රෝස කැලෙන් ඇහින්ද ජොනීගෙ BMW එක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජොන්ස්ටන් ප්‍රනාන්දු යනු කලක් මෙරට සිටි ප්‍රබල අමාත්‍යවරයෙකි. එසේම ඔහු කලින් කලට පුවත් මවන්නකුද වෙයි. මෙවර ජොන්ස්ටන් කරළියට පැමිණියේ බදු වංචා කරමින් නීති විරෝධීව මෙරට තුළ එකලස් කරන ලද ලියාපදිංචි නොකර තමන් සන්තයේ තබා ගත් අධි සුඛෝපභෝගී BMW රථයක් වෙනත් පුද්ගලයකුගෙන් සොරකම් කරන ලද ගරාජ් අංක තහඩුවක් සවි කර කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ රහසිගත ලෙස සඟවා


    තැබීමේ සිද්ධියක් සමඟය. මෙම කතාව දිග හැරෙන්නේද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තුළය. මීට අදාළ පැමිණිල්ල ඉකුත් 10 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වන මුල්ම අවස්ථාවේදීම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    දින කිහිපයක සිට කොළඹ හිල්ටන් හෝටලයේ වාහන අංගණයේ සැකකටයුතු ලෙස නවතා ඇති නවීන BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් කසු කුසුවක් පැවැතුණි.

    නව ආණ්ඩු පෙරළියත් සමඟ හිටපු ජනාධිපති, මැති, ඇමැතිවරු, ආණ්ඩුකාරවරු, ලේකම්වරු හා ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල භාවිත කළ සුඛෝපභෝගී වාහන පේළි ගණන් ගාල් වෙද්දී මේ සුපිරි රථය කාගේදැයි යන ප්‍රශ්නයත් දුරදිග ගොස් එය අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව දක්වා පැමිණියේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මේ අද්භූත කෝටි ගණනක් වටින රථය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. මෙහිදී රහස් පොලිස් නිලධාරීන් මේ අවනඩුව විසඳීමේ අදිටනින් හිල්ටන් රථ ගාල වෙත ගියේ ඉකුත් දිනකය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද තොරතුර නිවැරදිය. ඹන ජ 24-0430 දරන ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හෝටලයේ වාහන අංගණයේ නවතා තිබී ඇත. නමුත් මෙහි හිමිකරුවකු තියා රියැදුරකු ගැනවත් කිසිදු හෝඩුවාවක් මෙම විමර්ශන ආරම්භයේදී තිබුණේ නැත.

    කොළඹ සුපිරි හෝටල් පාස්කු ප්‍රහාරයේ ගොදුරු වෙද්දී මේ වන විට කොළඹ සුපිරි තරු හෝටල් සිය ආරක්ෂක වළලු තර කර ඇත්තේ මැස්සකුටවත් අනවසරෙන් හෝටලයට ඒමට නොහැකි වන ලෙසය. ඇතැම් හෝටල්වල බෝම්බ පරීක්ෂාවට නිල සුනඛයන්ද වේ.

    විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය වූයේ කෝටි ගණනක BMW රථයක් උපරිම ආරක්ෂාවක් සහිත මෙවැනි හෝටල් පරිශ්‍රයකට ගෙනැවිත් දැමුවේ කවුද යන්න සොයා බැලීමටය.

    මේ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂකයන් හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් ප්‍රශ්න කරන්නට විය.

    හිල්ටන් හෝටලයේ දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි අයෙක්. පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මේ මෝටර් රථය මෙම ස්ථානයට ගෙනැවිත් නැවැත්වූ බව ආරක්ෂක කළමනාකරු ප්‍රකාශ කර ඇත.

    රහස් පොලිසිය මේ තැනැත්තා පිළිබඳ සොයා බැලුවේය. එහිදී හෙළි වූයේ ගාමිණී අබේරත්න නම් අයකු ගැනය. ඔහු සොයා රහස් පොලිස් කණ්ඩායම පිටත්ව ගියහ.

    ඔහුගෙන් සිදු කළ පළමු ප්‍රශ්න කිරීමේදීම BMW කතාවේ වැදගත් කරුණු රැසක් හෙළි විය.



    “මේ BMW මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ, අමාත්‍යවරයා කිව්වා පසුව මේ වාහනය ගන්නම් කියලා” ප්‍රශ්න කිරීම ආරම්භයේදීම හෙතෙම පැවැසීය.

    “එතකොට හෝටලේට කවුද වාහනේ ගෙනත් දැම්මේ.”

    “ජනාධිපතිවරණයට කලින් මේ වාහනෙ රියැදුරෙක් අත හෝටලයට එව්වා.”

    “දැන් කෝ වාහනේ යතුර” රහස් පොලිස් නිලධාරීන් BMW ප්‍රහේලිකාව විසඳමින් ප්‍රශ්න කළහ.

    මෙම හෝටලයේ ආපනශාලා කළමනාකාරිය මඟින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හට දැනුම් දී රහස් පොලිස් නිලධාරීහු කාර් රථයේ යතුර ගෙන්වා ගත්හ.

    ඉනික්බිති, මෝටර් රථය පරීක්ෂා කර බැලීමට රහස් පොලිස් පරීක්ෂකයෝ කටයුතු කළහ.

    මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු හට අයත් ලියවිලි කීපයක් රථයෙන් මතු විය. නමුත් විමර්ශන නිලධාරීන්ට අවශ්‍යම වූ මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිදු ලේඛනයක් එහි නොවීය.

    පසුව මෙම පැටලිල්ල ලිහා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් විසින් BMW රථයේ ගරාජ් අංකය වන ඹන ජ 24-0430 දරන අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂාවට ලක් කළේය. එහිදී අනාවරණය වූයේ එම අංකයේ හිමිකාරිත්වය ලෙස සටහන්ව ඇත්තේ නාවල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් බවකි.

    අනතුරුව මෙම විමර්ශන නිලධාරීහු එම සමාගමේ හිමිකරුගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

    “මේ මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මා ලබා ගත්තා. ඊට අදාළ මුදල්ද මා ගෙව්වා.

    ඊට ටික කාලෙකට පසුව මේ අංක තහඩුව සොරුගෙන ගියා”

    ඔහුගේ ප්‍රකාශයෙන් රහස් පොලිස් නිලධාරීහු අන්ද මන්ද වූහ.

    “ඒ කියන්නේ කවුරු හරි හොරකම් කරලා”

    “ඔව්… මගේ පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක වාහනේ තියෙද්දි මේ හොරකම වුණේ”

    ඉන් පසුව එම ගරාජ් අංකයට අදාළ චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරීක්ෂා කිරීමේ දී එම චැසි අංකයට අදාළ වාහනයක් නීත්‍යනුකූලව මෙරටට ආනයනය කර නොමැති බව තහවුරු කර ගැනීමට රහස් පොලිස් නිලධාරීහූ සමත් වූහ.



    මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මෙම BMW කාර් රථය පරීක්ෂාවට ලක් කළේය. මෙම BMW කාර් රථය කොටස් එකලස් කර වංචනිකව සාදන ලද්දක් බව මෙහිදී අනාවරණය විය.

    මේ සම්බන්ධයෙන් විමර්ශකයන් අධිකරණයට කරුණු වාර්තා කළේ බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථය ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරා ගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවි කිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවි කර නීති විරෝධී භාවිතය යන වරද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකර ඇති බවයි.

    මේ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් මෙලෙස පනවනු ලැබූවේය.

    කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් ඔහුව සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.

    මෙරටට වාහන ආනයනය කිරීම සීමා කර තිබියදී විශේෂයෙන් ඇතැම් වාහන ගෙන්වීම අත්හිටුවා තිබෙන අවස්ථාවක මෙවැනි කූට ක්‍රියාවක් සිදුකිරීම සහ මෙවැනි තවත් ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන තිබේදැයි රහස් පොලිස් විමර්ශකයන් සොයාගෙන යයි.

    මීට පෙරද අවස්ථා කිහිපයක නඩු වැටුණු ජොස්ටන් ප්‍රනාන්දු 2015 වසරේ මැයි මාසයේ අත්අඩංගුවට ගනු ලැබුවේ සතොස භාර අමාත්‍යවරයා ලෙස සිටියදී එහි සිදු වූ මූල්‍ය වංචාවකට අදාළවය.

    ඔහු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීම සතොස ආයතනයේ සේවකයන් පිරිසක් ඔවුන්ගේ නීත්‍යනුකූල සේවයෙන් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් රජයට පාඩුවක් වුණේ යැයි සඳහන් කරමින්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත් විය. එසේම ඔහුට අල්ලස් නඩුවක්ද පැවරිණි. මෙවරද පැටලී ඇත්තේ එසේ මෙසේ නඩුවක් නොවේ.

    @2osama @netudara @dxx
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    Hilton එකේ ඉන්නෙ ගාමීණි අබේරත්න ඒ නාමල් රාජපක්ෂ ගේ wife ගේ තාත්තා මෙයා හැමදාම Minister ලා එක්ක Hilton එකේ ඉන්නවා ගාමීණි අබේරත්නට Hilton එකේ shares තියෙනවා Hilton එකේ හැමෝම මෙයාට කියන්නෙ අබේ මහත්තයා කියලා
     
    • Like
    Reactions: Cypress

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Hilton එකේ ඉන්නෙ ගාමීණි අබේරත්න ඒ නාමල් රාජපක්ෂ ගේ wife ගේ තාත්තා මෙයා හැමදාම Minister ලා එක්ක Hilton එකේ ඉන්නවා ගාමීණි අබේරත්නට Hilton එකේ shares තියෙනවා Hilton එකේ හැමෝම මෙයාට කියන්නෙ අබේ මහත්තයා කියලා
    ලිමිනිගේ තාත්තා තිලක් වීරසිංහ බන්. ගාමිණී අබේරත්න ඉස්සර airport හිටිය driver කෙනෙක්. ඕකා ජෝනියට පක්කාලි කම් කර කර ඉන්න එකෙක්.
     
    • Like
    Reactions: Cypress

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,943
    2,133
    113
    colombo
    පොනිලගෙයි මයිනගෙයි පුක හෝද හෝද කිරියෙ රෙන අවලම් වේ*ගෙපුතාල ටික ගුලේ😂
     

    Similar threads