ඩෙංගු චිකුන් ගුන්‍යා වෙන්කර හදුනාගනිමු

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඩෙංගු චිකුන් ගුන්‍යා වෙන්කර හදුනාගනිමු

    Dengue mosquitoe

    dengue-mosquito.jpg

    Chikungunya mosquitoe

    17397_Chikungunya%20Outbreaks%20In%20Sullia%20&%20Puttur_chikungunya.jpg

    වර්ෂාව මෙන්ම නියඟය නිසා ද විවිධ වෛරස රෝග පැතිරේ. වෛරස උණ වර්ග අතර චිකුන් ගුන්‍යා සහ ඩෙංගු වලට ප‍්‍රධාන තැනක් හිමි වෙයි.චිකුන් ගුන්‍යා බොහෝ පීඩාකාරිය. එහෙත් මාරාන්තික නොවේ. ඩෙංගු රෝගය එතරම් දැඩි වේදනා ඇති නොකළ ද මාරාන්තික වන අවස්ථා ද තිබේ.නිතර වැළඳෙන සෑම උණක් ම ඩෙංගු හෝ චිකුන් ගුන්‍යා නොවන බවත්, එම රෝග දෙක එකිනෙක වෙනස්ව හඳුනා ගැනීමට ප‍්‍රමාණවත් දැනුමක් ජනතාව සතු විය යුතු ය.

    අපි‍්‍රකානු මහද්වීපයේ මුලින් ම ඇති වූ උණ රෝගය ස්වහිලී දූපත්වල වැසියන් හැඳින් වූයේ ‘චිකුන් ගුන්‍යා’ යනුවෙනි. එහි අරුත ‘නැවුණු මගියා’ යන්නයි. නමේ අර්ථයෙන් ම එහි රෝග ලක්ෂණ පිළිබඳ කිසියම් අදහසක් ඉදිරිපත් වේ.චිකුන් ගුන්‍යා ප‍්‍රධාන ලක්ෂණය උණ සහ හන්දි වේදනාවය. ඇඟිලි පුරුක් වැනි කුඩා හන්දි ද දැඩි සේ වේදනා ගෙන දිය හැකි ය. ඇතැම් විට උණ පළමුව සෑදී හන්දි වේදනා ඇති වීම ද, මුලින් හන්දි සහ ඇඟපත වේදනා ඇති වී පසුව උණ ගැනෙන්නට ද ඉඩ තිබේ. ඩෙංගු රෝගය ද මෙවැනි රෝග ලක්ෂණ ඇතිව හැදෙන්නට ඉඩ තිබේ.රෝග දෙකම එකම මදුරුවාගෙන් බෝවෙන හෙයින් රෝග දෙකම එකවර ඇතිවීමට ද ඉඩ තිබේ.

    ඩෙංගු රෝගයේ දී අතපය වේදනා දැනුණත් හන්දි ඉදිමීමක් ඇති නොවේ. කුඩා හන්දිවල වේදනා ඇති නොවේ.ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර රුධිරගලනය මෙන් ම වීදුරු මස්වලින් වැනි බාහිර රුධිර ගලනයක් ඉඩ ඇතත් සාමාන්‍යයෙන් චිකුන් ගුන්‍යා රෝගයේදී එවැනි රෝග ලක්ෂණ මතු නොවේ. චිකුන් ගුන්‍යා රෝගයේදී සම මතුපිට කුඩා බිබිල හෝ රත් පැහැ ගැන්වීම සිදු විය හැකිය. තද උණ රෝග දෙකටම පොදු ලක්ෂණයකි. ඩෙංගු රෝගයේදී උණ තදින් ගැනීම නැවත බැස යළිත් උණ ගැනීමට ඉඩ තිබේ. චිකුන් ගුන්‍යා රෝගයේදී එක දිගටම තදින් උණ නැවතීමට ඉඩ තිබේ. චිකුන් ගුන්‍යා උණ දින තුන හතරකින් බැස ගිය ද විවිධ පසු විපාක තරමක් කාලයක් යනතුරු ඇතිවේ. හන්දි වේදනාව, හන්දි ඉදිමුව සෑම අරුචිය වැනි ලක්ෂණ එසේ පැවතෙයි.

    ඩෙංගු රෝගය සුව වූ පසුව නැවත නැවතත් හැදීමට ඉඩ තිබේ. එහෙත් චිකුන් ගුන්‍යා රෝගය වැලැදී සුවය ලද පසුව සිරුරෙහි ඇතිවන ප‍්‍රතිශක්තිය දිගුකාලීනව සිරුරෙහි පවත්නා හෙයින් එය නැවත හැදෙන්නේ නැත.ඩෙංගු රෝගයේදී හෘදය වස්තුවට වෛරසයේ බලපෑම් ඇති විය හැකි ය. එසේ වූ විට මයෝකාඩයිටීස් රෝග තත්ත්වය ඇති වේ. හදවතේ කි‍්‍රයාකාරීත්වය දුර්වල වී හදවත විශාල වීමට ඉඩ ඇත.චිකුන් ගුන්‍යා රෝගයේ දී එවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නැත.සාමාන්‍යයෙන් මේ උණ දෙවර්ගය පැහැදිලිව ම එකවර හඳුනාගත නොහැකි හෙයින් සුළු වේදනා නාශකයක් වන පැරසිටමෝල් ගැනීම සුදුසු ය.

    කවර උණක් හැඳුණ ද හැකි තරම් ජලය පානය කිරීම හැකි තරම් විවේක ගැනීම මෙන් ම කෑම අරුචිය ඇතත් හැකි තරමින් ආහාර සහ දියර වර්ග ගැනීම කළ යුතු ය.දින තුනකට වඩා උණ ඇත් නම් වෛද්‍යවරයා හමු වී රුධිර පරීක්ෂාවත් කර ගැනීම වැදගත් ය. නිශ්චිත රෝග විනිශ්චය රුධිර පරීක්ෂාවෙන් පසුව සිදු කළ ද, සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ අනුව ද රෝගය හඳුනා ගැනීමේ හැකියාව වෛද්‍යවරයා සතු වේ.උණ වැඩි වී රෝහල් ගතවීමට සිදු වුවහොත් සම්පූර්ණ සුවය ලැබීමට සතියක් පමණ ගත විය හැකි ය. රෝහලෙන් පිටව ගිය පසු වුව ද පෙර විසූ සුවපත් තත්ත්වයට පත් වන්නට මසක් හෝ ඊට වැඩි කාලයක් ගතවීමට ද ඉඩ තිබේ. ජලය පානය නිසි පෝෂණය සහ විවේකය ද ඉක්මන් සුවය සඳහා අත්‍යවශ්‍ය වේ.

    මේ දිනවල බහුලව මෙරට දක්නට ලැබෙන උණ දෙවර්ගය චිකුන් ගුන්‍යා සහ ඩෙංගු වුවත් වෙනත් වෛරස් උණ වර්ග ද වරින් වර මතු වේ. සැලකිලිමත්ව කටයුතු කිරීම සෑම මිනිසකුගේ ම වගකීමකි. කුඩා ළමයින් ඇතුළු සමස්ත සමාජයට සෞඛ්‍ය සම්පන්න වන්නේ එවිට ය.
    රෝග වැළැඳීමෙන් ආරක්ෂා වීම රෝග මර්දනය හෝ රෝගවලට පිළියම් කිරීමට වඩා හැමවිටම වැදගත් වේ.
     
    • Like
    Reactions: the_myth

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: