හොල්මන්_සෙරෙප්පුව

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හොල්මන්_සෙරෙප්පුව

මීට වසර ගනනාවකට පෙර දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්‍රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නි‍යෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි පළමු තරඟය ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .


නමුත් එදින රැය එතරම් භිහිසුණු වේයැයි කිසිම කෙනෙකු කිසිවිටකත් නොසිතා ඇත...එකල ක්‍රීඩා ගුරුවරයා වූයේ අම්පාරේ වසන්ත ගුරුමහතාය..සංවිධායක මණ්ඩලය විසින් මොවුන්ට පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල නවා තැන් සඳහා වෙන් කර දී ඇත මිතුරන්ද කැටුව ප්‍රියන්ත මහතාද නිද්දට සැරසෙන විට රෑ දහය පසුවී තිබුණි ශාලාව පුරා කොල්ලන්ගෙන් පිරී තිබුණි.ප්‍රියන්ත මහතා ලැගුම් ගත්තේ ශාලාවේ දකුණු කෙළවරේය...වසත්ත ගුරුමහතාද මොවුන් අසලම ඩෙස්බංකු කිහිපයක් දමා ඒ මත නිදාගැනීමට සැරසී ඇත මෙසේ සියල්ලෝම නින්දට වැටිණ නාමල් වැව පෙදෙසින් හැමූ සීතල සුළඟත් මහන්සියත් නිසා නොදැනුවත්වම සියල්ලම පාහේ තද නින්දට වැටිණ.

එකවරම පැරණි දොරක් අරින විට නැගෙන සබ්දය ශාලාවේ වම් කෙළවරින් ඇසෙන්නට විට එය ශාලාවේ වම් පස තිබූ බිත්ති කබඩ්එක විවෘත වන හඩයි සබ්දයට ළමුන් සියල්ලන්ම ඇහැරුනත් සුළඟට කබඩ් එක විවෘත වූවා යැයි සිතා නැවතත් සැවොම නින්දට වැටිණ නමුත් ගතවූයේ සුළුමොහොතකි ශාලාවේ වම්පස සිට පුද්ගලයකු අඩි හප්පමින් දකුණු පස දෙසට ඇවිද යන ආකාරයක් ඇසෙන්නට විය වසන්ත ගුරුමහතා ඇතුලූ සියලුම ළමයින් වහා නැගිට විදුලි පන්දම් ගෙන සෝදිසි කරන්නට වූයේ සොරකු තමන් සතු බඩු භාහිරාදිය සොරා ගැනීමට පැමිණ ඇතැයි සැක සිතූ බැවිණි එමෙන් පලමු බිත්ති කබඩ් එකද විවෘතවී තබුණි ප්‍රියන්ත මහතා ඇතුළු සැවොම සිතුවේ කබඩ් එකෙහි සැගවී සිට පුද්ගලයකු ශාලාවේ ඇවිද ගිය බවයි නමුත් පාසල් වත්ත පුරා ද විදුලිපන්දම් යොදා සෝදිසි කරද කිසිම සලකුණක් හෝ සොයාගැනීමට අපෝසත් විය.

නැවතත් බල්ලකු හෝ විය හැකි යැයි සිතා සියල්ලෝම නින්දට සැරසුණි සියල්ල තැන්පත්වූ විගසම වම් පස සිට දෙවන කබඩ් එකද හඬ නංවමින් විවෘත විය සියල්ලම නිසොල්මනේ සිටියේ මෙය කුමක්දැයි දැන ගැනීමටය ඒ සමඟම ශාලාවතුල කවුරුන් හෝ දුවන බවක් ඇසෙන්නට විය තෙවන කබඩ් එක ද එකවරම විවෘතවිය සියල්ලම නැගිටිනවාත් සමගම ප්‍රියන්ත මහතා අසලම තිබූ බිත්ති කබඩ් එකද හඬනංවා විවෘත විය සියල්ලම භයෙන් ත්‍රස්තවිය ළමයින් ඒ මේ අත දිවයන්නට පටන් ගත්තේය වසන්ත ගුරුමහතා දැඩි වෙහෙසක් දරා සියල්ලම පාලන කර ගැනීමට සමත් විය නමුත් විදුලිපන්දම් ගෙන සෝදිසි කරබැලුවද සියලුම බිත්ති කබඩ් විවෘත වී ඇති ආකාරය පමණක් දැක ගත හැකි විය පුදුමය නම් අගුලු දමා තිබූ බිත්ති කබඩ් පවා විවෘතවී තිබීමයි කෙසේ වෙතත් සියලු දෙනාම එක තැනකට රොක්වී නිදිවර්ජිතව රැය පහන් කළේය....හිමිදිරියේ සිදුවූ සිද්දිය පිළිබඳ සොයා බැලුවද කිසිම සලකුණක් අඩි සලකුණක් හෝ තිබී නැත නමුත් ශාලාවේ බංකුවක් අසල සයිස් 10යේ තනි සෙරෙප්පුවත් තිබී හමුවිය නමුත් එම සෙරෙප්පුව කෙරෙහි අවධානයක් යොමුවූයේ නැත.

සිද්ධිය පිළීබඳ කතා කරමින් සියල්ලම නාමල්වැවට මුහුණ සේදීමට ගියේය එවිට එතන සිටියේ තරමක් වයසැති පුද්ගලයෙකි. වසන්ත ගුරුතුමා ඔහු සමඟ ඊයේ රෑ වුන සිදුවීම පැවසීය එකවරම ඔහු ඇසුවේ සයිස් 10 සෙරෙප්පුවක් තිබුණාද? කියාය සියල්ලන්ටම දෙලොව රත්වූයේ එම පුද්ගලයා පැවසු කථාවෙනි..."මහත්තයෝ...ඔය හෝල්එකේ බාල්කෙ එල්ලිලා ගෑණු මනුස්සයෙක් මැරුණ නේ ...හැබැයි මරණ පරික්ෂණයෙදි හෙලිවූණේ ඒක සියදිවි හානිකර ගැනීමක් නොව මිනී මැරුමක් කියල...ඔය ගෑනිගෙ අවතාරෙ ගමේ කීප දෙනෙක් දැකල තියනව..ඔය හෝල් එකේ කාටවත් ඉන්න දෙන්නෙ නෑ හිටියොත් ඔය වගේ අද්භුත දේවල් සිදුවෙනව ඒ වගේම උදේ බලද්දි සයිස් 10 සෙරෙප්පුවක් කොහෙන් හරි හෝල්එක ඇතුලෙ තියනව..මිනිස්සු නම් කියන්නෙ ඔය ගෑනිව මරල එල්ලල තියෙන්නෙ සයිස් 10 සෙරෙප්පු දාන කෙනෙක් නිසා මේ අවතාරය ඒ බව මිනිස්සුන්ට අඟවන්න එහෙම කරනව ඇති කියල..."

දැනට ප්‍රියන්ත ගුණසේකර මහතා අම්පාර කොක්නහර ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ වෘතියෙන් ගුරුවරයෙකු වගේම දැනට දෙවන ලුතිනන් වරයෙකුද වනවා...ඔහු එම කථාව පවසන විට ඇ‍‍ගේ හිරිගඩු පිපෙන්නෙ එදා ඇති වුණ බයට නමුත් ඔහු තවමත් හොල්මන් විශ්වාස කරන්නෙ නම් නෑ නමුත් හොල්මන් ප්‍රතික්ශේප කරන්නෙත් නෑ තවත් එවැනි සිදුවීමක් වුනොත් තීරණයක් ගන්න පුළුවන් කියලයි ඔහු පැවසූවේ...



මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා.
සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි..


මෙහෙම එකක් හොයල ඔයාලට කියවන්න දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..



මං දාපු තවත් හොල්මන් ත්‍රෙඩ්


ඌරු දිෂ්ටිය

http://www.elakiri.com/forum/showthread.php?t=1038717


හුලුඅත්ත අතුරුදහන්

http://www.elakiri.com/forum/showthread.php?t=1039284


හොල්මන් කතාව

http://www.elakiri.com/forum/showthread.php?t=1038542

තිස්සමහාරාම_හොල්මන්_වත්සලා

http://www.elakiri.com/forum/showthread.php?t=1039583
 
Last edited:

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් ඔවා විශ්වාස කලත් ලෙඩ නොකලත් ලෙඩ
    දාපු කතා ටික නම් එල...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmmm.... mekatha wanam wishwasa karanna amarui.... size 10 sereppu kohenda holmanata hamba unee???