ඔබේ ගැහැනු බව හෝ පිරිමි බව හෝ තීරණය වූයේ කේසේ දැයි ඔබ කෙදිනක හෝ සිතා බැලුවාද ?
දරුවකුගේ ගැහැනු-පිරිමි බව තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ගැහැනියට යැයි අතීතයේ දී විශ්වාස කරන ලදී.එය සාවද්‍ය බව මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබට වැටහෙනු ඇත.
මිනිසාගේ දේහ සෛලයක න්‍යෂ්ටියේ වර්ණදේහ යුගල් 23 ක් ඇති බව ඔබ දන්නා කරැණකි. මේ අතරින් අවසාන වර්ණදේහ යුගල ලිංග වර්ණදේහ(sex chromosomes) ලෙස හැදින්වේ. ස්ත්රීන්ගේ ලිංග වර්ණදේහ යුගලට අයත් වර්ණදේහ ව්‍යුහයෙන් හා හැඩයෙන් එක සමාන ය. ඒවා X වර්ණදේහ ලෙස හැදින්වේ.
පිරිමින්ගේ ලිංග වර්ණදේහ දෙක එකිනෙකට වෙනස් ය. ඒවා X හා Y වර්ණදේහ ලෙස හැදින්වේ. Y වර්ණදේහය X වර්ණදේහයට වඩා කුඩාය. පිරිමින්ගේ X වර්ණදේහය ස්ත්රීන්ගේ X වර්ණදේහයට සමානය.
ස්ත්‍රී ජන්මාණු ඇති වන්නේ ඩිම්බ මාතෘ සෛලවලින් බවත්, පුරැෂ ජන්මාණු ඇති වන්නේ ශුක්‍රාණු මාතෘ සෛලවලින් බවත් ඔබ දන්නා දෙයකි. ජන්මාණු සැදීමේදී ලිංගික වර්ණ දේහ යුගල වෙන් වේ. මේ නිසා ශුක්‍රාණුවක හෝ ඩිම්බයක හෝ සාමාන්‍ය වර්ණදේහ 22ට අමතරව ලිංග වර්ණදේහ තිබිය හැක්කේ එකක් පමණි. එනම් X වර්ණදේහය හෝ Y වර්ණදේහය පමණි.
ඩිම්බයක X ලිංග වර්ණදේහයක් පමණක් ද ශුක්‍රාණුවක X ලිංග වර්ණදේහය හෝ Y ලිංග වර්ණදේහයක් පමණක් ද පිහිටයි. මේ අනුව ශුක්‍රාණු දෙවර්ගයක් ඇත.
1. X වර්ණදේහය සහිත ශුක්‍රාණු
2. Y වර්ණදේහය සහිත ශුක්‍රාණු
ඩිම්බයක්, ශුක්‍රාණුවක් මගින් සංසේචනය වූ විට ඇති වන යුක්තාණුක න්‍යෂ්ටියේ X ලිංග වර්ණදේහ 2ක් හෝ X ලිංග වර්ණදේහයක් සමග Y ලිංග වර්ණදේහයක් පිහිටයි. X වර්ණදේහ 2ක් පවතින විට ගැහැනු දරුවකු ද, X හා Y වර්ණදේහය බැගින් පවතින විට පිරිමි දරුවකු ද ඇති වේ.
මේ අනුව පිරිමි දරුවකු බිහි වීමට අවශ්‍ය සාධක ලැබෙන්නේ පියාගෙන් බව පැහැදිලි ය
මෙම ලිපිය වැදගත් වුයේ නම් මාගේ පැවැත්ම සදහා rep++ සාධකයක් ලබා දෙන්න.

Last edited: