්න බවක්වත්. මටත් පුදුමයි මම ආව ගමන! මේක ඇත්තටම අඬබෙර ගහගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි. දැන් සේරම verified හනදයි මම බය නැතුව වැඩේට බැස්සේ. මම දන්නේ නැහැ ඔයා අත්කරගෙන ඉන්න තත්වය මොකද්ද කියල. අනික, හිත කියන්නේ බුදු හාමුදුරුවෝ පිලිගන්නම එපා!!! කියපු එක. ඉතින් කෙනෙක් ගැන එක පාරටම කියන්නත් බැහැ. මට ඔයාගැන දැනගන්නත් බැහැ. ඒහන්ද ඔයා මේකට involve නොවී ඉන්නවද මම පටන්ගත්තු එක කරලා ඉවරකරනකම්? මට හිතට හරිනැහැ මෙහෙම කියන්න. එත් මේක සෙල්ලම් වැඩක් නෙවෙයි කොල්ලෝ. ගොඩ පිරිසකට සෙතක්, ප්‍රයෝජනයක් වෙන්න යමක් කරන්න ගත්තේ මාස ගණනක් හිතල හිතල, සේරම notes දාගෙන, එන හැම හිතුවිල්ලක්ම එක එක විදියට පෙරලා පෙරලා validate කර කර බලලයි. මේක ආවට ගියාට කෙරෙන එකක් නෙවෙයි! corrupt උනොත් වැඩක් වෙන්නේ නැහැනේ. ඔයාට කියන්න තියෙන එකක් මට personally කියල එවන්න. අර ඔයා කියපු 1 & 0 කතාව digital electronics නේ, මම කියන්න යන දේ, real life එකේ කතාන්දරය, කීයටවත් digitally express කරන්න බැහැ! එතනයි මුලික upset එක. sorry හොඳේ! තරහ නැහැනේ?

    හොදයි . මම අයින් වෙන්නම් . හැබැයි මට ඔය ගැන දුකයි . කලබල වෙන්න එපා ඒ අයි කියල ඔය කරන අපු වැඩේ කරගෙන යන්න මමත් අසාවෙන් කියවනවා .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    අයින් වෙන්න ඕනේ නැහැ mensoft2003 කීයටවත්. මේක කිව්වේ තරහකට නෙවෙයි නේ! මම එකක් කියනවා ඔයා එකක් කියනවා උනොත් මෙතනත් වෙන්නේ බලන අයට වැඩේ අනික් තැන්වලදී වගේම 'ඇනිලා' එපා වෙලා යන එකනේ! එහෙම නෙවෙයි, මම මුලින් මං plan කරන් ආව දේ කියල, කරලා ඉවර කරනකම් ඉන්න! ඊළඟට ඔයත් ඔයාට කියන්න, ලියන්න තියන ඕනේ දෙයක් කියන්න, ලියන්න. බුදුහාමුදුරුවෝ අපි හැමෝගෙමයි. උන්වහන්සේ වදාල දේ ඒවිදියටම කියන ඕනේ කෙනෙක් සියලු සත්වයන්ගේ හිතසුව පිණිස පවතින කෙනෙක්! එහෙම නැතිඋනොත් එයා අනික් අයටත් අවැඩක් කරලා "කායස්ස බේධා පරම්මරනා අපාය විනීපාතන් දුග්ගතින් ගතෝ" වෙන බව කියල තියනවනේ. ඒ හන්ද ඕනේ දෙයක්.
    තව එකක්. ඔයා මම ලියපු ටික අරන් ඔයාට හිතුන ටික highlight කලේ ඇයි? ඒකෙන් ඔයාගේ mentality එක පිටට පේනවා විතරයි, මට කිසිම වෙනසක් නැහැ!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    151
    0
    අයින් වෙන්න ඕනේ නැහැ mensoft2003 කීයටවත්. මේක කිව්වේ තරහකට නෙවෙයි නේ! මම එකක් කියනවා ඔයා එකක් කියනවා උනොත් මෙතනත් වෙන්නේ බලන අයට වැඩේ අනික් තැන්වලදී වගේම 'ඇනිලා' එපා වෙලා යන එකනේ! එහෙම නෙවෙයි, මම මුලින් මං plan කරන් ආව දේ කියල, කරලා ඉවර කරනකම් ඉන්න! ඊළඟට ඔයත් ඔයාට කියන්න, ලියන්න තියන ඕනේ දෙයක් කියන්න, ලියන්න. බුදුහාමුදුරුවෝ අපි හැමෝගෙමයි. උන්වහන්සේ වදාල දේ ඒවිදියටම කියන ඕනේ කෙනෙක් සියලු සත්වයන්ගේ හිතසුව පිණිස පවතින කෙනෙක්! එහෙම නැතිඋනොත් එයා අනික් අයටත් අවැඩක් කරලා "කායස්ස බේධා පරම්මරනා අපාය විනීපාතන් දුග්ගතින් ගතෝ" වෙන බව කියල තියනවනේ. ඒ හන්ද ඕනේ දෙයක්.
    තව එකක්. ඔයා මම ලියපු ටික අරන් ඔයාට හිතුන ටික highlight කලේ ඇයි? ඒකෙන් ඔයාගේ mentality එක පිටට පේනවා විතරයි, මට කිසිම වෙනසක් නැහැ!

    Sorry වෙන්න ඕනේ . අයින් වෙනවා කිව්වේ මම අයෙත් මෙතන මුකුත් පොස්ට් කරන්න එන්නේ නෑ . මම කිවන්නේ ඔය කරගෙන යන්න මම කියවන්නම් . highlight කරලා තියන එක අයෙමත් කියවන්න . මම එක කරේ මට යමක් තේරුණා නිසා . මම කිවනේ එක මොකද කියල අහන එපා කියල . ඔයාම අයෙත් කරපු ටික බලන්න . මම හිතන්නේ මේක ඕනෙම කෙනෙකුට වැටහෙනවා .

    තෙරුවන් සරණයි !
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,298
    369
    83
    51
    Thalawathugoda - Sri Lanka
    අපි දැන් ඔය කතාකරපු, වැඩකරනවා කියල මම කියපු කොටස බුදුහාමුදුරුවෝ අඳුන්වල දුන්නේ 'නාම' කියල. තේරුම හැටියට ගත්තොත් ටිකක් upset upset වගේ වෙයි. මටත් අපේ හාමුදුරුවෝ මේක තේරුම් කලාට, ඒක පාරටම 'click' උනේ නැහැ. ඒත් එහෙම upset වෙන්න ඕනේ නැහැ. ඕක ලස්සනට තේරේවි ඉස්සරහට. බුදුහාමුදුරුවෝ දේශනා කලේ, නාම යනු රුප කායේ අධිවචන සම්පස්සයයි (රුපයක් ලෙස හඳුන්වපු සකස්වෙච්ච යමකට කියන නම) රුප යනු නාම කායේ පටිඝ සම්පස්සයයි (යම් නමකින් ඇඳින්වෙන සකස් වෙච්ච දෙය) ලෙසටයි. ඊළඟට බුදුන්වහන්සේ කිව්වා මේ දෙකම එකටමයි තියෙන්නේ වෙන්ව පවතින්නේ නැහැ කියල. ඉතින් එතකොට අපි හැමෝම නාම රූප! ඇයි හතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ (සකස්වෙලා තියෙන්නේ), ඕනේ තැනකින් කෑල්ලක් පෙන්නලා ඇහුවොත් ඒකට නමක් තියනව. එහෙම නැතුව වඩාත් පැහැදිලිවෙයි නේද මේ ඇඟ, හතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ, ඒක වැඩකරනවා! නාම, රූපත් එක්ක ඉන්නකම් 'පොර' live! නාම, රුපගෙන් වෙන් උන ගමන් 'පොර' dead! මම මෙතන 'නාමරූප' definition එකේ පොඩි modification එකක් කලේ, ඒක සත්වයා සම්බන්ධයෙන් නිවැරදි වෙන බව පටිච්චසමුප්පාදය විස්තර කෙරෙන තැන සඳහන් වන නිසයි. වචන බර වැඩියි කියල upset වෙන්න ඕනේ නැහැ කවුරුවත්. පටන් ගත්තු කාලේ මේවා සේරම මටත් greek! ඒත් තිබිච්ච උවමනාව, කැපවීම හන්ද, වචන ලියාගෙන, තේරුම් ලියාගෙන, පාඩම් කරගෙන මාර try එකක් දුන්නේ. මේ ඒකෙ ප්‍රතිඵල තමයි.

    දැන් අපි දන්නවා ධාතු වශයෙන් මේ ශරීරයේ සකස් වීම. ඊළඟට බුදුන් වහන්සේ මේ ශරීරය වෙන්කරලා පෙන්නුවා සංඥා ආයතන 6 ක එකතුවක් හැටියට. ඇස, කන, නාසය, දිව, කය, මනස වශයෙන්. ඔයාල මෙහෙම අහල තිබුනද? මමනම් නැහැ. මට අහන්න ලැබිල තිබුනේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියල විතරයි. ඒකියන්නේ වැදගත්ම එක missing! එතකොට ඉතින් කරන්න කියල දෙයකුත් නැහැ. වාඩිවෙලා 'බණ' කියල කියන ඕනේ කෙහෙල්මලක් අහගෙන ඉඳල 'ආ... දැන් සාදුකියන්න...' කිව්වම 'සාදු' කියල නැගිටිනවා, එච්චරයි. ඉතින් පෙරුම් පුරාගෙන, පුරාගෙන, පුරාගෙන යන්න උනා අපේ හාමුදුරුවෝ ඇවිල්ල පිරිසුදු බුද්ධ දේශනා කියල, තේරුම්කරලා දෙනකන්ම!! දැන් හරි. ඒත් තාම ඒ පිරිසුදු බුද්ධ දේශනා අහල නැති අය කොච්චර ඉන්නවද? එයාල දිගට හරහට පෙරුම් පුරනවා, පතාගෙන පතාගෙන යනවා, scientistsල අමරණීය වෙන්න බෙහෙත් හොයන්න වගේ ලොකු ලොකු වැඩ කරන්න යනවා, බුදුහාමුදුරුවෝ කිව්වා "මේ ලැබිච්ච අවස්ථාවේ පුළුවන් ඉක්මනින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න වත් උත්සහ ගන්න" කියල. ඒක ගොඩ දෙනෙක් කරන්න තියා හිතලවත් නැහැ! ඉතින් මොනවා වෙයිද? (මම දැන් ටික කලක ඉඳන් තව forum එකකට ලිව්වා. ඒකෙත් හිතට ආපු වැදගත් ඒවා සැහෙන ලිව්වා. මේකට ඒටික වෙනම දාන්න බලනවා... හැබැයි පස්සේ. නැත්නම් කාලේ අපතේ යනවා.) අපි මේකේ කෙළවරටම ගිහින් ඉමු!

    ඉතින් දැන් ඔය විද්‍යාඥයෝ, scientistsල, තාම එක එක දේවල් හොයන්නේ දන්නේ නැති හන්දනේ... බුදුහාමුදුරුවෝ සේරම හොයාගෙන අපිට කියල දීල සෑහෙන කල්. අපි උන්වහන්සේගෙන් අහල දැනගත්තනම් හරි! උන්වහන්සේ මේ ඇස්, කන්, නාසා වල operation එක, වැඩකරන විදිය හොඳට කියල දීල තියෙන්නේ. උන් වහන්සේ දේශනා කලා, "චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නං සංගති ඵස්සෝ" කියල, ඇසේ සිද්ධවෙන ක්‍රියාවලිය ගැන. ඒ මොකද්ද ඒ කිව්වේ... මෙහෙමයි, සජීවී ඇසකට රුපයක් ගැටුණු කල්හි ඇසේ විඥාණය උපදී, මෙම 3 හි එකතුව ස්පර්ශයයි. තව හොදට කියනවා නම්, අපි ඕනේ කෙනෙක්ගේ, වැඩකරන ඇහැකට නම්, රුපයක් වැටිච්ච ගමන්, ඇහැ ඒ ගැන දැනගන්නවා. එතකොට එතන ඇහැ තියනවා, රුපය තියනවා, ඇසේ ව්ඥානය තියනවා. කරුණු කීයද? 3 යි නේද? අන්න එකයි කිව්වේ. ඉතින් ඔය විඥාණය කියන එකත් අර කලින් ස්පර්ශය 6 ආකාරයි කිව්වා වගේම ආකාර 6 ක් තියෙනවා. බලන්නකෝ ඉස්සරහට යනකොට. එක නෙවෙයි වැදගත්ම දෙය. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ විඥාණය පැළවෙන දෙයක්ය කියල. ආයේ තව මේ 6 ආකාරයක විඥාණය කෙනෙක් හරියටම අවබෝධ කලොත්, එයා 'රහතුන් වහන්සේ නමක්' කියල. ඒ කියන්නේ පිරිනිවන් පානවා, ආයේ ඉපදීමක් නැහැ! සමහරු හිතන් ඉන්නේ රහත් වෙනවා කියන්නේ මහා අමුතු, අද්භූථ දෙයක් වෙනවා, සුවිශේෂ හැකියාවල් තොග ගණනේ ලැබෙනවා වගේ වැල් වටාරම් ගොඩක්! අන්න ඒකයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය විතරක්ම ඇසීමේ වැදගත්කම! නැත්නම් ධර්ම මාර්ගය තමන්වත් සම්පූර්ණකර නොගත්, එක එක්කෙනාගේ අදහස්, කතන්දර එකතු උන ගමන් වැඩේ එහෙමපිටින් upset වෙනවා! බලමු, මම කරන වැඩේ හරිගියොත් ගොඩදෙනෙක් 'ගොඩම' තමයි.

    ඉතින් අපි ඇහැ ගැන දන්නවා දැන්. තව 5 ක් තියනවා. ඒවත් වෙන්නේ එකම විදියට තමයි. නම් ටික තමයි වෙනස් වෙන්නේ! බලන්න... 'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ' (සජීවී කනකට ශබ්දය ඇසුනුගමන් කනෙහි විඥාණය හටගනී, මේ 3 හි එකතුව ස්පර්ශයයි). දන්නවානේ විඥාණය කිව්වේ දැනගන්නවා කියන අර්ථයෙන් නේ! මේ... සමහරු හිතන් ඉන්නේ රහත් උනාම මේ සේරම ඇහෙන, පෙනෙන, දැනෙන ඒවා නැතුව ගිහින්, මොකද්දෝ අමුතු එකක් වෙනවයි කියලයි. ඒක බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි! ඊළඟට 'ඝානන්ච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥාණං, තින්නං සංගති ඵස්සෝ', 'ජිව්හාච පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හා විඥාණං, තින්නං සංගති ඵස්සෝ', 'කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඥාණං, තින්නං සංගති ඵස්සෝ' & 'මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං, තින්නං සංගති ඵස්සෝ'. 6 ආකාරයකට විඥාණය, ස්පර්ශය තිබුන නේද? ඉතින් දැන් බුදුහාමුදුරුවෝ දෙවිදියකට මුළු bodyයම තේරුවා, හැබැයි එකක් කියඋනේ නැහැනේ... කෝ "මම" නැහැනේ!! වැරදුන වත්ද දන්නේ නැහැනේ... "මම" කොහෙහරි ඇති නේද? ඔව්, තව එක විදියකට තෝරලා තියනවා මේ ධාතු විභංග සුත්‍රයේදී, එකෙත් බලමු.

    ඊට කලින් දන්නවද මේ 6 ආකාරයකට විඥාණයයි, ස්පර්ශයයි කියල ගත්තේ, නැත්නම් එහෙම එකම විදියකට උනේ කියල... මම හිතන්නේ මේක තාම ධර්මය සම්බන්ධයෙන් හෙළිවෙලා වත් නැතුව ඇති. මට දැනගන්න ලැබුනේ robotics ඉගෙන ගන්න ගියාමයි. ඒ කට්ටිය ධර්මය දන්නවද දන්නේ නැහැ! ධර්ම මාර්ගය සම්පූර්ණ වෙලා, සේරම නිරවුල් වෙලා, සැක/අපැහැදිලි තැන් සේරම නැතුව ගියායින් පස්සේ, ඕක ගැන මතක් වෙලා තමයි, මේ කියන්න යන කතාන්දරය හිතේ වැඩකරන්න ගත්තේ. දැන් නම් සේරම process වෙලා තියෙන්නේ. මාස ගණනක් ගියා... හැබැයි මේ artificial විදියකට නිවන් අවබෝධ කරවන්න වගේ මොකුත් majic එකක් එහෙම නෙවෙයි! මේ සේරම සිදුවීම් වලට හොඳටම ගැලපිල යන තාක්ෂණික ක්‍රියාකාරිත්වයන් එකතු කරලා ආගමික barriers නැතුව විද්‍යාත්මක/technical විදියට මේ ජීවිතවල ඇතුල් පැත්ත පෙන්වන්න විතරයි.