hitiwana kavi!!!!!!

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මටත් අද මඩුව දකින්නට ලැබුනා
ඔබ නැවතත් ඇවිදින් සිටිනා
අතීතයේ ලියු කවි මතක් වෙනා
ඔන්න මගෙන් කවියක් ලියවුනා

:):)
 

d_nadeesha

Member
Dec 15, 2006
32
0
0
Italy
තිබෙන ගැටඏ මේ දිනවල මගේ දිවියේ
ඒකයි බැරි වුනේ එන්නට කවි මඩුවේ
ආ ගැහැණිය මගේ දිවියට කඩි මුඩියේ
කෑවා දිවිය යක්ෂණියක් සේම මගේ
 

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    තිබෙන ගැටඏ මේ දිනවල මගේ දිවියේ
    ඒකයි බැරි වුනේ එන්නට කවි මඩුවේ
    ආ ගැහැණිය මගේ දිවියට කඩි මුඩියේ
    කෑවා දිවිය යක්ෂණියක් සේම මගේ

    ගැටයක් තිබේ නම් ඔබ එය ලිහනු ඇත
    ආ එක කදිම මුත් මග වැරදිලා ඇත
    කඩිමුඩියේ කිසිම දෙයක් සුදුසු නැත
    යක් බිය තිබේ නම් සොහොනෙහි රඟනු කීම
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    තිබෙන ගැටඏ මේ දිනවල මගේ දිවියේ
    ඒකයි බැරි වුනේ එන්නට කවි මඩුවේ
    ආ ගැහැණිය මගේ දිවියට කඩි මුඩියේ
    කෑවා දිවිය යක්ෂණියක් සේම මගේ

    ඔබ මෙහි ආපු එක ගැන මම සතුටු වෙමි..
    ප්‍රශ්නයක ඔබ පැටලී ඇති බව දුටිමි
    කණගාටුවෙන් උව යමක් උඹ හට කියමී
    කිසිදින ගැහැනු විශ්වස නොකරනු මනවී...
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ත්‍රි'මලේ පැත්තේ මහා පොළොවත් පැලිලාලු
    මහා නුවරිනුත් තැන තැන ඉරි යනවාලු
    වෙනදට වඩා හොඳටම දැන් සීතලලු
    ලෝකෙම වෙනස් වී අව්ලක් ළඟ එළු

    වෙනේදට වඩා මිනිසුන් දැන් දරුණුයි ද
    සම්‍යක් දිට්ටියෙන් ලොවේ පිට පැනෙලාද
    ස්වභාව ධර්මයෙන් මිනිසාට දඬුවම්ද
    ඊලග වසරේ අපි මිහිපිටින් නෙරපෙයිද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැස්සත් සැරයි!! මේ කාලෙට නොම.. අඩුව
    කැස්සත් වැඩියි!! ඒ තරමට දයි ........පපුව
    දැක්කත් සැපයි!! මේ ඊ.‍කේ. කවි .....මඩුව
    බැස්සොත් හොදයි!! මුවහත් කර කවි..කඩුව
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කාලෙකින් මඩුවේ කට්ටිය පිරිලා
    ලස්සන කවි කීපයක් අද ලියවීලා
    ඔන්න මම ලිව්වා මඩුව සරසාලා
    ආයෙත් ලියමු කවි සැම එක්වීලා
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලොවේ සියළු දෙය ඇත අද වෙනස් වෙලා
    කවි මඩුවේ කට්ටිය අද ඇත පිරිලා
    ලොව අවසන්වූවත් කම් නැත කියලා
    ලියපන් මල්ලි තව රස කවි පද ගොතලා............
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැනුම, විනෝදය උපහාසය ගෙන... එන්නේ
    කවිය අවිය කර ප්‍රතිමල් තෙද ....බිදලන්නේ
    සවිය බලය පෙන්වා හැම .... ...එක්වන්නේ
    සාමය සතුට කවි මඩුවේ.......... රජයන්නේ
     
    Last edited:

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    AR කියල අට මගුල සෙට් වීලා
    මම මේ කොටනවා ගොඩ යන්නට කියලා
    කොච්චර කෙටුව මුත් නැහැ ප්‍රතිපල ලැබිලා
    custa බෙල්ල මිරිකයි මගේ හිටු කියලා

    AR ඖග්මෙන්ටෙඩ් රියෙලිට්ය්
    custa පාරිබෝගිකයා ;)
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැනුම, විනෝදය උපහාසය ගෙන... එන්නේ
    කවිය අවිය කර ප්‍රතිමල් තෙද ....බිදලන්නේ
    සවිය බලය පෙන්වා හැම හැම ...එක්වන්නේ
    සාමය සතුට කවි මඩුවේ.......... රජයන්නේ

    පටන් ගත් දින පටන් මම මෙහි වැජබෙන්නේ
    කිසිවිට කිසිවෙකුත් නැත කුලල් කාගන්නේ
    මෙයයි ලොවේ වැදගත් ලොව මිනිසුන්නේ
    නරයනි අප දිහා බලලා වත් හැදියන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පරම සතුට කවි මඩුවේ .........පිරීලා
    උරුම සිහල බස හරියට .....යොදාලා
    තරුම ගොඩක් අද පොළොවට වැටීලා
    අමර වරම හිමි කව නැත ......මැරීලා
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    AR කියල අට මගුල සෙට් වීලා
    මම මේ කොටනවා ගොඩ යන්නට කියලා
    කොච්චර කෙටුව මුත් නැහැ ප්‍රතිපල ලැබිලා
    custa බෙල්ල මිරිකයි මගේ හිටු කියලා

    AR ඖග්මෙන්ටෙඩ් රියෙලිට්ය්
    custa පාරිබෝගිකයා ;)

    කස්ටා තමයි බිස්නස් වල පර්වතය
    ඒඋනායට වෙලාවකට හෙන ඇනයක්ය
    මොනවා උනත් කස්ටමර්ට සැල කිය යුතුය
    මොනවා කරන්නද ඔය රස්සාවෙ හැටිය
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෙළයේ අපට කවි සීපද උරුමයවේ
    උරුමය රැක ගැන්ම අපගේ යුතු කමවේ
    පන්හිද අපේ ආයුධයයි එකමුරතුවේ
    අද කොම්පියුටරය හැනමදේටම මංකඩ වේ
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කස්ටා තමයි බිස්නස් වල පර්වතය
    ඒඋනායට වෙලාවකට හෙන ඇනයක්ය
    මොනවා උනත් කස්ටමර්ට සැල කිය යුතුය
    මොනවා කරන්නද ඔය රස්සාවෙ හැටිය

    පෙනෙනා විටදී මට customerge මුන
    ලේබෙනා විටදී මට ඇමතුම් එක දිගට
    සැලෙනා සිතට මට දැනෙනා එකම දෙය
    ඇයි බන් custa මම නොවුනේ කරුමෙටද ?
     

    d_nadeesha

    Member
    Dec 15, 2006
    32
    0
    0
    Italy
    ගැටයක් තිබේ නම් ඔබ එය ලිහනු ඇත
    ආ එක කදිම මුත් මග වැරදිලා ඇත
    කඩිමුඩියේ කිසිම දෙයක් සුදුසු නැත
    යක් බිය තිබේ නම් සොහොනෙහි රඟනු කීම

    ඇය මා හඳුන ගෙන ගෙවුනේ සය මසකි
    ඇයගේ නෑසියන් අපහට එයෙහි වුනි
    එබැවින් දෙදෙනාම එක තීරණය ගනී
    ලංකාවට ගොසින් බැඳලා නැවත එනී

    බැඳලා පස් මසක් ගතවුනි ‍දුරූතු මහේ
    සිටියා පොල් බෑය සහ හිරමනේ වගේ
    හිටිහැටියේම හිත වෙනතක ගිහින් වගේ
    අපි වෙන් වුනා හෙනහුරු ලං වුනා වගේ

    දැක තියෙනවා ගැහැණුන් මුඏ ලොව දිලුන
    හිත දෙනවාද ගැහැණියගෙන් ගුටි කන්න
    මටනම් නොහැකි ඒ සිද්ධිය ඉවසන්න
    එනිසයි තිත තිබිබෙ දෙන්නට වෙන් වෙන්න

    පළමුව ඉස්සුවත් අත හිස්වට පෙන්නා
    සමහර විට කරයි දෙවනුව පිහි පෙන්නා
    ගැහැණුන් විය යුතුයි ගැහැණුන් ලෙස ඉන්නා
    එලෙසින් නැති විටදි දෙන්නා වෙන් වෙන්නා