බද්‍රකාලි_අම්මාන්_දේවාලයේ_නිරුවත

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    බද්‍රකාලි_අම්මාන්_දේවාලයේ_නිරුවත

    කට්ටියම දන්නව ඇතිනෙ නෙත් රේඩියෝව ගැන.නෙත් රේඩියෝව කියන්නෙ ලංකාවේ වෙච්ච විවිද අපරාද රටට හෙලි කරපු රේඩියෝ එකක්.මොවුන් කලේ ඉතාවිශාල සේවාවක්.මම අද කියන්න යන්නෙ නෙත් රේඩියෝවෙන් කරපු අපූරු වංචාවක් හෙලි කිරීමක් ගැන.සමහර අය මේක ගැන දන්නවත් ඇති.නොදන්න අයට මම මේක දානනම් බලන්න.

    මෙහි ලියා ඇති සියලු දෑ කතෘ සතුය
    Bada.gif

    කවුරුත් දන්නවනේ මහනුවර ගාල්තැන්නේ තියෙන බද්‍රකාලි අම්මාන් දේවාලය. නොදන්න කෙනෙක් නැතුව ඇති. මොකද ස්වර්ණවාහිනියෙන් මේ ගැන හොද ප්‍රසිද්ධියක් ලබා දෙනවානේ.
    මෙම දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණි ආනන්ද සෝමා එදිරිසිංහ සමග වියලිසලාක ආදිය බෙදාදෙන අවස්ථාවක්ද මම නම් ස්වර්ණවාහිණියෙන් දැක ඇත. එහෙත් ඒය මෙම පුද්ගලයාගේ චරිතය සුදු විමට ගන්නා එක් උත්සාහයක් පමණකි කියා මට දැන් වැටහේ.

    නේත් FM බැලුම්ගලින් සාක්ෂි සහිතව මෙම පුද්ගලයා හා මෙම දේවාලයෙන් කරන බොරුව ඔප්පු කොට ඇත. එහෙත් තවමත් මේ සම්බන්දව වගකිවයුතු කිසිවකුත් නිතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැත. එයටද එක්තරා හේතුවක් ඇත. මේ පුද්ගලයාහට විශාල දේශපාලන හස්තයක ආධාර ලැබෙන බවද කියනු ලැබේ.
    එහෙත් මට තියෙන ප්‍රශ්නය නම් මේවා බොරු වැඩ බව දැන ගෙනත් මෙතරම් මිනිසුන් මේ කරා ඇදි යන්නේ කුමන හේතුවකටද? මට හිතෙන්නේ මැරෙන්න යන මිනිහා තණකොල ගහෙත් එල්ලෙනවා කියනවා වාගේ... කිසිම හවුහරනක් නැති මිනිසුන් කුමන හෝ සෙතක් බලාගෙන මෙවැන් තැන් කරා රොක්වෙන බවයි.
    එහෙමත් නැතිනම් අපේ රටේ වැඩිපුර සිටිනුයේ මිත්‍ය ලබ්දිකයින් බවත් ය. මෙතරම් පිරිසිදු,නිර්මල බුදු දහමක් පවතින රටකත් මෙවැනි දේවල් සිදුවෙනවා නම් අනිත් රටවල් ගැන කවර කථාද?
    (‍රැවටෙන්නන් සිටිනකම්, රවටන්නන්ද සිටි...)

    _උපුටා ගැනීම_

    මහනුවර ගාල්තැන්න බද්‍රකාලි අම්මාන් දේවාලයේ පසුගිය බදාදා (05) වනදා විශේෂ පුජාවක් පැවැත්වුනි.එහි අරමුණ ලෙස ප්‍රකාශ කොට තිබුනේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීමයි.

    ඒ පසුගිය වසරේ නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද නොහොත් දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දගේ සැබැ ස්වරුපය හෙළි කිරීම නිසයි.මාධ්‍ය මගින් අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සැබවින්ම මොහු දේවාලය මුවාවෙන් කරන්නේ වංචාවකි.

    තම සැමියා මැදපෙරදිග රැකියාවකට ගිය කාන්තාවක් විදෙස්ගතව සිටින සැමියාට සෙත් පැතීම සදහා ගාල්තැන්න දේවාලයට ගොස් ඇත.එහිදී දේවාලය ඇතුලට ගිය ඇයගෙන් ගාමිණි ආනන්ද අසා ඇත්තේ "පුල්ලෙත් එක්ක ඉන්න කැමතිද?" කියායි.ඇයට දේවාලය තුල සිදුවූ දේ කෙසේ වෙතත් ඇයට දේවාලයෙන් පිටතට එන්න සිදු වුයේ ඇගේ බ්ලවුසයේ බොත්තම් පියවමින්.

    එලෙස දේවාලය ඇතුලට යන කාන්තාවන්ට අතවර කරන,දේවාලයට එන පිරිමින්ට ගැහැනුන්ට අන්තිම පහත් ආකාරයෙන් බැණ වදින,ව්‍යාජ දෙවාරූඩයක් මවාපාන මොහු තවමත් නිතියේ රැහැනට කොටු නොවී යහතින් සිටින්නේ මාධ්‍ය ආයතන කීපයක,දේශපාලකයන් හා පොලිසිය මොහුගේ මුදලට යට වීම නිසයි.

    නෙත් එෆ්.එම් විසින් ගාමිණි ආනන්දගේ නිරුවත හෙළි කරද්දී ස්වර්ණවාහිනිය විසින් ගාල්තැන්නේ දේවාලය මහා හාස්කම් ඇති දෙවොලක් ලෙස හදුන්වනු ලැබිය.එතනින් නොනැවතී සෝමා එදිරිසිංහගේ ජන සරණ මගින්ද විශාල ප්‍රචාරයක් දෙනු ලැබිණි.ප්‍රධානම කාරණය වන්නේ මොහුගේ දෙවොලට අපල සදහා පුජා කරන රත්තරන් ස්වර්ණමහල් ආයතනයෙන්ම ගෙන එන ලෙස පැවසීමයි.

    මොහුගේ සහයට සිටින විශාලතම දේශපාලන බලවතා වන්නේ මර්වින් සිල්වා ඇමති තුමයි. ඒ මර්වින් සිල්වා විසින් ඉදිකරනු ලැබ ඔහුගේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යන දේවාලයට ගාමිණී ආනන්දගේ සහය ලැබෙන නිසාවෙනි.

    ඔහුගේ වත්කම් පිළිබද ඔහු හෙළි කරන්නේ මේ ආකාරයටයි.

    "අද මා සතුව කෝටි 15 ක් වටිනා වත්කම් ඇති කෝටි 2 1/2 ක් වටිනා සුඛෝපභෝගී වාහන සතු සමාජයේ උසස් ප්‍රභූවරුන් පවා පිළිගන්නා චරිතයක් බවට පත් වී ඇත.

    මාගේ දියුණුවේ රහස වූයේ ඊර්ෂ්‍යව නොව උත්සාහයයි. බුදුන් දෙවියන් කෙරේ තිබුණු විශ්වාසයත්, භක්තියත්, ගෞරවයත්ය. එදා හඳුන්කූරක්වත් විලදී ගැනීමට වත්කමක් නොතිබුණු මම අද කෝටි ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්මි."

    කාන්තාවන්ට දෙවොල තුලදී කරන අතවර ගැන ඔහු පිළිතුරු දෙන්නේ තමා කිලෝ 6 ක් බරැති දඹ රන් පැළදගෙන සිටින බවත් එසේ පැළදගෙන සිටින විටදී බල්ලෙක්ට තියා පිස්සෙක්ටවත් කාන්තාවන්ට කිසිවක් කල නොහැකි බවයි.එසේ කල හැකි නම් ඔහු යෝධයෙක් බවද කියයි.

    නෙත් එෆ්.එම් හා තමාට එරෙහිව ලිපි පලකල ලංකා පුවත් පුවත්පතට දේවකෝපය ඇතිකිරීමට කල මෙම විශේෂ පුජාවෙන් අනතුරුව ඔහු "දැන් ඉතින් නෙත් රේඩියෝව ඉවරයි". යනුවෙන්ද පවසා ඇත
    .

    _උපුටා ගැනීම_

    මහනුවර, ගාල්තැන්නේ මාර දෙයියෙක් ඇත. එහෙත් නෙත් එෆ්.එම්. රේඩියෝවේ නිර්භීත මාධ්‍යකරුවන් පිරිසක් නිසා මේ දෙයියා දැන් පල් වෙමින් සිටියි. දෙයියා පල් වීම නිසා දෙයියන්ගේ මෙලොව ඒජන්ට් වූ දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දට මළ පැන ඇත.

    විස්තර සඳහා මෙතැන බලන්න. මෙම ගුවන් විදුලි වැඩසටහන ඉතා නිර්භීත, වේශනාත්මක එකකි. නෙත් එෆ්.එම්. ගුවන් විදුලියට අපේ ප්‍රණාමය!

    කිලෝ හයක බරකින් යුත් රත්‍රං පැළඳගෙන සිටින මෙම කපුවාගේ දෙයියා හාස්කම් සඳහා පගා ඉල්ලන්නේ රත්තරං පවුම්වලිනි. ඒවා රැගෙන දිය යුත්තේ ස්වර්ණ මහල් කොම්පැනියෙනි.

    මේ දෙයියාට ප්‍රචාරය දෙන්නේ ස්වර්ණ මහල් හිමි ඊ.ඒ.පී. එදිරිසිංහ සමාගමට අයත් මාධ්‍යවලිනි.

    පරිවාරයේ රටවල ධනවාදය වැඩ කරන අන්දම හරි අපූරු ය. මුදල් සෙවීම පිණිස මෙවැනි පාදඩ ශාස්තෲවරුන් සමග හෝ පට්ටල් වීම ධනපතීන්ට ප්‍රශ්නයක් නො වේ.

    අනෙක් පැත්තෙන්, මේ වැඩසටහනේ මෙම කපුවාට එරෙහිව කතා කරන අය පවා ඇත්තෙන්ම විරුද්ධ මෙකී අවිද්‍යාවට නො ව මෙම කපුවාට ය.

    මෙවන් වංචනිකයන්ට අසු වන අය පවා තව දුරටත් සිතන්නේ මෙවැනි හාස්කම් ලෝකයේ ඇත්තට ම තිබේ ය කියා ය.

    පසුගිය දිනෙක මෙම ලේඛකයා එක් කාන්තාවකට වෘත්තීය සමිතියකට බැඳීම පිණිස ආරාධනා කළේ ය. එහෙත් ඇය කීවේ වෘත්තීය සමිතිවලින් ඇයට සිදු වූ වැඩක් නොමැති බවයි. එහෙත් මාසයකට රු. 10ක් වෘත්තීය සමිතියකට ගෙවීමෙන් ඇයට අවැඩක් නො වන බව හා ඇය යෙදී සිටින වෘත්තියට යම් සුළු හෝ වැඩක් වන බව ලේඛකයා ඇයට පැහැදිලි කර දුන්නේ ය.

    ඇය කීවේ මේ දිනවල කරදර බවයි. අපල නිසා හම්බ කරන මුදල මාසයේ වියදමට මදි බව ද, ශාන්ති කර්මයක් සඳහා අවශ්‍ය වූ රු. පන්දහසක් පමණ වූ මුදල සොයා ගත්තේ ගිනි පොලියට ණයක් ගෙන බව ද ඇය කීවා ය.

    විමානය හැදෙන්නේ යකාගේ හැටියට ය. ලේඛකයාගේනිවසට තරමක් දුරින් පිහිටි පන්සලක් වෙත කුඩා කාලයේ ගිය ගමනකදී එහි පිං කැටය සල්ලි කන යකෙකු සේ නිර්මානය කර තිබෙනු දැක සිතේ නො මැකෙන සෞන්දර්යයක් ඇඳිණි. යකාගේ අ‍තේ මුදල් තබා ලීවරය එබූ විට යකා සල්ලි ටික කට ඇතුළෙන් බඩට හළා ගනියි.

    පවුම් කන දෙවියන් බිහි වන්නේ ද අප වැනි මිනිසුන්ට ගැලපෙන්නට විය හැකි ය.

    _උපුටා ගැනීම_

    අහන්න මෙතනින්
    නෙත් FM බැලුම්ගල වැඩසටහන මෙතනින් අසන්න.

    නෙත් එෆ්.එම්හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන

    මම මේක දැම්මෙ හැමෝන්ගෙම දැන ගැනීම පිණිස පමනක් බව කරුණාවෙන් සලකන්න.

    _________________________________________________________________

    Sorry For Re Post

    © 2011 Load King @ Elakiri.Com

    _________________________________________________________________
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    chater ban owa.
    swarnavahini wedak karoth ethin meloke rahak nehe.sirasa wage wenna gihin mega star kara.anthimata mokada une lowi gaheth nethi una.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    කරදර උනහම මිනිස්සු ඕවත් විශ්වාස කරනවා බන්. එතකොට බලන්නේ කීය හරි වියදන් කරලා කියන කියන ඒවා කරන්න. ඔය වගේ තැන් ගොඩකට මට යන්න හම්බුනා මගේ යලුවෙක් එක්ක. හුගක් මිනිස්සු උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් දුවගෙන එනවා ඕවට, හැමෝම හිතන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු හරි තරහ කාරයෝ හරි හුනියන්, ගුරුකන් කරලා කියල. ඔය තැන් වල අපි කාපු කටු වල හැටියට මන් කල්පනාකලේ අපේ වැඩක් කරගන්නත් මෙහෙම කටු කන්න වෙන එකේ පිට මිනිහෙක් ඔච්චර කැපවීමෙන් ඕව කරයිද කියල :). මන් දැක්ක විදියට ඔය වගේ තැන් වලට එන්නේ එක්කෝ ගෑනු ළමය / පිරිමි ළමය දාල ගිය අය, ළමයි ඉගෙනගන් නෑ, රස්සාවල් නෑ කියන අම්මල තාත්තල , ලෙඩ උන අය. අපි ගිය 1 තැනකට ආව ලස්සන ගෑනු ළමයෙක්. කොල්ලෙක් ඒ ලමයව අතරමං කරලා ගිහිල්ල. කපු හරකා අපි ඔක්කොම ඉස්සරහ ඒ ගෑනු ළමයාගෙන් ඇහුව අනාත කරලා කොල්ල ගියා නේද කියල. කපු හරකට ගානක් නෑ. අර ළමය එපැයි මුන දෙන්න. තනියම ඇවිල්ලත් හිටියේ. ආයේ එන්න කියල වෙලාවක් දුන්න. අන්තිමට ඒ ළමයට මොනා උනාද දන් නෑ,ඔය වගේ එපා කරපු දේවල් ඕන තරං තියෙනවා. අපිට කරපු බොරුවක් කියන්නන්කෝ.
    අන්තිමට ගිය තැන කපුවා ආවේස වෙලා දිවැසින් බලල ඉන්න අයට කතා කරනවා. මිනිහ දාල ගිය බිරිදක් ඇවිත් ඉන්නවා එයා එන්න..... ගේ ඉස්සරහ ලයිට් කණුවක් තියෙන කෙනෙක් ඇවිත් ඉන්නවා එයා එන්න.. කියල. මමයි මගේ යාළුවයි වාහනේක ගියේ. ඒක දැම්මෙත් දේවාලේ ඉස්සරහින්මයි. කපුවා අපිව දැක්ක වෙලේ ඉදන් 100 ගානට දත් 32 පෙන්නනවා. වැඩ ගොඩක් කරලා මිනිහ ආවේස උනා කියමුකෝ. ඔන්න දැන් මූ අපි දිහා බලන් කියනවා. බිරිදගේ ප්‍රශ්නයක් ආපු කෙනෙක් ඉන්නවා එන්න කියල. අපි ගියේ නෑ. මොකෝ අපි බැදල නෑනේ. ඔන්න ඊලගට කිව්වා ගෑනු ළමයෙක් පිළිබද අහන්න ඇවිත් ඉන්නවා කියල දෙයියෝ පෙන්නනවා එන්න.. කියල. අපි ඒ ගියෙත් නෑ. ඔය වගේ අපි ආව කියල හිතන්න පුළුවන් හැම දේම මූ කිව්වා. ඔය එකක් වත් අපි ගියපු දේට හරි ගියේ නෑ. මූ අන්තිමට මට එන්න කිව්වා. ඊට පස්සේ මගෙන් අහපි එන ගමන වෙන කොහේ හරි ගියද කියල. මන් කිව්වා යාළුවගේ ගෙදරට ගිය කියල අරුට ඒක අහල මාර හැපි. මූ කියනවා ආ ඒක තමයි මන් මේ බැලුව මොකෝ කියල උබ ගිහින් යාළුවා ගේ ගෙදර වාදී උන නේද එකයි මට උබල ආපු කාරණේ පෙන්නේ නැත්තෙ කියල.මන් යාළුවගේ ගේ ලගින් ගත්ත විතරයි. ගෙට ගියේ නෑ. ඔන්න මූ ඒ පාර යාලුවට කතා කරලා අහනවා උබ මෙය එනකන් ගෙදර වාඩි වෙලා හිටිය නේද කියල. ඇයි බන් තමන්ගේ ගෙදර වාඩි වෙලා ඉන්නේ නැතුව වෙන කොහේ ඉන්නද. කපුවා කියනවා ඒක තම දෙවියොන්ට පෙන්නන් නැත්තෙ අපු කාරණේ, ඒත් දෙවියන්ට ඕව බැරි නෑ ඉදපන් මන් කියන්න ආපු කාරණේ කියල 1 පාර ඇදගෙන වැටුන. ඔන්න ඒ පාර කපුවා කියනවා ආවේසේ ගිය හෙට එන්න කියල. ඔන්න ඔහොමයි ඕවගේ තත්වේ.
     
    • Like
    Reactions: *maheshi*

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    chater ban owa.
    swarnavahini wedak karoth ethin meloke rahak nehe.sirasa wage wenna gihin mega star kara.anthimata mokada une lowi gaheth nethi una.

    eka nam aththa machan.lowen ekek ek deyakata wei samatha kiyala kiyanawane.poddak record eka ahala balanna therewi meya mona wage ekekda kiyala.meyage amma katha karanawa mata nam mara dukai:(:(
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කරදර උනහම මිනිස්සු ඕවත් විශ්වාස කරනවා බන්. එතකොට බලන්නේ කීය හරි වියදන් කරලා කියන කියන ඒවා කරන්න. ඔය වගේ තැන් ගොඩකට මට යන්න හම්බුනා මගේ යලුවෙක් එක්ක. හුගක් මිනිස්සු උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් දුවගෙන එනවා ඕවට, හැමෝම හිතන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු හරි තරහ කාරයෝ හරි හුනියන්, ගුරුකන් කරලා කියල. ඔය තැන් වල අපි කාපු කටු වල හැටියට මන් කල්පනාකලේ අපේ වැඩක් කරගන්නත් මෙහෙම කටු කන්න වෙන එකේ පිට මිනිහෙක් ඔච්චර කැපවීමෙන් ඕව කරයිද කියල :). මන් දැක්ක විදියට ඔය වගේ තැන් වලට එන්නේ එක්කෝ ගෑනු ළමය / පිරිමි ළමය දාල ගිය අය, ළමයි ඉගෙනගන් නෑ, රස්සාවල් නෑ කියන අම්මල තාත්තල , ලෙඩ උන අය. අපි ගිය 1 තැනකට ආව ලස්සන ගෑනු ළමයෙක්. කොල්ලෙක් ඒ ලමයව අතරමං කරලා ගිහිල්ල. කපු හරකා අපි ඔක්කොම ඉස්සරහ ඒ ගෑනු ළමයාගෙන් ඇහුව අනාත කරලා කොල්ල ගියා නේද කියල. කපු හරකට ගානක් නෑ. අර ළමය එපැයි මුන දෙන්න. තනියම ඇවිල්ලත් හිටියේ. ආයේ එන්න කියල වෙලාවක් දුන්න. අන්තිමට ඒ ළමයට මොනා උනාද දන් නෑ,ඔය වගේ එපා කරපු දේවල් ඕන තරං තියෙනවා. අපිට කරපු බොරුවක් කියන්නන්කෝ.
    අන්තිමට ගිය තැන කපුවා ආවේස වෙලා දිවැසින් බලල ඉන්න අයට කතා කරනවා. මිනිහ දාල ගිය බිරිදක් ඇවිත් ඉන්නවා එයා එන්න..... ගේ ඉස්සරහ ලයිට් කණුවක් තියෙන කෙනෙක් ඇවිත් ඉන්නවා එයා එන්න.. කියල. මමයි මගේ යාළුවයි වාහනේක ගියේ. ඒක දැම්මෙත් දේවාලේ ඉස්සරහින්මයි. කපුවා අපිව දැක්ක වෙලේ ඉදන් 100 ගානට දත් 32 පෙන්නනවා. වැඩ ගොඩක් කරලා මිනිහ ආවේස උනා කියමුකෝ. ඔන්න දැන් මූ අපි දිහා බලන් කියනවා. බිරිදගේ ප්‍රශ්නයක් ආපු කෙනෙක් ඉන්නවා එන්න කියල. අපි ගියේ නෑ. මොකෝ අපි බැදල නෑනේ. ඔන්න ඊලගට කිව්වා ගෑනු ළමයෙක් පිළිබද අහන්න ඇවිත් ඉන්නවා කියල දෙයියෝ පෙන්නනවා එන්න.. කියල. අපි ඒ ගියෙත් නෑ. ඔය වගේ අපි ආව කියල හිතන්න පුළුවන් හැම දේම මූ කිව්වා. ඔය එකක් වත් අපි ගියපු දේට හරි ගියේ නෑ. මූ අන්තිමට මට එන්න කිව්වා. ඊට පස්සේ මගෙන් අහපි එන ගමන වෙන කොහේ හරි ගියද කියල. මන් කිව්වා යාළුවගේ ගෙදරට ගිය කියල අරුට ඒක අහල මාර හැපි. මූ කියනවා ආ ඒක තමයි මන් මේ බැලුව මොකෝ කියල උබ ගිහින් යාළුවා ගේ ගෙදර වාදී උන නේද එකයි මට උබල ආපු කාරණේ පෙන්නේ නැත්තෙ කියල.මන් යාළුවගේ ගේ ලගින් ගත්ත විතරයි. ගෙට ගියේ නෑ. ඔන්න මූ ඒ පාර යාලුවට කතා කරලා අහනවා උබ මෙය එනකන් ගෙදර වාඩි වෙලා හිටිය නේද කියල. ඇයි බන් තමන්ගේ ගෙදර වාඩි වෙලා ඉන්නේ නැතුව වෙන කොහේ ඉන්නද. කපුවා කියනවා ඒක තම දෙවියොන්ට පෙන්නන් නැත්තෙ අපු කාරණේ, ඒත් දෙවියන්ට ඕව බැරි නෑ ඉදපන් මන් කියන්න ආපු කාරණේ කියල 1 පාර ඇදගෙන වැටුන. ඔන්න ඒ පාර කපුවා කියනවා ආවේසේ ගිය හෙට එන්න කියල. ඔන්න ඔහොමයි ඕවගේ තත්වේ.
    :lol:
     
    ඒක නම් ඇත්ත මචන්.උබ දුන්න උදාහරන දෙක නම් මරු.මේවගේ දේවල් වලින් දුක් විදින්නෙ අහිංසක මිනිස්සු විතරයි.ඉන්න එවුන් මිනිස්සුන්ගෙන් කුට්ටිය කඩාගෙන යනවා.අපේ බුද්දාගමේ හැට්යට හොදින් ජීවත් උනොත් අපේ ජීවිතාටම හොදයි.සල්ලි නැතුව බතලුයි තියන මොනවාහරි කාල ජීවත් උනත් එකත් සැපයි