Police

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    tagnews.jpg
    දුරකථනයෙන් තර්ජනය කරමින් පිළියන්දල
    පොලිසියේ ලොක්‌කෙක්‌ ව්‍යාපාරිකයන්ගෙන්
    "රීලෝර්ඩ්" ඉල්ලයි


    හේමන්ත රන්දුණු

    පිළියන්දල පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් තම ජංගම දුරකථන සඳහා "රීලෝර්ඩ්" දමන ලෙස බලපෑම් කිරීම නිසා එම ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

    මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් කීපදෙනකුම ගල්කිස්‌ස පොලිස්‌ කොට්‌ඨාසය වෙත පැමිණිලි කර ඇත.

    පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට දුරකථනයෙන් කථා කරන මෙම පොලිස්‌ නිලධාරියා තම ජංගම දුරකථනය සඳහා රුපියල් පන්දහසක්‌ හෝ ඊට වැඩි මුදලක්‌ "රීලෝර්ඩ්" කරන ලෙස කියමින් තර්ජනය කර ඇති බව වාර්තාවේ. එසේ නොකළහොත් කරදර වීමට ඉඩ ඇති බව කියමින් ද මොහු ව්‍යාපාරිකයන්ට බලපෑම් කර ඇත.

    මෙම පොලිස්‌ නිලධාරියා ජංගම දුරකථන කීපයක්‌ම භාවිත කරන බව ද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

    පිළියන්දල ප්‍රදේශයේ අපරාධ මර්දනය කිරීමට පත්කර ඇති මෙම නිලධාරියා මේ ආකාරයට ක්‍රියා කිරීම පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ගෞරවයට ද විශාල කැළලක්‌ බව ව්‍යාපාරිකයෝ පවසති.

    බස්‌නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්‌පති දයා සමරවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වා ගෙන යයි.

    http://www.divaina.com/2010/07/16/news30.html


     
    • Like
    Reactions: king_pandukabaya

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ත්‍රිරෝද රිය නවත්වා පියාට පහරදී
    කොටුව පොලිසියේ පස්‌දෙනෙක්‌ තරුණියක්‌ බලෙන් රැගෙන යති
    මහරගම තරුණිය පොලිසියට පැමිණිලි කරයි

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

    කොටුව පොලිසියට අනුයුක්‌ත පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකු තමා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ අතවර කළ බවට පවසමින් මහරගම ප්‍රදේශයේ තරුණියක විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කළ පොලිසිය වහා ක්‍රියාත්මක වී අදාළ නිලධාරීන් පස්‌දෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත.

    අත්අඩංගුවට පත්ව ඇත්තේ කොටුව පොලිසියේ උපපොලිස්‌ පරීක්‌ෂකවරයෙක්‌ සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් සිව්දෙනෙක්‌ වන බව පොලිස්‌ මූලස්‌ථානයේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

    අතවරයට ලක්‌වූ බව කියන තරුණිය කොළඹ පෞද්ගලික ඇඳුම් අලෙවි සලක වෙළෙඳ සමාගමක සේවිකාවක වශයෙන් කටයුතු කරන්නියක බවත් එම නිලධාරියා කීය.

    අදාළ පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනා කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබූ ගණිකා නිවාසයක්‌ වැටලීමේ රාජකාරියක්‌ සඳහා ගොස්‌ තිබේ. ඔවුන් එම ගණිකා නිවාසය වැටලීමට ගිය මොහොතේ එම ගණිකා නිවාසයේ සිටි සියලු ගණිකාවන් පලාගොස්‌ තිබේ. වැටලීම අසාර්ථකව නැවත පොලිසිය වෙත පැමිණෙමින් සිටි මෙම පොලිස්‌ මෙම නිලධාරීන් කොළඹ ඇස්‌ වාට්‌ටුව ප්‍රදේශයේ දී අදාළ තරුණිය හා ඇගේ පියා ගමන් කරමිත් තිබූ ත්‍රිරෝද රථය නවත්වා තිබේ. අනතුරුව ත්‍රිරෝද රථය තුළ සිටි තරුණියගේ පියා රථයෙන් එළියට ඇද පහරදී තිබේ. ඉන් අනතුරුව අදාළ නිලධාරීන් තමාව පැහැරගෙන ගොස්‌ ලිංගික අතවර කළ බවට මෙම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත.

    අත්අඩංගුවට ගැනුණු නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇතැයි ද උසස්‌ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
    http://www.divaina.com/2010/07/17/news36.html