කොකා_කෝලා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වසර 125 ක්‌ ලොවටම රහසක්‌ වූ
    කොකා කෝලා රෙසිපි එක එළිවෙයි



    coca_cola.jpg



    ලෝකයේ පැවැති ලොකුම රහසක්‌ පසුගියදා හෙළි විය.

    මෙම රහස විශේෂයෙන්ම කාන්තා පක්‍ෂයට වැදගත් වේ යෑයි සිතෙන බැවින් අපි එය මෙහි පළ කරමු.

    එනම් කොකා කෝලා නම් ලොව පුරා ජනප්‍රිය බීම වර්ගය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්‌තුවයි. ඉංග්‍රීසියෙන් කියනවා නම්, කොකා කෝලා "රෙසිපි" එකයි.

    1886 වසරේදී එනම් මීට වසර 125 කට පෙර ජෝන් පෙම්බර්ටන් නම් ෆාමසිස්‌ට්‌ (බෙහෙත් වර්ග කලවම් කර බෙහෙත් වර්ග සාදන්නා) කෙනකු විසින් සොයා ගන්නා ලද මෙම රෙසිපි එක මෙතෙක්‌ කල් මුළු ලොවේම රහසක්‌ව පැවැතිණි. එම රෙසිපි එක දැමූ පුංචි වොලට්‌ එක (පර්ස්‌ එකක්‌ සමාන දෙයක්‌) එදා - මෙදා තුර දවසේ පැය 24 ක්‌ පුරාම ආරක්‌ෂක භටයන් දෙදෙනකු විසින් සේවා මුර අනුව ආරක්‌ෂා කරන ලදී.

    කෙසේ හෝ එම "රෙසිපි" එක පසුගියදා ප්‍රකාශයට පත්වී බටහිර රටක පුවත්පතක පළ වූ බව "ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත 2011 පෙබරවාරි 16 දා වාර්තා කළේය. එම රහස්‌ ලියවිල්ල නැත්නම් රෙසිපි එක ආරක්‌ෂා කර තිබුණේ ඇට්‌ලන්ටා නුවර ජෝර්ජියාවේ ආරක්‌ෂක සේප්පුවක්‌ ඇතුළේය.

    මේ අනුව කොකා කෝලා සැදීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අතර පහත සඳහන් වර්ග ඇත.

    සයිටි්‍රක්‌ ඇසිඩ් - කැෆේන් - සීනි - දෙහි යුෂ පයින්ට්‌ 2 1/4 ක්‌ (වතුර ගැලූම් 2.5 සඳහා) කැරමල් (වර්ණ ගැන්වීම සඳහා) මත්පැන් - දොඩම් තෙල් - දෙහි තෙල් - සාදික්‌කා තෙල් - කොත්තමල්ලි - සහ කුරුඳු පොතු ඒ අතර සඳහන් වේ.

    (මේ සඳහා අවශ්‍ය සමහර ද්‍රව්‍ය මෙහි පළ කර නැත.)


    ද ටෙලිග්‍රාෆ් පුවත්පත / ලන්ඩන්