Colombo Hilton ~ හිල්ටන් හෝටලය රහසිගතවම ඊයේ රාත‍්‍රියŢ
(ලංකා ඊ නිව්ස්, 2011,මාර්තු.11, පෙ.ව.4.30* පසුගිය සතියේ රජයට පවරා ගත් කොළඹ හිල්ටන් හෝටලය ඊයේ (10දා* රාත‍්‍රියේ කිසිවෙකුට නොදන්වා ලොව සුප‍්‍රකට කැසිනෝ රජෙකු වන ඉන්දීය ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ‘ජාදේව් මුකුන්ද් මූඩිට’ අයත් ‘ඩෙල්ටා කෝප්’ සමාගමට ඩොලර් මිලියන 121 කට විකුණා ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වේ.
මෙම ගණුදෙනුව කෙතරම් හදිසියේ කොතරම් රහසිගතව සිදුවීද යත් මෙම ගණුදෙනුවට අදාල ලිපිගොනුවේ ඇත්තේ එකම එක ලියැවිල්ලකි. එය නම් හෝටලයේ අයිතිය තමා වෙත විකුණන මෙන් ඉල්ලා ‘ඩෙල්ටා කෝප් ලිමිටඞ්’ ආයතනය විසින් එවන ලද ඉල්ලීම අඩංගු ලිපිය පමණක් වේ.
අඩුම වශයෙන් රජයේ මුද්දර ගාස්තුව හෝ මේ වන තුරු ගෙවා නැති අතර මෙය සම්පූර්ණයෙන්ම විනිවිද භාවයක් නැති අත යට ගණුදෙනුවක් ලෙස රාජ්‍ය දේපොලක් විකිණීමකි.
පසුගිය 09 වෙනිදා හිල්ටන් හෝටලය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කීවේ මෙහි අයිතිකාරිත්වය පසුගිය සතියේ රජයට පවරා ගත් බවයි, අප වෙත ලැබුණු ආරංචි අනුව බොම්බායේ ගෝවේ කැසිනෝ රජු වන ජාදේව් මූඩිට හිල්ටන් හෝටලය විකිණීම අඩුම ගණනේ දැනට රාජපක්‍ෂ රෙජීමයෙන් කැපී සිටින ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂට පවා දන්වා නැත.
මෙම ගණුදෙනුව මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ අනෙක් ප‍්‍රධාන රාජපක්‍ෂලා දෙදෙනකුගේ අනුදැනුම මත පමණක් සිදුව තිබේ. හිල්ටන් හෝටලය විකිණීම ගැන සංචාරක හෝටල් බාර ඇමැතිවරයාටද දැන ගන්නට සිදුවන්නේ ‘ලංකා ඊ නිව්ස්හි’ මෙම ප‍්‍රවෘත්තිය කියවීමෙන් පසුවය.
කෙසේ වෙතත් ඊයේ දහවල් හිල්ටන් හෝටල් කළමනාකාරීත්වය නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ හිමිකාරීත්වයේ සිදුව ඇති වෙනස පිළිබඳ ඉදිරි දිනවල දී අදාළ පාර්ශව සමග සාකච්ඡුා කිරීමට නියමිත බවත්, සාකච්ඡුා පැවැත්වෙන තෙක් හෝටලයේ පරිපාලන සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත්ය.
කොළඹ හිල්ටන් හෝටලයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ලංකා හෝටල් සංවර්ධන සමාගම සමග ඇතිකරගත් විසි වසරකට අධික එකඟතාව අදට ද වලංගු බව එම නිවේදනයේ දැක්වේ.
Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=16583
හිල්ටන් හෝටලය රහසිගතවම ඊයේ රාත‍්‍රියේ කැසිනෝ රජෙකුට විකුණලා

Minister of Economics Development Basil Rajapaksa informed parliament today that the Hilton Hotel Colombo had been taken over by the government last week, as the investor had violated the lease agreement having paid the lease for only two months.
dm
Everything will be owned by the government
Another miracle !