තරුණියක දූෂණය කර මරාදමලා

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    තරුණියක දූෂණය කර මරාදමලා

    123434964776050678suitcase2.jpg


    ඉන්දීය ජාතික ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු විසින් 24 හැවිරිදි මෙම තරුණිය ඝාතනය කර ඇයගේ සිරුරෙහි කොටස් සිඩ්නි නගරයේ උද්‍යානයක ඇළකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ටෝෂා ටක්කර් නම් මෙම තරුණියගේ නිවසෙහි මෙහෙකාරිය නිවසින් පිටතට ගමන් කරන තෙක් රැඳී සිට සැකකාර තරුණයා විසින් ඇයව දූෂණය කොට ඝාතනයට කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

    සූට්කේසයක අසුරන ලද ඇයගේ සිරුර පසුගිය සිකුරාදා පෙරවරුවෙහි සිඩ්නි නගරයේ වයඹ දිග ප්‍රදේශයේ උද්‍යානයක් පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ටෝෂා ටක්කර් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ එදින රාත්‍රියෙහි 19 හැවිරිදි ඩැනියෙල් ස්ටැනි රෙජිනෝල්ඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඝාතනයට ලක්වූ තරුණිය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකරණය පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඇයගේ සිරුර ඉන්දියාවේ වෙසෙන ඇයගේ ඥාතීන් වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කර තිබේ.


    Source - email.
     
    • Like
    Reactions: anju.r and Mz Maxza