First ever Gay Marriage in Sri Lanka

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
හමුදා සෙබළ වෙස් ගත් කාන්තාවක් තවත් කාන්තාවක් සමග විවාහ වී හසුවේ දේශීය 2010 අගෝස්තු 23 වෙනි සදුදා, 10:10
handcuffs.jpg
හමුදා සෙබළෙකු ලෙස පෙනී සිටි කාන්තාවක් තවත් කාන්තාවක් විවාහ කොට ගැනීමේ පුවතක් දික්වැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සැකකාර කාන්තාව විසින් රවටනු ලැබ තිබෙන්නේ ජංගම දුරකතනය මගින් හඳුනා ගත් තරුණියකි. හමුදා සෙබළකුගේ ඡායාරූපයකට තම මුහුණ යොදා නැවත සකසන ලද පින්තූරය අදාළ තරුණිය වෙත යවා ඇති බව හෙළි වී තිබේ.

දෙදෙනා මිතුරු වීමෙන් අනතුරුව දෙමාපියන්ට හොරෙන් පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා විවාහ වී ඇත.

සැකකාර කාන්තාව, කාන්තාවක් බව අනාවරණය වී ඇත්තේ විවාහයෙන් මාස දහයකට පමණ පසුවයි. එතෙක් කල් ඇය තමන්ව මග හරිමින් සිටි බව පැමිණිලිකාරිය පොලිසියට පවසා තිබේ.

ඇය ඒ ආකාරයට කටයුතු කළේ කුමක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නැත.