වැව් ඉවුර

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    වැව් ඉවුර

    සොඳුරු දසුනක් මැව්ව
    රුසිරු වැව් තාවුල්ල
    නිවා හිත ලතැවිල්ල
    ලඟා කල සැනසිල්ල
    මොහොතකටවත් මට ....

    වැටී සැඩ හිරු කැල්ම
    රිදී පැහැ රැලි මැව්ව
    මන බඳින වැව්තලය
    නෙතට සිසිලකි ගෙනෙන
    මොහොතකටවත් මට


    රැලි නඟා හැඩ මවන
    රුසිරු වැව්තලය සේ
    සිනාසෙමි
    මං ලොවට පෙනෙන සේ ..
    ගැඹුරු නිසසල අඳුරු
    වැව් පතුල සේ
    සඟවා ගමි
    මං හද ගැබේ දුක
    ලොවට නොපෙනෙන සේ ....
     
    Last edited:
    • Like
    Reactions: prabo22

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලස්සනයි, එත් සමාවන්න ඔබ යොදා ගත උපමාව එතරම් සාර්ථක නැතැයි මට හැඟේ. :yes:
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ලස්සනයි, එත් සමාවන්න ඔබ යොදා ගත උපමාව එතරම් සාර්ථක නැතැයි මට හැඟේ. :yes:
    බොහොමත්ම ස්තූතියි ඔයාගෙ අවංක අදහසට ... සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙවි ඒක හොදේ. :):):)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    හරිම ලස්සනයි:):)
    ඔයාගෙන් දැක්ක දිගම කවිය
    බොහොමත්ම ස්තූතියි. ඒත් මං බැලුවා මොකද ඔයා නැත්තේ කියල. ඔව් දිග කවි නිසදැස් ලියවෙනවා අඩුයි තමයි. මොකද මං හිතට එන දේවල් කොළ වල නොලියා කෙලින්ම elakiri එකේ ලියන නිසා වෙන්න ඇති. :):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බොහොමත්ම ස්තූතියි. ඒත් මං බැලුවා මොකද ඔයා නැත්තේ කියල. ඔව් දිග කවි නිසදැස් ලියවෙනවා අඩුයි තමයි. මොකද මං හිතට එන දේවල් කොළ වල නොලියා කෙලින්ම elakiri එකේ ලියන නිසා වෙන්න ඇති. :):):)

    මේ දවස්වල වර්ල්ඩ් කප් නෙ ඒකයි වැඩිය එන්න බැරිවුනේ.ඒත් කවි පිටුවට දාන කවියක් මට මඟ ඇරෙන්නෙ නෑනේ :):):)
    කවියට නීති රීති නෑනේ ඒක රිතිය අපේ හිතට එන විදිහනෙ.
    දිග වුනත් පොඩි වුනත් ඒව ලස්සන නම් එච්චරයි.
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අපි අන් අයට පේන්න හිනා උනත්,අපේ දුක් දන්නේ අපේ හිතම පමණයි......අපූරු සංකල්පනාවක්......
    බොහොමත්ම ස්තූතියි :):):)