උත්තරේ හරි පහසුයි. මොකද ඔය වගේ තේරුම අඹරණ වචන පෙන්නන ඕන තරම් අරාබි ඩික්ෂනරි තියෙනව. හරි එක මොකද්ද, වැරදි එක මොකද්ද කියල හොයා ගන්න බෑ. අනික ඔය කට්ටිය බොරු කියන්න දක්ෂ බව ඔප්පු වෙලත් තියනවනේ. ඒ හින්දා අපි ගන්නේ ගූගල් පරිවර්තකය. අපි දන්න විදියට ඒක හදන්න අරාබි උගත්තු බොහොම දෙනෙක් මහන්සි වෙලා තියෙනව. ඒ හින්දා කාටත් පිළි ගන්න පුළුවන් මූලාශ්‍රයකට යමු.
අල් බයික්, ඔබ කියන්නේ ගූගල් පරිවර්තකය වැරදිද?
ඒ වගේම ඔබ දීපු මූලාශ්‍රය අනුවත් (නොම්මර 1), දාහා කියන්නේ "බිත්තරයක හැඩ ගත්" (shaped like an egg) මිසක් "පැස්බර බිත්තරය" නම් නෙවෙයි.
ඒ වගේම මූලාශ්‍ර ඔක්කොම ඇතුලේම කුරාණය ගැන සඳන වෙන නිසාම ඔය පරිවර්තන කුරාණය රැක ගන්න කරපු මගඩි විදියට සලකන්න වෙනවා..