බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අන්තිම පේජ් එක කියෙව්වා...

    මලයෝ, මුලින් මම හිතන් හිටියේ උඹ ගැටෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලයි... ඒත් ඒකත් වෙලා! අවුලක් නැහැ! ඇනෙන විදියට අහල, ඉගෙනගෙන, ඒ අනුව කියපු එකක් වෙන්න ඇති කියල හිතනවා! ඇනෙන මාර්ග වල ගියාම 'අනාගමි' (not non-returner) වෙනවා!!

    මොලයක් ඇති නේ නේද? අන්න ඒක පාවිච්චිකරපන්. උඹ මෙහෙම decision දෙන්න උඹ බුදු වෙලාද?? ඕක තමයි කියන්නේ... මාන්නය තද වෙච්ච ගමන් උතුර දකුණ වත් හොයාගන්න බැරුව යනවා!! උඹම කියනවනේ මම තාම මාර්ගයේ යන කෙනෙක් කියල... එතකොට මාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙකුට උනත් මාර්ගය සම්පූර්ණ කරපු අය ගැන කියන්න පුළුවන්!! එහෙමද? හරිද?? ඈ බං... උඹ බුදු වදනුත් බොරු කරනවා නේ... බොහොම සිල්වතෙක් වගේ පෙන්නගෙන ඇවිත්? මේ පෘතග්ජන කතාවකුත් කියල තියෙන්නේ... අසෘතවත් පෘතග්ජන කියන්නේ 'බුදුන් ගේ ධර්මයක් අහල නැති' කියන අර්ථයෙන්! ඉතින් බණ අහල තියන උඹල පෘතග්ජන කිව්වොත් එහෙමපිටින් වැරදියි!! හැබැයි එක අතකට හරි... මොකද ඔය ගොඩක්ම අහල තියෙන්නේ බුදුන්ගේ ධර්මය නෙවෙයි! වෙන කාගේද කතන්දර! දැන් වෙලා තියෙන්නේ 'අසාරේ සාරමතිනෝ, සාරේ චාසාර දස්සිනෝ' case එක! වැරදි එක හරි එකය කියල රැවටිලා, ඒක පිලි අරගෙන හරි එකට බනිනවා...

    මනුස්සයෝ, ධර්මය තමන්තුලින් දකින්න තියන දෙයක් හැටියටයි කියල තියෙන්නේ. දන්නවා නේද? ඒත් එහෙම නිකම් ආවට ගියාට දකින්න ඇහැට පේන මොකවත් නෙවෙයි නේ... හැබැයි දැකලම තමයි අවබෝධකරගන්න තියෙන්නේ!! ඒක කරන්න ඕනේ විදිය බුදුහාමුදුරුවෝ කියල දෙනවා. ඒ කියල දීපු එක උඹලට ඒ විදියටම අහන්න ලැබුණ නම්, සමහර විට මේ වෙනකොටත් දැකල අවබෝධ කරලා ඉවර වෙලා තියෙන්නත් තිබුන!!! මොකද කියනවා නම් ඔයිට වඩා පුංචි පින්වත් හාමුදුරුවරුත් අවබෝධ කළා! උඹලට කියල දීපු එවුන් වෙන වෙන බයිලා මැද්දට දාල, අවබෝධකරගන්න තියෙන දේ වෙනුවට වෙන වෙන වල්පල් කියවල, දැන් ඒවා අහල වල්මත්වෙච්ච උඹල නන්නත්තාර වෙලා!! බුදුහාමුදුරුවෝ ඔය වැල්වටාරම් මොකවත් කියල නැහැ!!! සමහර වනගතවී භාවනාවට වැඩිය, බුද්ධිමත් ශ්‍රාවක සංඝයා වහන්සේලාට බුදුරජාණන්වහන්සේ කමටහන් හැටියට දීල තියෙන්නේ 'බැඳී ගියොත් මාරයට. අත හැරියොත් නිදහස්' කියල. ඒ පින්වත් ස්වාමින්වහන්සේලා ඒ කියපු දේ නුවණින් විමස විමසා බලල අරහත්වයට පත් උනා! ඒ උදවියට ලෝකේ පෙරලගෙන හොයන්න, ඉගෙන ගන්න දේවල් තිබුනේ නැහැ! තමන් විඳින, හඳුනාගන්න දේට බැඳුනොත් මොකද වෙන්නේ? අතහැරියම මොකද වෙන්නේ කියල කල්පණා කරකර බැලුව විතරයි!!

    ගෞතම බුද්ධ සාසනයේ අඩුම කාලයකින් නිර්වාණය සාක්ශාත්කල 'බාහිය දාරුචීරිය' රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ කිව්වේ, "බාහිය, ඔබ යමක් දැක්කොත් එය දැකීම් මාත්‍රයකට සීමා කරන්න... ඇහුවොත් යමක් එය ඇසීම් මාත්‍රයකට සීමා කරන්න... ගඳ සුවඳ, රස, පහස සියල්ලත් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න... යමක් හිතුවොත්, පැතුවොත් එයත් එතැනින්ම නවත්වන්න... එතකොට කිසිවක් සකස් වෙන්නේ නැහැ!! සකස් වෙච්ච යමක් එතන නැත්නම් ඔබ එතන නැහැ!! ඔබ නිදහස්!!!" කියල විතරයි! ඔය ටික නුවණින් විමසපු බාහිය දාරුචීරිය පින්වතා එතනම අරහත්වයට පත් උනා!!
    මේ දැන් මෙතන යමෙක් ඕක හරියට ඇල්ලුවා නම් මෙතනම අරහත්වයට පත් වෙනවා!!! බුද්ධ වචනය ඒකයි!!! කල්පණා කරන්න පුළුවන් අය ඉන්නවා නම් මෙතන, උත්සහ කරන්න!! ඔයාලටත් පින් තියනව... ඒකයි මෙහෙම බුද්ධ දේශනා අහන්න ලැබෙන්නේ!! ඒත් අවශ්‍ය ප්‍රඥාව, අවබෝධ කිරීමේ හැකියාව තියනවද කියල නම් තේරෙන්නේ නැහැ. ලඟින් ආශ්‍රය කරන්න ලැබුනොත් ඒ හැකියාවත් පුළුවන් තරම් දුරට අඳුනගෙන ඒ අනුව තව උපකාර කරන්නත් පුළුවන්! කොටින්ම කරුණු හොඳින්ම වැටහිලා අනාගාමී වෙනකම් කල්‍යාණමිත්‍රයෙක්ගේ උපකාරයෙන් පුළුවන්! අරහත්වය තමන් තනියෙන් පමණයි!!

    උඹල අහල තියෙන්නේ මොනවද? මට තේරුණා උඹට උවමනාව තිබුනට අහන්න වෙලා තියෙන්නේ බයිලා කියල. "destination එකට යන්න අමාරුවෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා... මුණ ගැහිලා කතාකරන්න ලැබුණොත් උපකාර කරන්න පුළුවන් වෙයි" කිව්වේ ඒකයි! චුට්ටක් නුවණින් කල්පණා කලොත් දකින්න තියෙන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ සිද්ධවෙන දේ... ඇඟ ඇතුලේ වෙන්නේ මොකද්ද කියල ඇහෙන් දකින එක නෙවෙයි, ආයතන වශයෙන්, ඉස්පර්ෂ වශයෙන්, වේදනා වශයෙන්, සංඥා, චේතනා, ආදී වශයෙන් කල්පණා කරකර බලන්න ඕනේ! බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, ඒ කියල දීපු දේවල් ඒ විදියටම පිළිගත්තොත් මිසක්, තමන්ගේ බුද්ධියට/තර්කයට ගැලපෙන කම් බලන් හිටියොත් වැඩේ බැහැ! ඒකයි 'සද්දහති තථාගතස්ස බෝධීන්' කියන්නේ!! (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම! මොකුත් අමුතුවෙන් හොයන්න, වෙන වෙන අයගෙන් අහන්න යන්නේ නැහැ!). ඉතින් කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන කරුණු වලට අනුව, ඒ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි!! ඕක හරියට බැලුවොත් හරිද වැරදිද, නැත්නම් ඇත්තද බොරුද මේ කියන්නේ කියලත් බලන කෙනාටම හොඳටම පැහැදිලිව තේරෙනවා! (එතකොට තමන්ටම තේරෙනවා මේ කියල තියන දේ හරි... මේවානම් වෙන්න බැහැ කියන එකත්! හැබැයි තමන්ට හොඳටම, පරතෙරටම අවබෝධ වෙලා, කියපු දේ ඒ විදියටම අවබෝධ කළා කියල සෑහීමකට පත්වෙන කම් තීරණ වලට එන්න එපා! එහෙම උනොත් මුලා වෙන්න පුළුවන්!) අනික තමන්ට බලන්න තියෙන්නේ තමන්ගේ 'සරීර කූඩුවේ' වැඩ කෑල්ල නේ... වෙන කෙනෙකුගේ නෙවෙයි නේ? අන්න ඒක හන්ද කරකව කරකව ඇති පදම් බලන්න පුළුවන්! ආයේ මොකුත් කොස්සක් නොහිටින්නම 'දකින්න' පුළුවන්!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ඉන්න තරමක් සත්වයෝ දෙකොටසකට බෙදෙනවා! අසෘතවත් පෘතග්ජනයෝ සහ සෘතවත් ආර්ය ශ්‍රාවකයෝ කියල. ඔහොම ආර්ය ශ්‍රාවක පැත්තට ආවට පස්සේ ඒ දිශාවටම ඉදිරියට යන්න යන්න සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් තත්වයන් දක්වන්න පුළුවන්. මේක උදාහරණයක් හැටියට, දිග ඉරක් ඇඳලා ඒකෙ එක කෙළවරක අසෘතවත් පෘතග්ජනයෝ සහ අනෙක් කෙලවරේ රහතුන් වහන්සේලා කියල සලකුණු කළා නම් expression එක හරියටම හරි! අපිට තියෙන්නේ පෘතග්ජන කෙලවරේ ඉඳල අරහත්වය කෙලවරට යන්න!! අපි ඕක ලංකා සිතියමේ දෙවුන්දර තුඩුවේ ඉඳල, පේදුරු තුඩුව වෙනකම් තනි ඉරකින් ඇඳලා, ඒකෙන් බලමු!! දෙවුන්දර තුඩුව, පල්ලෙහාම කෙලවර, පෘතග්ජන! උඩම කෙලවර, පේදුරු තුඩුව, අරහත්! කියල ගමු. දැන් මේ වැඩේ ඉවරකරගත්තු උදවිය google map වලින් බලාගෙන ඉන්නවා වගේ, උඹල මාර්ගයේ යන හැටි උඩ ඉඳන් බලාගෙන ඉන්නවා!! ඉතින්... අපිට පේනවා එක එක්කෙනාගෙන්, බුද්ධ දේශනා පිරිසුදුව නියමාකාරයෙන්ම කියන්නේ නැතුව එයාලගේ මත අනුව තෝරලා දීපුවා අහල, උඹල වගේ එවුන් පේදුරු තුඩුවට යනවා කියල හිතාගෙන ගිහින් ඉන්නේ යාල කැලේ පැත්තේ! ගිහින් කැලේ අතරමන්වෙලා දඟලනවා!! තව එවුන් තව දිහාවක ගිහින් කෝ ණිවන්... කෝ ණිවන්... කියල හොයනවා!! තව එවුන් තව තව පැතිවල... අන්න ඒකයි අපිට හිනා යන්නේ! (හිනා යනවා කිව්වට ඇත්තටම නම් කණගාටුයි! ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා... කොහොමද ඇත්ත පෙන්වන්නේ කියල හිතෙනවා...) අපි, අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමින්වහන්සේගෙන් බුද්ධ දේශනා පිරිසුදුවට, නියමාකාරයෙන්ම ඉගෙන ගෙන, කාලේ කකා ඉන්නෙත් නැතුව, වැඩිය petral පුච්චගෙන දඟලන්නෙත් නැතුව, එක පාරටම, straight line! පේදුරුතුඩුවට ගියා!!! හරිද??? මොකද අපේ හාමුදුරුවෝ ශ්‍රී සද්ධර්මයේ ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... පරියෝසාන කල්‍යාණං... ගුණාංග ඒ විදියටම රැකගෙන, තමන්ට ඕනෙ ඕනෙ විදියට ධර්මය edit නොකර, බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම සරල සිංහලෙන් තෝර තෝරා කියා දුන්නා / දෙනවා!!!

    හැබැයි හාමුදුරුවෝ ලඟට ගියා කියල, ඒ ගියපු හැමෝම අවබෝධකලා / කරනවා කියල එකකුත් නැහැ! ඒත් ඇත්ත මාර්ගඵල ලාභියෝ තොග ගනනේ ඉන්නවා!! (මං විතරයි කිය කියා බෙරිහන් දෙන්නේ!! ;) :P ) මේ... තව එකක්! උතුරට ගිහින් නම් සත්‍ය මාර්ගඵල ලබන්න තියෙන්නේ, එහෙට යන්නම ඕනේ!! දැන් හැබැයි මේ නැගෙනහිර බටහිර පැතිවලට ගිහිල්ලත් මාර්ගඵල ලැබුවා කියල හිතන් ඉන්න උදවියත් ගමකට ඉන්නවා. එයාලට කියන්න වෙන්නේ, 'ඒහි පස්සිකෝ' කියල නෙවෙයි! ගිහින් බලාපිය!! කියල තමයි!!! බුදුරජාණන්වහන්සේවම අදහාගෙන, ශ්‍රී සද්ධර්මයම අදහාගෙන, ඒ අනුවම කටයුතු කලොත් මිසක් වෙනින් පාරවල් වල ගියොත් නම් sorry.com තමයි!!! ඒක හොඳටම sure!!!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හැබැයි හාමුදුරුවෝ ලඟට ගියා කියල, ඒ ගියපු හැමෝම අවබෝධකලා / කරනවා කියල එකකුත් නැහැ! ඒත් ඇත්ත මාර්ගඵල ලාභියෝ තොග ගනනේ ඉන්නවා!! (මං විතරයි කිය කියා බෙරිහන් දෙන්නේ!! ;) :P )

    ඇත්ත ඇත්ත . හමුදුරෝවත් ඔයතරම් බෙරිහන් දෙන්නේ නැහැ උන්වහන්සේ රහත් වෙලා කියල . ඕක ඔයාගේ හිස්ටිරියා ගතිය නිසා ඇතිවෙන තත්වයක් . එපාවෙනකන්ම බෙරිහන් දෙන්න .
    හැබැයි නිතරම හාමුදුරුවන් ගැන කියවන්න එපා. මොකද ඔයාගේ talks නිසා හාමුදුරුවෝ ගැන නොදන්නා අය හිතයි උන් වහසේත් ඔය වගේ ඇති කියල .
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9

    සහතික ඇත්ත... මම කවදාවත් අහලා නැහැ උන්වහන්සේ එහෙම කියනව.. මේක හින්ද උන්වහන්සේ ගැන මිනිස්සු වැරදියට හිතනව... මට පේන්නේ මූ මොකක් හරි එළියකට රැවටිලා..
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    සහතික ඇත්ත... මම කවදාවත් අහලා නැහැ උන්වහන්සේ එහෙම කියනව.. මේක හින්ද උන්වහන්සේ ගැන මිනිස්සු වැරදියට හිතනව... මට පේන්නේ මූ මොකක් හරි එළියකට රැවටිලා..

    එළියක් නෙමෙයි බන් . මු පැහැදිලි කරලා තිබ්බේ එක පොඩි කලන්තයක් වගේ දෙයක් . blackout ද මොකක්ද වෙනවා කියල කියල තිබ්බේ . අනික සමහර විට මු ඔය බීල බණක් අහගෙන හිටපු වෙලාවක උන දෙයක්ද දනේත් නැහැ.මට තියන එකම දුක මු අර සුවමින් වහන්සේගේ නම කැත කරන එක .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hukp1 මලයෝ, මෙතන තියෙන්නේ එක තැනක ඉඳල තව තැනකට යන කතාවක් නම්, යනකොට ඇඳගෙන යන ඇඳුම, යන්නේ පයින්ද වාහනේකින්ද කියන ඒවා වැදගත් නැහැ නේ නේද? අන්න ඒ වගේම, අවබෝධ කරන්න තියෙන දෙයකදී අවබෝධ කිරීම මිසක් ගිහිද පැවිදීද, කන්නේ මොනවද බොන්නේ මොනවද කියන එකත් අදාළ වෙන්නේ නැහැ!!! අවබෝධ කරගැනීමයි ඕනේ!!! හැබැයි ගමනක් යද්දී බීල dope වෙලා කාණුවක එහෙම වැටුනොත් sory වෙනවා නේ... අන්න ඒ විදියටම බීල මොලේ 'කචල්' උනොත් නම් අවබෝධ කිරීමත් 'හබක්' වෙනවා!! ඒකයි 'බීම' තහනම්!! (අපේ 'set වෙන එක' ගැන ලියන්න ඉන්නේ... වෙලාවක් ලැබුනේ නැහැ... පස්සේ ලියන්නම්, හැමෝටම බලාගන්න).

    මේ වගේ කල්පනාකරන්න පුළුවන් ජීවිතයක් ලබපු වෙලාවේ බුදුරජාණන්වහන්සේ නමක් දේශනා කරන ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිල, පැහැදිලා, තිසරණ සරණ ගිය කෙනා ආර්ය ශ්‍රාවකයෙක්! හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච පලියට තමන් සුරක්ෂිතයි කියල එකක් කොහෙත්ම නැහැ!!! සැබෑ ආරක්ෂාව ලැබෙන්න පටන්ගන්නේ, පුළුවන් උපරිම ධයිර්ය දාල සෝතාපන්න මාර්ගයට වත් ආවොත් විතරයි!!! එහෙම සෝතාපන්න මාර්ගයට පැමිණුනු කෙනා සෝතාපන්න පුද්ගලයෙක් වෙනකන් එයාගේ ජීවිතය නැතිවෙන්නේ නැහැ! කියල බුදුහාමුදුරුවෝ කියල දුන්නා. එහෙම සෝතාපන්න වෙච්ච පුද්ගලයා ඉන් මතුවට ආත්ම 7 කට වඩා උපදින්නේත් නැහැ, ඒ 7 ත් යහපත් මනුස්ස ජීවිත හෝ එයින් ඉහලට මිසක් පහලට වැටෙන්නේ නැහැ කියලත් කියල දුන්නා!! ඉතින් මේ යන ගමනේදී, මේ ජීවිතයේදී සෝතාපන්න නොඋනොත් ඊළඟට එන ආත්ම භාවයන් ගැන විශ්වාසයක් තියන්න බැහැ!! සෝතාපන්න උනොත් අටවෙනි භාවයක් දක්වා යන්නේ නැහැ කියල තිබුනට ධම්මානුසාරී උනොත් 9 කට වඩා යන්නේ නැහැ... ශ්‍රද්ධානුසාරී උනොත් 10 කට වඩා යන්නේ නැහැ... කියල කොහෙවත් කියල නැහැ නේ?? අන්න ඒකයි ඒ! සෝතාපන්න නොවුනොත් මොකක් වෙයිද දන්නේ නැහැ!!

    බුදුහාමුදුරුවෝ කිව්වේ මැරෙන මැරෙන මනුස්සයෝ යන්නේ සතර අපායට, නිරය හා පෙරේත ලෝක වලට කියල!! අනික මේපාර පින් කරලා දිව්‍යලෝකේ උපතක් ලැබුවා කියමු... බුදුරජාණන්වහන්සේ කිව්වා දෙතිස්මහා පුරුෂ ලක්ෂණ සහිතව උපත ලබල, අර්ථයෙන්, ධර්මයෙන් ලෝකයටම අනුග්‍රහ කරන සක්විති රජතුමාත් සක්විති රජ පදවියෙන් පසුව දිව්‍ය ලෝකයේ උපත ලබල ඊළඟට නිරයට වැටෙනවා කියල!!! ඉතින් සක්විති රජාටත් එහෙම නම් මේ වගේ 'ලපයි සුපයි' ගැන කතාකරන්න වත් දෙයක් තියනවද?? දිව්‍යලෝකේ ගිහින් එහෙදි සෝතාපන්න වුනොත් හරි!! බැරි උනොත්?? අන්න ඒක හන්ද පෙරුම්පුරන කතා නැහැ... මේ ආත්මයේදීම සෝතාපන්න වෙන්න බලන්න ඕනේ!!! නැත්නම් බණ ඇහුවට, සිල් රැක්කට තේරුමක් නැතුව යන්න ඉඩ තියනව!! දැන් බලන්න මේ අපි ආව සංසාර ගමනේදී බුදුවරු කීදෙනක් මුණගැහිලා ඇත්ද?? කොච්චර වාර ගණනක් පන්සිල් දසසිල් රැකලා ඇත්ද?? කීපාරක් නම් මහණවෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම යුතුව ඉඳලා ඇත්ද?? ඒත් තාමත් මේ සංසාර ගමනෙමයි... ඉතින් තව මොනවද?? අනික් වැදගත්ම කරුණ මේ ලැබිච්ච 'ක්ෂණ සම්පත්තිය' අතිශය දුර්ලභ දෙයක් හැටියටයි පෙන්වල දුන්නේ. ඒත් කොහොමින් කොහොම හරි මේ අවස්ථාවේත් වැඩක් ගන්න බැරි උනා කියමු... ආයේ එකක් ලැබෙන්න තව කල්ප කීයක් බලන් ඉන්න වෙයිද??? නිකමට හිතමු මේ සැරේ miss වෙනවා! ආයේ තව කල්ප 3456 කින් ඔන්න ආයෙමත් බුද්ධ සාසනයක් උඹලට මුණගැහෙනවා!! එදාටත් කරුමෙටම මේ දැන් ලැබිච්ච ජාතියේම 'ගුරෙකුත්' හම්බ වෙනවා!! හම්බවෙලා කියනවා 'හදිස්සියක් නෑ... ඕව කලබලේට කරන්න පුළුවන් දේවල් නෙවෙයි... පෙරුම් පුරන්න ඕනෙ... කියල!!! සනීපයි නේද?? ඔන්න ඔහොම තමයි අපි මේ සංසාර ගමන දිගින් දිගටම ඇවිත් තියෙන්නේ!!! වැඩි හරියක් බුදුන්වහන්සේව විශ්වාස නොකර, උන්වහන්සේ කියාදීපු විදියට නොකර, වෙන වෙන අයගේ කතා අහල නන්නත්තාර වෙලා!!

    ඔය risk එක හන්ද තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අඩුම ගනනේ සෝතාපන්න වත් වෙන්න නැත්නම් මගේ සාසනයට වත් අයිති නැහැ කියල... බොහෝ විට මේ අවස්තාව miss උනොත් උඹලට ගෞතම බුදුරජාණන්වහන්සේගේ සාසනයේ ණිවන් දකින්න බැරිවෙයි!! ඒකයි මගේ සාසනයට වත් අයිති නැහැ කිව්වේ... ලස්සන, සුමධුර, කන්කළු, මිහිරි, හිත සැනසෙන, නැළවෙන වචනවලින් 'හදිස්සියක් නෑ... හෙමින් හෙමින් ඉවසිල්ලෙ යමු... තව ඕනේ තරම් කල් තියනවා... ඕව කලබලේට කරන්න බැහැ...' කියන එක නෙවෙයි, මේ හොම්බට අනිනවා වගේ, බෙල්ල මිරිකනවා වගේ කියන දේ තමයි කාගේ කාගේත් යහපත පිණිස තියන දේ!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න හදිස්සි නොඋනාට කමක් නැහැ... ඊට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සහ කරන්න කියලයි. අන්න එහෙම කලොත් විතරයි බේරෙන්න ලැබෙන්නේ!!! .

    බුදුරජාණන්වහන්සේ කිව්වා ඔබලා මේ සා දීර්ඝ සංසාර ගමනක් ආවේ රූපය මාය, මගේය කියා ගත් නිසයි!! වේදනාව/සංඥා/සංස්ඛාර/විඥාණ මාය, මගේය කියා ගත්නිසයි!! එහෙම ගන්න එපා!!! පංච උපාදානස්කන්ධය මගේ යයි ගන්න එපා!!! කියල. ඉතින් ගන්න එපා!!! !!! !!! බුදුහාමුදුරුවෝ නේ කියන්නේ... ඔතනම අත හැරලා දාපන්. කිසිම සැකයක් තියාගන්නත් එපා! වෙන වෙන විසඳුම් හොයන්න යන්නත් එපා!! සක්ඛායදිට්ඨි / විචිකිච්චා / සීලබ්බත පරාමාස මොකුත්ම එපා!! ඇහැට දැක්කොත් දැක්ක ව්තරයි... ඇහෙන් ඇතුලට ගන්න එපා! 'චක්කුන්ච පටිච්ච රුපේච උප්පජ්ජති චක්ඛු විඥාණං' විතරයි... එයින් එහාට මොකුත් නැහැ... මනසිකාර කරන්න යන්නේ නැහැ!! කණට ඇහෙන ඒවටත් එච්චරයි!! අනික් ආයතන සේරටමත් එච්චරයි... එච්චරම තමයි!!! ඔය විදියට පූර්ණ සංසිඳීම ඇතිවන තෙක්ම ප්‍රගුණ කරන් යන්න...

    එක එක්කෙනා කියන ඒවා අනුව නෙවෙයි, උඹ උඹගේ ඔලුගෙඩිය පොඩ්ඩක් පාවිච්චිකරලා මේ කියපු ටික ඇත්තද / බොරුද කියල අත්හදා බලපන්!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයේ office එකේදී අපි කට්ටියම පිටිදුවේ හාමුදුරුවෝ ස්වර්ණවාහිනියේ කරපු වැඩසටහන් මාලාවක කෑල්ලක් දාගෙන බැලුව... ඒ හාමුදුරුවොත් නියම කෑලි වගයක් කිව්වා!
    හාමුදුරුවොන්ට පොඩි කාලේ වැඩිහිටි උදවිය කියනවා ඇහුනලු 'ඉගෙන ගෙන වැඩි උනාම පිස්සු හැදෙනවා...' කියල කතාවක්! ඉතින් හාමුදුරුවෝ තීරණය කලාලු 'මං මොකටද පිස්සු හදාගන්නේ!!' කියල... කොහොමද වැඩ??
    ඊළඟට හාමුදුරුවොන්ටම උවමනා උනාලු 'මොකද්ද මේ බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ...' කියල හොයන්න! මුළු ත්‍රිපිටකයම පාඩම් කලාලු!! 'දැන් අහන්න ඕනේ තැනකින්, මං දෙන්නම් උත්තර' කියල අභියෝග කළා ඕනෙම කෙනෙකුට!!!
    ඉතින් ඔන්න ඔය විදියට බොහොම ගරු ගාම්භීරව පිටිදුවේ හාමුදුරුවෝ වැඩ ඉන්දැද්දී, දවසක් කෙනෙක් CD එකක් උස්සන් ආවලු...
    හාමුදුරුවෝ ඇහුවලු 'මොකද්ද?' කියල... ඉතින් ඒ කෙනා කිව්වලු 'හාමුදුරුවනේ මේක මේ ත්‍රිපිටකයම අඩංගු වෙන program එකක්. මේක computer එකේ දාල, ඕනෙම දෙයක් හෙව්වම ඒ කරුණු අඩංගුවන දේශනාව, අලගිය මුලගිය තැන් සේරමත් එක්ක තෝරලා තියන විස්තර ටික වැටෙනවා' කියල.
    ඉතින් හාමුදුරුවෝ ඇහුවලු 'කීයද ?' කියල. ඒ පාර අර මනුස්සය කිව්වලු '750/= යි' කියල.
    හමුදුරුවොන්ට හිතුනලු "අනේ, මගේ වටිනාකමත් 750/= නේ එතකොට!!!" කියල... "දැන් අලුත් පිට 750/= උනත් පස්සේ පස්සේ තව ලාබ වෙයි නේ. එතකොට මාවත් රුපියල් 50/= 100/= විතරනේ වටින්නේ!!!" කියල...
    හාමුදුරුවොන්ටම හිතුනලු 'මං මොකෙද්ද??' කියල!!
    පිටිදුවේ හාමුදුරුවෝ ඔය විදියට ත්‍රිපිටකය පාඩම් කරගෙන දඟලන ධර්ම ධර, විණය ධර උදවිය මහත් ශ්‍රද්ධාවෙන් යුතුව, 'ලස්සන නමකිනුත්' අඳුන්වල දුන්න!!! එලම තමයි... කියල වැඩක් නෑ...
    Net එක පීරලා බැලුවම blogs, webs තොග ගනනේ කරන, හරී ප්‍රසිද්ධ උදවියත් තව ගොඩ දෙනෙක් ඉන්නවා!! හැබැයි වටිනාකම රුපියල් 750/= යි!
    EK එක පුරාමත් ඒ ජාතියේ අය වැහි වහල... හැබැයි ඒ නම් මුළු ත්‍රිපිටකයම දන්න උදවියවත් නෙවෙයි!! ඉතින් වටිනාකම සත 25 ක් සත 50 ක් විතර තමයි!!!
    අර බුදුහාමුදුරුවෝයි තවත් හාමුදුරුවරු පිරිසකුයි ගඟකින් එතෙර වෙන්න ඔරුව එනකම් බලන් හිටිය වෙලාවේ එක්කෙනෙක් colors පෙන්වන්න ලේන්සුව උඩ නැගල ඉර්දියෙන් එතෙර උන වෙලාවේ වෙච්චදේ දන්නවනේ... බුදුහාමුදුරුවෝ තොටියගෙන් ගඟෙන් එතෙර කරන්න ගන්න ගාණ අහල කිව්වේ, "අරය අර දාපු සෙල්ලමේ වටිනාකම මෙච්චරයි..." කියල!!ඉතින් ඔය දැන් ඉන්න බහුශ්‍රුත, මහා පණ්ඩිත හුඟාක් පින්වතුන් පින්වතියන්ට අමතන්න වෙන්නේ පිටිදුවේ හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරපු විදියටම තමයි!! 'බුරුවො' කියල!!

    ඇත්තටම මට තේරුනේ බුදුහාමුදුරුවෝ කියල දීල තියෙන්නේ අපේ ඇඟවල් වල service manual එක! අපිට කරන්න තියෙන්නේ ඒක බලාගෙන මේ අපේ ලෙඩ වෙච්ච ඇඟවල් repair කරගන්න!! බුදුන්වදාළ ලෝකය මේ "සිත, විඥාණය සහිත බඹයක් පමණ වූ ශරීරයයි!!" කට්ටියම ඉන්නේ ඒක බදාගෙන නේ... ඒත් ඒක තනිකරම ලෙඩක්!! පෙර කරපු කරුමයක්!!! මේකේ තියන ලෙඩ ටික හදල දාගත්තොත් මෙතැනින්ම 'තිත' තියන්න පුළුවන්!!!

    මං නම් තනිකරම technial බුවා! හොඳටම දන්නවා service manual වලින් වැඩ ගන්න!! ඒක කටපාඩම් කලාට, පාඩම් කරගෙන එක එක විදියට අනික් උන්ට කියව කියව හිටියට, ඒකට වැඳගෙන හිටියට සත පහක වත් වැඩක් වෙන්නේ නැහැ!!! ලෙඩේ එහෙම්මමයි!!!
    පිස්සු කෙලින්නේ නැතුව කරන්න ඕනේ දේ හරි විදියට කරන්නම ඕනේ!!!
    අපි නම් ලතවෙවී හිටියේ නැහැ!!! ALL DONE!!!

    හැබැයි ඇත්තටම ඉතින් වැඩේ කරපු එකෙකුට හැරෙන්න වෙන එක එක උන්දලට තව කෙනෙක්ව guide කරන්න බැහැ!! මොකද තමන්වත් දන්නේ නැතුව මොන ඉටිගෙඩියක් කියල කරන්නද??? ඉතින් කියව කියව, ලිය ලිය ඉන්න වෙනවා.

    මට නම් ධර්මය දැකපු, කලයුතු දේ කරපු, හිතට වැදුණු, හාමුදුරුවරු ඉන්නේ මේ වෙනකම් තුන් දෙනයි!!! මුලින්ම සෝම හාමුදුරුවෝ.
    (සෝම හාමුදුරුවෝ නැතිවෙච්ච එක දැනගන්න ලැබුණ වෙලාවේ ඉඳල සැහෙන කාලයක් මතක් වෙන මතක් වෙන සැරේට මට ඇඬුණ!! මොනවා කරන්නද... දැනුත් එහෙමයි!) ඊළඟට අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ. ඊළඟට පිටිදුවේ හාමුදුරුවෝ. ඇත්තටම ධර්මය දැක්ක කෙනාට, මේ ගොං මිනිස්සුන්ගේ වැඩ දැක්කම කන්කළු, මිහිරි, සුමධුර වදන් අමතක වෙනවා!! (බණ කියන්න වෙන්නේ පොල්ලක් අතට අරගෙන...) ඒත් හාමුදුරුවරු නිසා බොහොම ඉවසන්න වෙනවා... ඒත් ඉඳල හිටලා හරි සත්තුන්ගේ නම්, තව ඔය මොට්ට, ඔලමොට්ටල, මුස්පේන්තු වගේ ටිකක් බර වචනත් කියවෙනවා... ඒක බොහොම සාධාරණ දෙයක්!!!

    හැබැයි ධර්මය තව කෙනෙකුට දෙනකොට නම් ඒක හරියටම කරපු එකම උත්තමය අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ විතරයි!!! හෝඩියේ පන්තියේ ඉඳල එන එකාට 'අ' යන්නේ ඉඳල හරියට කියල දුන්නොත් මිසක් නැත්නම් හරියාවි කියල හිතන්න බැහැ! ඔය වැඩේ හරියටම, තිතටම දන්නේ බුදුරජාණන්වහන්සේ විතරයි!!! ඒ නිසා මුලින් බුද්ධ දේශනා ඒ විදියටම, කිසිම දෙයක් edit නොකර කියල දීල, ඊට පස්සේ ඕනේ අරම කරපිය මෙහෙම කරපිය කියල කියන්න. මම මුල ඉඳන්ම අපේ හාමුදුරුවෝ ගාවට යන්න, අපේ හාමුදුරුවොන්ගේ දේශනා අහන්න, අපේ හාමුදුරුවොන්ගේ පොත් කියවන්න කිව්වේ ඒකයි!!!
    හරි පාරේ හරියට ආව උදවිය දන්නවා ඇතිනේ...
     
    උඹ ඒ පාර පිටදුවේ හාමුදුරුවන්ගේ නමත් විකුනන්න පටන් ගත්තද ? උන් වහන්සේට කියපන් උඹ අරහත් වෙලා ඉන්නේ කියල .
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මලයෝ, මුලින් මම හිතන් හිටියේ උඹ ගැටෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලයි... ඒත් ඒකත් වෙලා! අවුලක් නැහැ! ඇනෙන විදියට අහල, ඉගෙනගෙන, ඒ අනුව කියපු එකක් වෙන්න ඇති කියල හිතනවා! ඇනෙන මාර්ග වල ගියාම 'අනාගමි' (not non-returner) වෙනවා!!

    මොලයක් ඇති නේ නේද? අන්න ඒක පාවිච්චිකරපන්. උඹ මෙහෙම decision දෙන්න උඹ බුදු වෙලාද?? ඕක තමයි කියන්නේ... මාන්නය තද වෙච්ච ගමන් උතුර දකුණ වත් හොයාගන්න බැරුව යනවා!! උඹම කියනවනේ මම තාම මාර්ගයේ යන කෙනෙක් කියල... එතකොට මාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙකුට උනත් මාර්ගය සම්පූර්ණ කරපු අය ගැන කියන්න පුළුවන්!! එහෙමද? හරිද?? ඈ බං... උඹ බුදු වදනුත් බොරු කරනවා නේ... බොහොම සිල්වතෙක් වගේ පෙන්නගෙන ඇවිත්? මේ පෘතග්ජන කතාවකුත් කියල තියෙන්නේ... අසෘතවත් පෘතග්ජන කියන්නේ 'බුදුන් ගේ ධර්මයක් අහල නැති' කියන අර්ථයෙන්! ඉතින් බණ අහල තියන උඹල පෘතග්ජන කිව්වොත් එහෙමපිටින් වැරදියි!! හැබැයි එක අතකට හරි... මොකද ඔය ගොඩක්ම අහල තියෙන්නේ බුදුන්ගේ ධර්මය නෙවෙයි! වෙන කාගේද කතන්දර! දැන් වෙලා තියෙන්නේ 'අසාරේ සාරමතිනෝ, සාරේ චාසාර දස්සිනෝ' case එක! වැරදි එක හරි එකය කියල රැවටිලා, ඒක පිලි අරගෙන හරි එකට බනිනවා...

    මනුස්සයෝ, ධර්මය තමන්තුලින් දකින්න තියන දෙයක් හැටියටයි කියල තියෙන්නේ. දන්නවා නේද? ඒත් එහෙම නිකම් ආවට ගියාට දකින්න ඇහැට පේන මොකවත් නෙවෙයි නේ... හැබැයි දැකලම තමයි අවබෝධකරගන්න තියෙන්නේ!! ඒක කරන්න ඕනේ විදිය බුදුහාමුදුරුවෝ කියල දෙනවා. ඒ කියල දීපු එක උඹලට ඒ විදියටම අහන්න ලැබුණ නම්, සමහර විට මේ වෙනකොටත් දැකල අවබෝධ කරලා ඉවර වෙලා තියෙන්නත් තිබුන!!! මොකද කියනවා නම් ඔයිට වඩා පුංචි පින්වත් හාමුදුරුවරුත් අවබෝධ කළා! උඹලට කියල දීපු එවුන් වෙන වෙන බයිලා මැද්දට දාල, අවබෝධකරගන්න තියෙන දේ වෙනුවට වෙන වෙන වල්පල් කියවල, දැන් ඒවා අහල වල්මත්වෙච්ච උඹල නන්නත්තාර වෙලා!! බුදුහාමුදුරුවෝ ඔය වැල්වටාරම් මොකවත් කියල නැහැ!!! සමහර වනගතවී භාවනාවට වැඩිය, බුද්ධිමත් ශ්‍රාවක සංඝයා වහන්සේලාට බුදුරජාණන්වහන්සේ කමටහන් හැටියට දීල තියෙන්නේ 'බැඳී ගියොත් මාරයට. අත හැරියොත් නිදහස්' කියල. ඒ පින්වත් ස්වාමින්වහන්සේලා ඒ කියපු දේ නුවණින් විමස විමසා බලල අරහත්වයට පත් උනා! ඒ උදවියට ලෝකේ පෙරලගෙන හොයන්න, ඉගෙන ගන්න දේවල් තිබුනේ නැහැ! තමන් විඳින, හඳුනාගන්න දේට බැඳුනොත් මොකද වෙන්නේ? අතහැරියම මොකද වෙන්නේ කියල කල්පණා කරකර බැලුව විතරයි!!

    ගෞතම බුද්ධ සාසනයේ අඩුම කාලයකින් නිර්වාණය සාක්ශාත්කල 'බාහිය දාරුචීරිය' රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ කිව්වේ, "බාහිය, ඔබ යමක් දැක්කොත් එය දැකීම් මාත්‍රයකට සීමා කරන්න... ඇහුවොත් යමක් එය ඇසීම් මාත්‍රයකට සීමා කරන්න... ගඳ සුවඳ, රස, පහස සියල්ලත් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න... යමක් හිතුවොත්, පැතුවොත් එයත් එතැනින්ම නවත්වන්න... එතකොට කිසිවක් සකස් වෙන්නේ නැහැ!! සකස් වෙච්ච යමක් එතන නැත්නම් ඔබ එතන නැහැ!! ඔබ නිදහස්!!!" කියල විතරයි! ඔය ටික නුවණින් විමසපු බාහිය දාරුචීරිය පින්වතා එතනම අරහත්වයට පත් උනා!!
    මේ දැන් මෙතන යමෙක් ඕක හරියට ඇල්ලුවා නම් මෙතනම අරහත්වයට පත් වෙනවා!!! බුද්ධ වචනය ඒකයි!!! කල්පණා කරන්න පුළුවන් අය ඉන්නවා නම් මෙතන, උත්සහ කරන්න!! ඔයාලටත් පින් තියනව... ඒකයි මෙහෙම බුද්ධ දේශනා අහන්න ලැබෙන්නේ!! ඒත් අවශ්‍ය ප්‍රඥාව, අවබෝධ කිරීමේ හැකියාව තියනවද කියල නම් තේරෙන්නේ නැහැ. ලඟින් ආශ්‍රය කරන්න ලැබුනොත් ඒ හැකියාවත් පුළුවන් තරම් දුරට අඳුනගෙන ඒ අනුව තව උපකාර කරන්නත් පුළුවන්! කොටින්ම කරුණු හොඳින්ම වැටහිලා අනාගාමී වෙනකම් කල්‍යාණමිත්‍රයෙක්ගේ උපකාරයෙන් පුළුවන්! අරහත්වය තමන් තනියෙන් පමණයි!!

    උඹල අහල තියෙන්නේ මොනවද? මට තේරුණා උඹට උවමනාව තිබුනට අහන්න වෙලා තියෙන්නේ බයිලා කියල. "destination එකට යන්න අමාරුවෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා... මුණ ගැහිලා කතාකරන්න ලැබුණොත් උපකාර කරන්න පුළුවන් වෙයි" කිව්වේ ඒකයි! චුට්ටක් නුවණින් කල්පණා කලොත් දකින්න තියෙන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ සිද්ධවෙන දේ... ඇඟ ඇතුලේ වෙන්නේ මොකද්ද කියල ඇහෙන් දකින එක නෙවෙයි, ආයතන වශයෙන්, ඉස්පර්ෂ වශයෙන්, වේදනා වශයෙන්, සංඥා, චේතනා, ආදී වශයෙන් කල්පණා කරකර බලන්න ඕනේ! බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, ඒ කියල දීපු දේවල් ඒ විදියටම පිළිගත්තොත් මිසක්, තමන්ගේ බුද්ධියට/තර්කයට ගැලපෙන කම් බලන් හිටියොත් වැඩේ බැහැ! ඒකයි 'සද්දහති තථාගතස්ස බෝධීන්' කියන්නේ!! (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම! මොකුත් අමුතුවෙන් හොයන්න, වෙන වෙන අයගෙන් අහන්න යන්නේ නැහැ!). ඉතින් කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන කරුණු වලට අනුව, ඒ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි!! ඕක හරියට බැලුවොත් හරිද වැරදිද, නැත්නම් ඇත්තද බොරුද මේ කියන්නේ කියලත් බලන කෙනාටම හොඳටම පැහැදිලිව තේරෙනවා! (එතකොට තමන්ටම තේරෙනවා මේ කියල තියන දේ හරි... මේවානම් වෙන්න බැහැ කියන එකත්! හැබැයි තමන්ට හොඳටම, පරතෙරටම අවබෝධ වෙලා, කියපු දේ ඒ විදියටම අවබෝධ කළා කියල සෑහීමකට පත්වෙන කම් තීරණ වලට එන්න එපා! එහෙම උනොත් මුලා වෙන්න පුළුවන්!) අනික තමන්ට බලන්න තියෙන්නේ තමන්ගේ 'සරීර කූඩුවේ' වැඩ කෑල්ල නේ... වෙන කෙනෙකුගේ නෙවෙයි නේ? අන්න ඒක හන්ද කරකව කරකව ඇති පදම් බලන්න පුළුවන්! ආයේ මොකුත් කොස්සක් නොහිටින්නම 'දකින්න' පුළුවන්!!

    mage monitore wada na. ekai parakku une. mata oyath ekka gatenna uwamanawak na. adu tharme oyage hamuduruwo ekka gatennat mata ona na. man danna kauda kiyala oya kiyana hamuduruwo. eth eya kiribatgoda chananda hamuduruwo kiyalai man hithanne. oya e unnansegen bana ahanna patan gatte kawadada kiyala man danne na. habai mamat tikaka ethuma gana dannawa.maha hatthipadopama suttraya oyata mathak karala thiyannam.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මමත් මේ ළගදි පිටදුවේ හාමුදුරුවන්ගේ වැඩසටහනක් TV එකේ බැලුව . මම දැක්ක විදිහට ඒ වැඩසටහනේදී හාමුදුරුවෝ කතා කලේ ටිකක් මහායාන පැත්තට බරව .
    උදාහරණ විදිහට ගත්තේ බෝධිධර්ම හාමුදුරුවන්ව එහෙම ..
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සෝම හාමුදුරුවෝ නැතිවෙච්ච එක දැනගන්න ලැබුණ වෙලාවේ ඉඳල සැහෙන කාලයක් මතක් වෙන මතක් වෙන සැරේට මට ඇඬුණ!! මොනවා කරන්නද... දැනුත් එහෙමයි!)

    මට තේරෙන්නේ නැතිහින්ද අහන්නේ කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා අඩනවා කියන්නේ බුදු දහමට අපහාසයක් නෙවෙයිද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට තේරෙන්නේ නැතිහින්ද අහන්නේ කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා අඩනවා කියන්නේ බුදු දහමට අපහාසයක් නෙවෙයිද?

    උඹ ඇත්තටම අලුතෙන් ආව එකෙක්ද? වෙන ID එකකින් ආවද? කියල මම හරියටම නොදන්නා නිසා, උඹට එකම එක පාරක් උත්තර දෙන්නම්. ආයේ එක wrong talk එකක් හරි දැම්මොත් ඔය ID එකෙන් ආයේ මොකුත් බලාපොරොත්තු වෙන්න එපා!! මම උත්තර දෙන්නේ මට පුද්ගලිකව කතා කරලා තමන් ගැන හරි විස්තර දීපු අයට විතරයි!! උඹ වගේ කොන්ද පණ නැති එවුන් එක එක ජාතිවල ID හදන් ආවට මම care කරන්නේ නැහැ! වැඩිම උනොත් පාරක් දෙකක් උත්තර ලැබෙයි... එච්චරයි!

    මිනිහෝ, බුදු දහමට අපහාසයක් වෙනවා නම් වෙන්නේ, තථාගතයානන් වහන්සේ වදාළ දෙයක් නොවදාලා යයි පැවසුවොත්, නොවදාළ දෙයක් වදාළ යයි පැවසුවොත් විතරයි!! මේ ගොං මිනිස්සු කර තියාගෙන යන සත්‍යයට පටහැනි ඕනෙම දේකට විරුද්ධව, සත්‍ය මතුකරලා පෙන්වලා අසරණ, අහිංසක මිනිසුන්ගේ යහපත වෙනුවෙන්, යහපත් චේතනාවෙන් ඕනේ දෙයක් කිව්වට කමක් නැහැ!! ලස්සන, සුන්දර වචන වලින් අහිංසක, අසරණ මිනිස්සුන්ව අමාරුවේ වැටෙන වැඩ කරනවට වඩා උන්ව ගොඩ දාන්න කරන දේ ලොකු උපකාරයක්!! අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් වේලිච්ච මේ සත්වයා යන්නේ නොනවතින ගමනක!!

    අනික කර්ම තීරණය කරන්නේ මම වත්, වෙන කවුරුවත් නෙවෙයි! ලෝක ධර්මතාවය ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා!! ගොං උනාට කමක් නැහැ... තේරෙන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි ගොං කතා කියල, අපහාස කරලා, ඉල්ලන් කනවට වඩා!!! මොකද ඒවාට ලැබෙන විපාක ඒ විදියටම ලැබෙනවා!!! හැබැයි ඉතින් මට නම් මොකුත් අදාළ නැහැ!! ('ලෝණ ඵල' සුත්‍රයේද කොහෙද සඳහන් වෙනවා හේතුව) අනික උඹල වගේ සද්දේ දාගෙන දඟලන 4-5 දෙනෙක් ඉල්ලගෙන කෑවට, යහපතක් වෙච්ච, මගේ උත්සාහයෙන් ප්‍රයෝජනයක් ගත්තු සැහෙන පිරිසක් ඉන්නවා!!! ඒ උදවිය කවුරුවත් උඹල මෙතන ප්‍රසිද්ධියේ වසුරු හෙලනවා වගේ වැඩ කරන්නේ නැහැ!!! උඹලගේ මෝඩ කමට, එහෙම නැත්නම් හරි දේ තෝරාගන්න බැරි කමට අරහත්වය වගේ මාතෘකාවක් joke එකට ගත්තොත් උඹලට මොනවා වෙයිද මන් දන්නෙත් නැහැ!!!

    අරහත්වයේදී නැති වන්නේ අවිද්‍යාවයි! ඉන් පස්සේ ප්‍රපංච ඇතිවන්නේ නැහැ!! (රාග/ද්වේශ/මෝහ සිතුවිලි ඔස්සේ කර්ම රැස්වෙන ආකාරයට දිගින් දිගට කල්පණා කිරීම) ඒ ඇරෙන්න තමන්ට යහපතක් කල කෙනාව මතක් උනාම, තමන්ගේ ශාස්තෘන් වහන්සේව සිහි උනාම ශ්‍රද්ධාවට, කළගුණ මතක තියන හන්දා, ඇහැට කඳුළු උනන එක, තව කෙනෙක්ගේ විපතක දී මොනවා හරි උපකාරයක් කරගන්න බැරි උනාම අනුකම්පාවට කඳුළු එන එක කෙලෙහිගුණ තියන නිසා, ශාස්තෘ ගෞරවය නිසා මනුස්ස කමට වෙන දෙයක්!! ඒවා කොහොමද බොල වැරද්දක්, අපහාසයක් වෙන්නේ?? එහෙම නැති එකා උත්තමයෙක්ද, වසලයෙක්ද??? රහත් උනා කියන්නේ උඩ යන්න, ඉදිමෙන්න තියන එකක් නෙවෙයි!! එහෙම වෙන්නේ උම්මත්තකයින්ට!! හරි කෙනා වෙන්නේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ වගේ!!! සාරිපුත්ත සිහනාද සුත්‍රය අහල බලපං.

    හැබැයි උඹල මෙතන මේ කරන වැදගත් වැඩේට බාධා කරනකොට, මෙතන රෙනකොට, නිස්සද්දව ඉන්නවද නැද්ද කියන එක නම් අරහත්වයට කොහෙත්ම අදාළ නැහැ!!! ඒක තීරණය කරන්නේ මම! මොකද මෝඩයෝ කිහිපදෙනෙකුට, ගොඩදෙනෙකුගේ යහපත වෙනුවෙන් කරනදේ කන්න දෙන්න අවශ්‍ය නැහැ... එහෙම කරන එකෙකුට කන රත්වෙන්න දෙකක් දුන්න කියලත් මම ආයේ උපදින්නේ නැහැ!!! එකම දේ තේරුමක් නැති වැඩ කරන්න හිතෙන්නේ නැහැ... කොහොමත් කරන දේවල් වලට ලැබෙන්න ඕනේ දේවල් ලැබෙයි... මං මොකුත් කරන්න ඕනෙත් නැහැ!

    මේ උඹ ඇත්තටම අලුත් එකෙක් නම්, මුලදී වර්චස් කලේ ඇත්තටම නොදන්නා කමට නම්, කමක් නෑ... මේ වැඩෙන් වැඩක් ගන්න බලපං! (මට උඹගේ විස්තර PM කරපන්)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මටත් ඔබතුම මොනවගේ කෙනෙක්ද කියල තම හිත ගන්න බෑ.
    දැන්ම මගේ විස්තර දෙන්න අදහසක් නෑ.

    ඔබතුම කියන විදිහට තමන්ට යහපතක් කල මව, පියා, සහෝදර සහෝදරියන් යාලුවෝ වගේ අය මරණයේදී රහතන් වහන්සේලාට අඩෙනවද?
    කොහොම හිතුවත් කමක් නෑ මට තේරෙන්නේ නැති නිසයි අහන්නේ .
    pm වලට වැඩ සේරටම දැනගන්න තියනවනම් හොදයි කියල මට හිතෙනවා
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට කනට ගහන්න හිතෙන තරමට ඔබතුමාට තරහ යාම පිලිබඳ කණගාටුයි
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හිතන්න කල්පණා කරන්න හැකියාව ඇතුව ඉපදිච්ච උදවියට විතරයි මම ඇත්තටම මේ threads වලට ලියන එක කරන්නේ!!

    බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල මිසක් 'හැම එකාටමයි' කියල කිව්වේ නැහැ නේ... බුද්ධ වචනය ඒ ආකාරම තමයි!!! කවදාටවත් වෙනස් වෙන්නේ නැහැ!!! ඒත් හැබැයි බුදුරජාණන්වහන්සේ 'මොට්ටපාලලා විතරක්ම' ධර්මය අහන්න රැස් වෙච්ච වෙලාවලදී පවා ධර්මය දේශනා කළා. 'උඹල මොට්ටයෝ... උඹලට ධර්මය කියල වැඩක් නැහැ...' කියල, දේශනාවක් නොකර නිකම් හිටිය කතාවක් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ නේ... ඒ උන්වහන්සේ මහා කාරුණික හන්දයි!!! ධර්මයෙන් නියම පිළිසරණය ලබන්න, මාර්ගඵල ලබන්න අවශ්‍ය ප්‍රඥාව නැති උදවියට පවා ඉදිරි ජීවිතයකදී හරි අවස්ථාවක් සැලසෙන්න ඒත් නැත්නම් පවතින ජීවිතයට අස්වැසිල්ලක්, තාවකාලික සැපයක් වත් ලබන්න හරි උපකාර කළා!!!

    බුදුරජාණන්වහන්සේට ඕනෙම කෙනෙකුගේ හිත දකින්න පුළුවන්!!! මේක ධර්මය අල්ලන කෙනෙක්ද නැද්ද කියලත් දකින්න පුළුවන්!!! "මේකට නම් කියල වැඩක් නැහැ... මේකා මගේ සාසනයේදී නෙවෙයි තව කල්ප කෝටි ප්‍රකෝටි ගණනකට වත් සංසාරෙන් නිදහස්වෙන එකෙකුත් නෙවෙයි..." කියන සේරමත් පැහැදිලිවම දකින්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනාවක් කලානම් කලේ, ඒවෙලාවේ ධර්මය අහන්න රැස්වෙලා හිටිය පිරිසට හරියන්න උපරිම ප්‍රතිඵල ලැබෙන විදියට!!! නැතුව, බුදුවරු නිෂ්ඵල දේවල් කියන්නේ කරන්නේ නැහැ නේ... එහෙම කරපු අවස්ථාවල පවා විවිධ මට්ටම් වල උදවිය හිටියනම් ඒ ඒ අයට හරියන විදියට තේරෙන්න එකම දේශනාව කරන්නත් බුදුරජාණන්වහන්සේට හැකියාව තිබුනා. එතකොට අරහත්ඵලය සාක්ෂාත් කලහැකි කෙනා අරහත්වයට පත්වුනා... අනාගාමී ඵලය සාක්ෂාත් කළහැකි කෙනා අනාගාමී උනා... සෝතාපන්න වීමේ හැකියාව පමණක් ඇති කෙනා සෝතාපන්න උනා... ශ්‍රද්ධාවට එන්න හැකියාවක් වත් තිබුණු කෙනා එහෙමවත් වෙන්න ඇති! ඔය මොකවත්ම බැරි කෙනා අහගෙන ඉඳල සාදු සාදු කියල නැගිටලා යන්න ඇති!! එදත් එහෙමයි... අදත් එහෙමයි...

    බුදුරජාණන්වහන්සේගෙන්ම ධර්මය අසා දරාගත්, ප්‍රාතිහාර්ය සහිත රහතුන් වහන්සේලාටත් තව කෙනෙකුට ධර්මය කියාදෙද්දී ඒ තැනැත්තාට ගැලපෙන විදියට දේශනාවක් කරන්න යම් තරමක හරි පුළුවන්කමක් තියෙන්න ඇති කියල හිතමු!! ඒත් අද කාලේ ඉන්න ඔය උදවියට, තමන්ට ගැලපෙන ධර්මයක් කියල දෙන්න කෙනෙක් නැහැ නේ!! අපේ කාලය වෙනකොට අපිට ලැබුනේ බුද්ධ දේශනා සියල්ලම එකට කැටිකොට, ත්‍රිපිටකය හැටියට ග්‍රන්ථාරූඪ කල පොත් වහන්සේලා පමණයි!! ඒවායේ දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය වගේ වර්ග කිරීම් කරලා තිබුනට ඔය උදවිය කවුරුවත්ම අහල තියනවද මේ දේශනා, මේවා මේ ආත්මයේ අරහත්වය ලබන්න හැකියාව තියන උදවියට! මේ දේශනා මේ ආත්මයේ අනාගාමී ඵලය ලබන්න පුළුවන් උදවියට! මේ දේශනා සෝතාපන්න වීමේ හැකියාව පමණක් ඇති උදවියට! මේව තියෙන්නේ මොකුත්ම කරගන්න බැරි උදවියට අඩුම ගනනේ සුගති ගාමී වීම සඳහාවත් උපකාරවෙන්න!! කියල මොකුත් වර්ග කිරීමක් ගැන?? නමුත් බුදුරජාණන්වහන්සේ දේශනා කලේ එහෙම නේ??

    ඇත්තම කියනවා නම්, බුදුහාමුදුරුවෝ පුරා අවුරුදු 45ක් තිස්සේ, මේ සුවාසූදහසක් (84,000 approx.) ධර්මය, එකෙකුටම දෙසාගෙන දෙසාගෙන ගියපු එකක් නෙවෙයි නේ... හාමුදුරුවරු කියන කියන පලියට මං ඔය ඔක්කොම අහල, සේරම ඔලුවට දාගෙන අනාගත්තොත්, ඒක නිකම් එලවලුයි, බතුයි, කිරිහොදියි, කේකුයි, තණකොලයි, පුන්නක්කුයි, අමු හාලුයි, මාලුයි සේරම එකට අනාගෙන කෑවා වගේ නේ?? කියන කල්පනාව මට ආවේ ඉබේටමයි!! බැලුවම මං හරි!! බුදුරජාණන්වහන්සේම, ඕක පෙන්වල දීල තියනවා ධර්මය අවබෝධ කිරීමට නම් තිබිය යුතු ගුණාංගයක් හැටියට!! 1) සද්ධර්ම ශ්‍රවණය 2) සවන් යොමුකිරීම 3) අවබෝධයෙහි සිත පිහිටුවීම 4) ණුවනින් විමසේම 5) අදාළ දේ ගැනීම, අදාළ නැති දේ බැහැර කිරීම 6) තමන්ට ගලපා ගැනීම කියල!!! ඇත්තටම දැන් ඉන්න හුඟදෙනෙකුට ඔය ලක්ෂණ මොකුත්ම නැහැ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය, සේරම බදාගත්ත පිරිසට මොකද එතකොට වෙන්නේ?? හෝඩියේ පන්තියේ එකාට advance level පන්තිවල ඒවා දුන්න වගේ! campus යන වයසේ උදවියට ශිෂ්‍යත්ව පන්තිවලට තියන පොත් දුන්න වගේ! advance level කරන එවුන්ට පොඩි එවුන්ට අකුරු කියවන්න ගන්න ජාතියේ ඒවා දුන්න වගේ! මහා ජරමරයක් වෙනවනේ? අවබෝධයක් ඇතුව ධර්මය කියන හාමුදුරුනමක් නෙවෙයි නම්, මේ දේශනාව තෝරලා දුන්න නම් හොඳයි! මෙන්න මේකත් තෝරලා දුන්න නම් හොඳයි!! කියල වැදගත් විදියට වැඩේ කරන්නේ කොහොමද??? මෙතන ඉන්න පිරිසෙත් ගොඩ දෙනෙක් ධර්මය කියල දන්නේ ගාථායි, වචනයි, අකුරුයි විතරයි!!! ඒ දැනුමක් විතරයි!! ඒකයි ලෝකෝත්තර ලෞකික වගේ වචන අල්ලාගෙන මැරෙන්න හදන්නේ!! හාමුදුරුවරු අතරෙත් ඔච්චරම තමයි!!! ඒත් තමන් ඇහැරගෙන උන්නොත් අනික් කෙනා නිදිද ඇහැරලද කියල පෙනුනට, තමන් නිදි නම් අනික් කෙනා නිදිද ඇහැරලද මොකවත් පේන්නේ නැහැනේ!! අන්න ඒක හන්ද ධර්මාවබෝධයක් නැති කෙනෙකුට තීරණය කරන්න බැහැ දේශකයාණන් වහන්සේ ගැන!! අහගෙන ඉඳල එනවා මිසක්. ප්‍රශ්ණ ඇහුව කියල ඇති වැඩකුත් නැහැ!! තව කතන්දර ටිකක් අහගත්ත හැකියි!! ඇයි අවබෝධ කරපු කෙනෙක් නෙවෙයි, ධර්මය පොත පතින් කියවපු, කටපාඩම් කරපු කෙනෙක් විතරනේ... 750/= යි කිව්වේ...

    ලොකු ලොකු size දාන උදවියට මේවා කල්පණා උනාද??? ඔය risk එක ඇත්තටම තියනවා!!! තමන්ට අවබෝධ කරන්න පුළුවන්කම තිබුනට ඒ අවබෝධයට ගැලපෙන දේශනාම ඇහෙන කම් හරියන්නේ නැති වෙන්න පුළුවන්!! ඊයේ පිටිදුවේ හාමුදුරුවොන්ගේ තව දේශනාවක් ඇහුව... හාමුදුරුවොත් කිව්වා 'ආලවක යක්ෂයාට කරපු දේශනාව අහල ආලවක යක්ෂයා ලබපු ඵලයම තමන් ලබන්න නම් තමනුත් ආලවක යක්ෂයා වගේ කෙනෙක් වෙන්න ඕනේ!!' කියල වගේ කතාවක්... සම්පූර්ණ ඇත්ත case එක!! මම උවමනාවෙන් අහගෙන උන්නේ නැහැ... ඒත් මට ඔය කෑල්ල ඇහිච්ච ගමන් 'බකස් ගාල' හිනා ගියා... ඇයි කියනවා නම් මාත් ඔය විදියටම, ඔය කරුණ ගැන සඳහන් කළා මේ thread එකේ මුල හරියේදී!! තව පෙනිච්ච, මටම කල්පණා වෙච්ච 'කතා' ගොඩකුත් තියනවා... මං දන්නවා කොච්චර ලොකු පුටුවල හිටියත්, අපේ හාමුදුරුවෝ, පිටිදුවේ හාමුදුරුවෝ වගේ පිරිසට හැරෙන්න හුඟ දෙනෙකුට මේවා මෙහෙම හිතිලවත් නැති බව!!! සංසාර බිය කියන්නේ ආයේ මොකුත් නැහැ, 'චූ' වෙනවා!!! මම ටික ටික ලියන්නම්...

    නිරෝධ සමාපත්තිය ගැන ලියපු notes වගයක් තියනව. ඒක දාල මේ thread එක giveup කරන්න හිටියේ... ඒත් රජිතා කියල 'ගොඩාක් දන්න' ළමයෙක් කිව්වා මම අපායේ යනවා කියල!! මං දුගතිගාමී වෙන්න හේතුත් දැක්වුව!!! මට හිතුන අනේ කොච්චර මෝඩ කෙල්ලෙක්ද කියල... හරි දේ හරි විදියටම දැකල, අවබෝධ කරලා තිබුනා නම්, එහෙම ගොං කතා කියන්නේ නැහැ!! ඒත් ඇත්තටම පව්!!! එයානම් ඇත්තටම ජීවිතේ දුක, අසරණ කම තේරිලාම මේකෙන් නිදහස්වෙන්න උත්සහ කරන කෙනෙක් බව තේරුණා... ඒවගේ උදවිය ගොඩාක් ඇති!! ඒත් එයාලට හරි දේ හම්බ නොවුනොත්, කොච්චර තමන් හරියි... තමන් දන්නවයි... කියල හිතන් හිටියත් වැඩක් වෙන්නේ නැහැ. යන්නේ කැලේ පාරක නම් අපරාදේ!! බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මය අවබෝධකරන්නේ ඉතාමත් සුළු පිරිසයි කියලයි!!! ඒත් අවශ්‍ය ඉලක්කයටම යොමුකරන්න පුළුවන් උනොත් success rate එක වැඩියි!!! මාව, මං කියන දේවල්, පිළිගනීද දන්නේ නැහැ!! නිහතමානී, නුවණැති කෙනෙක් නම් කියනවට/ලියනවට නෙවෙයි, ණුවනින් විමසලා ප්‍රයෝජනය ගනී කියල මේක තව දිගට දිගට continue කරන් යන්න හිතුව.

    එකම බුදුරජාණන්වහන්සේ නමකගේ සාසනයේ ශ්‍රාවක පිරිස පිල් බෙදිලා, කල්ලි ගැහිලා වෙන්වෙලා ඉන්න එක මහා කරුමයක්! හැමෝම කතා වෙලා, බුද්ධ දේශනා නිවැරදිම ආකාරයට, එකම විදියට තෝරලා දෙන්න ගත්තා නම් කොච්චර දෙයක්ද? අතීතයේ එළිදක්වපු ඒවයෙත් වැරදි, අඩුපාඩු කතාවෙලා නිවැරදි කරනවා නම් කොච්චර දෙයක්ද?? මට නම් දැන් කල්පණා වෙන්නේ මේවාම තමයි!!! කල්පණා කිරීමේ හැකියාව 'ගමකට' අරගෙන ආව මට ඕනේ උනේ බුද්ධ දේශනාවලින් කරුණු ටික නිවැරදිම ආකාරයෙන් දැනගන්න ලැබීම විතරයි. අපේ හාමුදුරුවෝ උපකාර නොකරන්න මොකක් වෙයිද කියල හිතාගන්නවත් බැහැ... අනික් උදවියටත් තමන්ලට මේ සැරේ ඉවරයක් දකින්න හැකියාව තිබුනත් 'බාලාංශ පන්තිවලට' තියන දේශනා විතරක් අහන්න ලැබුනොත්, නැත්නම් ඒවගේ ඒවා අහල බදා ගත්තොත් එතනම හිර වෙන්න වෙයි... මොකද කරන්නේ?? බුදුහාමුදුරුවොම කියල තියනවා වෙන්න ඕනේ දේ... 'සුතා' සෘතවත් වෙන්න ඕනේ!! දේශනා අහල, කියවල හොඳට කරුණු ගබඩා කරගන්න ඕනේ!! 'අම්බානට' අහන්න, කියවන්න... අපිත් බර ගණනක් අහල, කියවල තියනවා! අකමැත්තෙන් හරි ඥාණානන්ද හාමුදුරුවෝ තෝරලා දීපු දේශානාත් දෙතුන්සීයක් වත් ඇතුලට දාගන්න!!! ඊළඟට ඉතාමත් වැදගත් දෙයක්... අදාළ දේ ගන්න අදාළ නැති දේ බැහැර කරන්න!! ඉතා වැදගත්!!! ඉක්මන් කරන තරමට තමයි හොඳ. පුළුවන්තරම් ලොකු බරපතල ඒවම තෝරාගන කල්පණා කරන්න... අනික්වා එච්චර හිතන්න යන්න ඕනේ නැහැ!
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    සෝම හාමුදුරුවෝ නැතිවෙච්ච එක දැනගන්න ලැබුණ වෙලාවේ ඉඳල සැහෙන කාලයක් මතක් වෙන මතක් වෙන සැරේට මට ඇඬුණ!! මොනවා කරන්නද... දැනුත් එහෙමයි!)

    මට තේරෙන්නේ නැතිහින්ද අහන්නේ කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලා අඩනවා කියන්නේ බුදු දහමට අපහාසයක් නෙවෙයිද?

    :lol::lol::lol::lol::lol: සේරම අතහැරියා නම මොන රෙද්දකට අඬන්නද... ආනන්ද හාමුදුරුවෝ සැරියුත් මහරහතන් වහන්සේ ලඟට ගිහින් කිව්වාලු බුදුහාමුදුරුවෝ වයසයි.. උන්වහන්සේ පිරිණිවන් පාන්න ලඟයි ඔබ වහන්සේට මොකද හිතෙන්නේ කියලා සැරියුත් මහරතන් වහන්සේ කිව්වලු "ඉතින් මට මොකද කියලා" ... ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සෙ ඇහුවලු "ඉතින් ධර්මය අතුරුදහන් වෙනවනේ ඔබහන්සේට ඒ ගැන දුක නැද්ද" කියලා ආයෙත් සැරියුත් මහරහතන් වහන්සේ කිව්වලු "ඉතින් මට මොකද" කියලා... :) ... ආනන්ද හාමදුරුවන්ට උතුර දකුණ මාරුවෙලා බුදුහාමුදුරුවන්ට විස්තරේ කිව්වාම උන්වහන්සේ කිව්වලු "සාරිපුත්ත මහා ප්‍රඥාවන්තයි.. උන්වහන්සේ එහෙම කිව්වා නම ඒක එහෙමම තමයි කියල" ආනන්ද ඔයාගෙ වැඩක් බලාගන්න කිව්වාලු :)
     
    අරු දැන් උඹෙන් අහයි . ඕක කියනවා උඹට ඇහුනද කියල ? :lol::lol::lol::lol: