Victoria Erapu Wele

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Victoria Dam All Gates Open

    ටික දවසකට කලින් ඔගොල්ලන්ට මතකනේ වික්ටෝරියා වේල්ල සෑහෙන කාලෙකට පස්සෙ හෝ ගලා වාන් දැම්ම.වසර ගණනාවකට පස්සෙ තමයි මේ මහ වැස්සට ටික දොහොකට කලින් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකට වඩා ඇරියෙ.ඉතින් පොඩ්ඩක් ඒ පැත්ත විපරම් කරන ගමන් වික්ටෝරියා ඇල්ල ගැන විස්තර ටිකක් දැනගමුද

    කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමයට අනුව පිහිටු වන ලද ජලාශයන්ගෙන් එකක් ලෙස වික්ටෝරියා ජලාශය හඳුන්වා දීමට පුළුවන. වික්ටෝරියා ජලාශය, මහවැලි ගඟට, හුළු ගඟ එක්වන ස්ථානයට පහළින් පැරණි වික්ටෝරියා ඇල්ල පිහිටි ස්ථානයේ පිහිටා තිබේ.

    22265_266244507234_86423497234_3228158_5395669_n.jpg


    1985 අප්‍රේල් මස වන දින බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය මාග‍්‍රට් තැචර් මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරල තියෙන්නෙ මේක.වික්ටෝරියා ජලාශයේ විශාලත්වය සඳහන් කරනවා නම් වේල්ලෙහි දිග ප‍්‍රමාණය මීටර් 520 කි. අඩිවලින් ගණනය කරනවා නම් අඩි 1706 කි. වේල්ලෙහි අවම පළල මිටර් 06 කි. අඩිවලින් නම් 19.7 කි. වේල්ලෙහි උපරිම පළල මීටර් 25 කි. එනම් අඩි 82 කි. වේල්ලෙහි උස මීටර් 122 කි.

    22265_266244497234_86423497234_3228157_5312687_n.jpg


    වික්ටෝරියා ජලාශයෙන් සිදුවන මූලික කාර්යය නම් විදුලි බලය නිෂ්පාදනය කිරීමයි. විදුලි ජනක යන්ත‍්‍ර (ටර්බයින්) තුනකින් විදුලිය නිපදවීමට බලාපොරොත්තු වන විදුලි බල ප‍්‍රමාණය මෙගාවොට් 210 කි. එක් යන්ත‍්‍රයක් මගින් මෙගාවොට් 70 ක් උත්පාදනය කරන අතර අවශ්‍ය නම් මෙම යන්ත‍්‍ර තුනෙන්ම මෙගාවොට් 420 ක් උත්පාදනය කිරීමට ද පුළුවන්ය. මෙම බලාගාරය මගින් වාර්ෂිකව මෙරට විදුලි බල පද්ධතියට ගිගාවොට් පැය 686 ක බලශක්ති නිපැයුමක් එක් කරයි. මෙම ජලාශය මගින් කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දීමට වාරි ජලය සැපයීමටද හැකි වී තිබේ.

    ගුවනින් බැලූ විට වේල්ල පෙනෙන විදිය

    4516_87025797234_86423497234_1754838_6778832_n.jpg


    වේල්ල ඉදිකරන අවස්ථාවේ ගන්නා ලද ටිකක් දුර්ලභ දර්ශන

    21965_271071442234_86423497234_3248751_1193062_n.jpg


    21965_271071452234_86423497234_3248752_1620790_n.jpg


    වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් කටයුතු බෙහෙවින් පුළුල් හා සංකීර්ණ වූයේය. මේ නිසාම ඉදිකිරීම් කටයුතු කොටස් 14 ට බෙදා ඒ ඒ කොටස් කොන්ත‍්‍රාත් ගිවිසුම යටතේ ඉදිකිරීම් සමාගම් වලට පැවරීය. මෙම ජලාශයේ ප‍්‍රධානතම නිර්මාණය වූයේ උසින් අඩි 400 ක් වන ආරුක්කු හැඩැති කොන්කී‍්‍රට් වේල්ලයි. වික්ටෝරියා වේල්ලෙහි ස්වයංක‍්‍රීීය දොරටු ඉංජිනේරු විද්‍යාවේ නව සොයා ගැනීමක් ලෙස හඳුන්වා දීමට පුළුවන. වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතියේ උපදේශකයා වූයේ මහා බි‍්‍රතාන්‍යයේ “ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ්” මහතායි.

    25589_389497542234_86423497234_3823687_6823322_n.jpg


    21965_271071457234_86423497234_3248753_7567879_n.jpg


    වසර 14 කට පසුව වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු සියල්ල මීට දින කිහිපයකට පෙර විවෘත කරන්නට සිදූවුනා නෙ.ඒ වෙලාවේ ගනනා ලද ජයාරූප කිහිපයකුත් බබාට ඔන්න දකින්න ලැබුණ.සිද්දිය බලන්න නොගිය අයට පහළින් බලාගන්න පුලුවන් වෙයි

    57014788.jpg


    ජලාශය මහ වැසිජලයෙන් පිරී ඇති අකාරය
    මේ හැම ජල බිදකින්ම විදුලිය වොට් ගණන් උත්පාදනය කරන්න පුලුවන් කියල මතක තියාගන්න එක වටිනවා



    56341681.jpg

    කොහොමද වතුර පාරෙ සැර පහල පික් ටික බලන්නකෝ
    වතුර හෝ ගලා එනකොට නිකන් මීදුමක් වගේ වේල්ල ළග

    33899309.jpg


    57853310.jpg


    පහල එකෙන් පේනව නේද මේ සිද්දිය බලන්න එතනට ආපු සෙනග.අවුරුදු ගාණකට පස්සෙනෙ දකින්න ලැබෙන්නෙ

    90918933.jpg


    මේ බොද මීදුම්ද :eek:
    නෑ :no: මේ ජල වාශ්ප වගේ සීතලම සීතල ජල බින්දු නිකන් මීදුම වගේ දසත පැතිරිච්ච අකාරයයි
    Down Down

    92086389.jpg


    83622779.jpg


    බලන්න යන්න ආස හිතෙනව නේදා හ්ම්
    හැබැයි මේ විදියට වැඩිය එබෙන්න නම් යන්න හදන්න එෆා:no:
    Wetunoth Ehema Sorry.com Loweth Ne Lowi Gaheth Nethi Wenawa

    51764684.jpg


    මේ තමයි අපේ දෙවල් අපිට අයිති අපේ දේවල් අපිට මේවල අගයක් නෑ මේවගේ දෙයක් ඇස් දෙකෙන්ම බලන්න ඇත්නම් කොච්චර අගනෙද.බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එෆා.මේක බලන්න ගිය අය ඒ පලාතට අලාබාහිනී කරල කියල ආරංචී ඒව නම් හොද නෑ මෙවැනි දේවල් රැකගන්න ඒක අපේ වගකීම නොවේද
    13.gif

    ______________________________________________________

    Special Thanks Goes To Medhavi Akki And Dam Project Team
    _________________



    _________________
    Sorry For Re Post
    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    අද කලේ හැටියට් වටිනාකියන තොරතුරු ටික මචන්... නියම එළකිරි වැඩක්.... රේප් +
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල දන්නවද දන්නේනෑ.. වික්ටෝරියා කියන්නෙ ලන්කාවෙතියන එකම නම්යශීලි වේල්ල කියල.... ඒ කියන්නෙ ජල දාරිතාවය උපරිමයට ලගාවෙනකොට වේල්ල අගල් කිහිපයක් ඉදිරියට ගමන් කරනව... ඒ වගේම දාරිතාවය අවමයට ලගාවෙද්දි වේල්ල අගල් කිහිපයක් පසුපසට ගමන් කරන්ව...
     

    Similar threads