සිංහල බබෙක්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය විදියට තමයි


    පොලිස් නිලධාරියකු වූ අරුණ පාසල් සමයේ පටන්ම දිනපතා සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කළ, කරාටේ සටන් ක්‍රම ප්‍රගුණ කළ, බෲස් ලී හට තද ඇල්මක් දැක්වූ අයෙකි.
    දිනක් සේවය අවසන් වී බොරැල්ල හන්දියට පැමිණි හෙතෙම බාබර් සාප්පුවකට ගොඩ වීය.
    ‘බෲස් ලී ගෙ විදියට මගෙ කොන්ඩේ කපන්න ඕනෙ.’ අරුණ බාබර් දෙස කණ්ණාඩියෙන් බලමින් කීවේ සුදු රෙද්දක් තම සිරුරේ ඉදිරිපස දමමින් බාබර් කොණ්ඩය කැපීමට සැරසෙද්දී ය.
    කොණ්ඩය කපා අවසාන වූ පසු නැගිට මදක් ඉදිරිපසට නැමී කණ්ණාඩියෙන් තම හිස පිරික්සු අරුණ මුහුණ ඇඹුල් කර ගෙන බාබර් දෙස බලා කෝපයෙන් මෙසේ කීය.
    ‘අයියෙ බෲස් ලී කොන්ඩේ කපන්නෙ මේ විදියට නෙමෙයි නෙ.’
    ‘මොකද මහත්තයා නැත්තෙ? බෲස් ලී මෙහාට ආවොත් අපි එයාගෙ කොණ්ඩෙ කපන්නෙත් ඔය විදියට තමයි.’ බාබර් කීය.


    සිංහල බබෙක්

    උදිතා පේ‍්‍රමපාල ව කසාද බැන්දෙ එංගලන්තෙ යන්ඩ ඔන්න මෙන්න කියල. ලන්ඩන් නුවර වාසය අරඹලා අවුරුදු පහක් ඉක්ම ගියත් උදිතාට දරුවෙක් ලැබෙන පාටක් නැහැ. උදිතා වගේම පේ‍්‍රමපාලත් දරු පැටියෙකු ගෙ මූණ බලන්ඩ බොහොම ආසාවෙන් හිටියෙ.
    අන්තිමේදී උදිතා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ස්ත්‍රී රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් ව මුණ ගැසුණා. දොස්තර උදිත ගෙ කථාව අහගෙන හිටියේ කිසිම තෙත් ගතියක් නැතුව කිසිදු කරුණාවක් නොපෙන්වා, දොස්තර මහතා උදිතාට මෙහෙම කිව්වා.
    ‘ගලවනවා ඔය ඇඳුම්. දැන් දිගාවෙනවා ඔය ඇඳ උඩින්.’
    උදිතා තිගැස්සුණා. ඈ ටිකක් අදිමදි කරමින්, බයෙන් වගෙ දොස්තරට මෙහෙම කිව්වා.
    ‘අනේ ඩොක්ටර්, මට ඕනෑ කරල තියෙන්නෙ සිංහල බබෙක්.’


    ගෑනු ගතිය

    ‘අපේ අමිතා ගෙ ඔළුවට අදහසක් ආවොත් මැරුවත් ඒක වෙනස් කරන ගෑනියෙක් නෙමෙයි එයා.’ කරුණාසේන තම මිතුරු දාබරේ හා කීවේ තම දියණියගේ විවාහය නිමිත්තෙන් පැවති සාදයේ දී ය.
    ‘අයිසේ කරු, තමුසෙ ගෑනුන්ව හරියට අඳුරන්නෙ නැති පාටයි. අමිතා මොකක් හරි අදහසක් එළියට දැම්ම ගමන් තමුසෙ පටස් ගාලා ඒකට එකඟ වෙලා බලනවා. ගෑනි එක පාරටම ඒ අදහස වෙනස් කරාවි.’ ස්ත්‍රී සොඬකු වූ දාබරේ කීවේ සිනාසෙමිනි.

    :P:rofl: