ජෙනරාල් දේශපාලනය අතහැර
රටින් පිටවී යෑමට එකඟවන්නේනම්
නිදහස ලබාදීමට ජනාධිපති එකඟලූ ෟ
ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන කටයුතු අතහැර මෙරටින් පිටවීමට එකඟවන්නේනම් ඔහුට සමාවක් ලබාදීමට තමා සූදානම් බව ජනාධිපතිවරයා, ඇමරිකාවේ වෙසෙන ජෙනරාල්වරයාගේ සමීපතම ඥාතිවරියෙකුට ඊයේ (03* දැනුම්දී තිබේ. මෙම දැනුම්දීම සිදුකොට ඇත්තේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා මාර්ගයෙනි.
සමාව නොඉල්ලූවද එම කාරණයට එකඟවන්නේනම් ජෙනරාල්වරයාට නිදහස ලබාදෙන බව එම පනිවිඩය මගින් අවධාරණය කර ඇත. මෙම කාරණයට ජෙනරාල් එකඟකරවා දෙන ලෙස ජනාධිපතිවරයා ඔහුට හිතවත් ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමකගෙන්ද ඉල්ලා ඇතත් උන්වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
අප වෙත වාර්තාවන පරිදි ජෙනරාල් සිරගත කර දඩුවම් පැමිණවීමේ තීන්දුව, ජනාධිපතිවරයාට හිතවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද දෝෂාරෝපයනයට ලක්්කොට ඇත.