ඔබට_නල_ජලය_ලැබෙන්නේ_මෙහෙමයි

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔබට_නල_ජලය_ලැබෙන්නේ_මෙහෙමයි

    ඔබට නල ජලය ලැබෙන්නේ මෙහෙමයි


    Water+Drop.jpg


    ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය යටතේ රට පුරා ජලය පිරිපහදු කර බෙදා හරින ස්ථාන 280 ක් කි‍්‍රයාත්මක වනවා. මහ කොළඹ හා අවට තදාසන්න නගර සඳහා ජලය සැපයෙන්නේ අඹතලේ, කලටුවාව හා ලබුගම ජල සම්පාදන සංකීර්ණ වලින්. අඹතලේ ජල පවිත‍්‍රාගාර සංකීර්ණය ශ‍්‍රී ලංකාවේ විශාලතම හා නවතම පවිත‍්‍රාගාරයයි. මෙමගින් දිනකට නිෂ්පාදිත, බෙදාහරිනු ලබන ජල ප‍්‍රමාණය ගැලුම් මිලියන 118,000 කි. ශ‍්‍රී ලංකාවේ ජල පාර්භෝගිකයන් 65% ක්්ම අයත් වන්නේ මෙම කොටසටයි.මහ කොළඹ ජල සම්පාදන ක‍්‍රමයෙන් කොළඹ නගරයට කොළඹින් දකුණ, උතුර හා නැගෙනහිරට ජලය සපයනවා. මෙහි දී ජලය පවිත‍්‍ර කිරීම සඳහා පවිත‍්‍රාගාර තුනක් උපයෝගී කර ගන්නවා.1. අඹතලේ ජල පවිත‍්‍රාගාර සංකීර්ණය.2. කලටුවාව ජල පවිත‍්‍රාගාරය.3. ලබුගම ජල පවිත‍්‍රාගාරය.

    කැළණි ග‍ඟේ ජලය අඹතලේ ජල පවිත‍්‍රාගාරයට ලබා ගන්නවා. කලටුවාව හා ලබුගම ජලාශ වලින් කලටුවාව හා ලබුගම ජල පවිත‍්‍රාගාරවලට ජලය ලබා ගන්නවා.ජල ප‍්‍රභවයේ ජලය පවිත‍්‍රාගාරයට ලබා ගැනීමට විදුලි බලය හෝ ගුරුත්ව බලය යොදා ගන්නවා. අඹතලේ ජල පවිත‍්‍රාගාරයට කැළණි ගගේ ජලය පොම්ප කරනවා. කැළණි ගඟ වම් ඉවුරේ තිබෙන පොම්පාගාර දෙකක් මේ සඳහා උපයෝගී කර ගන්නවා. ඒවා විසි හතර පැයේම කි‍්‍රයාත්මකයි.ලබුගම හා කලටුවාව ජලාශ වලින් ජලය ලබා ගන්නේ ගුරුත්ව බලය උපයෝගී කර ගෙනයි. මෙලෙස ගංගා හා ජලාශ වලින් ලබා ගන්නා ජලය කෙළින්ම අප වෙත ලැබෙන්නේ නැහැ. ගංගාවල ජලය මිනිසුන් හා සතුන්ගේ කි‍්‍රයාවන් නිසා අපවිත‍්‍ර වෙනවා. නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය මගින්, අපවිත‍්‍ර කාණු පද්ධති ගංගා ඇළ දොළවලට සම්බන්ධවීමෙන්, නෑමෙන්, රෙදි සේදීමෙන්, සතුන් නෑවීමෙන් ආදී මිනිසාගේ විවිධ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගංගා ජලය අපවිත‍්‍ර තත්ත්වයට පත්්වෙනවා.කෙසේ වෙතත් ගංගාවල ජලය පිරිසිදුකර විෂ බීජ විනාශ කිරීමෙන් පසුවයි බෙදා හැරීම සිදු කරන්නේ. මේ සඳහා දිගු කි‍්‍රයාදාමයක් සිදු වෙනවා. ඒ පිළිබඳව අපි සවිස්තරව විමසා බලමු.

    ජලය පිරිසිදු කරන්නෙ කොහොමද?ජලය පිරිපහදු කරන කි‍්‍රයාවලිය පියවර පහකින් සිදු කරනවා.* වාතනය* රසායන ද්‍රව්‍ය එකතු කිරීම (කැටීකරණය,කැටීයාව)* අවසාදනය* පෙරීම* විෂ බීජ නාශනය.

    වාතනය* ජලය පිරිසිදු කිරීමේ පළමු පියවර වාතනයයි. මෙහි දී සිදු වන්නේ ජලයට ඔක්සිජන් එකතු කිරීමයි. පිරිසිදු ජලයේ වර්ණයක්, රසයක්, ගන්ධයක් නැති බව ඔබ දන්නවා. මෙම අදියරේ දී රස, ගන්ධය හා වර්ණය ඇති කරන වායුු හා ලෝහ සංයෝග ඉවත් වෙනවා. ජලයෙහි දියවී තිබෙන හයිඩ‍්‍රජන් සල්ෆයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් ඉවත්වීමත්, යකඩ හා මැංගනිස් අයන ඔක්සිකරණය සිදුවීමත් සිදුවනවා.

    රසායන ද්‍රව්‍ය එකතු කිරීමරසායන ද්‍රව්‍ය එකතු කිරීම දෙවැනි පියවරයි. රසායන ද්‍රව්‍ය ලෙස ඇලම් (සීනක්කාරම්) හා හුණු (ලයිම්) යොදා ගන්නවා. ඒවා ජලය හා ප‍්‍රතිකි‍්‍රයා කරනවා. ජලයෙහි ඇති අංශූන් ඍන අයන නිසා ඇලම්වල තිබෙන ඇලුමිනියම් ධන අයන සමඟ එකතුවීමෙන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සාදනවා. මෙම අවක්ෂේපය බර වැඩි නිසා ජල ටැංකියේ පතුලට කිඳා බසිනවා. පී. එච්. අගය අවශ්‍ය මට්ට්මට තබා ගැනීම ලයිම් (හුණු) එකතු කිරීමෙන් සිදු වෙනවා.

    අවසාදනයතුන්වැනි පියවරේ දී අවසාදනය සිදුවෙනවා. දෙවැනි පියවරේ දී කැටිති සෑදෙන බව ඔබ දැනුවත් වුණා. විශාල තටාකවල ලොකු කැටිති සෑදෙනවා. මෙම තටාක පල්සේටරය, ප‍්‍රිටීටර් සහ සෙන්ටි‍්‍රප්ලොක් යනුවෙන් හඳුන්වනවා. ඉහළම කොටසේ තිබෙන පැහැදිලි වතුර කාණු පද්ධතියක් මගින් වැලි පෙරණවලට යවනවා.

    පෙරීම* හතරවැනි පියවරේ දී ජලය පෙරීමට යුහුගුරුත්ව වැලි පෙරනය භාවිතා කරනවා. ජලයේ අවලම්භනය වී ඇති ද්‍රව්‍ය සියල්ලම පෙරීමේ දී ඉවත් වෙනවා. මේ අවස්ථාවේ දී කුඩා අංශු, බැක්ටීරියා, වැලිතට්ටුව මත තැන්පත් වනවා. වැලි පෙරනයෙන් දිගින් දිගටම පෙරීමේ දී පෙරනයේ වැලි අතර හිදැස් පිරීමෙන් ජලය පෙරීම අඩු වෙනවා. ඒ අවස්ථාවේ දී පෙරන සේදීම කළ යුතුයි. මේ සේදීමෙහි දී පෙරහන පතුලෙහි ඇති නල මගින් පීඩනයට භාජනය කරන ලද වාතය යවනවා. ඊට පසුව පිරිසිදු ජලය යවනවා. මෙහි දී වැලි අතර රැඳී තිබුණු අප ද්‍රව්‍ය ඉවත් වෙනවා. පෙරනයක් සෝදන්න ජලය ඝ. මී. 365 ක් (ගැලුම් 81,000 ක්) අවශ්‍ය වෙනවා.

    ඊළඟ පියවර විශ බීජ නාශනයයි. මෙම කි‍්‍රයවලිය ක්ලෝරිනීකරණය යනුවෙනුත් හඳුන්වනව. මේ සඳහා ක්ලෝරීන් වායුව හෝ විරංජන කුඩු භාවිතා කරනවා.

    අන්තර්ජාලය ඇසුරිනි
     
    • Like
    Reactions: gn.karunarathna

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් ඇත්තටම ඉතාම වටිනා තොරතුරු ටිකක්. ඉස්කෝලේ යන කාලයේ විද්යාව පොතේ දැක්කට පස්සේ දැන් තමයි ඕක මතක් උනේ. බොහොම ස්තූතියි