HTML ඉගෙන ගනිමු..

djmuthu

Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    හැමදාම EK එකේ අනික් අයගෙන් ඉගෙන ගන්න එක ඇති වෙලා තමා මම මේ දවස්වල ඉගෙන ගත්ත දෙයක් කට්ටියට දෙන්න ඕන කියලා හිතුවේ.මම මුලින්ම කියන්න ඕන මේකෙන් ලබා දෙන්නේ සරල HTML දැනුමක් විතරයි.

    htmld.jpg


    වෙබ් සයිට් හදන්න වගේ ලොකු Web Developing වැඩ පිළිවෙලට නම් මීට වඩා ලොකු දැනුමක් වගේම ඊට අදාල software ගැන වෙනම දැනුමක් ගන්න එක වැදගත්. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බ්ලොග් වල එහෙම එඩිට් කරන අයට ඒ පරිසරය හුරු කරන්න වගේ දෙයක් තමා .

    හරි දැන් පාඩම පටන් ගනිමු. මුලින්ම HTML කියන්නේ මොකක්ද කියලා බලමු.

    Hyper Text Markup Language මේ HTML තවත් එක් programming language නොවන අතර Markup Language ලෙස භාවිතා වන්නකි. අද වන විට මෙහි විවිධාකාරයේ අනුවාදනයන් පවතින අතර XML ආදිය එයින් ප්‍රධාන වේ. මෙවැනි Markup Language එකක් Markup tags රාශියකින් සැදුනක් වන අතර මෙයින් HTML මගින් Markup tags භාවිතා කරන්නේ Web Page එකක් හදුන්වා දීම සදහායි. මෙම HTML ගොනුවක් මගින් Web Page එකක් විස්තර කරන අතර මෙහි HTML Tags හා සාමාන්‍ය අනෙකුත් උපාංග ඇතුලත් වෙනවා.

    HTML හදුන්වාදෙන්නේ <html> වැනි tag මගින් වන අතර එහි < හා > ලකුණු යෙදීම අනිවාර්ය වෙනවා. සමාන්යෙන් HTML හිදී ආරම්භක හා අවසාන tag යුගලයකින් සමන්විත වෙනවා. එනම් උදාහරණයක් ලෙස ආරම්භක tag යුගලයක් ලෙස <html> </html> දැක්විය හැකියි. මෙහිදි අනිවාර්යෙන් </html> ලෙස ලිවිය යුතු අතර " < >" අතර " / " යෙදිය යුතු වෙනවා.

    උදාහරණ

    <html>
    <body>

    <h1>ශීර්ෂපාඨය</h1>

    <p>ප්‍රථම ජේදය</p>

    </body>
    </html>

    මෙහි <html> </html> මෙම tag දෙක අතරේ ඇති සියලු දේ මගින් web page එක අර්ථ දක්වන අතර <body></body> මගින් වෙබ් පිටුවේ web browser මෘදුකාංගයක් මගින් පෙන්විය යුතු කොටස හුවා දක්වයි. <h1> </h1> අතර යම් ශිර්ෂපාඨයක් ඉස්මතු කර දැක්වීමට භාවිතා කරයි.<p></P>මගින් ජේද වෙන් කර දක්වන අතර මෙම සියලු දේ එක් වීමෙන් වෙබ් පිටුවක් සැදෙන බව වටහා ගත හැකිවේ.

    සාමාන්‍යෙයන් HTML ඉගෙන ගැනීම සදහා විශේෂ මෘදුකාංග අවශ්‍ය නොවන අතර Notepad වැනි text editing tool එකක් තිබීම ප්‍රමාණවත් වේ.මෙම file පරිගණකය තුල save කිරීමේදී .htm යන extension එක භාවිතා කරනු ලබයි. HTML ගැන යම් වැටහීමක් ඇති වේ යැයි සිතන අතර මීළඟ ලිපියෙන් ප්‍රධාන tag ගැන කතා කරමු.

    ප.ලි: මේ Thread එකේම ඊලඟ ලිපියත් දාලා ඒ link එක මෙතන දාන්නම්.

    HTML ඉගෙන ගනිමු. (2වන කොටස)HTML Tag
    http://www.elakiri.com/forum/showpost.php?p=9099866&postcount=17
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ දෙයක්. වෙබ් අඩවි නිර්මාණය‍ට අවශ්‍ය මූලිකම සුදුසුකමක් තමයි HTML දැනුම. ඒ අයට පමණක් නොව සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන අයට වුණත් HTML දැනගෙන ඉන්න එක හොඳ දෙයක්. ඒක නිසා අපේ කට්ටියට මේක ඉතා වැදගත් වෙයි. දිගටම කරගෙන යන්න.
     

    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    HTML ඉගෙන ගනිමු. (2වන කොටස)

    346769509_c3d6da75d8_o.jpg
    HTML ලිපි මාලාවේ දෙවනි ලිපිය තමා මේ අරගෙන ආවේ. පළවෙනි ලිපියෙන් මම බලාපොරොත්තු වුනේ සරල හැදින්වීමක් HTML ගැන ලබා දෙන්නයි.පෙර ලිපියෙන් පොරොන්දු වෙච්ච විදියට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ HTML tag ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. මේ ලිපියෙන් සේරම ගැන නම් පැහැදිලි කරන්න බැරි වෙයි. හිමින් සැරේ කරගෙන යමුකෝ.

    HTML හි tag ගැන මුලික හැදින් වීමක් අපි මුලින්ම ලබා ගනිමු.

    HTML tag එකක් යනු යම් text හෝ වෙනත් image වැනි කොටසක් වෙබ් පිටුවකට යෙදීමේදි භාවිතා කළ යුතු Markup tag එකයි. මෙහිදී Headline වෙන් කර දැක්වීම Images වෙබ් පිටුවට ලබා ගැනීම වැනි කටයුතු සඳහා මේ tags භාවිතා වෙනවා. මේ tag වලින් කරන්න පුළුවන් හපන්කම් නම් ගොඩක් තියෙනවා. උදාහරණයකට සමාන්‍ය වෙබ් පිටුවක් වෘත්තීමය පෙනුමක් ලබා දීමේ ඉදන් අපිවගේ සාමාන්‍ය පුරවැසියෙක්ට යන්තම් වෙබ් පිටුවක් අටවනවා වගේ වැඩක් වෙනකම් දේ කරන්න පුළුවන්. මේ වැඩ වලට CSS , Javascript, PHP, J2EE වැනි උදව්කාරක භාෂාවන් භාවිතා වෙනවා.

    උදාහරණ විදියට අද මේ HTML tag කිහිපයක් ගැන සරල වැටහීමක් ගනිමු.

    HTML ටැග්

    මෙය භාවිතා වන්නේ වෙබ් පිටුවක් Web Browser එකකට හුනා ගත හැකි පරිදි සකස් කිරීමයි. මෙය Markup tag එකක් ලෙස භාවිතා වන්නේ <html> </html> යන ආකාරයෙනුයි. මෙම ආරම්භක හා අවසාන ටැග් දෙක අතර සියලු අනෙකුත් ටැග් Nest එකක් ආකාරයට වෙබ් පිටුවක දැක්වෙනවා.

    Body ටැග්

    මෙම ටැග් එක භාවිතා කරනු ලබන්නේ Web Browser එකකට පෙන්නුම් කළ යුතු සියලු උපාංගයන් එක් කිරීම සඳහායි. මෙහිදි ටැග් <body> </body> ලෙස දැක්විය හැකියි. මෙය තුල වෙබ් පිටුවක දැක්වෙන සියලු link, images, text ආදිය web browser එකකින් පෙන්වීමට අවශ්‍ය නම් දැක්විය යුතුයි.

    HTML Headings

    මෙය භාවිතා කරනු ලබන්නේ යම් ජේදයක් වෙනයම් ලිපියක ශීර්ෂයක් හුවා දැක්වීම සඳහායි. මෙම ටැග් එක වචන ඉස්මතු කරවීම් ආදියට යොදා නොගත යුතු අතර මෙමගින් ඉස්මතු කරනු ලබන යම් text කොටසක් සෙවුම් යන්ත්‍ර මගින් වෙබ් පිටුව index කිරීම සඳහා යොදා ගනු ලබන බැවින් මෙමගින් ඉස්මතු කොට දක්වන කොටස් සඳහා අපි අවධානයක් යොමු කල යුතුයි. මෙය <h1> </h1> දැක්විය හැකියි. මෙහි h1 සිට h6 දක්වා විවිධ ආකරයන් දැක්විය හැකියි.
    HTML:
    <h1>This is a heading</h1>
    <h2>This is a heading</h2>
    <h3>This is a heading</h3>

    HTML Paragraphs

    මෙය වෙබ් පිටුවක යම් ජේද කොටස් දැක්වීම සඳහා යොදා ගන්නා අතර <p> </p> මගින් දක්වයි.

    HTML:
    <p>This is a paragraph.</p>
    <p>This is another paragraph.</p>

    HTML Images

    මෙම ටැග් එක මගින් යම් ජයාරූපයක් වෙබ් පිටුවක් තුලට ගෙන ඒම සඳහා භාවිතා කරන අතර <img> මගින් නිරූපණය කරනවා.

    HTML:
    <img src="http://www.elakiri.com/forum/images/bluesaint/misc/logo.gif" width="104" height="142" />

    HTML Links

    මෙමගින් යම් Hyper link එකක් වෙබ් පිටුවකට ගෙන ඒම සිදු කරන අතර <a> මගින් දක්වනු ලබයි.

    HTML:
    <a href="http://www.elakiri.com">Elakiri</a>

    මෙම ටැග් ගැන දීර්ඝව ඉදිරියේදී සාකච්ජා කරමු.මීලග ලිපියෙන් HTML Element ගැන බලාපොරොත්තු වන්න.
     
    Last edited:
    • Like
    Reactions: rotiya

    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    Good work bro! Keep it up!

    elama thama ah :X

    good work bro
    digatama karagena yanna
    watinama wedak ape kastiyata html igena ganna hoda awasthawak free ma
    godakma watinawa

    එලම තමයි :D

    හොඳ දෙයක්. වෙබ් අඩවි නිර්මාණය‍ට අවශ්‍ය මූලිකම සුදුසුකමක් තමයි HTML දැනුම. ඒ අයට පමණක් නොව සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන අයට වුණත් HTML දැනගෙන ඉන්න එක හොඳ දෙයක්. ඒක නිසා අපේ කට්ටියට මේක ඉතා වැදගත් වෙයි. දිගටම කරගෙන යන්න.

    බොහොම ස්තූතියි GTRZ අයියා ඇතුලු හැමොටම. මේ වගේ දිරි ගැන්වීම් තියෙන කොට දිගටම කරගෙන යන්න හිතෙනවා.:):):)