මගෙ ජීවිතේ පලවෙනිම වතාවට මම ලියපු කෙටිකතාව මේ විදියට එලකිරියට දෙන්න හිතුවා...
මේ කතාවෙ නොගැලපීම්, වැරදි, අඩුපාඩු හෙම තියෙයි නම් ඒවා මට කියලා දෙනවා නම් මං කැමතියි...
දෙවෙනි කොටසක් ලියන්න දැනට නම් බලාපොරොත්තුවක් නෑ.ඒක තීරණය කරන්නෙ මේකට ලැබෙන ප්‍රතිචාර මත...
මට සෑහෙන්න පුළුවන් තරමකට හොඳ ප්‍රතිචාර ලැබුනොත් මේකෙ දෙවෙනි කොටසකුත් ලියන්න බලාපොරොත්තු වෙනවා...
------------------------------------------------------------------------------------------------
මං තවමත් මඟ බලාගෙන.මේ කෙල්ල එනවයි කිව්ව වෙලාව පහු වෙලා දැන් පැයකටත් ලං වෙලා.ඒත් තාමත් නෑ.ඔරලෝසුවේ කටු කැරකෙන එකත් නතර වෙලාද මන්දා.කියද්දි කිව්වෙ නම් හරියට ඒ වෙලාවෙ මුණ ගැහෙන්න ඕන තරම් හදිස්සියකින් වගේ.මොනා උනත් මට එන්න කිව්වෙ මාව දැකලම කතා කරන්න ඕනකමක් ඇති හින්දනේ.හිත චුට්ටක් විතර රිදුනත් මම ඒක ගානකට නොගෙන බලාගෙන හිටියා.තව කොච්චර නම් වෙලා බලං ඉන්නද මෙහෙම.ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් කරගෙනනෙ.අනේ එන්නකො ඉක්මනට නදී.මම මටම කොඳුරනවා.
අද වෙනකම් ඉවසගෙන හිටියෙ කොහොමද කියලා හිතා ගන්න බෑ තවමත් මට.නදී එදා මට කතා කරද්දි මගෙ ඇස් දෙක තෙත් වෙලා ගියා කියලා නම් මට හොඳට මතකයි.එදා,පහුගිය බදාදා කෝල් එක ගත්තෙත් නදී.මගෙ ෆෝන් එකෙත් ක්‍රෙඩිට් තිබුනෙ නෑ.
"හෙලෝ.ගුඩ් ඊවිනින් අමිල අයියෙ. ....." නදී එහෙම කියලා හැමදාමත් මට කියන නික් නේම් එකත් කිව්වා.
"ඔන්න ඉතින් අදත් කිව්ව නේද ඒක. හැබැයි මං තරහ වෙනවා හොඳද? චූටි ......" මං ගොඩාක් දුක හිතුනු විදියට හෙමිහිට කිව්වා.
"අනේ... හරි හරි ඉතින්.මං විහිළුවටනෙ කිව්වෙ.මේ කොල්ලා නම් හරිම නරකයි.විහිළුවක් වත් තේරුම් ගන්නෙ නෑ.මං තරහයි ඔයත් එක්ක." නදීට දුක හිතිලා වගේ.ඔන්න දැන් තමයි වෙලාව.
"හරි ඉතින් පැටියො.මමත් විහිළුවට තමයි ඉතින් එහෙම කිව්වෙ.තරහ නෑනෙ මා එක්ක?..." මම හීනියට කෙල්ලව සනසන්න ගත්තා.
"මං තරහ නෑ.මට ඔයත් එක්ක තරහ වෙන්න දුකයි අමිල අයියෙ.ඒක ඔයා දන්නවනෙ.ඒක නෙමෙයි.දැන් අහන්නකො ඉතින් ඇයි මං කතා කලේ කියලා..." නදී ආයෙත් කියනවා.
"මං දන්නවා ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ කියලා...හා ඉතින් කියන්නකො පැටියො මේ අවේලාවෙ ඇයි මාව මතක් උනේ කියලා?"
"මට ඔයාව මීට් වෙන්න ඕන අමිල අයියෙ.ප්ලීස්...මට ආසයි ඔයාව මගෙ ඇස් දෙකෙන්ම දැකලා කතා කරන්න.එන්න පුළුවන්ද ඔයාගෙ චූටි .....ව මුණ ගැහිලා යන්න.එකම එක දවසකට.ප්ලීස්...?"
දෙයියනේ...මට දැනෙනවා මගෙ හුස්ම හිර වෙනවා වගේ.අදහා ගන්න වත් බෑ.කොහොමද මේ පුංචි කෙල්ල මගෙ හිතට මේ තරමක් ලං උනේ.අපි කතා කරන්න පටන් ගත්තෙත් මේ ඊයෙ පෙරේදා.එතකම් මං දන්නෙ නෑ කට හඬ වත්.එහෙව් ඔයාට ආස හිතුනද මාව ඔය නිල් කැට දෙකෙන් දැක ගන්න රත්තරං.
"ඇයි කතා නොකරන්නෙ...එන්න බැරිද?...කමක් නෑ එහෙනම් අමිල අයියෙ.මං තරහා නෑ.මට ඔයාට බල කරන්න බැහැනෙ."
පව්... උඹ අර අහිංසකීගෙ පුංචි හිත තැලුවා නේද මෝඩයෝ...මගෙ හිත මට බනිනවා.නෑ...මං කවමදාකවත් එයාගෙ හිත තලන්නෙ නෑ.මං මටම පොරොන්දුවක් උනා.මට සමා වෙන්න නදී.මං ඔයාව රිද්දන්නේ නෑ.ඔයාව රිද්දලා මගෙ හිත හදා ගන්න මට බෑ.
"දුක හිතුනද නදී? අනේ සමා වෙන්න දුක හිතුනා නම්.මට කියා ගන්න දෙයක් නෑ රත්තරන්.මට අදහා ගන්නත් බෑ.ඒකයි කතා කලේ නැත්තෙ.අනේ මට සමා වෙන්න.එන්නම් පැටියො.ඔයා කියන ඕනෙම තැනකට එන්නම් මං.මට තැනක්,දිනයක් කියන්නකො ඉතින්..."
අනේ මගෙ සුදු මැණිකෙගෙ පුංචි සඳ වත හිනාවකින් පිරීයන්.මං ඉත සිතින් ප්‍රාර්ථනා කලා.
"මං දන්නවනේ.මගෙ හොඳ අමිල අයියනෙ.උම්මා...මං පස්සෙ මැසේජ් කරන්නම්.දැන් මං තියන්නද .......?"
දෙයියනේ...ඉස්සර මට නිකමට වත් උම්මා කියන්න දෙන්නෙ නැතුව ඊයා කිව්ව ඔයා මට දැන් උම්මා දෙන්නත් පටන් අරගෙනද නදී...
"තියන්න පැටියො එහෙනම්.පරිස්සමින් ඉන්න.බුදුසරණයි. චුටි ....."
තවමත් එයාට කියා ගන්න බැරි උන අසීමිත සෙනෙහස හදවතට තුරුල් කරගෙන මං කිව්ව හෙමිහිට.ඒක මගෙ ලඟින් ඉන්න කෙනෙක්ට වත් ඇහෙන නෑහෙන තරම්.ඒත් මං දන්නවා.ඔයාට ඇහෙනවා මං කිව්ව එක.