2 Killed by police in separate incidents

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පොලීසිය තවත් තරුණයකු බිලි ගනී

පයාගල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේදී පොලිස් පරීක්ෂකවරයකු විසින් 26 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම වෙඩි තැබීම කර ඇත්තේ ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු බවයි පැවසෙන්නේ.


කෙසේ වෙතත් එම පොලිස් පරීක්ෂකවරයා පයාගල පොලීසිය විසින් මේවන විට සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

LT

========================================================


ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය තැබූ වෙඩි පහරකින් තරුණයකු මියගොස් ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට ඊයේ දිනයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු තරුණයා රෝහල්ගත කිරීමට යාමේදී මරණයට පත්ව තිබේ. ඇඹිලිපිටිය රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ වෙඩි වැදුණු තරුණයා රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට භාර දෙනවාත් සමඟම මියගිය බවයි. ඔහුගේ සිරුර පුරා පහරදීමේ සලකුණු තිබූ බවද එම ප්‍රකාශකයා පැවසීය.


මේ අතර තරුණයා මිය යාමෙන් අනතුරුව ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරියකු පැමිණ තමාට තුවාල සිදුව ඇති බව පවසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා පැවසීය. වෙඩි තබා ඝාතනය කළ තරුණයා සමඟ පොරබැදීමේදී තමාට තුවාළ සිදුවූ බව එම පොලිස් නිලධාරියා පවසා තිබේ.

LT