වඩා හොඳ මොකද්ද?
අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ සේනාධි තම පියා වෙත ගොස් මෙසේ ඇසීය.
‘තාත්තා කැමැති මම ඇස් කන් නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවටද, එහෙම නැත්නම් දත් දොස්තර කෙනෙක් වෙනවට ද?’
‘පුතේ උඹ දෙපාරක් නොහිතා දත් දොස්තර කෙනෙක් වෙයන්.’ ධර්මදාස තම පුතු දෙස ආඩම්බරයෙන් බලා කීවේ ය.
‘ඇයි තාත්තා මම දත් දොස්තර කෙනෙක් වෙනවට ඔච්චර කැමැති?’ සේනාධි පුදුමයෙන් විමසුවේ ඔහු ඊට හාත්පසින් ම වෙනස් පිළිතුරක් අපේක්ෂා කළ බැවිනි.
‘ඇයි පුතේ මිනිහෙකුට තියෙන්නේ ඇස් දෙකයි. කන් දෙකයි. එක නහයයි. එහෙමයැ පුතේ දත්. තිස් දෙකක් ම තියෙනවනෙ.’ ධර්මදාස කීවේ දත් දෙතිසම පෙන්නා සිනා සෙමිනි.

ගණන් බැලීමේ අර්ථය
රමේෂ්ගේ බාබර් සාප්පුව, නිතර පිරී පවත්නා, නගරයේ ජනපි‍්‍රය ස්ථානයකි. සතියේ දිනෙක සවස් යාමයේ එයට ගොඩ වූ පි‍්‍රයන්ත ‘කොන්ඩේ කපන්ඩ තව කී දෙනෙක් ඉන්නවාදැ’යි විමසා එතැන මඳ වේලාවක් රැඳී සිට ඉවතට ගියේය. ඊළඟ සතියේ ද බාබර් සාප්පුවට ගොඩ වැදුණු හෙතෙම පෙර පරිදිම විමසා ඉවතට යන අයුරු රමේෂ් බලා සිටියේය. තුන් වැනි සතියේ ද එක් සවස් වරුවක බාබර් සාප්පුවට පැමිණි පි‍්‍රයන්ත එසේම විමසා ඉවතට යද්දී රමේෂ් තම අතවැසි නිලන්ත කැඳවා මෙසේ කීය.
‘අර මිනිහා හැම සුමානෙම ඇවිත් කොන්ඩේ කපන්ඩ තව කී දෙනෙක් ඉන්නවද කියල බලලා යනවා. හැබැයි ආපහු එන්නෙ නැහැ. ගිහින් බලනවා මිනිහා කවුද කියල.’
ටික වේලාවකට පසු ආපසු පැමිණි නිලන්ත රමේෂ් අමතා මෙසේ කීය.
‘මිනිහා කවුද කියල නං මං දන්නෙ නැහැ. ඒත් මිනිහා ගියෙ රමේෂ් මහත්තයාගෙ ගෙදරට.’

කිට්ටුම යාළුවෙක්
තම ලිපිගොනුවක වූ සටහනක් පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීමට අමිතා නගර සභාවේ සභාපති තුමාගේ කාමරයට ගොස් සිටියදී ඔහුගේ දුරකථනය නොනවත්වාම නාද වන්නට විය.
හදිසි රාජකාරියක නියැලී සිටි සභාපති හිස නොඋස්සාම මෙසේ කීවේය.
‘මිස් බලන්ඩ ඔය කවුද කියලා.’
‘සර්ගෙ කිට්ටුම යාළුවෙක් කතා කරනවා.’ දුරකථනයට පිළිතුරු දුන් අමිතා පැවසුවාය.
‘කිට්ටුම යාළුවෙක්...? මොකද්ද නම?’ සභාපති කුහුලින් විමසීය.
‘නම කිව්වේ නැහැ.’ අමිතා තම කණ්ණාඩිය සකසමින් පිළිතුරු දුන්නාය.
‘එහෙනං කිට්ටුම යාළුවෙක් කියල දන්නෙ කොහොමද?’ සභාපති ඇසුවේ විමතියෙනි.
‘එයා අහනවා ‘ඔය තකතීරු මෝලා කන්තෝරු ඇවිල්ලා ඉන්නවද කියල?’ අමිතා කීවාය.

දහ තුන
‘ප්‍රසන්න ඔයා හිතන්නෙ දහතුන අවාසනාවන්තයි කියල ද?’ ලිපි ගොනුවක් රැගෙන තමා වෙත ආ ප්‍රසන්න ගෙන් නාමලී විමසුවේ එම ලිපි ගොනුවට අත්සන් තබන අතරවාරයේදීය.
අනේ මිස් මම නං ඔය වගෙ මිථ්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙමෙයි.
‘ඒක තමයි. එහෙනං ඔයා මට හොඳ ළමයා වගෙ රුපියල් දහතුන් දාහක් ණයට දෙනව ද?’ නාමලී දයාබර හිනාවකින් ප්‍රසන්නට සංග්‍රහ කරමින් ඇසුවාය.

--එඩ්වඩ් චන්ද්රසිරිඅ.පො.ස. උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ සේනාධි තම පියා වෙත ගොස් මෙසේ ඇසීය.